Is this another Conspiracy :දි. මූ. හා අස්ගිරි සසුන වැනසීමේ කුමන්ත්‍රණයකද?


 ඉඳ හිට බියකරු අත්වැරදි, අඩුපාඩු පෙන්වුවද, වර්ථමාන රජය නිදහසින් පසු ලක් මවට ලැබුණු අගනාම ජාති මාමක ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් බව අපගේ පිළිගැනීමයි. මින් පෙර සියළු ආණ්ඩු සුළු ජාතීන්ගේ ජාතිවාදයට බිය වී මහ ජාතිය පාවා දෙන ලදි. වසර 30 පුරා යුද්ධයට පැලැස්තර ගසමින් සිටියේය. බුදු සමය රකිනු වෙනුවට, සියළු සුළු ජාතීන්ට, කල්ල තෝනීන්ට බුදු සමය, හෙළ ජාතිය පමණක් නොව  රටත් කාබාසීනියා කරදැමීමට සියළු යටිතල පහසුකම් සපයා දෙන ලදි. සුළු ජාතීන්ට ඔවුන්ටම ආවේනික නින්දිත සමාජ බිහි කර ගනිමින් ජාතිකත්වය රහිත, වෙන්වූ සමාජ කණ්ඩායම් ලෙස රට තුල පැළපදියම් වීමට ඒවා සියල්ල උපකාරී විය.


අවාසනාවකට, රජය නම් ශරීරයේ ඉන්නන්, ගෙඩි, දද, පිළිකා, තුවාල මතු වන්නා සේ නොයෙකුත් පවිටු පාපකාරී පුද්ගලයන් නුසුදුසු බලසම්පන්න ස්ථාන වලට පත්වෙමින් එය දිගු කාලීනව රෝගී කර වනසාදැමීමට දායක වෙමින් සිටී. නම් වශයෙන් සඳහන් නොකලද, කාටත් ප්‍රසිද්ධ රහස් වන මෙවන් පුද්ගලයන් අතර, අපගේ දි. මූ. අගමැති තුමා මුරගල අපිට අනුව නම් අතිශය බියකරු අවදානමයි. ඒ පහත කරුණු නිසයි


1.අගමැති කම. රජයේ ජනපතිට පසු ඉහලම පුටුවයි
2. අගමැති තුමා ඉලක්ක කරන්නේ මේ අති උතුම් ධර්ම ද්වීපයේ වටිනාම උරුමය වන බුදු සමයයි.
3. අන් පවිටු පාපකාරී පුද්ගලයන් කරන හානිය තමාටත් තමා වටා සිටින හා ගොදුරු බවට පත්වන යම් පුද්ගලයන් සංඛ්‍යාවකටත් සීමා වේ.
4. අගමැති තුමා තමන් විසින් වැනසීමෙන් මෙහා සන්තර්පණය නොවන බුදු සමය තුලින් හානි කරන්නේ මේ රටේ සියළු ජනතාවට පමණක් නොවේ. සමස්ථ ලෝකයේම බුදු සමය තුළින් අනාගතයේදී පවා ප්‍රථිඵල ලැබීමට සිටින සියළු ජීවීන්ටයි.
5.මුසල්මානුවන් සමග කුඩා කල වැලි කෙළියේ යෙදුනු බව උජාරුවෙන් වහසි බස් දොඩන අගමැති තුමා, උන් වෙනුවෙන් ඕනෑම  පාවා දීමක් කිරීමට සූදානම් බවද සපථ කරඇත.


දි. මූ. ජයරත්න මැතිතුමා 2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉලක්ක කොට බුදු සමය වැනසීමේ සිය අවිචාරවත් පෙර උපාය මාර්ගය දැඩි ජනතා විරෝධය හමුවේ හකුලා ගත්තේ බෞද්ධ ජනතාවගෙන් සමාව අයදීමකින් පසු හෝ නොවේ. එය සිංහල බෞද්ධ අපිට මහත්ම දුකටද, බිය වීමටද සුදුසු කාරණයකි.


