Broken Trust - කන්දක් විළිලා කෙන්දක් වැදූ යහපාලන පුස්ස

ශෂී වීරවංශ, වෙළේ සුදා සහ තවත් කතා

මෙරට දේශපාලන වායුගෝලයේ නිර්මාණය වෙමින් තිබූ අවපීඩන තත්ත්වයක්‌ හේතුවෙන්a හටගත් කැළඹිලි ස්‌වභාවය හමුවේ මතුවූ "යහපාලන" සුළි කුණාටුව මේ වන විට කටින් පිඹින "චූස්‌" එකක්‌ බවට හැරී ඇතැයි රටේ දේශපාලන කාලගුණය දෙස බලන විට පෙනී යන්නකි.

කාලගුණයට අනුව සැබෑ සුළි සුළඟක්‌ සාමාන්‍ය අතට හැරීම යනු ස්‌වභාවිකය. නමුත් යහපාලන සුළි කුණාටුව මතු වෙද්දී රටේ ඇතැම් කොටස්‌ සිටියේ බලාපොරොත්තු රැසක්‌ ඇති කර ගනිමිනි. පැහැදිලිවම කිවහොත් යහපාලන කුණාටුව, සුළි කුණාටුවක්‌ බවට පත් වූයේද එකී මිනිස්‌ බලාපොරොත්තු තුළින්මය.

ඉකුත් ජනවාරි නව වැනිදාට එළි වෙද්දී දැන් ඉතින් දේශපාලන වේදිකා තුළ දිග හැරුණු දූෂණය පිළිබඳ කතා අහවර වනු ඇතැයි එකී මිනිසුන් සිතීය. දූෂිතයන් මහ උළු ගෙදර ළගිනු ඇතැයිද ඔවුහු කල්පනා කළහ. මිනිසුන් එසේ සිතුවේ නිකම්ම නොව, යහ පාලනයේ කොටස්‌කරුවන් වේදිකා මත නැගී කෑමොර දුන් දැවැන්ත වංචා, දූෂණ පිළිබඳ කතා නිසාය.

එසේම රට වනසන කුඩු ජාවාරම, එතනෝල් ආදියට වැට බැඳී යහපාලනය තුළ සමස්‌ත සමාජයට සැනසීම උදා වී සියල්ල යහපත් වේයෑයිද ඔවුන්ගේ අදහස වූවේය. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්‌ද?

යහපාලනය ඇතිවූ විගස ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රධාන ඇතැමුන් µයිල් මිටි ගණන් ගෙන අල්ලස්‌ හෝ දූෂණ කොමිසම වෙත යන්නට විය. ඒවා දුටු ජනතාව සිතුවේ වැඩේ අපූරුවට සිදු වෙමින් තිබෙන්නේ යෑයි කියාය. එහෙත් සිදු වූයේ එකී µයිල් මිටි අල්ලස්‌ කොමිසමේ අල්මාරි තුළ ගොඩ ගැසීම විය. ඒ අන්දමින් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය දෙදහස්‌ පන්සීයද ඉක්‌මවන බව එම කොමිසමේ ආරංචි මාර්ග තුළින් ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා කරනු ලැබිණි.

කෙසේ වෙතත් මේ අයුරින් පසුගිය රජයේ ඇතැමුන්ට සහ එම රජයට හිතවත්ව සිටි පුද්ගලයන්ට එරෙහි අල්ලස්‌ කොමිසම වෙත පැමිණිලි ගලා යද්දී වත්මන් ආණ්‌ඩුවේ ඇමැති තනතුරු දරණ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන් සම්බන්ධයෙන්ද අල්ලස්‌ කොමිසම වෙත පැමිණිලි කරන බවක්‌ ශ්‍රීලනිප කණ්‌ඩායම ප්‍රසිද්ධියේම කීහ. ඒ "ආණ්‌ඩුවට සහාය දෙන්නයි ගුටි කන්නයි දෙකක්‌ කළ නොහැකි"යෑයි සඳහනක්‌ද කරමිනි.

ශ්‍රීලනිපයේ හිටපු ඇමැතිවරුන්ගේ එම තීරණයත් සමග අල්ලස්‌ කොමිසමේ ගේට්‌ටු දෙකේ සරනේරුවලට ලැබුණේ අසීමිත නිදහසකි. මන්ද µයිල් මිටි ඒ වෙත ගලා ඒම හිටිහැටියේම අවම වූ බැවිනි.

