SL LAW AND DISORDER - ලංකා නීතියේ වංචනික අකාර්‍යක්ෂමතාවයේ කීවෙනි බිල්ලද මේ?

නඩුවක් සිය ජීවිතකාලෙටම බඩ රස්සාව කරගන්නා සියළු උපක්‍රම වල කෙළ පැමිණීම එම නඩුව කියනා නොමිනිස් වංශයේ නීතිඥයන් මුලින්ම ප්‍රගුණ කරන සාස්ත්‍රයයි (ගිජු ලිහිණියන් නොවන අවංක නීතිඥයන් කලාතුරකින් සිටිය හැකි බවද අපි විශ්වාස කරමු) . ඉන්පසු සාධාරණ වේවා අසාධාරණ වේවා පැමිණිලි හා විත්තිකාර පක්ෂ දෙකම සිය සියළු සේසත විකුණමින්, උගස් කරමින් නීතිඥයන් ගේ ගාස්තු ගෙවීමට සූදානම් විය යුතුය. නඩු වාර නිකරුණේ කල් ගියත් නොගියත් එකම ආකාරයෙන් ගෙවමින් මැරෙන තුරු බලා සිටිය යුතුය. මේ එසේ වසර 30ක් බලා සිටි එක් අවාසනාවන්ත අයෙක් පමණි. විශ්‍රාමික අසරණ වූ හෙළ විරුවා වෙනුවෙන් අපි මෙය පල කරන්නට සිතුවෙමු. යල් පැනගිය, දූෂිත, මරණයෙන් එපිට පවා තීන්දු නොලැබෙන මේ නීති ක්‍රමය තව දුරටත් අපි පවත්වාගත යුතුද? රටට ගැලපෙන, කාර්‍යක්ෂම නීති පද්ධතියක් ස්ථාපිත කල යුතුද? තවත් මෙවන් බිලි ගැනීමට පෙර වහාම සොයා බැලිය යුතුය.




වසර 30 ක්‌ තිස්‌සේ ඉඩම් නඩුවට
ගිය කත උසාවියේදීම මියයයි


සරත් ධර්මසේන

ඉඩම් නඩුවකට වසර 30 ක පමණ කාලයක්‌ උසාවි ගිය වයෝවෘද්ධ කාන්තාවක්‌ ඊයේ ඇයගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබූ උසාවිය තුළම හදිසි හෘදයාබාධයකින් මියගියාය.

සිය සැමියා සමඟ උසාවිය තුළ අසුන් ගෙන සිටියදී සිහිසුන්වූ ඇය වහාම කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණයෙ වාහනයෙන් කොළඹ මහ රෝහලට ගෙන ගියත් ඒ වන විට ඇය මියගොස්‌ තිබිණි. 63 හැවිරිදි කේ. එම්. භද්‍රdවතී නමැති ඇය මැදවත්ත මෙනේරපිටිය පරකඩුව පදිංචිකාරියකි. සැමියා ඩී. දයාතිලක ප්‍රනාන්දු විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකි.

අවිස්‌සාවේල්ල දිසා අධිකරණය හමුවේ මුලින්ම විභාග කළ නඩුව වසර 17 කට පසුව මේ යුවළගේ වාසියට තීන්දු වී ඇති නමුත් අනෙක්‌ පාර්ශ්වය නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක්‌ (ඇපෑලක්‌) ගොනු කර ඇත.

අනතුරුව ඇපෑල ගොනු කිරීම සඳහා අදාළ නඩුගොනුව 2000 වසරේදී අවිස්‌සාවේල්ල උසාවියෙන් කොළඹ අභියාචනාධිකරණයට එවා ඇත. විවිධ හේතූන් උඩ ඊයේ වන විට වසර 12 ක්‌ අභියාචනාධිකරණය හමුවේ කල් ගොස්‌ ඇත.


http://www.divaina.com/2012/12/08/news28.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.