Showing posts with label පූජනීය අතුරළියේ රතන ස්වාමීන් වහන්සේ. Show all posts
Showing posts with label පූජනීය අතුරළියේ රතන ස්වාමීන් වහන්සේ. Show all posts

ASANIC CONSPIRACY - ජඩ දේශපාලු සහයෙන් කල හෙළයට එරෙහි ආසනික් කුමණ්ත්‍රණය

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ හා ජාතික සංඝ සම්මේලනයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව්! හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

 

ආසනික්‌ හා සයනයිඩ්වලින් ගොවි ජනතාව
බේරා ගැනීමට බුද්ධ පුත්‍රයෝ පෙරමුණ ගනිති


දේශපාලකයෝ හා නිලධාරීන් සමාගම්වල
මුදලට යට වී සත්‍ය යටපත් කිරීමට හදනවා
අතුරලියේ රතන හිමි

සුජාතා ජයරත්න

මෙරට පරිහරණය කරන කෘෂි රසායනවල තිබෙන ආසනික්‌ හා සයනයිඩ් නිසා මේ වන විට විසිදහසකගේ පමණ ජීවිත විනාශ වී තවත් පනස්‌දහසක්‌ පමණ රෝගී වී සිටින නිසා සමාගම්වල ධන බලයට යටව තිබෙන සත්‍ය හෙළි කිරීම සඳහා ජාතික සංඝ සම්මේලනයේ භික්‌ෂූන් වහන්සේලා දෙසියනමක්‌ ඊයේ (17 වැනිදා) පෙරවරු 10.00 ට විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී කියා සිටියේ රුපියල් බිලියන හැටක මුදලක්‌ වැය කොට ආසනික්‌ හා සයනයිඩ් අඩංගු රසායනික වර්ග ආනයනය කරන බවයි.

කෘමිනාශකවල පමණක්‌ නොව පොහොරවලද විෂ සහිත ආසනික්‌, රසදිය කැඩ්මියම් තිබෙන බවද කළ පරීක්‍ෂණවලින් තහවුරු වී තිබියදී මුදලට යටපත් දේශපාලනඥයන් සහ නිලධාරීන් සත්‍ය වසන් කරන බවද උන්වහන්සේ පැවැසූහ.

දෙහිඅත්තකණ්‌ඩිය හා ශ්‍රීපුර ප්‍රදේශවල ඉතා විශාල වශයෙන් වකුගඩු රෝගීන් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්‌වෙන බවද උන්වහන්සේ පැවැසූහ.

ජාතික සංඝ සම්මේලනය නිවේදනයක්‌ නිකුත් කරමින් මෙසේද කියා සිටී.

ශ්‍රී ලංකාවේ පරිහරණය වන කෘෂි රසායනවල අධික ලෙස ආසනික්‌ හා සයනයිඩ් තිබෙන බවට අනාවරණය විය. එහෙත් ඇතැම් විද්‍යාඥයන්, විද්වතුන් හා නිලධාරීන් සමාගම්වල මුදල්වලට යට වී මෙම ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කළහ. අවංක විද්වතුන් හා නිලධාරීන් පිරිසක්‌ නොයෙක්‌ බලපෑම් හා බාධක මත ජාතියට මේ මහා අනතුර හෙළිදරව් කළහ. රජය මේ සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කිරීම ඇත්තෙන්ම අතිශය ගැටලුකාරී තත්ත්වයක්‌ බවට පත් විය. කෘෂි රසායන වල ආසනික්‌ නැතැයි වගකිව යුත්තන් ප්‍රකාශ කළ ද සත්‍ය සහමුලින්ම හෙළිදරව් වී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව පරීක්‍ෂණ කළ අතර එහිදී ඉතා පැහැදිලිව කෘෂි රසායනවල පමණක්‌ නොව පොහොර වල ද ආසනික්‌ හා රසදිය තිබෙන බවට පිළිගෙන ඇත. සත්‍ය සහමුලින් හෙළි වුවද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හෙළිකරගත් බොහෝ තොරතුරු පවා සඟවා තැබීම රටවැසියාට කරන අනර්ථකාරී ක්‍රියාදාමයක්‌ බව නිලධාරීන් තේරුම්ගත යුතුව ඇත.



