ජාතිය නොවිකුණා ඉඩම විකුණා ගන්න by Damith Kethaka



මුදල් හිඟය, මුදල් පරිහරණය ඇරඹුණු දා පටන් කොයි කාටත් ඇති චිත්ත පීඩාවකි..මුදල් අතමිට යහමින් ඇති කළට රැස් කරගත් ඉඩ, කඩම්, ස්වර්ණාභරණ පිහිටට එන්නේ එවිටය...හදිස්සියකදී මුදලෙහි දැනෙන වටිනා කම කිසිදු මහ බැංකුවකට නිර්ණය කර නොහැකි තරම් විශාලය...




ඔබ ජාතියේ දේ සොරා කෑවෙකු නොවේ නම්, රටේ අනාගතය හෙරොයින් යක්ෂයාට බිලි දී මුදල් සෙවූවෙකු නොවේ නම්, අනීතික ජාවාරම් වලින් නිල් කොළ මිටි බැන්දෙකු නොවේ නම්, සාධාරණ රැකියාවක් හෝ වෙළඳ ව්‍යාපාරයක් පමණක් කළ අයෙකු වේ නම්, ඔබට මුදල් හිඟය හොඳට හුරු පුරුදු ඇතිවාට සැක නැත..




ඔබේ නිවස, ඔබ තැනූ අතිරේක නිවස්නයක් වෙතොත් එය, ඔබ සතු යම් ඉඩමක් වෙතොත් එය හදිස්සියේ ප්‍රමාණයට ඔබට පිහිටට එන්නේ එවැනි මොහොතකය..ඒ නිශ්චල දේපළ විකුණා දමා ඔබේ මුදල් අවශ්‍යතාවය පිරිමසා ගැනීම ඉතාම පිරිසිදු සාධාරණ ක්‍රියාවකි...බුදු රජාණන් වහන්සේද, හදිසි අවස්ථාවකදී පරිහරණයට ඔබට ලැබෙන ධනයෙන් යම් කොටසක් ඉතිරි කර ගන්නැයි වදාළ හෙයින්, එවැනි ආයෝජනයක් ළඟ තබා ගත හොත් ඔබට කාට හෝ අත පාන්නට සිදු නොවනු ඇත....




නමුත් ඔබට විශාල වගකීමක් ඇත..ඔබේ ඉඩම, ඔබේ නිවස්නය අපේ සිරි ලක් මාතාවගේ කය මසෙහි කොටස්මය...අනෙක් වචනයෙන් කියතොත් සිංහල දේශයෙහි රී රී මාංසය..එනිසා ඔබ, ලක් අම්මාගේ රී රී මාංසය පත් කරන්නේ තවත් සිංහලයෙකුගේම අතට බවට සහතික විය යුතුමය...




නමුත්, අද ලක්දිව වෙළඳ බලය ඇත්තේ සිංහලයන් අතේ නොවේ..අවාසනාවකට එය මුළු ලෝකයේම ගෙන බැලුවත් එසේමය..ලක්දිව වෙළඳ බලය ඇත්තේ, යටත් විජිත සමය ඇරඹෙන්නට මඳ කළකට පෙර ලක්දිවට රිංඟා ගෙන, ජාවාරමින් උපයා ගත් දෙයින් දිළිඳු, සරල හෙළයින් මුලා කොට ඩැහැ ගත් ඉඩ කඩම් මත වාඩි ලාගෙන, දැන් බුදු සමයටත්, එහි නැගෙනහිර උරුමයටත් කෙළින්නට මාන බලන ජාතියක් අතේය..පුර හඳට, අටවකට හොරෙන් හෙළයට රිංගා ගෙන දැන් බුදු සමය යල් පැන ඇතැයි කියමින් මහා ලොකුවට ඝාතක ධර්මයක් දෙසන ජාතියක් අතේය...



