No Other Choice - අගමැති සුදුස්සා මහින්ද පමණමයි!

අපේ විජයග්‍රහණයට මහින්ද අත්‍යවශ්‍යයි
- බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග


ලක්‍ෂ පනස්‌ අටේ ඡන්දදායක ගොනුව තුළ ප්‍රබල ජනප්‍රියභාවයක්‌ හිමිකරගෙන සිටින්නෙකි බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා. ඔහු ද සිය මහ ඇමැති ධුරය වෙනස්‌ වීම පිළිබඳ තත්ත්වයක මුහුණපා සිටිතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ පිළිබඳව හා කාලීන දේශපාලන සිද්ධි පිළිබඳව "දිවයින ඉරිදා සංග්‍රහය" මගින් ප්‍රසන්න රණතුංග මහතා සමග කතා බහක්‌ කළේය. මේ, ඒ කතිකාවයි.

ප්‍රශ්නය - ඔබ වෙනුවට අලුත් මහ ඇමැති කෙනෙක්‌, බස්‌නාහිර පළාතට පත්වීමට යන බවට ආරංචියක්‌ පැතිරෙනවා. හිටි හැටියේම ඔබව මහ ඇමැති කමෙන් ඉවත් කරන්නට තීරණය වෙලා තියෙන්නේ ඇයි?

පිළිතුර - පසුගිය ජනාධිපතිවරණයෙන් පස්‌සේ පළාත් සභාවල බල පෙරළියක්‌ ඇති වුණා. එතැනදී බස්‌නාහිර පළාත ගැනත් කතා වුණා. මම නීති උපදෙස්‌ ලබාගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු කළා. ඒ වගේම මන්ත්‍රීවරු 56 දෙනෙක්‌ මට දිවුරුම් ප්‍රකාශ දී තිබෙනවා. ඒ අය මගේ නායකත්වය යටතේ බස්‌නාහිර පළාත අරගෙන යන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා ඒ රැල්ල එතැනින්ම නතර වුණා. හැබැයි පසුගිය දින කිහිපය තුළ ඒ ගැන අලුත් කතා බහක්‌ මතු වුණා. මම අවංකව මගේ මතය පළ කරන පුද්ගලයෙක්‌. මේ මතයත් එක්‌ක සමහර අය බොරදියේ මාළු බානවා. ඒ තුළ උතුරු මැද කළා වගේ බස්‌නාහිරත් යම් දෙයක්‌ කරන්න උත්සාහ කරන බවට තොරතුරු ලැබුණා. අපේ කළුතර මන්ත්‍රීවරයෙක්‌ මේ ගැන මාධ්‍ය සාකච්ඡාවේදීත් කිව්වා. මේ නිසා අපේ පක්‍ෂයේ ලේකමුත්, ජාතික සංවිධායක තුමාත්, මන්ත්‍රී කණ්‌ඩායමත් හමුවූ වේලාවේ මේ ගැන දැනුවත් කළා. මේක පක්‍ෂයේ වුවමනාවක්‌ නොවෙයි. යම් බලලෝභී හා මගේ මතයට උරණ වෙච්ච සමහර අයගේ අවශ්‍යතාවක්‌.

ප්‍රශ්නය ( ඔබව මහ ඇමැතිකමෙන් ඉවත් කිරීමට යන්නේ ඔබ දරන මොන මතය නිසාද?