http://www.divaina.com/2012/09/18/news29.html

MONK GEMS - හෙළ සඟ රත්නයන්, මේ දිවයිනට වාසනා



සත්ත්ව හිංසාව සම්පූර්ණයෙන් නතර
කිරීමට පනතක්‌ ගෙන එනවා

- හෙළ උරුමයේ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි

චමින්ද සිල්වා

හලාවත කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව මෙවර තාවකාලිකව නවතා ගැනීමට හැකි වූවත් සත්ත්ව හිංසාව සම්පූර්ණයෙන් නතර කිරීමට පාර්ලිමේන්තුවට පනතක්‌ ගෙන ඒමට කටයුතු කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

හලාවත මුන්නේස්‌වරම් කාලි කෝවිලේ අනිද්දා (01 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ සත්ත්ව බිලි පූජාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත නතර කිරීම සම්බන්ධයෙන් ඊයේ (30 වැනිදා) ජාතික පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඉහත අදහස්‌ දැක්‌වීම කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ.

යම්කිසි ආගමක නාමයෙන් සතුන්ට හිංසා කර සතුන් මරා ඒ ලේවලින් දෙවිවරුන් නාවන ක්‍රම ශිෂ්ට සම්පන්න නොවන රටකවත් පිළිගන්නේ නැහැ.

ඒ වගේම ආගම්වල මුවාවෙන් රටක ඕනෑම දෙයක්‌ කරන්න බැහැ. මෙවැනි ම්ලේච්ඡ සිදුවීම නවත්වන්න උද්ඝෝෂණ මාධ්‍ය සාකච්ඡා නිතර පවත්වන්න අවශ්‍ය නැහැ. අද ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක මෙය නැවැත්වීමට කටයුතු කරල තියෙනවා. අපිත් එය සැලකිල්ලට ගතයුතුව තියෙනවා. ඒ වගේම පැරණි දෙමළ සංස්‌කෘතියේ වුවත් බිලිපූජා තිබුණේ නැහැ. මෙය කුඩා කණ්‌ඩායම් විසින් තමයි කරගෙන යන්නේ.

මම මේ වනවිටත් සත්ත්ව සුභසාධන කෙටුම්පතක්‌ ලෙස පෞද්ගලික යෝජනා යටතේ පාර්ලිමේන්තුවට සත්ත්ව හිංසා නැවැත්වීමට යෝජනාවක්‌ ගෙන තිබෙනවා. එම පනතින් මිනිසුන් සත්ත්ව මස්‌කෑම සම්පූර්ණයෙන් නවත්වන්න ඕන කියලා මම කියලා නැහැ. මම කියලා තියෙන්නේ ගව ඝාතනය සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි කියලයි. මිනිසුන් සතුන් මරණ එක අපට නවත්වන්න බැහැ. නමුත් ආගමක නාමයෙන් කරන මෙවැනි අසීලාචාර ක්‍රියාවන්වලට අපි එකඟ වන්නේ නැහැ.

බස්‌නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා - මෙවර සත්ත්ව බිලි පූජාවත් විරෝධතාවයන් හා ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් නතර කර ගැනීමට අපිට හැකිවුණා. මෙවැනි සිදුවීම්වලින් හින්දු ආගමට විශේෂ කැළලක්‌ සිදුවෙනවා. ඒත් වාසනාවට කාලි කෝවිලේ පූසාරියාගේ කටින් ජනාධිපතිතුමන් ඉල්ලීමක්‌ කළොත් බිලි පූජාව නතර කරන බවට ප්‍රකාශ කර තිබුණා.

