Our War Heros - ප්‍රංශයේ රණවිරු උපහාරය

 ප්‍රංශයේ  ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය රට වෙනුවෙන් කරන සේවය සුළුපටු නොවේ.  එම ජාති මාමක සංවිධානයට අපගේ උපහාරය. මෙම උත්සවයට ශ්‍රී ලාංකික තානාපති දයාන් ජයතිලක නම් පාහර කැණහිල් බල්ලාගේ දායකත්වය ගැන කිසිම සඳහනක් නැති වීම ගැන අපි පුදුම නොවෙමු. මෙම ජාති මාමක සංවිධානයට අත හිත දීම කෙසේ වෙතත් හැකි නම් එය කොටින්ට පාවා දී විනාශ කිරීමට එම පාහරයා සියල්ල කරනු ඇත. මන්ද ප්‍රංශයේ මහා සංඝනායක උතුමන් වන පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමිපාණෝ එම මිසදිටු, හිරිකිත රාජ්‍යතාන්ත්‍රිකයාට වහ කදුරු මෙන් තිත්ත බව අපි දනිමු. රට ජාතියට හිත ඇති සියල්ලෝ වහාම එම නරි බල්ලාට එරෙහි පෙත්සමට අත්සන ලබා දෙන්න.

  දයාන් ජයතිලක ප්‍රංශයම ගඳ ගස්සවයි.   ලිපි කියවන්න

පෙත්සම




http://www.divaina.com/2012/05/07/news26.html



ප්‍රංශයේ පැවැත්වෙන මහා රණවිරු උපහාරය

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය ආරම්භකර හෙටට (8) අවුරුදු විස්‌සයි. 1980 අගභාගයේ අප හමුදාවන්ගේ පසුබෑමත්, විදේශයන්හි සිටින කොටි සෙවණැලි සිංහල ජනතාවට විවිධ අන්දමේ හිංසා කිරීමේ කාලයක්‌ විය. ඒ කොටි සෙවනැලි අපගේ සිංහල සහෘදයන් කිහිප පලක්‌ම ඝාතනය කෙරිණි. මේ සියලු කාරණා සලකා බලා 1992 වසරේදී "ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය නමින් අප සංවිධානයක්‌ ප්‍රංශ රජයේ ලියාපදිංචි කරන ලදී. මේ කාලය වන විට අප රණවිරුවන් දිරිගැන්වීමට පැවතුණු රජයත්, බහුතර සාමාන්‍ය ජනතාවත් අතර එතරම් පැහැදිලි අවබෝධයක්‌ නොතිබිණි. ජාතියේ වීර සෙන්පතියකු වූ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිදුන්ගේ ආශිර්වාදය සංවිධානය ආරම්භ කිරීමෙහිලා මහඟු අනුබලයක්‌ විය.

ඒ වන විට විදේශ රටක ඇති කිසිදු සංවිධානයක්‌ අප හමුදාවන් වෙත භෞතික සම්පත් ප්‍රදානය කර නොතිබිණි. කාහටත් මෙය අළුත් අත්දැකීමක්‌ වූ බැවින් බොහෝ දෙනාගේ ආශිර්වාදය සහ ආධාරය සංවිධානයට ලැබිණි.

අපගේ සංවිධානය ආරම්භක අරමුණෙහිම රැදෙමින් මෙතරම් සාර්ථකව අද දක්‌වා පවත්වාගෙන ඒමටත් මානුෂික මෙහෙයුමෙහිදී බොහෝ දේ කිරීමටත්, අපට ශක්‌තිය, ධෛර්යය ලැබුණේ විනිවිදභාවය, කැපවීම, අවංකභාවය සහ දැඩි අධිෂ්ඨානයත් නිසා බව ඉතා සතුටින් සඳහන් කරමු.

මේ කටයුතු සංවිධානය කිරීමේ තම පවුල, රැකියාව පවා අනතුරට වැටෙද්දී තම දරුවන්ගේ යුතුකම් අතපසු වෙද්දීත්, විරෝධතා, විවිධ බාධක, චරිත ඝාතන, මරණ තර්ජනයන් පවා එල්ල වෙද්දීත්, ඒ සියල්ල මැඩගෙන අපගේ මුඛ්‍ය අරමුණු සාක්‍ෂාත් කරගැනීමට දිවා රෑ වෙහෙසුනෙමු. අද අපි ජයග්‍රාහී සංවිධානයක්‌ ලෙස ඉතාමත් නිහතමානීව ආඩම්බර වන්නෙමු.

අපේ අති උදාර වීරෝදාර රණවිරුවන් 2009 මැයි මස 19 වැනි දින අමානුෂික කුරිරු ත්‍රස්‌තවාදය පරාජය කොට ශ්‍රී ලංකාව නිදහස්‌, නිවහල්, ඒකීය දේශයක්‌ බවට පත් කෙරිණි. ත්‍රස්‌තවාදය පරාජය කල යුතුය. පරාජය කල හැකිය යන්න විශ්වාස කල ඒ අනුව ක්‍රියා කල අතලොස්‌සක්‌ වූ පුද්ගලයන් හා සංවිධාන අතර අප සංවිධානයද වීම අපට මහත් අභිමානයක්‌ විය.

රණවිරුවන්ගේ ශුභ සාධනය වෙනුවෙන් අප ශක්‌ති ප්‍රමාණයෙන් උපකාර කරන්නට ආධාර කරමින්, ආශිර්වාද කරමින් අනුශාසනා කල ගෞරවණීය මාදුළුවාවේ සෝභිත, පරවාහැර චන්ද්‍රරතන, මුරුංගස්‌යායේ ඥණිස්‌සර, කෝ. ආනන්ද ස්‌වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන්ටත්, විශේෂයෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ට සහ මරිනෙත් පූහ (Marinette Poupa) මහත්මියටත් අපගේ අවංක ආදර ස්‌තුතිය හා මානුෂික මෙහෙයුමෙන් අපේ දේශයේ භෞමික අඛණ්‌ඩතාවය සහ ස්‌වෛරීබව අත්කරදුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ටත් අතිගරු ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම් තුමාටත් අප සංවිධානයේ ගෞරවනීය ස්‌තුතිය මෙසේ පළ කරමු.


මහේෂ් පීරිස්‌
සභාපති
ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.