අල්ලස්‌ කොමිසමේ කතාව එසේ වෙද්දී යහපාලනය සමඟ වැඩ වැඩි වූ තවත් කොටසක්‌ ද විය. ඒ ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී විමර්ශන සිදු කිරීමට සිටින රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීය ය. වත්මන් රජය බලයට ඒමත් සමග සීඅයිඩීය වෙත බරපතළම පැමිණිල්ල රැගෙන ගියේ පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වූ සහ මැදමුලන රාජපක්‍ෂ වලව්වේ "කඩේ ගිය කොල්ලා" යෑයි තමන් විසින්ම හඳුන්වාගත් මර්වින් සිල්වා මහතාය.

එහිදී මර්වින් සිල්වා මහතා රහස්‌ පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල වූයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ භාරත ලක්‍ෂමන් ඝාතනය සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බැවින් වහා පරීක්‍ෂණ ආරම්භ කළ යුතුය යන්නය.

හිටපු ඇමැතිවරයකු ලෙස මර්වින් සිල්වා එවන් පැමිණිල්ලක්‌ රහස්‌ පොලිසියට කරනු ලබන්නේ කුමක්‌ නිසාද යන්න සහ එකී පැමිණිල්ලේ හරය කුමක්‌දැයි රහස්‌ පොලිසියේ විමර්ශන මත හෙළි විය යුත්තකි. එහෙයින් ඒ පිළිබඳ බලා සිටිනු හැර අපි කිසිත් නොකියන්නෙමු.

නමුත් මහමඟ අතරමං වූ නාටු සුනඛයන් පාරේ යන කවුරුන් හෝ දුටු විට නගුට වනා හේ සිය ස්‌වාමියා කරගන්නට දඟලන වග අපි දැන සිටින්නෙමු. සැබවින්ම එය අනුකම්පා කළ යුතු තත්ත්වයකි. (සැ.යු.)

මර්වින් සිල්වා මහතාගේ එකී පැමිණිල්ලත් සමග අපේ මාධ්‍යවේදී (අපේ කීවේ ඔහු මාධ්‍ය කුලකයේ අයකු බැවිනි) ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා යළි පැමිණෙන තුරු ඔහුගේ බිරිඳ බලා සිටියාය. අපේ කුලකයේ අනෙකා වූ ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යහපාලනය, සාධාරණය ඉටු කරන තෙක්‌ අපි බලා සිටියෙමු. එහෙත් සිදු වූ දෙයක්‌ නම් නොවීය.

යථාර්ථය වටහාගන්නා බුද්ධිමත් ජනතාවක්‌ රට තුළසිටියදී, දේශපාලනය "ඊස්‌ට්‌මන් වර්ණ" වී ඇති වත්මන් යුගයේ අලුත් ආණ්‌ඩුව මේ අන්දමින් යහපාලනය සමඟ දැන් රටට පෙන්වමින් සිටිනුයේ යල්පැනගිය "කළු සුදු" බයිස්‌කෝප් එකකි. කිසිදු හරයක්‌ නැති එය රට ඉදිරියේ තිරගත වෙමින් තිබෙන්නේ ළදරුවන්ට වඩාත් සුදුසුයි යන ලේබලය යටතේ වේ.

මේ අයුරින් සිදු වූ මර්වින් සිල්වාගේ සීඅයිඩී පැමිණිල්ලේ කතාව අතරවාරයේ යහපාලනය සමඟ එතුළින් මතුවූ හෙවත් අහිංසක සීඅයිඩීය "මුරුංගා අත්තට" නැග්ගවූ තවත් කතාවක්‌ද තිබිණි. ඒ වෙළේ සුදාගේ කතාවය. පැහැදිලිවම කීවොත් වෙළේ සුදා යනු දැනට කාලයක සිටම මේ බිම මත් කුඩුවලින් පෝෂිත කළා වූ අංක එකේ කුඩු රජාය. මෙරට සිටින කුඩු ජාවාරම්කරුවන් අතරින් මුද්‍රණය කළ "ටේ්‍රඩ් මාර්ක්‌" එකක්‌ හෙවත් වෙළඳ ලකුණක්‌ සහිත කුඩු පැකට්‌ටුවක්‌ මත්කුඩු වෙළඳ පොළට යෑවූ එකම ජාවාරම්කරුවාද වෙළේ සුදා විය.

ගෙවී ගිය මාස දෙකක පමණ අතීතයේ ජාත්‍යන්තරය ඇතුළු සියලු පාර්ශ්ව එක්‌ව යහපාලන පැටියා බිහි කරන්නට විළි රුදාවෙන් දඟලද්දී වත්මන් ආණ්‌ඩුවේ ප්‍රබල චරිත දේශපාලන වේදිකා දෙවනත් කරමින් ජනතාවට ලබා දුන් එක්‌ ප්‍රධාන පොරොන්දුවක්‌ තිබිණි. ඒ යහපාලනය තුළ සියල්ල නිවැරදි කරන්නාක්‌ මෙන්ම රට වනසන කුඩු ජාවාරමට ස්‌ථිර වශයෙන්ම තිත තබන්නේ යෑයි යන්නය.

