Showing posts with label විජේදාස රාජපක්ෂ සුරා වැද්දා. Show all posts
Showing posts with label විජේදාස රාජපක්ෂ සුරා වැද්දා. Show all posts

MP BUFFALO - සංඝරත්නයට හරස් වන්නේ ප්‍රවේසමෙන්


භික්ෂු ශාසනයට එරෙහි බලවේග විටින්විට ක්‍රියාත්මක වෙයි. බුදුන් දවස ද දේවදත්තලා, අංගුලිමාලලා, චිංචිමානවිකාලා සිටියහ. ඔවුහු බුදුන්ට එරෙහිව නැගී සිටින්නට අසාර්ථක ලෙස වෙර දැරූහ.
භික්ෂූන් වහන්සේගේ පැවැත්මට එරෙහිව විටෙක විනයවර්ධන පිරිසක් බිහිවූහ. ඔවුහු දිවයිනේ පළින් පළ සිවුරු දරන්නේ නැතුව බණ කීහ. එහෙත් භික්ෂූන් වහන්සේට බරපතළ හානියක් කරන්නට තරම් විනයවර්ධනකාරයෝ ශක්තිමත් නොවූහ.

ඊටපසු තාපස නිකාය බිහිවිය. භික්ෂූන් වහන්සේට වඩා තාපස නිකායේ අය ශ්‍රද්ධාවත්, සිල්වත් පිරිසක් බවට කතා පැතිරිණි. තාපස නිකායේ අය අපිරිසුදු සිවුරු දැරූහ. ඔවුහු පිරිසුදුකමට ප්‍රධාන තැනක් නොදුන්හ. දෑස් පියා සංවර ගමනින් පිණ්ඩපාතයේ වැඩියහ. උපාසකම්මලා බත් හට්ටි පිටින් දන් බෙදන්නට පාර දෙපස පෙළ ගැසුණාහ. තාපස නිකායේ අය සෘද්ධි බලයෙන් උඩ සිටින බව ප්‍රචාරය විය. ඒ අනුව අපේ උපාසකම්මලා පුවක් ගස් උඩ, පොල් කරටි දිහා දෑස් අයාගෙන බලා සිටියහ. ගසෙන් ගසට පනින වඳුරන් ඉඳහිට දැක්කා මිස සෘද්ධි බලයෙන් උඩ සිටින තාපසයෝ නොදුටහ.

ගමේ පන්සලේ හාමුදුරුවරු මේ කිසි දෙයකින් කලබල නොවූහ. සුපුරුදු පරිදි පන්සලට වී ආවතේව කරමින් වැඩ විසූහ. තාපස නිකාය ක්‍රමයෙන් අතුරුදන් විය. ගමේ පන්සලේ හාමුදුරුවරු සුපුරුදු පරිදි දනට, බණට, පිරිතට වැඩියහ. පාංශූකූලයට පන්සලේ හාමුදුරුවන් නැතුවම බැරි විය. පොඩි එකාට බත් කවන – අකුරු කියවන – දවසට පිරිත් ටිකක් කියා පිරිත් නූලක් බඳින්නට ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමවිටම ගෙදරට වැඩියහ. බඩදරු අම්මලාට පිරිත් ටික කීවේද පන්සලේ හාමුදුරුවරුන්මය.

සියල්ල මෙසේ වෙද්දී දේශපාලකයෝ විවිධාකාරයෙන් භික්ෂූන් වහන්සේට ගැරහූහ. හාමුදුරුවන්ගේ තට්ටයේ තාර ගාන්නට කතා කළහ. රටේ දේශපාලන ගමන් මඟ වෙනස් කරන්නට සිවුරු දරාගත් භික්ෂු වෙස් ගත්තන්ට ගිනි අවි අතට දුන්හ. එදා ජාතිවාදය නොව ජාති හිතෛෂී පෙළපාළිවලට සහභාගී වූ දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි තබා මරා දැමුවේද දේශපාලන අණටය.

