PANADURA - සාධු! සාධු!! සාධු!!! බෞද්ධ පුරවරයෙන් රටටම ආදර්ශයක්

පර ආගමිකයන්ට අවිහිංසාවාදය ගැන සම්මන්ත්‍රණ තබමින් මුදල් හා කාලය කා දමනවාට වඩා, ප්‍රඥාව භාවිත කරමින් සත්ව ජීවිත බේරා ගන්න අපිට තවමත් පුළුවන් බව මේ හෙළ විරුවන් ඔප්පු කර හමාරයි. එම ගිහි පැවිදි සියළු උතුමන්ට මුරගල අපගේ උත්තමාංග නමස්කාරය. මුළු රටම මෙය ආදර්ශයට ගනිත්වා! රට පර ගහලයින්ගෙන් බේරා ගන්න සියළු ආර්ය හෙළයෝ පෙරට පැමිණෙත්වා!


සිංහල ජාතික බලවේගය පුණර්ජීවනය කළ පානදුරේ,
හරක් මස් කඩේ, සදහටම වැසේ...

නූතන බොදු පුනරුදය පුණර්ජීවනය කළ පෙරටුගාමී බොදු නගරය වූයේ පානදුරයයි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි උතුමන් වහන්සේලා සිය අවිහිංසාවාදී ජාතික ව්‍යාපාරයට ආරම්භක වෙඩිමුරය තැබුවේ පානදුරයෙනුයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමන් සිංහල ජාතික ව්‍යාපාරයට සමගාමීව ගෙරිමසට එරෙහි ජාතික ව

්‍යාපාරයට අඩිතාලම දැමූයේද පානදුරයෙනුයි. සීමිත වූ මස්වැද්දන් කිහිපදෙනෙකුගේ මනදොල සපුරනු වස් අවිංහිසාවාදි ජාතික ව්‍යාපාරයකට පණ දුන් එහෙව් උතුම් වූ පානදුර නගරය අපවිත්‍ර කරවමින් කලක් තිස්සේ පවත්වාගෙන ආ මස් වෙළදසැලට ගිහි පැවිදි බොදුනුවන්ගේ දැඩි විරෝධතාවය එල්ල වූවත් මෙතෙක් කලක් වරින් වර නගරසභාව පාලනය කළ පාලනාධිකාරීන් එය කනකට ගත්තේ නැත. සමහර විට වෙනත් ආගමිකයන්ගේ හා බලපුලුවන් කාරයන්ගේ මුදල් ඉදිරියේ ඔවුන් නිහඩ පිළිවෙත් අනුගමනය කළා වූවා විය හැකිය.

පානදුර බොදුබල සංසදයේ භික්ෂූන්වහන්සේලාගේ ප්‍රකාශය http://www.youtube.com/watch?v=ST35fnZeeiA&feature=plcp

එබැවින් මීට වසර දෙකකට පෙර ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ ගිහි ජනතාව මූලිකත්වයෙන් බොදු බල සංසදය නමින් සංවිධානයක් පිහිටුවාගන්නට වූ අතර කලුතර බෞද්ධාරක්ෂක පදනම ඇතුළු තවත් ප්‍රදේශීය බොදු සංවිධාන කිහිපයකම ආශිර්වාදය ඔවුනට හිමි විය. පසුව සියල්ලන්ම මැදිහත් වී දායකයන්ගේ මුදල් ආධාරය ඇතිව පානදුර මස් වෙළදසැලේ ටෙන්ඩරයේ අයිතිය උපක්‍රමශීලීව ලබා ගැනීමට කටයුතු යෙදීය. පසුව මන්ත්‍රීවරයකුගේ ලවා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර නගරසභාවේ පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් සම්මත කර ගන්නට හැකි විය. ඒ අනුව ඊයේ (නොවැම්බර් 28) දින පටන් පානදුර මස් වෙළදසැලේ අයිතිය පානදුර බොදුබල සංසදයට හිමි වන අතර මෙතැන් පටන් පානදුර බොදු ජනතාවට මහත් හිරිහැරයක්ව පැවැති මස් වෙළද සැල වසා දැමෙනු ඇත.(නගරසභාවේ අනුමැතිය රහිතව වෙනත් මස් වෙළද සැලක් ආරම්භ කිරීමේ හැකියාවක් නැත) මෙම වෙළදසැලේ විකිණීම සදහාම 1 දිනකට පමණක් ගවයන් 4 දෙනෙකු මරා දමා තිබිණි. ඒ අනුව මෙම වෙළදසැල සදහා පමණක් වසරකට ඝාතනය වන 1200 කට අධික අහිංසක සතුන්ට ජීවිත දානය හිමිවනු ඇත.

