TAMIL CROOKS - ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරමේ යෙදෙන හැඩි දෙමළ අපරාධකරුවෝ

  
රට පටවන ජාවාරම පිටුපස
දේශපාලකයෙක්‌ හා නීතිඥයෙක්‌
දෙදෙනාම රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු, සිරිමෙවන් කස්‌තුරිආරච්චි සහ සමන් මල්ලවආරච්චි

නීති විරෝධී අන්දමින් පුද්ගලයන් විදේශගත කිරීමේ මහා මිනිස්‌ ජාවාරම මෙහෙයවූ ප්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන මෙවර නැගෙනහිර පළාත් සභාවට දෙමළ සන්ධානයෙන් තරග වදින සුරේෂ් කුමාර් නමැත්තා සහ නීතිඥවරයකු වන ඉන්ද්‍රන් කරිකාලන් රහස්‌ පොලිසිය මගින් පසුගියදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු උප්පුවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාද වෙයි. මොහු හිටපු ප්‍රබල පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ද වන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු කලක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේද සාමාජිකත්වය ලබා ගැනීමට දැඩි උත්සාහයක්‌ දරා ඇත. එය ව්‍යර්ථ වීමෙන් පසු රජයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් නැගෙනහිර පළාතේ ඉදිකිරීම්වලට අදාළ කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක්‌ ලබාගෙන මහා ධනවතකු බවට පත්වූ අයෙකි.

මේ අතර මෙම මහා මිනිස්‌ ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රාදේශීය දේශපාලනඥයකු පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

නීති විරෝධී ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යැමට සූදානම්ව සිටි පුද්ගලයන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත.

පසුව රහස්‌ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා කළ වැටලීමකදී මෙම ජාවාරම මෙහෙයවූ බව කියන සුරේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීමට හැකි විය. මොහු සමග මෙම ජාවාරමට සම්බන්ධ නීතිඥයකු සහ තවත් පුද්ගලයකුද රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මිනිස්‌ ජාවාරමෙන් සැකකාර සුරේෂ් කුමාර් නමැත්තා රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇත.

සැකකාර සුරේෂ් කුමාර් මෙවර නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ සන්ධානයෙන් තරග කිරීමට ඉදිරිපත්ව සිටින අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක්‌ද වියදම් කිරීමට සූදානම්ව සිටි බව හෙළිවී තිබේ.

සුරේෂ් කුමාර් නමැත්තා රහස්‌ පොලිස්‌ නිලධාරීන් භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මිනිස්‌ ජාවාරමට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.


http://www.divaina.com/2012/07/26/news06.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.