අපේ රටේ නීතියේ තියෙන්නේ සතෙක්‌ ඝාතනය කරන්න පුළුවන් බලපත්‍ර තිබෙන තැනකදී පමණයි කියලා. ඒත් එවැනි ස්‌ථානයක්‌ නොවෙයි හලාවත කාලි කෝවිල. ආගම් ඇදහිලි මත මෙවැනි දේ සිදුවුවත් රටවල් කිහිපයක බිලිපූජා පැවැත්වීම තහනම්. මෙවැනි දේ සිදුවුවත් රටවල් කිහිපයක බිලිපූජා පැවැත්වීම තහනම් කර තිබෙනවා.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලජෝති හිමියෝ - කපිලවස්‌තුපුර ධාතූන්වහන්සේලා ශ්‍රී සුමංගල විහාරස්‌ථානයේදී ප්‍රදර්ශනය කිරීමත්, කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව සිදුකිරීමත් වයඹ පළාත තුළම සිදුකෙරෙන නිසා මෙම බිලි පූජාව නවත්වන ලෙස ජාතික හෙළ උරුමය, සංඝ සභාව සහ තවත් සිවිල් සංවිධාන රැසකින් ඉල්ලීම් සහ විරෝධතා දැක්‌වීම් සිදුවුණා.

මේ වනවිට ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව බිලි පූජාව නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. යම් හෙයකින් මෙම පූජාව (01 වැනිදා) පැවැත්වීමට කටයුතු කළේ නම් දැඩි විරෝධතාවක්‌ පැවැත්වීමට අපි අදහස්‌ කරගෙන සිටියා.

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ වනවිට සිංගප්පූරුවට වැඩම කර සිටිති. උන් වහන්සේ පසුගිය 28 වැනිද එහි සිට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ ලෙසයි ජනාධිපතිවරයා බිලි පූජාව නවත්වන ලෙස කාලි කෝවිලේ පූජකවරයාගෙන් ඉල්ලා සිටියේ.

මෙය නීතියෙන් නවතා ගැනීමට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනු ලැබුවත් එය විභාගයට ගැනීම ලබන 04 වැනිදාට කල් තැබීම සිදුවූවා. කෙසේ හෝ ආගමක නාමයෙන් සිදුවන සත්ත්ව හිංසා මේ රටේ නවතා ගැනීමට හැකිවන තෙක්‌ ජාතික හෙළ උරුමය පෙනී සිටිමින් ඉදිරියටත් කටයුතු කරනවා.


http://www.divaina.com/2012/08/31/news18.html

BLOODY CHILAW AGAIN - මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිළි පූජාව මෙවරත්

Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න



අහිංසක සතුන් දහස් ගණනක් එකම මොහොතක 

අමානුෂික ලෙස ඝාතනය කරන, දකුණු ආසියාවේ
පැවැත්වෙන විශාලතම, මහා බිළි පූජාව
මේ වසරේත් එනම් 2011 සැප්තැම්බර් 12 දා හලාවත,
මුන්නේශ්වරම් කාලි කෝවිලේදී පැවැත්වීමට නියමිතයි..!

