Political Huntings - තම්බි, කොටි, කුඩු රට ගිලින විට කරළියේ ඇති නොමනා දේශපාලන දඩයම්

එජාපය අද දේශපාලන දඩයමක්‌ අරඹලා
මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන 


ලසිත දුමින්ද - අනුර බාලසූරිය

ජනතාවට ලබාදුන් දින සියයේ පොරොන්දුව පිටුපස තබාගෙන දේශපාලන දඩයමක වත්මන් ආණ්‌ඩුව නිරතව සිටින බව මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ සමයේදී ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ජනතාවට ලබාදුන් පොරොන්දු සුන්නද්දූලි වෙලා යෑයි ද දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25 වැනිදා) කොළඹ පිහිටි බස්‌නාහිර පළාත් සංස්‌කෘතික නිකේතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.නුගේගොඩ 18 දා පැවති රැලිය දේශපාලන වෙනසකට මුල පිරූ ආරම්භයක්‌. එම රැස්‌වීම නතර කරන්න බොහෝ අය වෙහෙසුණා. නියෝග කළා. නිවේදන නිකුත් කළා. බලපෑම් කළා. ඒ කිසිවකුටත් යටත් නොවූ දේශපාලන නියෝජිතයන් මෙන්ම මහා ජනගංගාවක්‌ එක්‌වුණා. වත්මන් රජය දින සියයේ කාලසටහනේ පිටුපස ඉන්නේ. ඒ ගැන පසුගියදා පාර්ලිමේන්තුවෙත් පෙන්වා දුන්නා. දින සියය ජනතාව රැවටූ ක්‍රියාවලියක්‌. ඒ සඳහා වත්මන් ආණ්‌ඩුව තුළ ඇති වූ තිබෙන දේශපාලන ප්‍රතිවිරෝධයත්ද හේතුවී තිබෙනවා. එජාපය අද දේශපාලන දඩයමක්‌ ආරම්භ කර තිබෙනවා. යහපාලන ආණ්‌ඩුව රාජ්‍ය සේවයේ යහපාලනය උල්ලංඝණය කරලා. රාජ්‍ය යාන්ත්‍රණයේ බුද්ධිමතුන්ට, උගතුන්ට අපහාසයක්‌ වෙලා. කිසිදු වැඩපිළිවෙළක්‌, අවබෝධයක්‌ නැහැ. ඉපැරණි කරුණකට විමල් වීරවංශ හා එම මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා. තිස්‌ස අත්තනායක හිර කළා. ඇප දිය හැකි චෝදනාවලට ඇප නොදී හිරකරලා. 04-පිටුවට

එජාපය අද දේශපාලන

පොලිසිය පිටුපස දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වෙනවා. කැටගොඩ මන්ත්‍රීවරයාගේ නිවසට ආණ්‌ඩුවේ මැර පිරිස්‌ යොදවා තර්ජන කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යqහයට අනතුරු අඟවලා. ප්‍රොaඩාකාරී අයවැයෙන් ජනතාවට ලැබුණු දෙයක්‌ නැහැ. සහල් මිල වැඩි වෙලා. වත්මන් අගමැතිවරයා එදා පොළවල් ගානේ පත්‍රිකා බෙදුවා. අද එහෙම යන්න බැරි නම් වෙන කෙනෙක්‌ යවලා වෙළෙඳ පොළේ තත්ත්වය බලන්න. ජනතාවට සෙතක්‌ වූ සතොසේ අද තත්ත්වය කණගාටුදායකයි. රාජ්‍ය/සංස්‌ථා/පුද්ගලික ආදායම් තත්ත්වය බරපතල ලෙස පහත වැටිලා.