1956 සිට අද දක්වාම භික්ෂූන් වහන්සේ ජාතික මෙහෙවරක් ලෙස සලකා දේශපාලනයේ නියැළුණහ. අපට මෙහිදී සිහිපත් වන්නේ දේශපාලන වේදිකාව බැබළ වූ තල්පාවල ශීලවංශ, බඹරැන්දේ සිරිසීවලී, කොටගම වාචීස්සර, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි, යටිදැරියේ වජිරබුද්ධ, දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරතන වැනි සංඝරත්නයයි. දේශපාලන වේදිකාවට වැඩම කරවා ඡන්දය දිනුවාට පසු මහා සංඝරත්නය අමතක කරන දේශපාලනඥයෝ ද නැත්තේ නොවෙති.

භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට ලක් වූ බවත්, උන්වහන්සේ පිරිහී ඇති බවත් කියන බෞද්ධ මහා උපාසකයකු ගැන යළිත් අසන්නට ලැබේ. ඔහුගේ අරමුණ වන්නේ පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කොට භික්ෂූන් වහන්සේට පාර්ලිමේන්තුවත් දේශපාලනයත් තහනම් කිරීමය. ඒ සඳහා මෙම එජාප මන්ත්‍රීවරයා දැන් සටන ආරම්භ කර තිබේ.

ඒ මන්ත්‍රීවරයාගේ නායකයා ද මන්ත්‍රී හාමුදුරු නමකට ලොකු විහිළුවක් කළේ සුපේශල - ශික්ෂාකාමී උපාසකයකු ලෙසිනි. උන්වහන්සේට දී තිබුණ සැප කාර් එකේ රවුමක් ගිය එජාප නායකයා අරි අටඟි මඟේ යන්නට බෙන්ස් කාර් අවශ්‍යමදැයි ඇසුවේය. එදා එසේ ජාතික හෙළ උරුමයේ හාමුදුරුවන්ට අපහාස කළ දේශපාලන නායකයා අදත් පක්ෂය තුළ නැගිට ගත නොහැකිව දඟලන්නේය. භික්ෂූන්ට දේශපාලනයත් පාර්ලිමේන්තුවත් තහනම් කරන්නට පෞද්ගලික යෝජනාවක් ගෙන එන්නේ හොඳ චේතනාවකින් නොවිය හැකිය. භික්ෂූන් වහන්සේට එරෙහිව දඟලන දැඟලිල්ල කොතැනින් කෙළවර වේදැයි ඔහුවත් දන්නේ නැත. කුමක් වේදැයි අපි බලා සිටිමු.




src: http://www.dinamina.lk/2012/06/08/_art.asp?fn=f1206081

TRIPLE GEMS BUSTER - පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිගේ 70 ජන්ම සංවත්සරයේ සැබෑ අරුත සසුනේ අවසානයද?


දැන් දැන් බුද්ධ චීවරය සිංහල බෞද්ධයාටම එරෙහිව භාවිත කිරීමට ද්‍රෝහී බලවේග සියල්ල කරමින් සිටී. මෙම ස්වාමීන් වහන්සේ  දඹර අමිල හිමිටත් එහා ගිය සංඝ සමාජයේ විනාශය පතන හිමිනමක් බව සිය ක්‍රියාවෙන් ප්‍රකාශ වලින් කලින්ම ඔප්පු කල හිමි නමකි. වරක් රටේ අධිකරණය විසින් සිරගත කල හිටපු ද්‍රෝහී හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමට උතුම් සංඝ රත්නය 100 නමක් සිරගත වෙන්නෙමුයි අතිශය ධර්ම විරෝධී සාසන ප්‍රහාරය දෙනු ලැබුවේ මෙතුමාගේ සඟවාගත් ත්‍රස්ථ හිතවාදී දේශපාලනය විසිනි. සිල් නොරකින භික්ෂූන් වහන්සේ නමක් පවා,  ඕනෑම පෘතග්ජන ගිහියෙකුට වඩා අනන්තගුණයෙන් උසස් බව දහමේ මූලික කරුණකි. එය නොදත් මේ හිමිනම  මෙයින් බලාපොරොත්තු වූයේ උතුම් සංඝ රත්නය නිකම් ගිහියෙකුට නොව අපරාධකාරයෙකුට හෑල්ලු කිරීම නොවේද?