පිළිතුර- මම ඉන්නේ ජනතාවගේ මතය එක්‌ක. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ පනස්‌ අට ලක්‍ෂයක්‌ ජනතාව, මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දුන්නා. අනිත් එක මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරන්න, ඡන්දය දුන්නා මිසක්‌ රනිල් වික්‍රමසිංහ, අගමැති කරන්න ඡන්දයක්‌ දුන්නේ නැහැ. විසිනව වතාවක්‌ ඡන්දය කරලා පැරදිච්ච රනිල් වික්‍රමසිංහ, පිටිපස්‌සේ දොරෙන් තමයි, මේ අගමැති පුටුවට ආවේ. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක්‌ තියෙනවා. මේක දිනන්න නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ, මහින්ද රාජපක්‍ෂ මැතිතුමත්, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියත් එකතු වෙන්න ඕනේ, කියන මතයේ මම පළමුවෙන්ම ඉන්නවා. එහෙම එකතුවෙලා විතරක්‌ නෙවෙයි, රටේ මතය තියෙන්නේ, පනස්‌ අට ලක්‍ෂයක්‌ ඡන්ද ගත්ත, මහින්ද මහත්තයාව මේ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා කළොත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්ත හැට දෙලක්‍ෂයෙන් යම් කොටසකුත් ආවොත් බහුතර මන්ත්‍රී පහළොවක්‌ එක්‌ක අපිට නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න පුළුවන්. එහෙම ආණ්‌ඩුවක්‌ පිහිටෙව්වොත් විතරයි, මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න ලැබෙන්නේ. දහඅටවැනි සංශෝධනය අහෝසි කරන්න ඕනේ කියන එක මගේ පෞද්ගලික මතය, ඒ මතය තුළ ජනාධිපති කෙනකුට දෙපාරයි ඉන්න පුළුවන්. එතකොට මහින්ද මහත්තයා දෙපාරක්‌ ඉල්ලලා ඉවරයි. ආයිත් එන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ එකපාරක්‌වත් ජනාධිපති වෙච්ච කෙනෙක්‌ නෙවෙයි. එතකොට, අපේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමාට අභියෝගය තියෙන්නේ, රනිල් වික්‍රමසිංහගෙන්ද, මහින්ද රාජපක්‍ෂගෙන්ද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමාව බේරගෙන, අපේ පාක්‍ෂිකයන් එකතු කරන්න ඕනේ කියන එකයි මගේ මතය. එහෙම වුණොත් මේ පක්‍ෂය දෙකඩ කරන්නේ නැතුව ගමනක්‌ යන්න පුළුවන්.

බැරිවෙලාවත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඡන්දය ඉල්ලුවේ නැත්නම්, අපේ පාක්‍ෂිකයෝ බහුතරයක්‌ ඡන්දය දාන්න යන්නේ නැහැ. එහෙම වුණොත්, අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ නැවත වතාවක්‌ පත් වෙනවා. එහෙම නොවෙන්න නම්, පක්‍ෂය දිනවන්න නම් එකතු වෙන්න ඕනේ. එහෙම කියන කොට සමහරු කැමැති නැහැ. ඒ අයගේ වුවමනා එපාකම් තියෙනවා වෙන්න පුළුවන්. ඒක පෞද්ගලික දෙයක්‌. හැබැයි, පක්‍ෂයක්‌ ලෙස, පාක්‍ෂිකයන්ට රටේ ජනතාවට ඇහුම් කන්දීලා තීන්දු තීරණ ගත යුතුයි.

ප්‍රශ්නය - ඔබ මහින්ද වාදියෙක්‌ද?