මොවුන් එන්නට මත්තෙන් ඉතාම පහසුවෙන් ගෙයක්, දොරක් තනා ගැනීමට හැකියාව තිබූ අසරණ සිංහලයන්ට ඒ අවස්ථාව ඇහිරුවේද මොවුහුමය..කුණු කොළ්ලයට නූගතුන් රවටා ඉඩම් ගෙන, අනතුරුව ගිනි කපුරු ගණන් වලට ඒවා මිළ නියම කොට, සාමාන්‍ය සිංහලයෙකුට ගෙයක් දොරක් තනා ගැනීම, මිලට ගැනීම සිහිනයක් වෙන තැනට දායක වූවෝද ඔවුහුමය...එනිසාම, ඒ අයුක්ති සහගත චර්යාවන් නිසාම, අද, අත්පිට මුදලට අසුරක් ගසන සැණින් ඉඩ කඩම් ගෙවල් දොරවල් මිළට ගැනීමේ ක්‍රය ශක්තිය හා මූල්‍ය ශක්තිය ඇත්තෝද මොවුහුය..අද ලක්දිව දියුණු වේගෙන එන, ප්‍රගතියක් මෝදු වේගෙන එන, නගරයක්, නගරයක් පාසා, කඩ මණ්ඩියක් පාසා ගිජු ලිහිණින් මස් කැබැල්ලට එන්නා සේ දුවගොස්, එහි කේන්ද්‍රයේම සියළු දේපළ ඩැහැ ගන්නෝද මොවුහුය...අගනුවරින් 35% ඔවුහුය..අගනුවරින් 25%-30% අතර ප්‍රමාණයක් ඔවුන්ගේ අතේය..2030 වනවිට මෙය 55%-60% වනු ඇත...මහනුවරින් විශාල කොටසක් ඔවුන්ටය..සාමාජීය මර්මස්ථාන...මේ අපේ ආර්ථික මර්මස්ථාන ග්‍රහණයට හසුවන ආකාරයයි..අපේ ඛණිජ තෙල් සම්පත මතුවූ වහාම එහි අධිකාරිය ඩැහැ ගන්නට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජ පවුල්වල ආධාර ලබන, මොවුන්ගේ ජාවාරම් කාරයෝ කිහිප දෙනෙකු පා වන, වනා බලා සිටිති....මොවුන්ගේ දුෂ්ඨ ව්‍යාප්ති අරමුණු සහිත මන්නයෙහි ලේ පිහින්නේ ඔබේම කමිසයේ බව ඔබ දන්නවාද?...සිංහලයෙකුට අද ඔබේ ඉඩම, ගෙය මිළට ගන්නට බැංකු තුළ, මූල්‍ය ආයතන තුළ, පහුගිය ආත්මයේ හමේ පාට, උපතේදී බර ආදියත් දමා පිරවිය යුතු මාගල් බඳු අයදුම් කොල වලට යට වෙන්නට, තම මව්බිමේ නිවහනක් සාදා ගන්නට නිලධාරී වාදය ඉදිරියේ දණින් වැටෙන්නට සිදුවී ඇති නිසා, ඔබේ ඉඩම ගන්නට හෙළයෙකුට එන්නට බොහෝ වෙලාවකට කලින් අර අහවල් ජාතියේ එකෙකුට එන්නට පුළුවන්ය...අත්පිට මුදල් ඇත්තේ ඔවුන් අතේය..




අත් පිට මුදල් ඇති නිසාම ඔවුන්ගෙන් ඔබට, ඔබ සිතන ගාණටත් වඩා ඩිංගිත්තක් හෝ වැඩිපුර "දතක්" ගලවා ගැනීමට ලැබෙනු ඇත..එසේත් ඔබ සිතනු ඇත...දුප්පත් හෙළයා ඔබ කරා පැමිණ කීයක් හෝ අඩුවෙන් හෙට්ටු කර ඉල්ලද්දී, එළුවන්ගේ, ගවයන්ගේ ලේ ගෑවුණු හෝ, බෝට්ටු මඟින් ගෙන්වූ මත්කුඩු දුඟද ඇති "රෙඩි කෑෂ්" ඔවුන්ගේ ඇඟිලි තුඩු වලින් වැක්කෙරීම ඔබට, ඔබේ අවශ්‍යතාවයේ හැටියට ඉතාම අස්වැසිල්ලක් වනු ඇත...