මෙම ප්‍රශ්ණ හමුවේ පූජ්‍ය හිමිපාණන්ගේ මැදිහත් වීම අපි කිසිසේත් වැරදි ආකාර වලින් බාර ගත යුතු නොවේ. භික්ෂූන් වහන්සේලාට පරිභව කිරීම අපි තරයේම ප්‍රතික්ශේප කරන්නෙමු. එසේ නොකලද, පුද සත්කාර වලට නියම සුදුසුකම් සහිත උන් වහන්සේලා තෝරා බේරා ගැනීම පිණිස  බුදු පියාණන් විසින් අපට සපයා ඇති මං සළකුණු  ඔස්සේ ගොස් උපාසක උපාසිකා රත්නයන් වශයෙන් අපගේත්, බුදු සසුනෙත්, උතුම් සඟ රුවනේත් ආරක්ෂාව සලසා ගැනීමට තරම් අපි ප්‍රවේශම් විය යුතුය.


සිවුරු තුල මුවා වෙමින් තමාටත් සසුනටත් අති විශාල ලෙස හානි කරන, කුමන තරාතිරමක වුවද භික්ෂූන් වහන්සේලා, සැදැහැවත් සිංහල බෞද්ධ අපි විසින් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම කිසිම පාපයක් නොවේ. සර්වාගම් ප්‍රහාරය තුලින් සිය පවිටු අරමුණු ලොවට හෙළිකල බෙල්ලන්විල විමලරතන හිමි එවන් එක් අයෙකි. මේ ගොඩටම එක්වන අළුතම මුහුණක් දැන් කරළියට එක් වෙමින් සිටී. රට දැය සමය යන සියල්ලේ අන්තිම අවාසනාව සනිටුහන් කරමින් එසේ කුමණ්ත්‍රණයට එක් වන්නේ අන් කවරෙකුවත් නොව, අසිගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් වහන්සේය.


අපව සංවේගයෙන් සංවේගයට පත්කල එම අවාසනාවන්ත ප්‍රවෘතිය මෙසේයි.

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=5578:2011-06-28-06-08-03&catid=1:2010-11-08-15-13-52&Itemid=50


නිවන් පරම ලාභයක් සේ සලකන, පිරිසිඳු බෞද්ධයෝ. සිය ඉලක්කය කරා යොමු වීම ආරම්භ කරන්නේ අනුස්සති භාවනා තුලිනි. බුදුන් වහන්සේගෙ බාහිර අභ්‍යන්තර ගුණ ඉලක්ක කොට කරන මේ භාවනා දවස පුරාම වුවද කිරීමට අප්‍රමාද බෞද්ධයෝ වෙහෙස වෙති. ඒ සිය එදිනෙදා ජීවිතයද ගත කරන ගමන්මය. මෙයිනුත් බුදු පියාණන් වහන්සේගෙ අනන්ත වූ අසම සම වූ ශරීර ලක්ෂණ මෙනෙහි කරමින් කරන බුද්ධානුස්සති භාවනාව  ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන්නක් බව ඔප්පු වී ඇත. අනන්ත වූ අසම සම ලෙස සුන්දර වූ උන් වහන්සේගේ ශරීර ලක්ෂණ  මිහිපිට පහල වූ කිසිවෙකුටත් සිතින් සිතා ගැනීමටවත් නොහැක. හෙළ කලා කරුවා මෙයට කදිම විසඳුමක් අපට සපයා දෙන ලදි. එනම් අපගේ නෙත ගැටෙන මේ අති මනස්කාන්ත බුදු පිළිමයි. ඇස ගැටෙන යම්තාක් අරමුණු අතරින් ඉහලම හා අති ශ්‍රේෂඨම  කුසළ ආරම්මණයද බුදු රුවම පමණි. එසේ වීමට හේතුව අභ්‍යවකාශ විද්‍යාව මෙන් තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. ඔබම සිතා බලන්න. අති රමණීය බුදු පිළිමයක් ඔබ නෙත ගැටෙන විට, අපිව සසර පුරා වනසා දැමීම කරන ලෝභ,ද්වේෂ, මෝහ යන කෙළෙස් මූල වලින් එකක් හෝ ඔබට ඉපදෙනවාද? කිසි සේත් නැහැ නේද? හේතුව එයයි. එබැවින් හන්දියක් හන්දියක් ගානේ පමණක් නොව, හැකි නම් මග දිගට ගව්වෙන් ගව්ව හෝ අඩියෙන් අඩිය වුවද බුදු පිළිම පිහිටවිය හැකි නම් එය මෙම ගෞතම බෞද්ධ රාජ්‍යයටම ඔබින අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.


