Showing posts with label බොදු උරුමය සුරැකීමේ සංවිධානය. Show all posts
Showing posts with label බොදු උරුමය සුරැකීමේ සංවිධානය. Show all posts

FIGHT ENEMIES - බෞද්ධ සංහාරයට එරෙහිව එකාවන්ව නැගී සිටිය යුතුයි



වර්තමානයේ සිදුකෙරෙන බෞද්ධ සංහාරයට එරෙහිව
ශ්‍රී ලාංකීය සියලු දෙනා එකාවන්ව නැගී සිටිය යුතුයි

අක්‌මීමන දයාරතන හිමි

තිවංක අභයරත්න - මහනුවර

බංගලිදේශයේ සිදුකෙරෙන බෞද්ධ විරෝධී කටයුතු වලට එරෙහිව බොදු උරුමය සුරැකීමේ ව්‍යාපාරය හා එක්‌ව බෞද්ධ සංවිධාන කිහිපයක්‌ පසුගියදා මහනුවර නගර මධ්‍යයේ විශාල උද්ඝෝෂණයක්‌ පැවැත්විය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැති විශේෂ ආගමික හා සත්‍යක්‍රියා වැඩසටහනින් පසු මහනුවර නගර මධ්‍යයට වැඩම කළ මහා සංඝරත්නය බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූ අතර විශාල ගිහි පිරිසක්‌ද ඒ සඳහා එක්‌ව සිටියේය.

උද්ඝෝෂණය සඳහා එක්‌වූ සිහල රාවය සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්‌මීමන දයාරතන ස්‌වාමීන් වහන්සේ උද්ඝෝෂකයන් අමතමින් අපේ රටේ කටයුතු වලට අතපොවන මානව හිමිකම් සංවිධාන කිසිවක්‌ අවුරුදු තුන්සියයකට වඩා ඉපැරණි බෞද්ධ විහාරස්‌ථාන විනාශ කරද්දී නිහඬව සිටින්නේ ඇයි? භික්‍ෂූන් වහන්සේ කිහිප නමක්‌ ඝාතනය කර තිබෙනවා. කවුරුත් කතා කරන්නේ නෑ.

අද අපේ රටේ ඕනෑම තැනක මුස්‌ලිම් පල්ලි හදන්න හැකියාව තිබෙනවා. ඔවුන්ට කිසිsවිටක බලපෑම් එල්ල වෙන්නේ නෑ.

මේ රට සිංහල බෞද්ධ රටක්‌. බෞද්ධ අපට යන්න වෙනත් රටක්‌ නෑ. මේ රටටත් මුස්‌ලිම් අන්තවාදී බලපෑම් එල්ල වින්න පටන් ගෙන තිබෙනවා. අද වන විට මුහුදු මහා විහාරය මුස්‌ලිම් ආක්‍රමණයට යටත්කර තිබෙනවා. පුරාවිද්‍යාත්මක ඉඩම් බලහත්කාරයෙන් ඩෝසර කරමින් යනවා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටත් වඩා බලවත් පුරාවිද්‍යාත්මක පනත උල්ලංඝනය කරමින් අද නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අද වන විට කෑරගල විහාර භූමිය විනාශ කරල මුස්‌ලිම් පල්ලි ඉදිකරමින් යනවා. පනත අක්‍රියයි. බෞද්ධ සිද්ධස්‌ථාන රැසක්‌ මේ ආකාරයට මුස්‌ලිම් ආක්‍රමණයට යටත් වෙමින් පවතිනවා.

වර්තමානයේ සිදුකෙරෙන බෞද්ධ සංහාරයට එරෙහිව ශ්‍රී ලාංකීය සියලු දෙනාම එකාවන්ව නැගී සිටිය යුතු යෑයිද පැවැසූහ.

උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස අමතා බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකරණ පූජ්‍ය ගිගුම්මඩුවේ සුමංගල, බොදු උරුමය සුරැකීමේ සංවිධානයේ ලේකම් පූජ්‍ය කන්තලේ සුමංගල යන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අනුශාසනා කළහ.

උද්ඝෝෂණය අවසානයේදී සිහල රාවය සංවිධානයේ පූජ්‍ය සුලියද්දේ සුදම්ම, බොදු උරුමය සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය සීගිරියේ සුමිත්ත හා කන්තලේ සුමංගල යන ස්‌වාමීන් වහන්සේ විසින් සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක සංදේශයක්‌ භාර දුන්හ.


http://www.divaina.com/2012/10/15/news18.html