ඉවැන්ජලික පල්ලි කුමණ්ත්‍රණයේ පෙරගමන්කරු වන එජාප නායක තුමාගේ භික්ෂු පෙරමුණේ නායකත්වය දරන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිය. එතුමා බුදු සසුනට කිරීමට සැරසෙන විනාශයට සීමා මායිම් නොමැත.  මීට අනුබල දෙන හිමි වරුන් අතර සර්වාගම් හිමි ලෙස හඳුනන පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ ද පෙරමුණ ගනී. කිසිවිට බලයට පත් නොවන එම දේශපාලන බලවේග දැන් උත්සාහ කරන්නේ දුටුගැමුණු රජුට පවා යහ පාලනය ඉගැන්වූ අප මහා සංඝ රත්නය දේශපාලනයෙන් ඉවතට තල්ලු කිරීමටය.



එජාප ඇමති, ලංකා තැබෑරුම් සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ නම් සුරා වැද්දා මේ හිමිනමගේ 70 වෙනි ජන්ම සංවත්සරයේ විශේෂ ආරාධිත අමුත්තෙකි. 'පරිනත' හිමිනමක් ඇසුරු කරන පිරිස බලන්න.  එහිදී හිමිවරුන් දේශපාලනයේ යෙදීමට එරෙහිව උපක්‍රමශීලීව තමන් ගෙන ඒමට යන පනතක් ගැන මොහු හෙළිකලේය.


මේ දහම් දිවයින අනෙක වාරයක් බුදුන්ට පූජා කරනු ලැබූවකි. එහි දේශපාලනය බුදු පුතුන්ට තරම් අන් කිසිවෙකුටත් සුදුසු කමක් නැත. මේ රට අන්තවාදී පිට ආගමික නාරවලෙන් ගොඩ ඒමට නම් යම් දිනෙක චීවරය දරණ උතුම් හිමි නමක් ජනපති විය යුතුමය. දශ රාජ ධර්මයට අනුව රට පාලනය කිරීමට සතර ඍධි පාද ( ඡන්දය, චිත්තය, වීරිය, වීමංසාව ) ඇත්තේ එතුමන්ට පමණි. කෙලෙස් වලින් නැහැවී පාලනය කරන ගිහියන් සෑම විටම සතර අගති (ඡන්ද, ද්වේෂ, භය, මෝහ) පාලනයටම ඇදී යාම අපි ඉතිහාසය පුරාම දුටු දෙයයි.



ජාතික හෙළ උරුමය සිංහල බෞද්ධයාට ඇති එකම දේශපාලන ශක්තියයි. එයට ඡන්දය දීමට සැදැහැවත් බෞද්ධයා දිනෙන් දින එක්වීම සුරා වැද්දන්ට බලා සිටිය නොහැක. තම සුරාව විකුණාගැණීමට විශාලතම බාධාව බුදු පුතුන් වීම ඊට හේතුවයි. සැදැහැවත් බෞද්ධයා හෙළ උරුමයට කිසි දින පරිභව නොකරයි, අහම්බෙන් හෝ කලේ නම් එයට හේතුව අනේක පිට ආගම් මොළ සෝදනයන්ට සිංහල බෞද්ධයා සිය රට තුලදීම මාධ්‍ය හරහා ගොදුරු වීමයි. පාසැල් විෂය නිර්දේශය හරහා බුදු සමයේ හරය හා රසය වසල උපාසකයන් විසින් වනසා දමා තිබීමයි. මේ මහා පින්බිමේ නිවැරදි බුදුදහම නොදත් බෞද්ධයන් ගනන නිමක් නැති වීමයි. එහි ඵලය නම් නූගත් බෞද්ධයා අති පූජණීය සෝම හිමි වෙනුවෙන් පෙනී සිටින හෙළ උරුමයේ උතුම් සඟ රුවනට පරිභව කර සිය අපා මාර්ග විවර කර ගැනීමයි.

