Destroying SL Navy - යහපාලනය යටතේ රටේ රන් වැට සුරැකූ නාවික විරුවන් නසන්නේ මෙහෙමයි.

මහා පාවාදීමක පෙරනිමිති පෙන්වූ "දිවයින" ලිපිය අපි කලින් පල කලෙමු. ධීර වීර හෙළ ජාතිය දං ගෙඩියට දැක්කීම සංවිධානාත්මක නමුත්, ඉතාම මන්ද බුද්ධික අයුරින් සිදුවේ. සිහි කල්පනාව ඇති ඕනෑම අයෙක් ට විචාර බුද්ධිය මෙහෙයවූ පමණින් සිදුවන සියල්ල සක් සුදක් සේ පැහැදිළි වේ. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ  හෙළ විරුවා හා ඔහුගේ දක්ෂතම නිළධාරීන් ඉලක්ක කර මේ වෙඩි මුර තබන්නේ කවදත් කොටියා හිස් මුදුනේ තබා මල් පිදූ එජාපයේ දඬු අඬුවේ හිරවූ අරුම පුදුම යහපාලනය බව තිත්ත ඇත්තයි.

මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්....

නව රජය බලයට පත්වීමේදී රටේ දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ සැඟවුණු එක්‌ පුංචි දෙගිඩියාවක්‌ තිබිණි. ඒ යළිත් වරක්‌ මේ රටත් ජනතාවත් ප්‍රභාකරන් නම් ම්ලේච්ඡයාගෙන් බේරා ගත් රණවිරුවන් පාවා දීමේ යමක්‌ සිදුවේදොaයි යන්නය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීමේදී අපේ රණවිරුවන් ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පමණක්‌ නොව ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේදී කළ කැප කිරීම් යුද බිමේ ඇවිද යමින් දැසින් දුටු මේ ලියුම්කරුටද එකී ජනතා සිතුවිල්ල පොදු විය. එසේ වූයේ මේ අපේ රටය.. මේ අපි උපන් බිමය.. බුදු පා පහස ලද මේ බිම අපේය යන සිතුවිල්ල "දිවයින" අපගේ සිත් තුළ සදාකල් නිධන්ගතව තිබූ නිසාමය.

එවන් අවිනිශ්චිත බවක්‌ ජනතා සිත් තුළ ඇති වීමට හේතු කාරණා වූ අතීත අඳුරු මතකයන් ගණනාවක්‌ද අපට තිබිණ. මිලේනියම් සිටි මහා පාවා දීම යනු ඉන් එකකි.

එහෙත් නව රජය බලයට පැමිණීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාව ඉදිරියට පැමිණ කිසි විටෙකත් කිසිදු අයුරකින් රණවිරුවනට අවැඩක්‌ වීමට ඉඩ නොතබන්නෙමුයි සපථ කිරීමත් සමඟ අපට තිබූ එකී අවිනිශ්චිත බව තුරන් වී ගියේ සිතට සැනසුමක්‌ද ළඟා කර දෙමිනි.

එහෙත් ජනපතිවරයා සහ අගමැතිවරයා එසේ රට ඉදිරියේ සපථ වුවද අද දවසේa කුමක්‌ සිදුවෙමින් තිබෙන්නේද? අපි වගකීමෙන් කියමු. මේ මොහොතේ ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් නොදැනුවත්වම යළිත් "මිලේනියම් සිටි" මහා පාවා දීමේ අංක දෙක ඇරඹී තිබෙන්නේය. අපි මෙතැන් සිටි එකී කුමන්ත්‍රණයේ සියල්ල හෙළි කරන්නෙමු. මන්ද මේ රට සතුරාගෙන් බේරාගත් රණවිරුවාට අප සදාකල් ණයගැති වන නිසාය.