මේ මාහැගී පුණ්‍යකර්මයට අතහිත දුන් පානදුර බොදුබල සංසදයේ හිමිවරුන් ප්‍රමුඛ ගිහි බොදුනුවන්ටත්, අනෙකුත් සංවිධානවලටත්, යෝජනාවට ඒකමතිකව සහය දුන් පානදුර නගරසභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් සමස්ථ බෞද්ධයින් වෙනුවෙන් අපගේ ගෞරවපූර්ව පුණ්‍යානුමෝදනාව හිමි විය යුතුය. එසේම බොදු පුනරුදයේ ජයග්‍රාහී නගරය වූ පානදුරයේ දෑ හිතකාමී බොදු ජනතාව සමස්ථ ලාංකීය බොදු සංවිධාන ක්‍රියාකාරීන්ට වටිනා ආදර්ශයක් සපයා ඇත. ඒ අනුව යමින් දිවයින පුරා විසිරී සිටින ප්‍රදේශීය බොදු සංවිධානවලට මෙසේ ඉදිරිපත් වී ධර්මද්වීපය මස් වැද්දන්ගෙන් මුදවා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

ටික කලකට පෙර ආචාර්ය අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස අපේ හාමුදුරුවන් වහන්සේ ගව ඝාතනය සම්බන්ධව දක්වා තිබූ අදහසක් යළි සිහිපත් කරමු.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව කවුරුත් පිළිගත යුතුයි. ඒ වගේම බෞද්ධ අපි කිසිම දවසක හිංසාවට ඉඩක් දෙන්නේ නෑ. හොඳ සිංහල බෞද්ධ පිටකොන්දක් තියෙන අපේ රජවරු"මා ඝාතයේ" යනුවෙන් සියලු සත්ත්ව හිංසන හා ඝාතන තහනම් කොට තිබෙනවා. අනුරාධපුර යුගයේදී සඳකඩ පහනට යොදා තිබූ ගව රුව පොළොන්නරු යුගය වනවිට ඉවත් කළේ හින්දු ආගමට ගරු කිරීමක් වශයෙන්. ඒක තමයි බෞද්ධ අපගේ ආගමික සහජීවනය. එයයි අපගේ ශ්‍රේෂ්ඨත්වය. එය අතකොළුවක් කරගෙන යම් කිසිවෙකු විසින් බෞද්ධකමට පිටුපානවා නම් එය ඉතාමත් නින්දිත ක්‍රියාවක් වශයෙන් තමයි අපි දකින්නේ. මීට අමතරව, බෞද්ධයන්ට ගවයා යනු, සමීපතම, ප්‍ර‍යෝජනවත් හා ගෞරවනීය සත්ත්වයෙක්. එසේ නම්, මෙවන් සතෙකු තමන්ගේ ආගම උදෙසා යැයි, දෙවියන් උදෙසා යැයි කියමින් ඝාතනය කරනවා නම් එවැනි ආගම් මොන වගේ ආගම්ද කියලා අපට හිතා ගන්න පුළුවන්. ඒවායේ දෙවිවරුන්ගේ යථාර්ථය කුමක්දැයි යන්න අපිට හිතාගන්න පුළුවන්. බෞද්ධ දර්ශනයට අනුව නම් කිසිම විදිහකින් දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු විය හැකි පිං මිසක් රුධිර පූජාවන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මේ රටේ බෞද්ධයන්ගේ සිත් රිදවලා අහිංසක සතුන්ගේ ලෙයින් මේ පිං බිම අපවිත්‍ර කරලා තමන්ගේ විකෘති ආහාර තෘෂ්ණාව සපුරා ගන්න යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරනවා නම් ඒ තැනැත්තන් නිහීන තුච්ඡ ජාතියක් වශයෙන් සලක්ක අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේවා වෙනුවෙන් කිසිම ඉඩක් ලබා දිය යුතු නෑ.. මෙවැනි සදාචාරමය අර්බුද නීතිය මඟින් විසඳගන්න බෑ... නීතිය ඉටු වෙනකොට බොහෝ විට පෙරහැර ගොස් හමාරයි. එහෙයින් රටේ සමස්ත මහා සංඝරත්නයම ගිහි දායකකාරකාදීන් සමග මැදිහත් වෙලා මෙම සත්ත්ව ඝාතන වැළැක්වීම සඳහා මැදිහත් විය යුතුයි. කිසිම හේතුවක් නිසා ගවයින් ප්‍රවාහනය කිරීමට එකඳු පාරක හෝ ඉඩ නොදිය යුතුයි. බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අවසාන වශයෙන් අප මේ ගවයින් ඇති කරන්නන්ටත් යමක් දැඩිව අවධාරණය කළ යුතුයි. යම් කිසිවෙක් විසින් තමන්ව පෝෂණය කරන ගවයින් මස් පිණිස විකුණයි නම් හෙතෙම තමන් වැදූ පෝෂණය කළ මෑණියන්ව, පියාණන්ව මස් කඩයකට දක්වන වසලයෙකුට සමානයි.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.