මීට පෙර සසුනේ මහා යුග පුරුෂයන් වූ සංඝ පීතෲන් වහන්සේලා එමට මේ රට තුල වැඩ උන්හ. එතුමන්ලා කිසිවිට මෙවන් නුසුදුසු උත්සව තමන් වෙනුවෙන් පවත්වා නොගත්හ. මේ උත්සවයට පැමිණ සිටියේ සිංහල බෞද්ධයාගේ සතුරන්ම පමණි. සුරා වැද්දන්, වනචර කාලෝ ෆොන්සේකා, එජාප නින්දිත දේශපාලුවන්, සිංහල ප්‍රභා සරත් පොන්සේකා, අනේක පල්ලි නියෝජිතයන්, කොටි හිතවාදී දේශපාලන පක්ෂ, සර්වාගමික හිමිවරු මේ උත්සවය පැවැත්වූයේ රට අන්‍යාගම්කරණය සඳහා සමුළුවක් වශයෙනි. 'බෝ මළුවේ' ගීතය හරහා සාමණේර සාසනයට ඇඟට පතට නොදැනී මරු පහර එල්ල කල පාපතර බංකොලොත් ගායක සනත් නන්දසිරි පවා මුල් පේලියේ ඉබ්බෙක් මෙන් බලා සිටිනු දැකිය හැක. ජිහාඩ් දේශපළුවා ෆවුසි මහල්ලා මෙහි ඉන්නේ නිකම් යැයි ඔබ සිතනවාද? එයට නොදැන සහභාගී වූ සැදැහැවත් බෞද්ධයෝ සියල්ල එම කපටිකමේ ගොදුරුබවට පත්වූයේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ චීවරයට රැවටුන නිසාම පමණි.


 එයට සහභාගී වූ පල්ලි පාදිලිවරු අඩු තරමින් මෙතුමාට ආචාර වශයෙන් හෝ වැන්දේ නැත. එය ඔවුනට මදි කමකි. මෙතුමාද අතට අතදී සිය නුසුදුසුකම පිළිගත්තේ පිට ආගමිකයන් ඉදිරියේය. සිංහල බෞද්ධ අපි කුමට නම් මෙවන් ශාසන විනාසකාරී හිමිවරුන්ට වැඳුමක් හෝ කල යුතුද? බුද්ධ වචනය අනුව මෙතුමන්ලා ප්‍රතික්ෂේප කල යුතුය. පරිභව නොකිරීමට පමණක් අපි ප්‍රවේශම් විය යුතුය.





තමන් භික්ෂුවක් වී තවත් බුදු පුතුන්ට මිසදිටු ගිහියන් ලවා පහර දෙවන මේ හිමියන් සංඝ බේදය නම් ආනන්තරීය පාප කර්මයද සිය 70 වෙනි ජන්ම සංවත්සරය දිනම කරගැන්මට තරම් පවට බිය නැතිවූයේ කෙසේදැයි අපි නොදනිමු. චීවරය දැරුවාට දහමේ හයක් හතරක් දන්න ස්වභාවයක් මෙතුමාගෙන් හා ආවඩන භික්ෂූන් වහන්සේගෙන් දිස් නොවේ. කල යුත්තේ අපි සාසන ආලයෙන් මෙතුමන්ලා ප්‍රතික්ෂේප කර රටත් ජාතියත් සසුනත් බේරාගෙන අපිත් ගැලවීම පමණි.

දේශපාලන වශයෙන් බෞද්ධයාගේ හිස පොඩිකර දැමීමට අඩිතාලම වශයෙන් බුදුසමයට එරෙහි බලවේග මේ මොනවා කලත් , උතුම් සංඝ රත්නයට දේශපාලන තහංචි දැමීමේ උත්සාහය මුළු රටම එකාවන්ව එක්වී පරාජය කල යුතුය.  නැතිනම් අපගේ සදාද
ණීය ජාතික විරුවා, අති පූජණීය සෝම හිමිපානන් අතට පත් සිය නිවන රට දැය සමය වෙනුවෙන් පසෙක ලා දිවි පිදීමේ කිසිදු අරුතක් නැති වනු ඇත. 2601 සම්බුද්ධත්ව ජයන්තියම මේ පින්බිම තුල සසුන අපවත් කර දමන වර්ෂය බවට පත්වනු ඇත. බුදු දහමේ අමා සිසිල වෙනුවට මිසදිටු ආගම්වල පාපතර කෲරඉගැන්වීම්වල දාහයෙන් සිංහල බෞද්ධයා හා රටම දේශපාලන වශයෙන් දැවී අළු වී යනු ඇත.