Gold Plate Inscription - බදකර අතන - වැලිපුර - වල්ලිපුරම් (දෙමළ)



විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න


Inscription reads:
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසගිරියෙ නකදිව බුජමෙනි
...බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ

Translation:
වසභ මහ රජුගේ රාජ්ය සමයේදී ඉසගිරිය අමාත්යවරයා නකදිව (නාගදීපය හෙවත් වර්ථමාන යාපන අර්ධද්වීපය) පාලනය කරත්දී බදකර අතනෙහි පියඟුක තිස (හෙවත් පුවඟුදීප තිස්ස) වෙහෙර කරවන ලදී.

Success! In the reign of the great King Vasabha, and when the Minister Isigiraya was governing Nagadipa (present day peninsular Jaffna), Piyaguka Thisa Vihara was built at Badakara Athana (
Senarath Paranavithana - Epigraphia Zeylanica (vol. IV)).

Period:
1st Century AD (discovered in 1936 - found buried under the foundation of a Kovil)


පලමු ශත වර්ශයට අයත් මෙය 1936 වසරේදී සොයා ගනු ලැබුවේ කෝවිලක පාදමක් (අත්තිවාරමක්) යටිනි. පැවති විහාරයේ ඉරණම ගැන කවර කථාද?

Location: Veli-pura (or Vallipuram in Tamil, originally Badhakara Athana) - currently preserved at State Museum in Colombo.
Language: Sinhala Prakrit
Script: Early Sinhala Brahmi.
Courtesy: Anuja Manchanayaka on FaceBook



අතීත වීර හෙළයන් රන් පතකින් අපට ශාක්ෂි ඉදිරිපත් කරන, අපගේ උරුමය සදහට රැක ගනිමු. එම වීර හෙළයන්ට ගෞරවයක් ලෙස වර්තමාන වල්ලිපුරම් යන දෙමළ නම අපි ප්‍රතික්ෂේප කරමු, වැලිපුර යන ආරිය සිංහල නම ඒ වෙනුවට භාවිත කරමු. 


 තවදුරටත් කියවන්න:
අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත කිරීමයි


මෙය අපිට යොමුකල මුරගල සාමාජික මහතාට අපගේ ප්‍රණාමය!

1 comment:

  1. දැනගැනීම පිණිස එක්කරමි. දැනට ජාතික කෞතුකාගාරයේ පවතින්නේ වල්ලිපුරම් රන් පතේ අනුරුවකි. සැබෑ රන්පත එය සොයාගත් දමිළ ජාතිකයා සමඟම නැතිවී ඇත. වාසනාවකට රන් පතේ සටහන් සියල්ල පිටපත් කරගැනීමට පුරාවිදුවන්ට හැකිවිය

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.