Freed Sinner - සිංහල ප්‍රභා ගේ නිදහස සමඟ නිරුවත් වන ද්‍රෝහී සම්බන්ධතා




ඒකාබද්ධ විපක්ෂය නමින් සුනඛ හවුලක් පාපතර ජෙනරාල්ට ඉව අල්ලන පුවත පලවුනේ ඔහු නිදහස් කල දිනයේමය. හොඳින් බලන්න එකදු ජාති මාමකයෙක් හෝ මේ සුනඛ රැල තුල සිටිනවාද කියා. සිටීනම් අපගේ දැනගැනීමට පෙන්වාදෙන්න. 

සිංහල බෞද්ධයාට තීරණාත්මක දඹුල්ල ඉස්ලාම් ආක්‍රමණයේදී කෙළ පොදක් නොහැලූ, හෝ තම වරිගයාටම එරෙහිව ප්‍රකාශ නිකුත්කල පාහර සුනඛ බල්ලෝ 22 දා එකාවන්ව ප්‍රීතියෙන් උඩුබුරලන්නට වූයේ පුවත්පත්වල වෙනත් වැදගත් පුවත් වලට ඉඩක් පවා නොතබමිනි.

හෙළයේ මහරජු විසින් කොන්දේසි විරහිතව, සිංහල ප්‍රභාකරන් හෙවත් සරත් ෆොන්සේකාට මැයි 21 වනදා  නිදහස ප්‍රදානය කරන ලදි.
අවාසනාවක මහත, සරත් ෆොන්සේකාට ජනප්‍රසාදය අතින් ඔහුගේ දෙවන මහා පරාජයද අත්වූයේ එදිනමය. 

ඔහු සිරගත වූයේ නොයෙකුත් චෝදනා යටතේයි. ඒවා අතර තමාගේම සෙබළුන්ට ද්‍රෝහීවීම, සිය පවුල හරහා කල මූල්‍ය වංචා හා නොයෙක් අපචාර ඇතුලත් වේ. 2006 සිට 2009 කාලය තුල නිවැරදි දේශපාලන අණදීම යටතේ සියලු රණවිරුවන්  නිසා ලත් අසමසම යුධ ජයග්‍රහණය අයුතුලෙස භාවිත කරමින් මොහු තමාගේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම අණදෙන නිළදාරී වරයා වන හෙළයේ මහරජු බලයෙන් පහකිරීමට උත්සාහ කරන ලදි.

යුධ කාලය පුරාවටම තමාගේ දරුණුම සතුරන් වූ මුළු රටම දන්නා දේශපාලන පක්ෂ, කොටි හිතවාදීන් හා අනේක ජාති ද්‍රෝහීන් රට අරාජික කිරීම පිණිස තමාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඇතුලුව සියලු ආකාරවලින් සහය දුන්විට රණවිරුවන්ට ද්‍රෝහී වීම තරමට එයට ලොල් වීම මොහුගෙන් දිස්විය. සුදුකොඩි අර්බුදය දක්වා දුරදිග යනසේ අන්තිම අධම බොරු කිසි චකිතයක් නොමැතිව උපදවන ලදි. එම නින්දිත බොරු නොවන්නට අපගේ පූජණීය රණවිරුවන්ට එරෙහිව හිස් යුධ අපරාද චෝදනා කිරීමට කිසිවෙකුටත් නොහැකි වීමට ඉඩ තිබුණි.

මෙම නිදහසින් පසු, තමාට වෙනසක් සොයන බංකොලොත් දේශපාළුවන් සිංහල ප්‍රභාගේ යුධ වීරත්වය තමාගේ වාසියට හරවාගැනීමට ක්‍රියාත්මක විය. 21 වෙනිදාම JVP, UNP පාහරයන් විසින් දේශපාලන රැස්වීම තුනක් කෝට්ටේ නාගවිහාරය, කැළණිය රජමහා විහාරය හා වැලිකඩ බන්ධනාගාරය අසල පැවැත්වීමට පිඹුරුපත් සකස් කරන ලදි.