මෙකී දේශපාලන පොරොන්දුව හමුවේ වෙළේ සුදා වැන්නකු අලුත් ආණ්‌ඩුවට කොටු වෙද්දී රටේ ජනතාව සිතුවේ ඉතින් සියල්ල අහවර වනු ඇතැයි ලෙසිනි. (වෙළේ සුදා කොටු වීම යනු වෙනම කතා කළ යුතු මෙතෙක්‌ කරළියට නොපැමිණි අපූරු කතාවකි. එහෙයින් අපි එය පසුව සටහන් කරන්නෙමු)

එහෙත් සිදු වූයේ වෙනකකි. පාකිස්‌ථානයේදී කුඩු ජාවාරම්කරුවන් අතර සිදුවූ පාවා දීමකින් කොටු වූ වෙළේ සුදා මෙරටට රැගෙන ආවේය. එසේ රැගෙන ආ සැණින් වැඩේ නිවැරදිව කිරීමට නම් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දිය යුතුව තිබූ වෙළේ සුදා සීඅයිඩීයට භාර කෙරිණි. එතැන් පටන් හතරවැනි තට්‌ටුවට නැග්ග මේ කුඩු රජා අරයා මෙයා ලෙසින් බොහෝ දේ වමාරන්නට විය. නමුත් ජනතාව බලාපොරොත්තු වූ අවශ්‍ය දේ එහි නොවීය.

ඒකා වැමෑරූ දේ දොaතට ගත් සීඅයිඩීය මෙන්න සුදා දුන්න අලුත්ම බඩු කියමින් කිසිදු වැඩකට නැති වසුරු ගොඩක්‌ ගෙන රටට පෙන්වන්නට වූවේය. එකී වසුරු අතර හිටපු පොලිස්‌පතිලාගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කුණුද තිබිණි.

හිටපු පොලිස්‌පතිවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරින් කිහිප දෙනකුම වෙළේ සුදා සමග සබඳතා පවත්වා ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වූ බව වරෙක කී සීඅයිඩීය තවත් විටෙක කොළඹ තරුණ මන්ත්‍රි කෙනකු හා සුදා අතර Rජු සම්බන්ධයක්‌ තිබී ඇතැයි කීවේය. එසේම කැබිනට්‌ ඇමැතිවරයකු සමගද සුදා සබඳතා පවත්වා තිබෙන බවද කීය. එහෙත් ඒ කවුරුන්දැයි යන්න හෙළි කිරීමට පොලිසිය මැලි විය. කොළඹ තරුණ මන්ත්‍රීවරයා අහවලා යෑයි පොලිසිය කීවේද දින ගණනාවක්‌ ගත වීමෙන් පසුවය.

නමුත් අදටත් සුදා සමග සබඳතා පැවැත්වූ පොලිස්‌පතිවරයා කවරෙක්‌ද යන්න රටම නොදන්නා කරුණකි. හේ කවරෙක්‌ද යන්න පැහැදිලිව කීමට පොලිසියට යුතුකමක්‌ තිබිණි. මන්ද මෑත යුගයේ පොලිසියේ මහ පුටුවට පැමිණි නිලධාරීන් අතරින් වෙළේ සුදා සමඟ සම්බන්ධ වූයේ කවරෙක්‌ද යන්න පැහැදිලිව කීමට පොලිසිය කටයුතු නොකිරීමෙන් ඇතැමෙකුට සමාජය ඉදිරියේ නිකරුණේ මඩ නෑමට සිදුවන නිසාය.

එහෙත් අඩුම තරමේ වෙළේ සුදා විමර්ශනයේදී සීඅයිඩීය ඒ ටිකවත් නොකළේය. කළ එකම දේ වූයේ "මල් බුලත් තටුව" අසළට ගිය කට්‌ටඬියාගේ භූමිකාවට පණ දුන් සීඅයිඩීය වෙළේ සුදා, වෙළේ සුදා, වෙළේ සුදා ලෙසින් රටට ඇහෙන්නට මාධ්‍ය ඔස්‌සේ දහස්‌ වරක්‌ මතුරා ජප කළ නූල සුදාගේ කරට දමා එස්‌ටීඑµa ආරක්‍ෂාවක්‌ද සමඟ ඒකා අධිකරණය වෙත දක්‌කාගෙන යැම විය.