නමුත් ඔබ ඒ දුප්පත් සිංහලයා එන තෙක් මඳක් ඉවසා සිටින්නේ නම්, ඔබ තුණුරුවන් වැඳ, පිච්ච මල්, සුවඳැල් පිදූ නිවසේ ජනෙල් උළුවහු මතින් අළුතින් මරණ ලද ගවයෙකුගේ කුණු ලේ ගඳ, ඔබෙන් පසුව වහනය නොවන බවට ඔබට සහතික විය හැක..



නමුත් ඔබ ඒ දුප්පත් සිංහලයා එන තෙක් මඳක් ඉවසා සිටින්නේ නම්, ඔබ හැරදා යන ඒ ගම් පියසේ පිරිසිදු ගුවන් තලය අසරණ සතුන්ගේ මර ලතෝනියෙන් දූෂිත නොවන බවට ඔබට සහතික විය හැක..දෙසවනට පවන් සලන සෙත් පිරිත් ඇසුණු සුන්දර වෙල්




එළි පිසගෙන, වැලි කුණාටුවක් බඳු කඨෝර, කර්කශ මොර ගැසිල්ලක් නෑසෙන බවට ඔබටම සහතික විය හැක..





නමුත් ඔබ ඒ දුප්පත් සිංහලයා එන තෙක් මඳක් ඉවසා සිටින්නේ නම්, ඔබේ දුකට සැපට ළඟ සිටි ගමේ හාමුදුරුවෝ, දානයෙන් තොරව කුසගින්නේ පාලු පන්සලක තනි නොවන බවට ඔබට සහතික විය හැක..අවසානයේ කෙණහිලි කම් ඉවස දරා ගත නොහැකිව උන් වහන්සේ පන්සල හැර පියා ගිය විටෙක, ඒ පන්සලත්, ඒ පන්සල එතැන සිටවූ හෙළ සුරුවන්ගේ මතක සටහනුත් බුල්ඩෝසරයට යට නොවන බවට, ඒ සෙල් ලිපි මත උණු සාන්ද්‍ර ඇසිඩ් වත් නොකෙරෙන බවට, ඒ තොරණ් වල හැඩය වෙනස් නොවන බවට, ඒ බුදු පිළිම නොකැඩී, ඒ වෙහෙර නොපැලී තිබෙන බවට ඔබටම සහතික විය හැක...





නමුත් ඔබ ඒ දුප්පත් සිංහලයා එන තෙක් මඳක් ඉවසා සිටින්නේ නම්, ඔබ විසින් සපයා දෙන ඉඩ, මතු අනාගතයේ අසිපතක් වී "විශ්වාස නොකරන" ඔබේ පුතුගේ ගෙළ නොසිඳින බවට, කසයක් වී, හිස මුදුනේ සිට දෙපතුල් තෙක් නොවැසූ වරදට ඔබේ දියණියගේ පිටෙහි නොගැටෙන බවට ඔබටම සහතික විය හැක...





නමුත් ඔබ ඒ දුප්පත් සිංහලයා එන තෙක් මඳක් ඉවසා සිටින්නේ නම්, ආසියාව පුරා ධර්මාලෝකය විහිදවූ මහා අංගීරස අධිරාජ්‍යයයක් පතුරු ගැසූ සාහසිකයන්ගේ පුතුන්ට, අවසාන ථේරවාදී සෙවණත්, ඔබේ අත්සනින්ම ක්‍රම, ක්‍රමයෙන් පාවා දෙන මහා පාප කර්මය ගෙවන්නට ඔබට සතර අපායේ පැසෙන්නට සිදු නොවන බවට සහතික විය හැක...




