RACIST MINORITIES - සුළු ජාතිවාදීන් සමග ඉදිරියට යන්න බෑ



ජාතිවාදීන් සමග ඉදිරියට යන්න බෑ පිළිකාවක්‌ වූ
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කිරීමට
තුනෙන් දෙකක බලය අවස්‌ථාවක්‌ කර ගනිමු

- ඇමැති පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නමැති පිළිකාව ජාතික දේහයෙන් ඉවත් කිරීමට ව්‍යවස්‌ථාදායකයේ තුනෙන් දෙකක සංයුතියක්‌ ආණ්‌ඩුවට ඇති බැවින් එය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කරගත යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (22 වැනිදා) එම අදහස්‌ පළ කළේ "රටේ ඒකීය භාවය සුරැකිමු ව්‍යවස්‌ථානුකූල බෙදුම්වාදයකට පාර කපන පළාත් සභා ක්‍රමය අහෝසි කරමු." මැයෙන් ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහජන සම්මන්ත්‍රණය ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැති අවස්‌ථාවේ ප්‍රධාන දේශනය පවත්වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලි චම්පික රණවක මහතා මෙසේද පැවසීය.

2009 මැයි මාසේ 15 වැනිදා ප්‍රභාකරන් ඝාතනය වුණ දවසේ අප සියලු දෙනා සතුටු වුණා. එකොළොස්‌දහසක්‌ කොටි සාමාජිකයන් එදා ඔවුන්ගේ නායකයින් සමග ආරක්‍ෂක අංශ වෙත භාර වුණා. අප ඔවුන් ගැන වෛරී සිතුවිල්ලක්‌ පහළ කර ගත්තේ නැහැ. අතීතය අමතක කර ඉදිරියට යන්න කටයුතු කළා.

අප කරුණාවන්ත සිතුවිලිවලින් අනාගතය දිහා බැලුවත් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා සූදානම් නැහැ. ඒ නිසා අපගේ එම සිතුවිල්ලට, නැවතිල්ල තබන්න සිදුවෙලා. ජාතිවාදීන් සමග ඉදිරියට යන්න බැරිව තිබෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙන ජාතික හෙළ උරුමය නැවත වතාවක්‌ ජාතික ප්‍රශ්නයට මුහුණ දෙන්න සහ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ක්‍රියා කරන්න තීරණය කළා. අප සියලු කැපකිරීම් කරන්න සූදානම්.

ජාතිවාදී නඩයේ රට බෙදන කුමන්ත්‍රණය පරාජය කිරීමට අප සූදානම්. මෙරට පාවාදෙන්න හැදූ සෑම අවස්‌ථාවකම ජාතිමාමක බලවේග පෙරට ආවා. අපගේ අතීත ගමන අප නැවැත මතක්‌කර දෙනවා. 56, 68 හා 87, 2000 හෝ 2007 පරපුරවල් තවම මියගොස්‌ නැහැ. ඒ බව අප මතක්‌ කර දිය යුතුයි.

දිවි නැඟුම පනත හරහා විවිධ කතිකාවතක්‌ ඇතිවී තිබෙනවා. දෙමළ ජාතිවාදී බලවේග උතුරේ පළාත් සභාවක්‌ නොමැති නිසා මෙම පනත අභියෝගයට ලක්‌කර තිබෙනවා. උතුරු පළාත් සභාව දෙමළ ජාතිවාදීන් අතට පත්වුණොත් කිසිදු පනතක්‌ ඉදිරියට සම්මත කර ගන්න නොහැකි වේවි. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක්‌. ත්‍රස්‌තවාදයෙන් කළ නොහැකි දේ සුමන්තිරන්ලා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් කරගන්න යනවා. මෙය ජනතාව තේරුම් ගත යුතුයි. අප වසර දහස්‌ ගණනාවක්‌ රැකගත් අපගේ මව්බිම අප රැකගත යුතුයි. අප වසර දහස්‌ ගණනාවක්‌ ආරක්‍ෂා කරගත් මව්බිම මියයැම අපට දරා ගන්න බැහැ.