සුදාව එසේ අධිකරණය වෙත රැගෙන යැමේදී ජනතාව කට ඇරගෙන බලා සිටියේ වෙන කරන්නට දෙයක්‌ නොවූ බැවිනි. එහෙත් අවසානයට සිදු වූයේ එසේ බලා සිටි ජනතාවට පොලිසිය විසින් අප කුඩා කළ හෝඩි පොතෙන් දැන හඳුනාගත් "වෙළේ සුදා" හෙවත් කොකා පෙන්වීමය. ඉන් එහා සිදුවූ දෙයක්‌ නැත. යමක්‌ සිදු වන බවක්‌ පෙනෙන්නටද නැත.

වෙළේ සුදා සීඅයිඩීයට භාර දී දැන් හතළිස්‌ අටවන දිනයද ගෙවී ගොස්‌ අවසන්ව ඇත. එහෙත් මේ කුඩු රජා මෙරටට පොම්ප කළ දහස්‌ ගණන් වූ කුඩු තොග අතරින් එක්‌ කඳුළක්‌ පිළිබඳ තොරතුරක්‌ සහ ඔහුගේ මත් කුඩු ජාවාරමේ ජාලය පිළිබඳ කිසිත් සීඅයිඩීය සොයා ගත්තේ දැයි යන්න ගැටලුවක්‌ බවට පත්ව තිබෙන්නේය.

මේ අන්දමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්‌නැළිගොඩගේ අතුරුදන් වීමේ සිට වත්මන් යහපාලනය පැමිණීමත් සමඟ රහස්‌ පොලිසිය භාරයට ලැබුණු, රටට හා ජනතාවට ඉතාම වැදගත් විමර්ශන ගණනාවක්‌ තිබියදී පසුගිය දා එක්‌ විමර්ශනයක්‌ නම් සීඅයිඩීය කඩිමුඩියේම සිදු කරනු ලැබීය.

ඒ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වූ ශෂී වීරවංශ මහත්මිය උපන් දින වෙනස්‌ කරමින් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්‌ සහ ජාතික හැඳුනුම්පතක්‌ සකස්‌ කර ඇතැයි යනුවෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කරමින් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමය.

ශෂී වීරවංශ මහත්මිය එවන් වරදක්‌ කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයකට පැමිණවීම පිළිබඳ අපට ගැටලුවක්‌ නැත. එහෙත් යහපාලනය තුළින් ජනතාව බලාපොරොත්තු වූ බොහෝ වැදගත් දේ විසඳීමේ වගකීම සීඅයිඩීයට පැවරී තිබියදී ශෂී වීරවංශගේ පාස්‌පොර්ට්‌ එක ගෙන ඔන්න අපි කොරා යෑයි කියමින් කළ රංගනය දෙස නම් ජනතාව බලා සිටියේ පිළිකුලෙන් බව කිව යුතුව ඇත.

ජනතාව එසේ පිළිකුලෙන් බලා සිටියේ රටේ නීතිය පිළිබඳ ඇති වූ ගැටලුවක්‌ නිසා නොව, කන පිඟානේ බත්, මාලු පිනි ඇති පදම් තිබියදී පොලිසිය හොද්දට දැමූ රම්ප, කරපිංචා ඇහිඳන් කෑම නිසා විය. කෙසේ වෙතත් සීඅයිඩීය සිදු කළ පරීක්‍ෂණයට අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ශෂී වීරවංශ මහත්මිය දැන් ඇප මත නිදහස්‌වී සිටින්නීය. එහෙයින් අපි ඒ කතාව එතකින් නවතන්නෙමු.

නමුත් මේ කතාවේ ආරම්භයේ සිට අප සීඅයිඩීයේ දොස්‌ පෙන්වා දුන්නද සෑබෑවට දොස ඇත්තේ එතැනද? ඊට ඇති පැහැදිලිම පිළිතුර වන්නේ නැත යන්නය. මන්ද හැමදාමත් මේ රටේ දේශපාලනය වූයේ පොලිසියට ඉහළින් නිසා වන බැවිනි. ඒ හමුවේ දැනුද පොලිසිය අසරණය.

ඊට ඇති කදිම උදාහරණය වූයේ ඉකුත් සතියේ වත්මන් යහපාලන ආණ්‌ඩුවේ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාත්, පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතාත් අප ඉහත කතා කළ සහ අද දවසේ ජනතාවටද ප්‍රශ්නයක්‌ වී තිබෙන "යහපාලනය" පිළිබඳ රටේ මාධ්‍ය ඉදිරියේ කළ අදහස්‌ දැක්‌වීමය.