අතීත මිලේනියම් සිටි අංක එක මහා පාවා දීම සිදු කරනු ලැබුවේ පොලිස්‌ නිල සුනඛ ඒකකයේ ප්‍රධානියාව සිටි කුලසිරි උඩුගම්පොළ නම් වූ තුට්‌ටු දෙකේ පොලිස්‌කාරයා බව අද රටම දන්නා කතාවකි. එහෙත් අද දවසේ එකී මහා පාවා දීමේ "අංක දෙක" අරඹා ඇත්තේ කවරෙක්‌ද? ඔහුද පොලිස්‌කාරයෙකි.

කාලයක සිට සීඅයිඩීයේ තරු පටි ඇති නිලධාරියකු ලෙස වැජඹෙමින් සිටින හේ මෙකී අපරාධය අද සිදු කරන්නට යන්නේ ඉකුත් සටන් විරාම සමයේ නෝර්වේ විශේෂ නියෝජිතයා ලෙස මෙරට හොල්මන් කළ එරික්‌ සොල්හයිම් ඇතුළු දෙමළ බෙදුම්වාදයේ වුවමනාව අනුව බව මේ මොහොතේ පැහැදිලිවම අනාවරණය වෙමින් තිබේ.

සියල්ල සිදු වෙමින් තිබෙනුයේ මෙලෙසිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස්‌ නිලධාරින් කිහිප දෙනකු ඇතුළු කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ කණ්‌ඩායමක්‌ ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ කොළඹ සිටි ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ පැහැරගෙන ගොස්‌ කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි ලෙසින් සීඅයිඩීයේ ඉහත කී පොලිස්‌කාරයා කළ හෙළිදරව්වක්‌ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

එහිදී අදාළ ඝාතන පිළිබඳ වටිනා සාක්‍ෂි රැසක්‌ පිළිබඳ තොරතුරු සීඅයිඩීය අනාවරණය කරගෙන තිබෙන බවද එකී මාධ්‍ය වාර්තා හෙළි කරනු ලැබීය. එහෙයින් වහාම එකී නාවික නිලධාරින් අත්අඩංගුවට ගෙන ඝාතකයන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන සිදු කර සියල්ලන් නීතිය හමුවම පමුණු වන බවක්‌ද කියෑවුණේය.

මේ අතරේ ඉකුත් සතියේ තවත් අපූරු කතාවක්‌ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා රට ඉදිරියට රැගෙන ආවේය. එම කතාවේදී හේ කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් රඳවාගෙන සිටි රහසිගත කඳවුරක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බැවින් ඒ පිළිබඳ වහා පරීක්‍ෂණයක්‌ ඇරඹිය යුතු බවකි.

නාවික හමුදා උසස්‌ නිලධාරින් ඇතුළු කණ්‌ඩායමක්‌ කොළඹ දෙමළ තරුණයන් ඝාතනය කර ඇතැයි යන කතාව මෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ පුදුම සහගත ඉහත හෙළිදරව් යන දෙකම සිදු වූයේ එකම අවස්‌ථාවක එකම කතාවක කොටස්‌ දෙකක්‌ ලෙසින්ය.

ඒ අනුව දැන් සීඅයිඩීය අදාළ විමර්ශනයද අරඹා අවසන්ව ඇත. ඉදිරි දිනවලදී යුද්ධය අවස්‌ථාවේ රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කළා වූ නාවික හමුදා උසස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකු රහස්‌ පොලිසිය මගින් ඝාතකයන් ලෙස අත්අඩංගුවට ගැනීමද බොහෝ දුරට සිදු විය හැකිය.

නමුත් අද දවසේ සීඅයිඩීය කියනු ලබන මීට වසර හයකට පෙර සිදුවී ඇති මෙකී දෙමළ තරුණයන් මරා දමුවේ යෑයි කියනු ලබන කතාවේත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියනු ලබන ත්‍රිකුණාමලය දෙමළ ජාතිකයන් රඳවා ගනු ලැබූ කඳවුරේත් සැබෑ කතාව වන්නේ කුමක්‌ද? එය දිග හැරෙන්නේ මෙසේය.

