Showing posts with label සිංහල කොටින්ගේ "ගෝ රයිට්‌". Show all posts
Showing posts with label සිංහල කොටින්ගේ "ගෝ රයිට්‌". Show all posts

Operation "Go Right" - යහපාලනේට පූස් පැටවුන් වූ සිංහල කොටින්ගේ "ගෝ රයිට්‌" මෙහෙයුම

යහපාලනයේ අනුග්‍රහයෙන්  වැලිකඩ බන්ධනාගාරයේ දිග හැරෙන නින්දිත ජාති ද්‍රෝහී කේප්පය අපගේ අනෙක් අඩවියේ නැවත පල කල "දිවයින" ලිපියකින් පෙන්වා දුන්නෙමු, වහාම ක්‍රියාත්මක වූ කොටින් ජාතිමාමක මාධ්‍යවේදියා නීතියෙන් කොටු කිරීමට වලි කෑහ, එය නොහැකි විය.

නීති උපදෙස්‌ මත 'දිවයින' මාධ්‍යවේදියා පොලිසියට නොයයි



පොලිසියට පැමිණි 'ගෝ රයිට්‌' නීතිඥයන් හා සුදේශ් නන්දිමාල් නමැත්තා පොලිසියෙන් පිටව යන අයුරු ඡායාරූපයේ වේ. ඡායාරූපය - සමන් රණවීර

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරු කැරැල්ලේදී යුද හමුදාව සහ පොලිසිය මිනිස්‌ ඝාතන සිදු කළ බවට හඬ නඟන 'ගෝ රයිට්‌' එන්ජීඕ වේ නීතිඥ සේනක පෙරේරා කොටහේන පොලිසියට කළ පැමිණිල්ල අනුව ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා පොලිසිය වෙත නොයැමට 'දිවයින' මාධ්‍යවේදී සමන් ගමගේ මහතා ඊයේ (26 දා) පියවර ගත්තේය.

'දිවයින' නීති අංශය මගින් ලබා දුන් උපදෙස්‌ මත ඔහු මෙම තීරණය ගත් අතර ඒ බව කොටහේන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වෙත දැනුම් දීමට ද කටයුතු කර ඇත.

වැලිකඩ සිරකරු කැරැල්ල මැඬලීමට ගිය රණවිරුවන් මිනිස්‌ ඝාතන සිදු කළ බවට චෝදනා කරමින් ත්‍රස්‌තවාදී චෝදනා එල්ල වූ පාර්ශ්වයන් එකතු කරගෙන 'ගෝ රයිට්‌' එන්ජීඕවේ පිරිස්‌ ගෙන යන ප්‍රචාරය පිළිබඳ සමන් ගමගේ විසින් 'දිවයින ඉරිදා සංග්‍රහයේ පළ කළ ලිපි දෙකක්‌ පදනම් කර ගනිමින් නීතිඥ සේනක පෙරේරා ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්ති පහක්‌ යටතේ 'දිවයින' මාධ්‍යවේදියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කොටහේන පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

අදාළ පැමිණිල්ල පිළිබඳ පොලිසිය ලිත දැනුම් දීමක්‌ සිදු කරන තුරු කිසිදු ප්‍රකාශයක්‌ ලබා දීමෙන් වැළකී සිටින ලෙස මෙහිදී සමන් ගමගේ මහතාට නීති උපදෙස්‌ ලැබී ඇති අතර ඔහු පොලිසියට නොයනු ලැබුවේ ඒ අනුවය. මේ සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා ඊයේ (26 දා) 'ගෝ රයිට්‌' නමැති සංවිධානයේ නීතිඥයන් දෙදෙනකු සමග පසුගිය කාලයේ පොලිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි අවුරුදු අත්හිටුවූ සිරදඬුවමකට යටත්ව සිටින සුදේශ් නන්දිමාල් නමැත්තා ද කොටහේන පොලිසියට පැමිණ තිබේ.


http://www.divaina.com/2015/02/27/news19.html

 තව දුරටත් සිංහල කොටි මෙහෙයුම ක්‍රියාත්මකය, යහපාලනයට චන්දය දුන් සැමගේ පැතුම මෙයද?


"ගෝ රයිට්‌" මෙහෙයුමට "චැපල්" වාට්‌ටුව සූදානම්

සමන් ගමගේ

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ ඇතිවූ සිරකරු කැරැල්ලේදී මිනිස්‌ ඝාතන සිදුකළ බවට චෝදනා එල්ල වෙමින් තිබෙන පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකුගේ ඡායාරූපයක්‌ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ "චැපල්" වාට්‌ටුවේ සිරකරුවන් අතර හුවමාරු වෙමින් තිබෙන බව බන්ධනාගාරය අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

කැරැල්ල අවස්‌ථාවේ සිරකරුවන් ඝාතනය කළ බව පවසමින් පසුගිය දිනවල "ගෝ රයිට්‌" නමැති රාජ්‍ය නොවන සංවිධානයක්‌ හා එහි සාක්‍ෂිකරුවන් යෑයි කියන පසුගිය කාලයේ ත්‍රස්‌තවාදී චෝදනාවන්ට ලක්‌වූ කිහිප දෙනකු මෙම පොලිස්‌ නිලධාරියා ඉලක්‌ක කර චෝදනා එල්ල කර තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විශේෂ කොමිසමක්‌ මගින් නැවත විමර්ශනයක්‌ අරඹා ඇති අතර එයට ප්‍රකාශ ලබාදීමේදී සිරකරුවන්ට අදාළ නිලධාරියා හඳුනා ගැනීමට පහසු වන පරිදි මෙසේ ඡායාරූපය හුවමාරු වෙමින් තිබෙන බව වැලිකඩ බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


http://www.divaina.com/2015/02/26/news37.html