පිළිතුර - මම මහින්දවාදියෙක්‌ නෙවෙයි. ඒක අපේ පවුලටම තියෙන දෙයක්‌. ඉස්‌සර සිරිමාවෝ මැතිනියගේ කාලයේ, අපේ තාත්තාව චන්ද්‍රිකා මැතිනිය හැඳින්වූයේ, අනුර වාදියෝ කියලා. හැබැයි චන්ද්‍රිකා මැතිනිය පක්‍ෂයට ආවාම, ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එක දවසක රැස්‌වීම් 100 ක්‌ තියලා, ඒවාට එතුමිය එක්‌කගෙන ගිහිල්ලා. ඉස්‌සෙල්ලාම රැස්‌වීම් මාලාව කළේ අපි. මම පළාත් සභාවට පත්වෙලා, එතුමිය එක්‌ක කටයුතු කරන කොට කිව්වා, මම චන්ද්‍රිකාවාදියෙක්‌ කියලා. චන්ද්‍රිකා මැතිනිය පැරදුනාට පස්‌සේ, මම එතුමියව බලන්න ගියා. එතුමියගේ කාලයේ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයත් එක්‌ක මට ප්‍රශ්න ඇති වුණා. ඒ මොන ප්‍රශ්න තිබ්බත් මම එතුමිය බලන්න ගියා. එතුමිය මට ඇමැතිකමක්‌ දුන්නා. මට ගෙයක්‌ නැතිවෙලාවේ ඉන්න ගෙයක්‌ දුන්නා. ඒ නිසා මම එතුමිය බලන්න ගියා. ඒ නිසා මම වාදියෙක්‌ නෙවෙයි. චන්ද්‍රිකා මැතිනිය පැරදුනාම, එතුමිය වටේ හිටපු මිනිස්‌සු, මහින්ද මහත්තයා ගාවට ගිහිල්ලා කේලාම් කිය කියා ලකුණු දාගත්තා. මම එහෙම ගියේ නැහැ. මහින්ද මහත්තයා පැරදුණාම මෛත්‍රීපාල මැතිතුමා පක්‍ෂයේ සභාපති වෙනකං මම මහින්ද මහත්තයා එක්‌කයි හිටියේ. හැබැයි පක්‍ෂයේ සභාපති වුණාට පස්‌සේ, මම ඒ නායකත්වයට ගරු කරනවා. හැබැයි එහෙමයි කියලා, "තාත්තා මැරුණා" කියලා මම කියන්නේ නැහැ. එතුමා මේ රට වෙනුවෙන් දෙයක්‌ කරපු නායකයෙක්‌.

මම වාදියෙක්‌ නෙමෙයි. මම මහින්ද මහත්තයා අවශ්‍යයි කියන්නේ, මේ පහළ මට්‌ටමේ මතය ගැන පක්‍ෂය දැනුවත් කරන්නයි.

ප්‍රශ්නය - ඔබට වඩා වටින්නේ පක්‍ෂය ද, මහින්ද මහත්තයාද?

පිළිතුර - මට වටින්නේ ශ්‍රී ලනිපය. හැබැයි පක්‍ෂයේ ධුරධාරීන් කල්පනා කරන්න ඕනේ, මේ පක්‍ෂය රැක ගන්න නම් කොහොමද වැඩ කළ යුත්තේ කියලා. ඒ අයගේ හිතුවක්‌කාර කමට මේ පක්‍ෂය දෙකඩ වෙනවා නම්, පාවා දෙන්න වෙනවා නම් මම එතැන නැහැ.

ප්‍රශ්නය - ඔබගේ පක්‍ෂය සහභාගි නොවුණු නුගේගොඩ රැලියට ඔබ සහභාගි වුණේ. ප්‍රසිද්ධියේම එයට සහභාගි වන බව පවසමින්, එතකොට පක්‍ෂයට ඔබගේ අවනත භාවයක්‌ තිබුණේ නැහැ.

පිළිතුර - එතැන තිබ්බේ මහින්ද මහත්තයට ඡන්දය දුන් පනස්‌ අට ලක්‍ෂයකගේ රැස්‌වීමක්‌. නිට්‌ටඹුවේ රැස්‌වීමක්‌ තිබ්බා. මෛත්‍රීපාල මහත්තයාට ඡන්දය දුන්න අයට ස්‌තුති කරන්න. ඒකට අපේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්‌කොම ගියා. ඒ රැස්‌වීමට යන එක කවුරුත් නැවැත්තුවේ නැහැ. ඒ වගේම නුගේගොඩ රැස්‌වීමට යන එකත් කවුරුවත් නැවැත්වුවේ නැහැ. මමත් මහින්ද මහත්තයාට ඡන්ද දුන්න කෙනෙක්‌ ලෙසයි එතැනට ගියේ.

ප්‍රශ්නය - මහින්ද මහත්තයාට අගමැති අපේක්‍ෂක ධුරය දිය යුතුයි කියලා කියන්නේ, ඔබ හා තවත් පළාත් හා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසකුයි. ශ්‍රී ලනිපයේ ඉහළ ධුර දරන කිසිවකු එවැනි ප්‍රකාශයක්‌ තවම සිදු කර නැහැ.