ගෙවී ගිය 2009 වසර යනු මේ රටේ පැවති ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සහමුලින් වනසා දමා රණවිරුවන් විසින් රට විජයග්‍රහණය කළා වූ වසර. එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විය. යුද්ධයේ අවසන් කාලය වුවද ඒ දිනවල රට පුරා පැවතියේ එල්ටීටීඊයේ ප්‍රහාරයක්‌ කොයි මොහොතේ කොතැනනින් මතුවනු ඇතිදැයි යනුවෙන් වූ අවිනිශ්චිත බවකි. ඒ අනුව යුද්ධය පැවතියේ උතුරේ වුවද ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි.

මේ අතරේ මෙකී කාලවකවානුවේ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සමීපතම නිලධාරියා ලෙස එක්‌තරා නාවික හමුදා නිලධාරියකු සිටියේය. හේ නමින් සම්පත් නම් විය. නාවික හමුදාපතිවරයාගේ සමීපතම නිලධාරියා මෙන්ම හේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු ලෙසද ක්‍රියාත්මක වූවෙකි. මෙසේ බුද්ධි නිලධාරියකු ලෙස ක්‍රියාත්මක වීම හමුවේ මෙකී සම්පත් නමැත්තා ගොඩ නඟා ගනු ලැබූ සබඳතා ජාලයක්‌ද විය.

කොළඹ කොටහේන ප්‍රදේශයේ සිටි හාඡ්ජියාර් අලි එකී කාලයේ මේ අන්දමින් නේවි සම්පත්ට සමීප වී සිටි පුද්ගලයෙකි. මෙකී හාඡ්ජියාර් අලිට එකල එල්ටීටීඊයේ බුද්ධි අංශ ප්‍රධානියකුව සිටි කපිල් අම්මාන් සමඟද සබඳතා තිබූ වග ඒ දිනවල මෙරට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබුණේය. නමුත් අද්මිරාල් කරන්නාගොඩගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත්ගේ දැනහැඳුනම් කම නිසා එහිදී හාඡ්ජියාර් අලිට ආරක්‍ෂක අංශ වෙතින් කිසිදු ගැටලුවක්‌ නොවීය.

ඒ නේවි සම්පත් විසින් උපක්‍රමශීලීව කොටි සංවිධානයේ තොරතුරු ලබා ගැනීම සඳහා හාඡ්ජියාර් අලිව භාවිත කරන බව අනෙකුත් බුද්ධි අංශ හඳුනාගෙන සිටි බැවිනි.

මතු සම්බන්ධයි

සමන් ගමගේ

http://www.divaina.com/2015/03/01/feature22.html

තමාගේ සියළු දුර්වලතා කලින් ආණ්ඩුවේ ගිණුමට බැර කිරීම බංකොලොත් දේශපාලනයයි. එම බැර කිරීම රටම දත් සත්‍යට එරෙහි අභූත බොරු චෝදනා වන විට තත්වය තවත් පිළිකුල් වේ. 29 වතාවක් පරාජය වීත් එය තේරුම් නොගත් කොටි එහෙයියා වන අනාගත විධායක අගමැති මේ කරන්නේත් එයමයි. ඔබේ තේරීමත් මේ අගමැතිමද?

මිනිස්‌ ජාවාරමක්‌ පිට පොට යවා විරුවන් දංගෙඩියට 
ඇසෙන්නේ මේ රටේ මිනිස්‌සු අහන්නට ප්‍රාර්ථනා කළ දේ නොවේ. ඉතිහාසයේ කවර කලෙකවත් හමුදාවක්‌ විෂයෙහි අසන්නට ලැබී නැති කතා රටේ නාවික හමුදාව පිළිබ`දව දැන් ඇසෙමින් තිබේ.