රාජිත සේනාරත්න මහතා එය සිදු කළේ ඉකුත් කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී විය. එහිදී සිදු වූයේ කුමක්‌ද? වර්තමානයේ යහපාලනය තුළ සිදු විය යුතු එහෙත් සිදු නොවන දේ පිළිබඳ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කරන්නට වූහ. එකී ප්‍රශ්න කිරීම් ඉදිරියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ පිළිතුරු වූයේ "මාත් අහන්නේ ඒකමයි, මමත් ඔය පිළිබඳ ප්‍රශ්න කළා, වත්මන් රජයේත් ඩීල් කාරයන් සිටිනවා.." ආදී ලෙසින් වූ කිසිවකුටත් කිසිදු වැදගම්මකට නැති කතා විය.

ඇමැති රාජිත සේනාරත්නගේ කතාව එසේ වෙද්දී ජෝන් අමරතුංග ඇමැතිවරයා සිය යහපාලන ප්‍රශ්නාර්ථය මාධ්‍ය ඉදිරියට ගෙන ගියේ ඉකුත් සතියේ සිදුවූ පොලිසියේ නව මුදල් විශූද්ධිකරණ ඒකකය විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි. එහිදී හෙතෙම කළේ "අරකට මොකද වුණේ. මේකට මොකද කළේ, ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධියට මොකද වුණේ.." ආදී ලෙසින් දැනට සීඅයිඩීය භාරයේ තිබෙන පරීක්‍ෂණ කිහිපයක්‌ පිළිබඳ මාධ්‍යවේදීන් ඉදිරියේ තබාගෙන පොලිස්‌පතිවරයා ඇතුළු නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමය.

සැබවින්ම මෙහිදී ජෝන් අමරතුංග මහතාද සටහන් පොතක්‌ රැගෙන විත් මාධ්‍යවේදීන් අතර සිට එකී ප්‍රශ්න කිරීම් සිදු කළේ නම් ඉතා අගනේය. නමුත් සිදු වූයේ අනෙකකි. හේ එකී ප්‍රශ්න කිරීම සිදු කරනු ලැබුවේ නිලධාරින් අතරම සිටිමිනි. එහෙත් වත්මන් රජයේ ඇමැතිවරුන් සිටිනුයේ මාධ්‍යවේදියකු ප්‍රශ්නයක්‌ ඇසූ විට මෙසේ එලොවටත් නැති මොලොවටත් නැති උත්තර දෙන්නට හා ප්‍රසිද්ධියේ නිලධාරින්ගෙන් ප්‍රශ්න ඇසීමටදැයි යන්න කල්පනා කිරීමේදී අපට මතු වන්නේ ගැටලුවකි.

මේවා දකිද්දී වත්මන් ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ට වහා මස්‌තිස්‌ක බද්ධ කිරීමේ සැත්කම් කළ යුතු යෑයි ජනතාවට සිතුනොත් එහිද දොසක්‌ නැත.

මන්ද වත්මන් යහපාලනය තුළ රට මෙහෙයවීමේ පැහැදිලි යාන්ත්‍රණයක්‌ නොමැති වග එමගින් ගම්‍ය වන නිසාය. එසේ යාන්ත්‍රණයක්‌ නොමැති වූ කල සියල්ල බිඳ වැටෙන්නේය. එහිදී රජයේ නිලධාරින්ට සිදු වන්නේ "දෙන දෙයක්‌ කා වෙන දෙයක්‌ බලාගෙන සිටීමේ" න්‍යාය වෙත ගමන් කිරීමටය. අද සිය වගකීම් හමුවේ සීඅයිඩියට සිදුව ඇත්තේ ඒ ටිකය. ආණ්‌ඩුවේ කොටසක්‌ නිල් පාටය. අනෙක්‌ කොටස කොළ පාටය. කොළපාට අය කොළ පාට දේ කරන්නේය. නිල් පාට අය කරන්නේ නිල් පාට වැඩ ටික වන්නේය.

ඉතින් නිලුයි, කොළයි පාට දෙකේම වැඩ කිරීමට ගොස්‌ පොලිසිය කරන වැඩ මේ වන විට කහපාට වී තිබෙන්නේ ස්‌වභාවය එය නිසාය. නමුත් පොලිසිය ශක්‌තිමත් කරමින් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නේයෑයි ජනතාවට පොරොන්දු දී බලයට පැමිණි යහපාලනයෙන් රට බලාපොරොත්තු වූයේ මේ ටිකද?

අප යහපාලන සුළි කුණාටුව මේ වන විට "කටින් පිඹින චූස්‌" එකක්‌ බවට පත්ව ඇතැයි කියන්නේ එනිසාය.

