Showing posts with label දිවයින. Show all posts
Showing posts with label දිවයින. Show all posts

SADU! SADU!! SADU!!! - අති පූජණීය හිමි නමට අපගේ සුභාසිරි



අති පූජණීය ඕමල්පේ සෝභිත හිමියෝ සංඝ නායක ධුර ලබති

අති පූජණීය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතට අයත් සංඝ සභා 6 ක මහා සංඝ නියෝජිතයන් විසින් පසුගියදා ඒකඡන්දයෙන් යුතුව මෙකී පත්වීම අනුමත කරනු ලැබ තිබේ. දික්‌වැල්ල තලල්ලේ ශ්‍රී ග්‍රාමමණ්‌ඩපාරාම මහා විහාරස්‌ථානයේදී මේ මහා සංඝ සම්මේලනය සිදු කරනු ලැබිණ. 62 වැනිවියේ පසුවන
අති පූජණීය ආචාර්ය සෝභිත හිමියෝ එම නිකායේ උපරිමාධිකරණ විනිශ්චයකාර පදවියද හොබවති.
 



අද මාධ්‍ය වල භාෂා භාවිතයේ පිරිහීම ඉතාම සෝචනීය බව කිව යුතුය. ජාති මාමක බවේ උපරිම තැන දැනට හිමි පුවත්පත ලෙස අපි දකින්නේ දිවයින පුවත් පතයි. ලංකාදීපයද කලක් යම් දියුණුවක් පෙන්වුවද, වෙබ් පුවත්පත තව දුරටත් නොමිළේ නොදීම තුලින් ඔවුන් සිය දිවි හානි කර ගත්හ. මේ නිසා ඔවුන්ගේ පුවත් නැවත පලකිරීම තුලින් ලැබෙන්නට තිබූ ප්‍රසිද්ධිය ඔවුනට අහිමි විය. කෙසේ හෝ ඉහත පුවත දිවයින පල කර තිබූ අකාරය බලන්න.
 http://www.divaina.com/2012/03/21/news12.html
විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න


සාමණේර වේවා , අන් කවර තරාතිරමක වේවා, බුද්ධ පුත්‍රයෙක් ඉදිරියෙන් ඒකාන්තයෙන්ම තිබිය යුතු  අති පූජණීය විශේෂණය එහි අඩංගු නොවේ. මේ සුළුපටු උතුමෙක්ද නොවේ,  දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් උතුමන් වහන්සේයි. දිවයින භාෂාව ගැන ඔවුන් ඉතාම ලැජ්ජා විය යුතුය. දේශපාලුවන්ගේ නොපනත් කම හෙළිකල ගමන් ඔවුන්ගේ තර්ජන හමුවේ මුල් පිටුවේ සමාව අයදින පුවත්පත් මෙවන් ජාතික අකුසල් ගැන කිසි පියවරක් නොගන්නා බව අපි දනිමු.

සිංහල බෞද්ධ උරුමයට , බුද්ධ පුත්‍රයන්ට සාසනයට උපරිම අයුරින් ගරු කිරීමට අතීත පුවත්පත් ප්‍රවේශම් විය. ඒ එසේ නොකිරීමෙන් පුවත පල කරන්නාට හා කියවන්නාට යන දෙදෙනාටම හානි සිදුවන බැවිනි. නිසි ගෞරවය නොදීම තුලින් රත්නත්‍රය (බුදුන්, දහම් , සඟුන්)  කෙරේ තිදොරින් (සිත, කය, වචනය) අකුසල් කර ගැනීම ගෙවීමට ඉතා අපහසු අකුසල් බව බෞද්ධයෝ තේරුම් ගත යුතුය. ප්‍රවේශමෙන් ආශ්‍රය කලයුතු සතර දෙනෙක් ධර්මයේ සඳහන් වෙයි. අති පූජණීය ස්වාමීන් වහන්සේලා මීට ඇතුලත් වන්නේ මේ හේතුව නිසාය. අනාගතයේ යම් දිනෙක සාසන පිරිහීමේන් සිය අතෙහි කහ නූලක් පමණක් දරමින්, අඹු දරුවන් පෝෂණය කරන සවාමීන් වහන්සේලා බිහිවේ. එතුමන් පවා සම්මුති, සේක, අසේක යන තුන් ආකාර වල සංඝ උත්තමයන්ගෙන් සම්මුති ලෙස මහා සංඝ රත්නයට ඇතුලත් වේ. මෙහි තේරුම නම් එවන් භික්ෂූන් වහන්සේට පවා, සංඝ රත්නයේ නවාකාර මහා සඟ ගුණ සලකමින් ශ්‍රද්ධාවෙන් කරන දානය සැරියුත් ආදී මහරහත
න්වහන්සේට දෙන දානය තරම්ම මහත්ඵල මහානිසංස වන බවයි. මහා සංඝ රත්නය අපිට අති දුර්ලභ පින්කෙතක් වන්නේ මේ නිසාය.

එසේ නම් නගරබද පීඩනයට ලක්වීම නිසා හෝ වෙන මොනයම් හේතුවක් නිසා හෝ මෙකල මුදල් පරිහරනය ආදී, ලොකු කුඩා සික පද රැකීමට නොසමත් භික්ෂූන් වහන්සේ ගැන කවර කථාද?..උන් වහන්සේලාට චෝදනා කරන ගිහි අඳ බාලයන්ට වඩා කෝටි ප්‍රකෝටි ගුණයෙන්ම උසස්ය.  මේ අපගේ අදහස් නොව නොවරදින බුදු වදනයි.  අති උතුම් මනුෂ්‍ය ආත්ම භාවය උපරිම උසස් තත්වයට ලං වීම පිණිස අරහත් දජය දරන උතුමන්ට තායිලන්තය ගෞරව කරන්නේ මෙලෙසයි. ක්‍රෑර ඉස්ලාමය එරටේ ඝාතනය කරමින් සිටින්නෙ මෙවන් උතුමන්වයි.




ලොව බුදුදහම පන්දහසක් කල් පවතින දහම් දිවයිනේ අපි මේ අතින් සිටින්නේ ගව් ගානක් පසුපසින් බව රහසක් නොවේ. වෙනකක් තබා දැන් දැන් පසඟ පිහිටුවා බුදු පුතුන් වහන්සේලාට වඳින බෞද්ධයෝ පවා හිඟ වෙමින් යන බව කණගාටුවෙන් වුවද කිව යුතුය. මෙම ඛේදනීය තත්වයෙන් සිංහල බෞද්ධ අපි වහාම ගොඩ නො ඒ නම් මිහිතලය මතින් අපගේ වඳවීම වැලැක්වීමට ශක්‍රයාටවත් නොහැකි වනු ඇත.