කෙසේ නමුත් මේ 'මහා පුනරාගමනය' සුනු විසුනු වී ගියේ ඉතා දුර්වල ජන සහභාගීත්වය නිසාය. සංවිධායකයින්ට කෝට්ටේ හා කැලණිය රැස්වීම් අවලංගු කිරීම හැර විකල්පයක් නොවීය. පෙර කල කොටි හිතවාදී, ද්‍රෝහී මාධ්‍ය මේ වෙනුවෙන් දුන් දැවැන්ත ප්‍රචාර සහිතව වුවද වැළිකඩ රැස්වීමට පැමිණියේ දෙතුන් සීයක් පමණි.

එම සොච්චම් ද්‍රෝහී කැණහිල් බල්ලන් රැල ඇමතූ සිංහල ප්‍රභා පැවසූවේ තමාට සමාවදුන්, චන්ද්‍රිකා විසින් කුණුමුල්ලට දමා සිටියදී ඉහලට ගෙන තමාව යුධ වීරයෙක් කල හෙළයේ මහරජුව පන්නා දැමීමට තමා සූදානම් බවයි.

සරත් ෆොන්සේකා හෙවත් සිංහල ප්‍රභාව, මීට වසර 7 කට පෙර,  ඔහුගේ විශ්‍රාමයට දින 10ක් තිබියදී හෙළයේ මහරජුගේ දිවැසට හසුවීම නිසා යුධහමුදා ප්‍රධානියා ලෙස පත්කරනු ලැබීය. එය සිදු නොවන්නට ඔහුට සාමාන්‍ය නිළදාරියෙක් ලෙස විශ්‍රාම ගැනීමට සිදුවන්නේ එකලමය. ඔහුගේ එම ගුණය මකන ගතියට ජාති මාමක හෙළයා පිළිතුරු දුන්නේ සමස්ත ජනපතිවරණ ඉතිහාසයේම දරුණුම දේශපාලන මෝඩයා බවට පත්කිරීමෙනි. සිංහල ප්‍රභාගේ ගුණමකුකම තවත් තීව්‍ර කල ඔහුගේ උන්මත්තක මුග්ධ හැසිරීම, ඔහු තරඟ කල ජනපතිවරණය පුරාම දැකගත හැකි විය.

දැන් ඉතින් මේ දෙමළ ප්‍රභා ගේ තැනගත් සිංහල ප්‍රභා අසල වටවූ පාහර සුන්ඛ රැල දෙස බලා අපි සැවොම,........" අනේ අපොයි රජෙක් වෙන්න පින් ඇතුවත් පද්දෙක් වීමට පාර කපාගත් අරුමෙක මහත"
යනුවෙන් අනුකම්පා කරමු සිංහල ප්‍රභා සරත් ෆොන්සෙකාට.

1 comment:

  1. “ Devil Aalawaka” and his opposite Contemporay
    I might not be able to contest and vote, but I can do politics - Fonseka

    Look carefully at his teeth, and its status and positioning which in fact as a result of extensive consuming of Meats. According to ARMY sources, he is a maniac of carcass consuming that are prepared freshly slaughtered in front of him or sometimes hunted by himself. Eye witness said the way he is consuming freshly cooked or grilled meats resembles how a tiger or a dog consuming meat with patient less and with overwhelming appetite. Consuming of liquor is also very extensive and cooking party has to keep up till the dawn however tired and sleepy, but serve his endless greed of freshly prepared meats, otherwise even for simple mistake in serving or preparations they are severely scolded and beaten by him.
    That much is sufficient to justify him.

    According to Human body features, his status of teeth with wide space between and uneven positioning tells us that he is a man of unending greed to taste, specially carcass eating.

    Regardless of duped smile, it portrays his ferocious, vindictive nature for which the best example is during 1988/89 period he was fully responsible for slaughtering of innocent youths in wholesale in a conspiratory manner with the full backing of the then government in power.

    He is an avenger who has it in his mind deep under and does not care to betray any one to achieve his goal.
    Looking at his face, this resemble me of course the “ Aalawaka devil” but in comparison he is more nobler than this devil, because the “ Aalawaka” was tamed after with the confrontation he had with the Lord Buddha.

    But even after sympathetic release from prison, this devil is more violent than before biting the hands that fed him.

    “ Aaalawaka” would have ascended to higher order after he attained “ Sotapanna” by listening to sermon of the Lord Buddha, but this devil is like a Violin to a Deaf Elephant never hears or learn will deserve long term in the Eternal Hell !

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.