පිළිතුර - ජනමතයට ගරු කරන්න නම්, මතය මොකක්‌ද කියලා දැනගන්න ඕනේ. ඊළඟ මැතිවරණයට යන කොට, රටේ ජනතාව තීන්දු කරයි, කවුරු හිටිය මතය ද හරි කියලා. මම කතා කරන්නේ මගේ හදවතට එකඟවයි.

ප්‍රශ්නය - එජාපය හා ශ්‍රී ලනිපය අතර ජාතික ආණ්‌ඩුවක්‌ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. මේ ගැන ඔබගේ මතය කුමක්‌ද?

පිළිතුර - ජාතික ආණ්‌ඩුවක්‌ කියන මතය එන්නේ, සාමාන්‍යයෙන් රට තුළ ව්‍යසනයක්‌ ඇති වුණාමයි. ඒ වගේම ජාතික ආණ්‌ඩුවක්‌ පිsහිටුවනවා නම්, මේ රටේ සියලුම දේශපාලන පක්‍ෂ එක්‌තැන් වෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ දේශපාලන අර්බුදයක්‌. මෙතැනදී ජාතික ආණ්‌ඩුවක්‌ කමක්‌ නැහැ. ඒක ජාතික විධායක සභා වගේ සියලුදෙනා ඉන්න එකක්‌ වෙන්න ඕනේ. මේක ශ්‍රී ලංකායි, යූ. ඇන්. පී. වෙලා කළොත් අනිත් අය මේ සභාග ආණ්‌ඩුවේ කොටස්‌කරුවෝ වුණේ නැත්නම්, ඒක දේශපාලන වශයෙන් අපේ පක්‍ෂය ගිලෙන කාරණයක්‌ වෙන්න ඉඩ තියෙනවා. අපේ ග්‍රාමීය පාක්‍ෂිකයෝ ඡේවීපී එකට එකතුවෙන්න ඉඩ තියෙනවා. ඒ පිළිබඳව නායකත්වය කල්පනා කරන්න ඕනේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා. එයාගේ යටතේ තමයි, අපේ ඇමැතිවරු මන්ත්‍රීවරු පත්වෙන්නේ. ජනාධිපතිතුමා අපේ නායකයා බව ඇත්ත. ඒත් ව්‍යවස්‌ථාදායකයේa ඉන්නේ අගමැතිවරයා, එජාපයේ. එතකොට අපේ අයට එජාපය කියන කියන එකට අත උස්‌සන්න වෙනවා. ඊළඟ මැතිවරණයේදී, "ලැඡ්ජා නැද්ද මුන්ට" කියලා ජනතාව අහනවා. එහෙම වුණොත් අපේ පක්‍ෂයට ඡන්ද අඩු වෙනවා. ඒක වළක්‌වන්න ඕනේ. අපේ අගමැති කෙනෙක්‌ යටතේ, ජාතික ආණ්‌ඩුවකට එකතු වුණේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ හැදිය යුතු ව්‍යසනකාරී තත්ත්ව රටේ තිබ්බා. යුද්ධය වෙලාව, විදේශ රටවල් බලපෑම් කරන වෙලාව, ආදියේදී එජාපය එකතු වුණේ නැත්තේ, අපේ අගමැති කෙනෙක්‌ යටතේ වැඩ කරන්න වෙන නිසයි.

මේක හොඳට අධ්‍යයනය කරලා පාක්‍ෂිකයාගේ මතය විමසලා ගත යුතු තීරණයක්‌.

ප්‍රශ්නය - ශ්‍රීලනිපයේ බහුතරයකට තවමත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා, පක්‍ෂයේ නායකයා කියන එක දැනිලා නැහැ. ඔවුන්ගේ නායකයා ලෙස තවම සිටින්නේ, මහින්ද රාජපක්‍ෂ මහතායි. ප්‍රසන්න රණතුංග මහතාටත් එහෙමද?