ආනන්ද හිමියන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස, බුදු පි‍යාණන් විසින් පූජනීය වස්තූන් තුන් වර්ගයක් දේශනා කලහ.
1. ශාරීරික චෛත්‍ය - සර්වඥ ධාතූන් වහන්සේලා
2. පාරිභෝගික චෛත්‍ය -තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කර (පිට දී) බුදු වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා එහි ඵල වලින් ශාඛා වලින් හටගත් සියළු බෝධීන් වහන්සේලා
3. උද්දේශික චෛත්‍ය - බුදුන් වහන්සේට ආදර ගෞරවය පිණිස ඉදි කරන බුදු පිළිම. රූප ඇතුළු ඕනෑම දෙයක්.
මෙම ඕනෑම චෛත්‍යයක් තුන් සිත පහදවා ගෙන වන්දනා කිරීම ජීවමාන බුදුපියාණන් වන්දනා කිරීම හා සමානම කුසළ කර්මයන් බව බුද්ධ දේශනයයි. නොයෙක් මිසදිටුවන් විසින් පිළිම වන්දනාව, වෘක්ෂ වන්දනාව ආදී වශයෙන් ලඝු කොට දැක්වීමට ඉලක්ක වීම වැලැක්වීමටත්, බුදු පිළිම වල වැදගත් කම පෙන්වා දීමටත් මෙය ඇතුලත් කලෙමු. මෙම චෛත්‍ය තුනම ගැන විස්තර සොයා ගන්නා ලද්දේ පරම පූජනීය රේරුකානේ මාහිමි සම්පාදිත "බෝධි පූජාව" නම් පොත් වහන්සේගෙනි.


ත්‍රිපිටකය යන වචනයේ තේරුම තබා සාමාන්‍ය බෞද්ධ ජීවන ක්‍රමය වත් හරියකට අවබෝධ කරගත් අයෙක් නම්, කිසි විටෙකත් මේ සුන්දර ධර්ම ද්වීපයේ අනන්‍යතාවය සටහන් කරන,  අප්‍රමාද බෞද්ධයාගේ නිවනට උපකාරී වන බුදු පිළිම වහන්සේලා වැඩි කිරීමට මිස ගොඩ නැගීම වැළැක්වීමට අරුම පුදුම, පවිටු පාපකාරී අති නින්දිත ඉල්ලීමක් නොකරනු ඇත. අගමැති මූලික සර්වාගම් කසළ සංගමය තවමත් ක්‍රියාත්මක බව අපි දනිමු. එබැවින් එහි වසළ සමාජිකත්වයේ යෝජනා, අගමැති තුමාගේ කුමණ්ත්‍රණයක් ලෙස අස්ගිරි මහනායක හරහා එළිදැක්කාදැයි යන්න ඕනෑම අයෙකුට ඇතිවිය හැකි සාධාරණ සැකයකි.


අපගේ තේරුම් ගැනීම අනුව නම් මෙම අනාගත බුදු පිළිම ගොඩ නැගීමට විරුද්ධ වීමේ පවිටු චේතනාව, දැනට ගොඩනගා ඇති බුදු පිළිමයක් විනාශ කිරීම තරම්ම දරුණු විපාක ගෙන දෙන පාප කර්මයකි. එය කුමක්දැයි ධර්මයේ පැහැදිළිව සඳහන් වේ. එය පහත නිරූපනයේ දෙවන තට්ටුවේ පිහිටි කාලසූත්‍රනම් නරකාදියයි. එහි එක් දිනයක් මනුෂ්‍ය වර්ෂ 360 ලක්ෂයකි. ආයුෂ එවන් වර්ෂ දාහකි. අහෝ තමාටම කරගන්නා විපතක මහත බලන්න.
 දහම් අඩවිය:

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න


මේ දැක්වෙන්නේ එම අපායේ නිරිසතුන් විඳින දුකයි.
දහම් අඩවිය: 

විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න


එම අපා දුක් පිළිබඳ අමතර දෙසුම් බලන්න.
දහම් අඩවිය: 



විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

එබැවින් මෙම අවාසනාවන්තයන් තෝරා බේරා ගෙන බුදු පියාණන් දෙසූ ලෙසම ඔවුන් ප්‍රතික්ශේප කරමින් ආරක්ෂා වීමට අපි කවුරුත් සිතට ගනිමු.

1 comment:

  1. අපි වහාම පෙළ ගැසිය යුත්තේ මේ නිසාය.මෙවන් කේවට්ට බමුණන් වාසි තකා ඕනෑම දෙයක් කිරීමට මැලි නොවෙති..

    ~රණමඬලේ හෙල විරුවෝ~

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.