මහින්ද රාජපක්‍ෂ මහතා මාතෘභූමියේ හා රටේ ඒකීයත්වය වෙනුවෙන් කළ සේවය අමතක කරන්න බැහැ. අවුරුදු ගණනක්‌ තිස්‌සේ පැරදුණු රනිල්ට පුළුවන් නම් ඡන්ද ඉල්ලන්න ඇයි එක පාරක්‌ පැරදුණු මහින්දට ඉල්ලන්න බැරි? සන්ධානයට අවශ්‍ය නැහැ එජාපය සමග කරට අතදාගෙන යන්න. ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීම අනිවාර්යයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක - වාසුදේව නානායක්‌කාර මහතා - අද මාධ්‍යවල පළවන්නේ වංචා දූෂණවලට එරෙහිව ගත් පියවර නෙමෙයි. ඇප දිය හැකි චෝදනාවලට ඇප ලබා නොදෙමින් සිටිනවා. එක දූෂණ චෝදනාවක්‌වත් එළිදරව් කළාද? දූෂණ විරෝධී යෑයි කියා ගන්නා ආණ්‌ඩුව මේවා ගැන හෙළිදරව් කළ යුතුයි. අද රජයේ ප්‍රමුඛතාව තිබෙන්නේ ඇප දිය හැකි චෝදනාවලට එරෙහිව කටයුතු කරන්න පොලිසියට උපදෙස්‌ දෙන්නද? ජාතිවාදය අවුස්‌සනවා කියා රනිල් කියනවා. මේවා කියමින් දේශපාලන දඩයමක අද රජය නිරතව සිටිනවා. එජාප විරෝධී ජනතා බලය මට්‌ටු කරන්න සූදානම් වෙලා. රට තුළ යළිත් ත්‍රස්‌තවාදයක්‌ ඇති වෙනවාට අප කවුරුත් බයයි. අගමැතිගේ මොළේ තිබෙන ජාතිවාදයයි එළියට එන්නේ. මේ ඒකරාශීවීමට තර්ජනයක්‌ එල්ල වෙලා. බඩු මිල පාලනය කරන්න රජයට වැඩපිළිවෙළක්‌ නැහැ. වෙළෙඳ පොළේ පාලන මිලක්‌ නැහැ. මේ තිබෙන්නේ වෙළෙඳපොළ හිතවාදී රජයක්‌. වී මිලදී ගැනීම ප්‍රොaඩාවක්‌. අද ගොවීන් කියන්නේ තිබූ ගානට හරි ගන්න කියලයි. ගංවතුරින් හානි වූ ගොවීන්ට රුපියල් විසිදහසක්‌ දෙනවා කිව්වා. ආණ්‌ඩුවේ මේ ප්‍රයෝග ගැන ජනතාව තේරුම් අරන් තිබෙනවා.

පසුගියදා කටුනායක තිබූ ශ්‍රීලනිප වැඩමුළුවේ ප්‍රධානත්වය ගත්තේ එජාප න්‍යායචාර් ශිරාල් ලක්‌තිලකයි. මේවා කලින් වූ දේවල්ද? ජාතික ආණ්‌ඩු සංකල්පය එජාපයේ ගුණ්‌ඩුවක්‌. ජනතාව වෙනුවෙන් කියා ජාතික ආණ්‌ඩු හදන්නේ එයාලගේ වැඩපිළිවෙළ ගෙනියන්නයි. අද ජනතාවට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජාතික ආණ්‌ඩුවකට වඩා ජනතාවාදී ආණ්‌ඩුවක්‌.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා - ප්‍රධාන විපක්‍ෂය දුර්වල කරන්න ජාතික ආණ්‌ඩු බිහි කරන්න යනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්‌. ජාතිවාදය යෑයි කියමින් ජනතාව රවටනවා. ජාතික ආණ්‌ඩු හරහා සන්ධානය එජාපය තුළ හිරකරගෙන ෙ-වීපීය මේ රටේ ප්‍රධාන විපක්‍ෂය කරන්නයි සූදානම් වෙන්නේ. වත්මන් රජයට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි උපන් දින වෙනස්‌ වීම, ගමන් බලපත්‍ර. රටේ ලොකුම ප්‍රශ්නය ඒකයි. කර්තෘවරුන්ට තර්ජනය කරනවා. රටේ අගමැතිවරයා වුණත් ඔවුන්ව කැඳවන්න බැහැ. ආරාධනා විතරයි කරන්න පුළුවන්. වැරදි කළා නම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. තමුන් කළ වැරදි වසා ගන්න මාධ්‍යයට තර්ජන කරන්න එපා. යහපාලන රජය යටතේ දේශපාලනඥයන් පමණක්‌ නොව මාධ්‍යයටත් අද තර්ජන එල්ල වෙලා. තිබෙන්නේ රාජ්‍ය ත්‍රස්‌තවාදයක්‌. මේ තර්ජන කරන්නේ රටේ දෙවැනි පුරවැසියායි. ජනවාරි 9 වැනිදා සිට මේ දක්‌වා බෙදුම්වාදයට එරෙහිව කිසිදු පියවරක්‌ ගෙන නැහැ.

ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක - මොහොමඩ් මුසම්මිල් මහතා - දින 50 ට සහල් කිලෝවක්‌ රුපියල් සියයයි. දින 50 ට තේ දළු, රබර් මිල බැහැලා. රජයේ යහපාලනයට ලොකු බාධාව ශෂී වීරවංශගේ උපන් දිනයයි. 18 දා තිබූ රැලිය නිසයි දැන් ජාතික ආණ්‌ඩු ගැන කතා කරන්නේ. ප්‍රගතශීලී ආණ්‌ඩුවක්‌ බිහිවීම වැළැක්‌වීමටයි ජාතික ආණ්‌ඩු සංකල්පය එන්නේ. මේ දින 100 ත් ජාතික ආණ්‌ඩුවක්‌ වගේ තමයි. එජාපය තම බලය කපටි ලෙස තහවුරු කරනවා.


http://www.divaina.com/2015/02/26/news03.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.