සමන් ගමගේ


http://www.divaina.com/2015/03/01/feature19.html

යාපනයේ කොටි ඊලම්වාදය මානුෂීයව මැඩපැවැත්වීම මහා ප්‍රඥාවන්තයෙක්ට මිස හුදු දේශපාලුවෙක්ට කල නොහැකි එකක් බව ඔප්පු වෙමින් පවතී. චැනල් 4 ෆිල්ම් කාරයන් පමණක් නොව විදෙස් කොටි ඩයස්පෝරාව පවා යාපන සංචාරයේදී කට උත්තර නැති වනසේ ඊලම්වාදය  මානුෂීයව පාලනය කිරීමට සමත්වූයේ ගෝඨාභය මහා ප්‍රාඥයායි. යහපාලනය යටතේ අද ඒ සියල්ල වතුරේ ගොස් ඇත. අහෝ දිනාගත් නිදහස අහිමි වන ආකාරය!

යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?


යාපනයේ දේශපාලන ක්‍රියාකාරකම්වල විශේෂ උද්වේගයක්‌ උණුසුමක්‌ පසුගිය සතියක කාලය පුරාම දක්‌නට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ බලයේ සිටි කාලය නිමාවීම මේ දේශපාලන ක්‍රියාකාරකම් වර්ධනයවීමට බලපා ඇත්ද? නැතිනම් ආරක්‍ෂක අංශ යම් ලිහිල් භාවයකින් කටයුතු කරන්නේද? යාපනයේ වැසියන්ටද දේශපාලනය කිරීමේ උද්ඝෝෂණය කිරීමේ අයිතියක්‌ ඇත. සියල්ලම යකඩ හස්‌තයකින් පාලනය කළ නොහැකිය. එහෙත් දැන් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම එහි ආචාර්ය මණ්‌ඩලයද කෙළින්ම පාරට බැස උද්ඝෝෂණය කිරීම අරඹා ඇත. මීට පෙර මහවිරු දින සැමරුම් පවා යාපනය විශ්වවිද්‍යාල භූමියේ දී පැවැත්වීමට සූදානම් වූ විට එම ප්‍රදෙශයේ ආරක්‍ෂක ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල බලධාරීන් මැදිහත් වී විශ්වවිද්‍යාලය දින කිහිපයකට වසා දමා 'කොටි අවතාර' යළි නැගිටීම වලක්‌වනු ලැබිය.

2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව උතුරේ පැවැති දැවැන්තම උද්ඝෝෂණය පැවැත්වුණේ ඉකුත් අඟහරුවාදා දිනයේය. මේ උද්ඝෝෂණය පිළිබඳව දකුණේ මාධ්‍යවල වැඩි අවධානයක්‌ යොමු නොවූ බව පෙනේ. එහෙත් මේ උද්ඝෝෂණ හරහා කවර බලවේග යළි හිස එසවීමට උත්සාහ කරන්නේ දැයි හොඳින් විමර්ශනය කළ යුතුව ඇත. නුගේගොඩ රැලියෙන් පසු ජාතිවාදය පැතිරවන්නට එපා යෑයි යහපාලන රජයේ ප්‍රධානීහු කෑ ගසන බව පෙනී යයි. ඇත්තෙන්ම නුගේගොඩ රැලිය මගින් "සිංහල සමාජය" මේ නව රජයට යම් වැදගත් පණිවුඩයක්‌ දුන් බව පැහැදිලිය. එහෙත් ඒ නැගුණු ජනතා හඬ ජාතිවාදී යෑයි කියා කිසිවකුට යටකර හෝ තලා දැමිය නොහැකිය.

නුගේගොඩ රැලිය ගැන කතා කරන සමහරු රායප්පු ජෝශප් රදගුරුවරයා යාපන විශ්වවිද්‍යාල සිසුන් සමඟ එක්‌වී පවත්වන උද්ඝෝෂණ, විශේෂයෙන්ම මියගිය කළු කොටින්ගේ ඡායාරූප ඔසවාගෙන උතුරේ වීදි දිගේ ගිය පෙළපාලිය ගැන කතා නොකරයි. එසේ කථා නොකරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අසතුටට පත්වේ යෑයි සිතාද? අපට නම් මෙය උභතෝකෝටිකයකි.