මේ වනවිට රටම  එන්ටටේන් කරන්නේ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක විසින් මිනීමැරූ බවට සී. අයි. ඩී. ය කියන කතාව අසමින්ය. මේ කතාවේ පසුබිම පසුගිය ඉරිදා දිවයින සංග්‍රහයේ පළවී තිබිණි. ඒ කුල්මත්වීම් අතර නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ අලඡ්ජ මිනිස්‌ ජාවාරමක්‌ පිළිබ`ද තොරතුරු වෙබ් අඩවි කිහිපයක්‌ හරහා හෙළිදරවු වේ. ඒ ඇසුරින් උපදින සංවාදය යළිත් අප කම්පනයට පත් කරවයි.

මාළු බෝට්‌ටුවල පටවා මිනිසුන් ඔස්‌ටේ්‍රලියාවට පැටවීමේ ම්ලේච්ඡ ජාවාරම රට ලෝකය හමුවේ ගෝත්‍රික දේශයක්‌ බවට පත් කළේය. එක්‌ වකවානුවක ඔස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාලයේ ඇත්තන් මාතර පැත්තේ පොළවල් වල අත්පත්‍රිකා බෙදමින් කීවේ බෝට්‌ටුවලින් තමන්ගේ රටට එන්නට එපා කියාය. වැඩිම අවධානයක්‌ සහිත කාල පරාසය තුළ අධික මිලක්‌ සහිත රූපවාහිනි දැන්වීම් පළකරමින් ඔස්‌ටේ්‍රලියාවට බෝට්‌ටුවලින් නොඑන ලෙස ඔස්‌ටේ්‍රලියානු රජය අපේ මිනිස්‌සුන්ට අවවාද කරනු විලි ලඡ්ජා නැතිව අසන් ඉන්නට අපට සිදුවිය. වත්මන් ජනාධිපති වරයා බලයට පත්වූ වහාම ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ ඔහු අමතා සුභ පතමින් මේ නින්දිත මිනිස්‌ ජාවාරම වැලැක්‌වීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය. අපි ලෝකයට ඇණයක්‌ වී සිටියෙමු. ජූලියා ගිලාඩ්ගේ බලය ගිලිහී යන්නට ප්‍රධාන හේතුවක්‌ වූයේ මේ මිනිස්‌ ජාවාරම විෂයෙහි නිසි අයුරින් ක්‍රියා කිරීමට නොහැකි වීමය.

අග්‍රාමාත්‍යවරයා ඔස්‌ටේ්‍රලියාවට කී කතාව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔස්‌ටේ්‍රලියානු පුවත්පතක්‌ සමග පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන්නේය. ඔහු පවසන ආකාරයට පසුගිය ආණ්‌ඩුවේ ඇත්තන් මිනිස්‌ ජාවාරමට සම්බන්ධය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ සමග ඩීල් එකක සිටි බවට ඔහු විසින් චෝදනා කරන්නේය. අග්‍රාමාත්‍යවරයාට අනුව මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලදී ඔස්‌ටේ්‍රලියාව නිහ`ඩව සිටියේය. ඒ වෙනුවට රාජපක්‌ෂ ආණ්‌ඩුව නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඔස්‌ටේ්‍රලියාවට පැමිණීම වැලැක්‌වූයේය. ඔස්‌ටේ්‍රලියාවේ සංක්‍රමණ කටයුතු පිළිබ`ද හිටපු අමාත්‍ය ස්‌කොට්‌ මොරිසන්ට පසුගිය රජයෙන් ලැබුණු ආකාරයේ පිළිගැනීමක්‌ නව සංක්‍රමණ කටයුතු පිළිබ`ද ඇමැතිවරයා දැන් ලංකාවෙන් බලාපොරොත්තු නොවිය යුතු බව හේ කියා තිබුණේය.