පිළිතුර - ඒක සාධාරණයිනේ. අපි පසුගිය මැතිවරණයේදී වැඩ කළේ මහින්ද මහත්තයාටනේ. ඒ කියන්නේ මෛත්‍රී විරෝධී කණ්‌ඩායමටනේ. අපේ නායකයා විදියට අපි ගෙනිච්ෙච්, මහින්ද මහත්තයාවයි. ඡන්දෙන් පස්‌සේ, පක්‍ෂ නායකයා විදියට මෛත්‍රීපාල මැතිතුමා පත් වුණා. ඒක හරියන්න කාලයක්‌ ගත වෙනවා. අපි මේ වෙනකොටත් අපේ පක්‍ෂ නායකයා, මෛත්‍රීපාල මහත්තයා බව පිළිගෙනයි, කටයුතු කරන්නේ. නමුත් තවම පහළ මට්‌ටම ඒකට සූදානම් නැහැ. ඒකට කාලයක්‌ ගතවෙයි.

ප්‍රශ්නය - මහ මැතිවරණයට අගමැති අපේක්‍ෂක ලෙස, මහින්ද මහතා ගෙන එන ලෙස ඔබ ඇතුළු පිරිසක්‌ කිව්වත්, රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගාත්මකව ප්‍රකාශ කරන්නේ, මහින්ද මහත්මයාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ පනහට අඩු කරන බවයි......

පිළිතුර - ඒ අභියෝගයෙන්ම පැහැදිලි වෙනවා. ලක්‍ෂ පනහක්‌ තවම මහින්ද මහත්තයා එක්‌ක ඉන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා, අගමැති අපේක්‍ෂක ලෙස ඒ ප්‍රමාණයක ඡන්ද කවදාවත් අරගෙන නැහැ. ඒක හොඳ ප්‍රකාශයක්‌. ඒ නිසයි අපි කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද මහත්තයා අගමැති අපේක්‍ෂක කරගෙන ගියොත් අපිට ලක්‍ෂ හැට දෙකකට වඩා ඡන්ද ගන්න පුළුවන් වෙයි කියලා.
සාකච්ඡා කළේ
*මනෝඡ් අබයදීර 


කෑ ගසා හැඬීමට නොව, ජුනි මහ මැතිවරණ දා එජාපයට කණ හරහා දුම් පිටවීමට පහර දීමට දැඩි සේ සිතට ගන්න.



සෑම සිංහල බෞද්ධයෙක්ම ධර්මපාල තුමන් ගේ ජීවන චරිතය කියැවිය යුතුය.නැවත නැවතත් කියැවිය යුතුය.අප අද ජාතියක් වශයෙන් වැටී සිටින තත්වයට ප්‍රධාන හේතුව එතුමන් වැනි උතුමන් කළ සේවය අමතක කිරීමය,එතුමන් පෙන්වූ මග නොයෑමය.අපගේ සැබෑ ජාතියේ පියා වන්නේ ධර්මපාල තුමන් මිස කතෝලික පල්ලියට කඩේ ගිය,කතෝලික පල්ලියෙන් උපදෙස් ගෙන ව්‍යවස්ථාව සෑදු අයිවොර් ජෙනින්ග්ස් ලාගෙන් උපදෙස් ගත්,භික්ෂුන් වහන්සේලා බොරු පොරොන්දු දී රැවටු,එදා විද්‍යාලංකාරයට එරෙහිව කටයුතු කළ, සුද්දන්ගේ පසුපස යමින් බලය ලබා ගත් දොන් ස්ටීවන් සේනානායක නම් කළු සුද්දා නොවන්නේය. එම කලු සුද්දා පරපුරේම මී මිනිපුරෙක් වන, ඩී එස් සේනානායක අඩි පාරේ ඊටත් වඩා නින්දිත ලෙස දේශපාලන ගමනේ යන බෙලහීන පරාජිත රනිල් වික්‍රමසිංහ කිසිසේත් රටේ විධායක බලය හිමි අගමැති කමට සුදු නොවන්නේය. හෙළ ජාතිය සියතින් ගෙල අහිමි කර නොගත යුතුය. අපේ සතුරා වන  ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? ඔහු ඒකාන්තයෙන්ම අපේ මිතුරායි. විධායක අගමැති වීමට සුදුසු කොන්ද ඇති එකම නායකයා ඔහුයි. මහ මැතිවරණය අපේ එකම අවස්ථාවයි. ඔහු අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.