විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
මැතිවරණ තුරුම්පුවක් ලෙස, සෝම හිමි ඝාතන කුමන්ත්‍රණය සොයාබලන බව අසරණ බෞද්ධයාට පොරොන්දු වූ රජය එම පොරොන්දුව දැන්වත් ඉටු කල යුතුයි. එසේ නොකලහොත් එම බලාපොරොත්තුව මත රජයට හෙළයන් ලබාදුන් සියළු ඡන්ද, රජය විසින් සොරකම් කල ඡන්ද බවට පත්වේ. පූජණීය මහා සංඝරත්නය ලංසුවට තබා කල සොරකමක් මහා සාවද්‍ය ඝනයට වැටෙන පාප කර්මයකි. ප්‍රතිඵල අති බිහිසුණු විය හැක.
වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අති පූජණීය සෝම හිමිපාණන් ජාතික වීරයෙක් ලෙස වහාම නම් කල යුතුයි. අන්‍යාගම්කරණය වැළැක්වීමේ පනත වහාම සම්මත කර හෙළ බුදු සසුනට එරෙහි නින්දිත ප්‍රහාර වලින් ජාතියට හා ආගමට ආරක්ෂාව සලසා දිය යුතුයි.