පොළොව නුහුලන මේ අපරාධය පිළිබඳ දැන දැනම
ඔබට නිහඬව සිටිය හැකිද? මෙයට ඉඩදිය හැකිද?
"සියලු ආගමික නායකයින්"(මෙන්න ගොන් පාට්) ඇතුළු වගකිවයුතු සියලුදෙනා
වෙත මේ අපරාධය නවත්වන ලෙසට බලකර
ඒ අහිංසක ජීවිත බේරාගන්න පෙරට එන්න..!
මේ සම්බන්ධව මුරගල අපගේ අදහස්
ගිය වසරේ මෙම නින්දිත යාගයට එරෙහිව, ලංකාවේ බලපවත්වන සත්ත්ව හිංසනයට එරෙහි නීති සියල්ලේ පිහිට කර ගෙන අධිකරණ නියෝගයක්ද අත ඇතිව යා යුතුව තිබූ සාමකාමී විරෝධතාව, කිසිදු නීතිමය ආවරණයක් නොමැතිව ගරුතර සංඝ රත්නයත් පමණක් පෙරටු කොට යන ලදි. පොලීසිය වහා ක්‍රියාත්මක වී තමන්ට අවශ්‍ය නීතිමය ආවරණය ගෙන එය වළක්වන ලදි. මුරගල අපි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සියල්ලෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ, මුලින්ම නීතිමය ආවරණය මේ අවිහිංසා වැඩ පිළිවෙලට ලබා ගන්නා ලෙසයි. සිදුවීමට යන ම්ලේච්ඡ  සත්ත්ව ඝාතනයට එරෙහිව අධිකරණ නියෝගය ලබා ගන්නා ලෙසයි. පොලීසියට අධිකරණය නොමග යවා තමාට අවැසි නියෝග ලබා ගැනීමට ඉඩ නොතබන ලෙසයි.


එවිට ලේ පිපාසිත අමනුෂ්‍යයින්ට පසු බසින්නට සිදු වෙනවා නොඅනුමානයි.

 බුදු දහමට අනුව, විපාක මුළු රටටම කෙදිනක හෝ විඳීමට සිදුවන මේ මහා සත්ව සංහාරයට විරෝධය පෑමට ඔබට කළ හැකි සියල්ල කරන්න. උපරිම සහයෝගය ලබා දෙන්න.

සර්වාගම් වියරුව අත් හැර, බෞද්ධ අපි සියළු දෙනා එක්වී මෙය ජය ගනිමු. අන් ආගමික සියල්ල සත්ත්ව ඝාතන අඩු වැඩි වශයෙන් ආගමිකවම අනුමත කරන බව දැන දැනම අපි අපිවම රවටා නොගනිමු. සංඝ රත්නය ඉල්ලූ විට පිටින් පෙනෙන සේ හැඩි දෙමළුද, අනික් නින්දිත ආගමිකයෝද එකඟතාවය පල කලද, එයින් උන් අපිව ගොනාට අන්දවන බව තේරුම් ගණිමු. ජයග්‍රහණය අවැසි නම් ඇතුළතින් විනාශ කරන්නන් සම්බන්ධ කර නොගෙන සටන් කරමු යන්න මුරගල අපගේ බැරෑරුම් ඉල්ලීමයි

මෙයට එරෙහි නීති පනත වෙනුවෙන් ක්‍රියාත්මක වූයේද බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ම පමණි. බලන්න



බොරු සෝබනයට අටවාගත් දී. මූ. ගේ සර්වාගම් පඩංගුවේ නපුංසක බලය මීටත් වඩා පෙන්වූ අවස්ථාවක් අපට නම් සිතා ගැනීමටවත් නොහැක.


ආගමික යැයි සම්මත වැඩක්, රටේ සියළු ආගමිකයන්ට අවංකව එක්වූ විට වැලැක්වීමේ අපහසු කමක් තිබිය හැකිද?..ඔබම සිතා බලන්න. ගිය වසරේ සර්වාගම් පඩංගුවෙන් මෙයට අවංකව ක්‍රියාත්මක වූයේ එක් ආගමක් පමණි. ඒ බුද්ධාගමයි. අන් සියළු නින්දිතයෝ බෞද්ධයෝ පරදීවා යැයි පැතූහ, පැතූ ලෙසම යටින් ක්‍රියාත්මක වී බෞද්ධයෝ සිය රට තුලම පරදවා අනාථ කර දැම්මෝය. දැන්වත් තේරුම් ගෙන ගොන් කම් අත් හරිමු. පිරිසිඳුව සටන් කර උත්සාහ කර බලමු. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා අපගේ වචනත්, කාලයත්, ශ්‍රමයත් අපතේ නොයවමු.