ඉකුත් අඟහරුවාදා යාපනයේ පැවැති උද්ඝෝෂණයේ මූලික අරමුණු වූයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව එළිදැක්‌වීමට නියමිතව තිබූ වාර්තාව මාස හයකින් කල් දැමීමට එරෙහිව විරෝධය පළ කිරීමයි. පන්දහසකට අධික පිරිසක්‌ මේ උද්ඝෝෂණ පෙළපාලිය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරූප ඔසවාගෙන යන අයුරු ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළකර තිබූ වාර්තාවේ හොඳින් දක්‌නට ලැබිණි. යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පෙළපාලිය අවසන් වූයේ නල්ලූර්හි පිහිටි තිලීපන් ස්‌මාරකය අසලිනි. අද තිලීපන් ස්‌මාරකයක්‌ නැතත් එහි පාදම තවම එතැන සුරක්‍ෂිතව පවතී. යාපනය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී හිටපු කොටි නායක තිලීපන්ගේ ස්‌මාරකය අභියසට මොවුන් පැමිණියේ කවර අරමුණකටද? නැවත දෙමළ ජාතිවාදී ප්‍රහර්ශය ඇතිකර ගැනීමටද?

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව කිසිවෙකු නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ ස්‌මාරකය වෙත පෙළපාලියෙන් ගිය බවක්‌ අප දුටුවේ නැත. එසේ නම් නැවත තිලීපන් සිහිකිරීමට අවශ්‍ය වී ඇත්තේ කවර අරමුණු මුදුන්පත් කර ගැනීමටද?

රාසයියා පාතීපාන් නොහොත් ලුතිනන් කර්නල් තිලීපන් යනු යාපනය දිස්‌ත්‍රික්‌කයේ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයාය. යාපනය හින්දු විද්‍යාලයේ ජනප්‍රිය ශිෂ්‍යයකු වූ මොහු 1987 සැප්තැම්බර් 15 වැනිදා මාරාන්තික උපවාසයකට වාඩිවිය. මෙම මාරාන්තික උපවාසයට වාඩිවීමට පෙර ඉල්ලීම් පහක සංදේශයක්‌ කොටි නායක ප්‍රභාකරන් විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ ඡේ. එන්. ඩික්‌සිත් වෙත යවා තිබිණි. උතුරු නැගෙනහිර පළාත් වලින් ලංකා හමුදාවත් පොලිසියත් ඉවත් විය යුතු බව මෙහි ප්‍රධාන කොන්දේසිය විය. මේ කාලය වන විට ඉන්දියන් හමුදාවටද විටින් විට ප්‍රහාර එල්ලවෙමින් තිබූ අතර කොටි සංවිධානය සමඟ පැවැති මධුසමයද බිඳ වැටෙමින් පැවැතිණි. පුරා දින 11 ක්‌ උපවාසයේ යෙදී සිටි තිලීපන් සැප්තැම්බර් 26 වැනිදා මරණයට පත්විය. මේ මරණයත් සමඟ උතුරේ වැසියන්ද ඉන්දීය හමුදා විරෝධීන් බවට පත්විය. තිලීපන් අවසන් මොහොතේදී වතුර ඉල්ලා කෑගසන විට එය වළක්‌වා මොහුට මැරෙන්නට ඉඩ දුන් බවද කියවේ. ප්‍රභාකරන් තම අරමුණු වෙනුවෙන් කොපමණ ජීවිත බිලිදී ඇත්ද? දැන් අපට ඒ අතීත කථාව සිහිකරන්නට වූයේ 2015 දීත් මීට වසර 28 කට පෙර මියගිය කොටි සාමාජිකයාගේ සටන සිහිකරමින් යාපනයේ පැවැති උද්ඝෝෂණයක්‌ අවසන් කෙරුණු නිසාය.

ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවත් දේශීය යුද අපරාධ පරීක්‍ෂණයකින් දෙමළ ජනතාවට සාධාරණය ඉටු නොවන බවත් අඟහරුවාදා නල්ලූර් වෙත පැමිණි උද්ඝෝෂකයෝ මොර දුන්හ. මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමේ මූලික වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආර්. රාසකුමාරන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි උද්ඝෝෂණ සඳහා ඉදිරියේ දී දහස්‌ ගණනින් එකතු විය යුතු බවයි.

"ඊළාම් දෙමළ වැසියන්ට විශාල අසාධාරණයක්‌ වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ ඒ අසාධාරණය නිවැරදි කරන්න කියලයි. විවිධ ප්‍රශ්න වෙනස්‌කම් තිබ්බත් අපි ඔක්‌කොම එකතුවෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙනියන්න ඕනෑ. අපි ලෝකයට පෙන්වන්න ඕනෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කිසිවකුට යටපත් කරන්න බැහැ කියලා" යනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපතිවරයා අදහස්‌ දක්‌වා තිබිණි.