නාවික හමුදාව

අග්‍රාමාත්‍යවරයා නීති විරෝධී මිනිස්‌ ජාවාරමේ දේශපාලන ඩීල් ගැන කතා කරන විට තවත් තැනක ඇසෙන්නේ ජාවාරම්කරුවන් හා එක්‌ව නාවික හමුදාවේ සමහර නිලධාරීන් ගැසූ බව පැවසෙන ඩීල්ය. මේ ගැන විශාල සංවාදයක්‌ නිර්මාණය වන්නේ වෙබ් අඩවි හරහාය. එක්‌ වෙබ් අඩවියකට අනුව එම ජාවාරම කරගෙන ගොස්‌ ඇති බව කියන්නේ සාගරික බුද්ධි අංශයේ නිලධාරීන්ය. වාර්තා වන ආකාරයට සාගර බුද්ධි අංශයේ මාණ්‌ඩලික නිලධාරී කේ. සී. වෙලගෙදර රටින් පිටව යැමට සැලසුම් කර තිබේ. මිනිස්‌ ජාවාරම බරපතලව පැවති වර්ෂ 2012 හා 2013 වසරවල ඔහු විසින් රුපියල් කෝටි දහතුනක අතාර්කික වත්කම් ප්‍රමාණයක්‌ උපදවා ගත් ආකාරය එම වෙබ් අඩවිය සිය මුල් ප්‍රවෘත්තියෙන් හෙළිදරව් කරයි. තවද මෙම නිලධාරියාට සිය ආසන්න ප්‍රධානීන්ගේ රැකවරණය ලැබුණු බව කියයි.

ඊට දින දෙකකට පසු ප්‍රවෘතිය 'අප්ඩේට්‌' වේ.  අප්ඩේට්‌ වූ ප්‍රවෘත්තියට අනුව වෙලගෙදරගේ කට්‌ටියට අමතරව මේ ජාවාරමට සම්බන්ධ තවත් පාර්ශ්වයක්‌ ඉ`ද තිබේ. ඒ පාර්ශවයේ මෙහෙයවා ඇත්තේ හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී දසනායකය. කේ. සී. වෙලගෙදර හා ඩී.කේ.පී දසනායක ජාවාරම් කරද්දී ඉහළ බුද්ධි අංශ නිලධාරීන් ඒ ජාවාරම් නවත්වන්නට මාර උත්සාහයක්‌ දරා ඇත. එහෙත් පොලේ යන්නා සේ දුවේ සිටත්, මෝර වලේ සිටත්, මාළු බෝට්‌ටුවල මිනිසුන් පටවාගෙන ඔස්‌ටේ්‍රලියා යවන ගමන නවත්වන්නට මේ අහිංසකයින්ට බැරි වී තිබේ. ඉහළට කිවුවත් කවුරුත් ගණන් ගෙන නැත. හේතුව වී ඇති බව පැවසෙන්නේ රාජපක්‌ෂ රජය කාලයේ නාවික හමුදාව අතිශයින් දේශපාලනීකරණය වීමය.