හැටහය දහසක්‌ ජනතාව මහමඟ ගිනි තියා රටම නොමග යවල ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ගෙනාවා. එදා ඔහු කළ සියලු දේ නීති විරෝධී ක්‍රියාවන්. 1988 පළාත් සභා පනත ගෙනාවේ. එදා මන්ත්‍රීවරුන් බයකර මෙම පනත සම්මත කර ගත්තා. එදා තිබුණු එම මන්ත්‍රී මණ්‌ඩලයත් නීති විරෝධියි. 1983 ඔවුන්ගේ කාලය අවසන්. ඔවුන් බලහත්කාරයෙන් ඡන්දයක්‌ නොපවත්වා රැඳී සිටියේ. එවන් මන්ත්‍රී මණ්‌ඩලයක්‌ සම්මත කළ පනතක්‌ නීති විරෝධියි.

පළාත් සභා ක්‍රමය හැම විටම ෙ€දවාචකයක්‌ වුණා. රටේ ජාතික ධනය ප්‍රකෝටි ගණනක්‌ අහිමි වුණා. ඉන් රට අවුල් ජාලයක්‌ වුණා.

අප පළාත් සභාවලට විරුද්ධ ඇයි. ඒ තුළ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යාජ ඉතිහාසයක්‌ තිබෙනවා. ඉතිහාස ගමනට විරුද්ධ දෙමළ ජාතිවාදී දර්ශනය ඇති පළාත් සභා ක්‍රමය වහා අහෝසි කළ යුතුයි.

ඒ සඳහා අප බිය විය යුතු නැහැ. සටන් විරාමය, සාම නිරීක්‍ෂකයෝ ඉවත්කර ත්‍රස්‌තවාදය පරාජය කරගන්න හැකිනම් අප පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න අනියත බියක්‌ ඇතිකර ගතයුතු නැහැ. අපගේ හොඳකම අපගේ නිවටකම ලෙස හිතන්න එපා. සම්පන්දන්ලාට අපට බලකරලා කිසි දෙයක්‌ දිනාගන්න බැරි බව මතක තියාගත යුතුයි. ඔවුන් ජාතිවාදය අතහැර නැති බව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් ඉතා පැහැදිලියි. කවරකු වුවත් රට පාවා දෙනවා නම් ඊට එරෙහිව නැඟී සිටින්න අප සූදානම්.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝය,

13 වැනි සංශෝධනය හරහා අප ඇඟට වැටුණු නයි මල්ල අයින්කර ගත යුතුයි. පසුගිය තිස්‌වසරක කාලය තුළ ජාතික දේශයේ හිස ගිනිගෙන තිබුණා. එම ගින්න නිවාගන්න අප පුදුම විදියහට දැඟලුවා. අපි ඒ ත්‍රස්‌තවාදය නමැති ගින්න නිමා දැම්මා. දැනුයි තේරෙන්නේ එම ගින්න නිවා දැමුවාට ජාතික දේහය තුළ විශාල තුවාල තිබෙනවා කියලා. එම තුවාල 13 වැනි සංශෝධනයයි.

අප මුහුණ දෙන භයානක තත්ත්වයන්ගෙන් රට ගලවා ගැනීමට මහා සංඝරත්නය පෙරටුකර ගත යුතුයි. 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට රජයට බලකර සිටීමේ පළමු වෙඩි මුරය මෙයයි. අපටත් ඉදිරි පරම්පරාවටත් වින කටින මෙම කොඩිවිනය අප කපා දැමිය යුතුයි.

මෙහිදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද අදහස්‌ දැක්‌වූ අතර මෙම අවස්‌ථාවට පූජ්‍ය තෙබුවන පියනන්ද, පල්ලේකන්දේ රතනසාර යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද, පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා ඇතුළු බොහෝ පිරිසක්‌ එක්‌වූහ.

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි.  අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ හා ජාතික සංඝ සම්මේලනයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව්! හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.