මේ මහපොළව බොහෝ දුක් විඳ ඇත...බොහෝ ගිනි උහුළා ඇත..මේ නටබුන් චෝළ මණ්ඩලයේත්, යුරෝපීය සැහැසින්ගේත්, බොහෝ වියරු සැණකෙළි ගල් කඳුළින් බලා සිට ඇත...මේ අම්මාව, බොහෝ සිංහලේටම උපන් දේශ පාලු ජඩයන් හැම ගුබ්බෑයමේම උගසට තබා ඇත...මේ අම්මාට බොහෝ පුතුන් අහිමි කරවා ඇත...මේ අම්මා යන එන මං නැතිව මහ මඟට වැටී ඇත...මේ අම්මාගේ කසී සළු උණා වැරහැළි අන්දවා ඇත...මේ අම්මා තරම් දුක් විඳි වෙන මහී ගැහැණියක් නැත..මේ අම්මා නියාළු පුතුන්ගේ නපුංසක කම් ඉදිරියේ අසරණ වූ වාර ගාණ ගිණිය නොහැක...උන්ගේ නිවට කම් අස්සෙන් රිංගූ පරයන් මේ අම්මාව කෑලි කරන්නට ගිය වාර ගාණ ගිනිය නොහැක..මේ සිරි ලංකා මහ පොළව තරම් නිහඬව ගිණි ඉහිළු තවත් පොළවක් නැත...මේ සිංහල ජාතිය තරම් පෙර කරුමයේ නොව "පර කරුමයේ" ගින්නෙන් පැහුණු වෙනත් ජාතියක් නැත..



මේ සිරි ලංකා පොළවට සැනසීමක් තිබුණේම නැත..



ඔබේ දුක් මහන්සියෙන් සකසා ගත් කුඩා "පර්චස්" කිහිපයෙනුත් ඒ ගිනි රස්නය තව වැඩි කරනවාද?...




අම්මා පිට විකුණන්න එපා...අම්මාව ඔබෙන් ගිලිහේ නම් සහෝදරයෙකුට බාර දෙන්න...ඔබේ ඉඩම, නිවස්නය, වෙළඳ ව්‍යාපාරික ආයතනය, ගොවිපොළ මිලට ගන්නට ඒ දුප්පත් සිංහලයා එන තුරු මඳක් ඉවසා සිටින්න...ඔබ එසේ සිටින්නේ නම්, ඔබේ වුවමනාවට ලැබෙන ඒ මුදලින් ඒ අවශ්‍යතාවය මැනවින්ම ඉටුවන බවට, ඒ ගත් මුදලට වගතුවක් වන බවට, ඔය අම්මාගේම තුරුළේ නිදන ඔබේ මුතු, මිත්තන් එවිට ඔබට සහතික වනු ඇත...



ජාතිය නොවිකුණා ඉඩම විකුණා ගන්න... 

Damith Kethaka  විසිනි.

5 comments:

  1. සහෝදරයා , මෙම ලිපිය මෙහි පළ කිරීම ඉතාමත් වැදගත්. ඔබට පින්. ඒ වගේම මෙම ලිපිය ලියා ඇත්තේ දමිත් කෙතක ලෙස නිවැරදි විය යුතුයි

    http://www.facebook.com/note.php?note_id=141484092570102

    ReplyDelete
  2. ඔබට පින් අපිව දැනුවත් කිරීම ගැන. නිවැරදි කිරීම සිදු කලෙමු.

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=Bv45Wbp73WU

    ReplyDelete
  4. සිංහල ජාතියට හැමදාම වැරදුනේ පරයින්ට සිංහල දේශය පාවා‍දෙන්නට ගොස්ය අතීතයේ විජාතිකයින් කිහිපයකටම යටත්වී සිටීමට අපට සිදුවූයේ මුදලට නිලතල වලට රට පාවා දීම නිසාය. නමුත් ජාතියයේ පිනට පහල වූ දේශප්‍රේමීන් නිසා එයින් ගැලවෙන්නට අපට හැකිවිය.

    නමුත් ඉහත ලිපියෙන් අවධාරණය කරන පරිදි ඔබගේ ඉඩමක් විකුණන්නේ කමී එය සිංහලයෙකුගේම අතටම පත්කල යුතුය. එසේ නොකරන්නේ නමී මෙී ‍දේශය අපට අහිමිවන දිනය වැඩි ඈතක නොවෙී.

    එහෙයින් මෙරට භුමිය රැකගැනීම දේශර්‍ප්‍රමී සිංහලයෙකුගේ වගකීමක් වන්නේමය!

    ReplyDelete
  5. මේ ලිපිය පල කළ ඔබට පින් අත් වේවා!!!

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.