මේ පසුබිමේදී කේ. සී. වෙලගෙදර නමැති සාගරික බුද්ධි අංශයේ මාණ්‌ඩලික නිලධාරියා සිය බුද්ධි අංශ ප්‍රධානීන් පයිසයකටවත් මායිම් නොකර මිනිස්‌ ජාවාරම කරගෙන ගොස්‌ ඇති බව කියෑවේ. ඉන් ඉදිරියට ගොස්‌ ඩී. කේ. පී. දසනායක මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ පාට්‌ ටයිම් කරන අතර මිනී මරමින්, කප්පම් ගනිමින්, මිනිස්‌ ජාවාරම් කරමින් සිටි බව පිළිගන්නට කවුරුන් හෝ පිරිසක්‌ රටට ආරාධනා කරයි. මේ තොරතුරු ලබාදෙන පිරිස ගංජා ගසා උදේ නැගිට තමන් දකින සිහින වෙබ් අඩවිවලට කියා පළ කරගන්නවා යෑයි විශ්වාස කළ යුතු නැත. විචාර බුද්ධියෙන් විමසිය යුත්තේ මේ මිනිසුන්ගේ ඉලක්‌කගත අරමුණුය. කොටින්ම මේ කියන ආකාරයට දසනායක පාතාලයක්‌ Ñහැන්ඩ්ල් කරනවා" හැරෙන්නට වෙන වැඩ කර නැත. යුද්ධකර ඇත්තේ දසනායකගේ ලොකු තාත්තාය. බලාගෙන යනවිට නාවික හමුදාවට කෙලවා ඇත්තේ වෙලගෙදර හා දසනායකය. මොවුන් උල තැබූ පසු නාවික හමුදාව සුද්දය. රටක ආත්ම ගෞරවය විනාශ කළ බරපතල සිද්ධියක්‌ සංවාදයට ලක්‌වන්නේ මේ තරම් සිල්ලර විදිහටය. යහපාලනයක පරමාර්ථ විය යුතුව තිබුණේ රටට විහිලු නොසපයා මෙවැනි අලඡ්ජ අපරාධ පිළිබ`දව තර්කානුකූලව විමසීමය.

රාජපක්‌ෂ ආණ්‌ඩුව කාලයේදී නාවික හමුදාව දේශපාලනීකරණය වූ බව සැබෑය. ජනාධිපතිවරයා විසින් තම මද්දුම පුත්‍රයා නාවික හමුදාව තුළ ස්‌ථාපිත කිරීම හරහා සිදුකළ විගඩමේ සෑම පියවරක්‌ම රටට රහසක්‌ වූයේ නැත. එවන් හමුදාවක්‌ තුළ වුවද පිස්‌සු කෙළීමේ සීමාවක්‌ තිබේ. ඉහළ නිලයන්ට වංගු දමා මිනිස්‌ ජාවාරම වැනි පාදඩකමක්‌ කළ හැක්‌කේ තමන්ගේ නිලසීමාවේ පරිධිය තුළ බව ඕනෑම හරකෙකුට තේරුම් ගත හැකිය. මෙය නාවික හමුදාවේ හෘදය සාක්‌ෂිය පිළිබ`ද ප්‍රශ්නයක්‌ වන්නේ එබැවිනි. වරදක්‌ වී ඇත්නම් එකිනෙකාට රහසෙන්  වෙබ් සයිට්‌  අප්ඩේට්‌ කරනවාට වඩා ප්‍රශ්න තර්කානුකූල ලෙස විස`දාගන්නට ඕනෑතරම් අවස්‌ථා නාවික හමුදාව සතුව තිබිණි. පසුගිය වකවානුවේ මෝරවල පැත්තේදී මුහුදු යන මාළු කාරයෙකුගෙන් වුවත් ඩෝරා බැලන්ස්‌ කරගෙන ඔස්‌ටේ්‍රලියා පනින ආකාරය ගැන අසා දැනගත හැකිවූ ආකාරය මතකය. ඒ යථාර්ථය මේ ලියුම්කරු විසින් ලියා තැබුවේ මීට දෙවසරකට පෙරය.

දෛවෝපගත සිද්ධිය වන්නේ ඒ වකවානුවේ නාවික හමුදාවේ අධ්‍යක්‌ෂ ජනරාල් මෙහෙයුම් තනතුර දැරුවේ වත්මන් නාවික හමුදාපතිවරයා වීමය. ඔහු පත්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය කළ බවට චෝදනා එල්ලවන මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව කාලයේ වීමය. එබැවින් නාවික හමුදාපතිවරයා ලෙස මතුනොව, තම පුද්ගලික ගෞරවය සලකා හෝ එල්ලවන මිනිස්‌ ජාවාරම සම්බන්ධ චෝදනා ගැන විධිමත් පරීක්‌ෂණයක්‌ කිරීමට නාවික හමුදාපතිවරයාට වගකීමක්‌ තිබිණි. එම සොයා බැලීම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ ලෙස සලකා සිදුකළ යුතු වූයේ ලෝකය සනසන්නට නොව ඉන් රටට අත්වන අනාරක්‌ෂිතකමේ මාරාන්තික ස්‌වරූපය පිළිබ`ද අවබෝධය සහිතවය. ලෝකය සැනසේනම් එය දෙවනුවය. මේ ප්‍රවේශය රටටත්, ලෝකයටත් අවැඩක්‌ සිදු කරන්නේ නැත. අප මවිත කරන්නේ මේ සම්බන්ධව පෙනෙමින් ඇති අවිශ්වාසනීය හැසිරීමය.