තිලීපන් සිහිකරමින් මොවුන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අරඹන බව පෙනේ. මේ අරගලය මගින් ඔවුන්ට අවශ්‍ය යහපාලන ආණ්‌ඩුවට බලපෑම් කරනවාට වඩා ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක්‌ දීමටය. දෙමළ නිදහස වෙනුවෙන් අපි ගාන්ධි ව්‍යාපාරයක්‌ අරඹා ඇති බව ලෝකයට ප්‍රකාශ කරන්නට මොවුන් සූදානම් වේ. මෙය බරපතළ අනතුරකි. එදා වෘක වේෂයෙන් පැමිණි අය දැන් බැටළුවන් ලෙස පැමිණෙන්නේද? දෙමළ ස්‌වයංනිර්ණ අයිතිය දිනාගැනීමට මොවුන් නිරායුධ අරගලයක්‌ අරඹයිද? මේ අරගලය සඳහා උතුරු පළාත් සභාවද ඒකාත්මික වී ඇත. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක්‌ද මේ උද්ඝෝෂණ සඳහා එක්‌ව සිටියහ. කූට අරමුණු වලින් යුත් මේ උද්ඝෝෂණ දෙස බුද්ධි අංශ වඩාත් අවධානය යොමු කළ යුතුව තිබේ. අපි කොරහේ කිඹුලන් නොදකිමු. නමුත් මේ උද්ඝෝෂණ තවත් උද්ඝෝෂණ රැල්ලක ආරම්භයක්‌ වන බව නම් සහතිකය. ඉදිරියේ දී මොවුන් පොලිසිය හා හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමටද පෙළඹෙනු ඇත. එවිට ජාත්‍යන්තරයට යන පණිවුඩය කුමක්‌ද? ලංකා ආණ්‌ඩුව දෙමළ මතයට ඉඩ නොදී එය තලා දැමීමට උත්සාහ කරන බවය. මේ හරහා සිදුවන්නේ උතුරු නැගෙනහිර පමණක්‌ නොව සමස්‌ත රටම යළිත් අර්බුදයට ඇද වැටීමයි. එම නිසා මේ ඊනියා කොටි හිතවාදී උද්ඝෝෂණවලට ඉඩදී ඇස්‌ පියාගෙන සිටියහොත් එයින් පාර කැපෙන්නේ අරාජිකත්වයට මිස යහපාලනයට නම් නොවේ.

චතුර පමුණුව


කෑ ගසා හැඬීමට නොව, ජුනි මහ මැතිවරණ දා එජාපයට කණ හරහා දුම් පිටවීමට පහර දීමට දැඩි සේ සිතට ගන්න.


සෑම සිංහල බෞද්ධයෙක්ම ධර්මපාල තුමන් ගේ ජීවන චරිතය කියැවිය යුතුය.නැවත නැවතත් කියැවිය යුතුය.අප අද ජාතියක් වශයෙන් වැටී සිටින තත්වයට ප්‍රධාන හේතුව එතුමන් වැනි උතුමන් කළ සේවය අමතක කිරීමය,එතුමන් පෙන්වූ මග නොයෑමය.අපගේ සැබෑ ජාතියේ පියා වන්නේ ධර්මපාල තුමන් මිස කතෝලික පල්ලියට කඩේ ගිය,කතෝලික පල්ලියෙන් උපදෙස් ගෙන ව්‍යවස්ථාව සෑදු අයිවොර් ජෙනින්ග්ස් ලාගෙන් උපදෙස් ගත්,භික්ෂුන් වහන්සේලා බොරු පොරොන්දු දී රැවටු,එදා විද්‍යාලංකාරයට එරෙහිව කටයුතු කළ, සුද්දන්ගේ පසුපස යමින් බලය ලබා ගත් දොන් ස්ටීවන් සේනානායක නම් කළු සුද්දා නොවන්නේය. එම කලු සුද්දා පරපුරේම මී මිනිපුරෙක් වන, ඩී එස් සේනානායක අඩි පාරේ ඊටත් වඩා නින්දිත ලෙස දේශපාලන ගමනේ යන බෙලහීන පරාජිත රනිල් වික්‍රමසිංහ කිසිසේත් රටේ විධායක බලය හිමි අගමැති කමට සුදු නොවන්නේය. හෙළ ජාතිය සියතින් ගෙල අහිමි කර නොගත යුතුය. අපේ සතුරා වන  ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? ඔහු ඒකාන්තයෙන්ම අපේ මිතුරායි. විධායක අගමැති වීමට සුදුසු කොන්ද ඇති එකම නායකයා ඔහුයි. මහ මැතිවරණය අපේ එකම අවස්ථාවයි. ඔහු අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.