* ජානක ලියනආරච්චි

http://www.divaina.com/2015/03/01/feature23.html

කුඩු ව්‍යාපාර වල අතරමැදියෙක් වෙමින්, රාගම සිට මිත්‍යාව පතුරමින් රටටම ඉහඳ තැබූ ලොකු සීයා නම් නරුම ඉස්ලාමික වංචනිකයා,  මූලික ඉස්ලාම් සිද්ධාන්ත පහෙන් (5 Pillars of Islam) අල්ලා එකම දෙවියන්ය යන පළමු එක බිඳ දැමූ වරදට  ලංකාවේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ථයන් අතින්ම ඝාතනය වූ බවට මතයක් ඇත. මර්වින් සිල්වා නම් කැහුටු බල්ලා යහපාලනයේ ඩීල් කාරයෙක් වී ඇති බව පෙන්වමින් තමා කඩේ ගිය රාජපක්ෂ පවුලේ උතුම්ම මිනිසා වන ගෝඨාභය රාජපක්ෂ විරුවාට එරෙහිව චෝදනා ගෙන ආවේ කාගේ ආරාධනයෙන්ද? රාජිත ඇමති ගේ ලඟම මිතුරෙක් වන මර්වින් සුනඛයා ඒ හරහා ඩීල් එක සකස් කර ගත්තාද? රටට අවැඩක් කල ලොකු සීයා ඝාතනයත් නාවික හමුදා ගිණුමට බැර කිරීම කොතරම් නින්දිතද?ප්‍රතිවාදනය වන, කලින් රජයේ ඔබ පිළිකුල් කල ඇමති බලුකම් යහපාලනය යටතේ ඔබ කිසිසේත් පැතූ දේවල්ද?


ලොකු සීයාගේ ඝාතනය පිටුපස ආරක්‍ෂක අංශවල සම්බන්ධයක්‌ ඇත්දැයි සැකයක්‌ 
- සුසිල් කිඳෙල්පිටිය

චමින්ද සිල්වා,

රාගම දේවාලයේ ප්‍රධාන දේවගැති මොහොමඩ් සාලි මොහොමඩ් නියාස්‌ හෙවත් "ලොකු සීයා" ඝාතනය සඳහා නාවික හමුදාව භාවිත කරන යකඩ දැල් හා යකඩ හමුවීම පිටුපස ආරක්‍ෂක අංශවල සම්බන්ධතාවයක්‌ පැවතුනාද යන්න සැකයක්‌ මතුවන බව බස්‌නාහිර පළාත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා පැවසීය.

සුදු වෑන්වලින් ගොස්‌ පුද්ගලයන් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පෙරේදා (25 වැනිදා) මහජන පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඔහු එසේ පැවසීය.

තමා විසින් සුදු වෑන්වලින් පැහැරගෙන ගිය අතුරුදන් වුණ සහ පැහැරගැනීමට උත්සාහ කළ පුද්ගලයන් 14 දෙනකුගේ නම් ලයිස්‌තුවක්‌ පෙබරවාරි 13 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

විශේෂයෙන් මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ල මගින් සුදුවෑන්වලින් පැහැරගෙන ගොස්‌ පුද්ගලයන් අතුරුදන් කළ පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් හෙළිකර ඇති බවත් එය සැලකිල්ලට ගෙන තමන් කළ පැමිණිල්ලේ පිරිස සම්බන්ධයෙන්ද විමර්ශනයක්‌ කරන ලෙස කිඳෙල්පිටිය මහතා රහස්‌ පොලිසියෙන් ඉල්ලීමක්‌ කළේය.

විශේෂයෙන් මෙහිදී වැඩි අවධානයක්‌ යොමු කළ කිඳෙල්පිටිය මහතා රාගම දේවාලයේ ලොකු සීයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධව සුදු වෑන් රථයකින් පැමිණි පිsරිසක්‌ ලොකු සීයා 2011-10-27 දින පැහැරගත් අතර 2011-11-03 වැනි දින අක්‌කරපත්තුව මුහුදු වෙරළට ඔහුගේ සිරුර ගොඩගසා තිබියදී සොයා ගැනීමට හැකිව තිබූ බවද හෙතෙම කීය.

එම සිරුර සමග නාවික හමුදාව භාවිත කරන කිලෝ 100 ක්‌ පමණ බර යකඩ, නාවික හමුදාව භාවිත කරන දැල්ද සිරුරේ ගැටගසා තිබීම නිසා මෙම ඝාතනය ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිදුකළේද යන්න සැක මතුවන බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා එම්. එන්. එම්. හිසාන් (පොඩි සීයා) එම්. එන්. එම්. හිජාස්‌ (චූටි සීයා) යන මහත්වරුන් සමග පවුලේ ඥතීන් සහභාගි වී සිටියහ.


http://www.divaina.com/2015/02/27/news20.html

කෑ ගසා හැඬීමට නොව, ජුනි මහ මැතිවරණ දා එජාපයට කණ හරහා දුම් පිටවීමට පහර දීමට දැඩි සේ සිතට ගන්න.



සෑම සිංහල බෞද්ධයෙක්ම ධර්මපාල තුමන් ගේ ජීවන චරිතය කියැවිය යුතුය.නැවත නැවතත් කියැවිය යුතුය.අප අද ජාතියක් වශයෙන් වැටී සිටින තත්වයට ප්‍රධාන හේතුව එතුමන් වැනි උතුමන් කළ සේවය අමතක කිරීමය,එතුමන් පෙන්වූ මග නොයෑමය.අපගේ සැබෑ ජාතියේ පියා වන්නේ ධර්මපාල තුමන් මිස කතෝලික පල්ලියට කඩේ ගිය,කතෝලික පල්ලියෙන් උපදෙස් ගෙන ව්‍යවස්ථාව සෑදු අයිවොර් ජෙනින්ග්ස් ලාගෙන් උපදෙස් ගත්,භික්ෂුන් වහන්සේලා බොරු පොරොන්දු දී රැවටු,එදා විද්‍යාලංකාරයට එරෙහිව කටයුතු කළ, සුද්දන්ගේ පසුපස යමින් බලය ලබා ගත් දොන් ස්ටීවන් සේනානායක නම් කළු සුද්දා නොවන්නේය. එම කලු සුද්දා පරපුරේම මී මිනිපුරෙක් වන, ඩී එස් සේනානායක අඩි පාරේ ඊටත් වඩා නින්දිත ලෙස දේශපාලන ගමනේ යන බෙලහීන පරාජිත රනිල් වික්‍රමසිංහ කිසිසේත් රටේ විධායක බලය හිමි අගමැති කමට සුදු නොවන්නේය. හෙළ ජාතිය සියතින් ගෙල අහිමි කර නොගත යුතුය. අපේ සතුරා වන  ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? ඔහු ඒකාන්තයෙන්ම අපේ මිතුරායි. විධායක අගමැති වීමට සුදුසු කොන්ද ඇති එකම නායකයා ඔහුයි. මහ මැතිවරණය අපේ එකම අවස්ථාවයි. ඔහු අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.


No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.