Our Duty - යළි භාවිතයට ගත යුතු සිංහල ස්ථාන නාම භාවිත කිරීමයි

 

 


අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත කිරීමයි

 


ලොවැ කොතැනක හෝ වෙසෙන කිසියම් මිනිස් ජාතියක් වෙතොත්, ඔවුන් නියත වශයෙන් ම තවත් ජාතියකට වෙනස් වන්නේ ඔවුනොවුන් කථා කරන භාෂාවෙනි. ඉංගිරිසින් ඉංගිරිසි ජාතිය වන්නේ, ඔවුන්ගේ මවු බස ඉංගිරිසි භාෂාව බැවිනි.
 
 ජපනුන් ජපනුන් වන්නේ ද චීනුන් චීනුන් වන්නේ ද, ජරමාණුවන් ජරමාණුවන් වන්නේද දෙමළ ජාතිකයන් දෙමළ වන්නේ ද, සිංහලයන් සිංහල වන්නේ ද එලෙසමයි. සෑම ජාතියක්ම සිය භාෂාවට මවු බස යැයි කියන්නේ ද එබැවිනි.
 
කවර හෝ ජාතියෙක වුව ඉස්මතු වී පෙනෙන, ප‍්‍රධාන ලක්ෂණය එම ජාතියට ආවේනික භාෂාවය. මෙම කරුණේ දී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය කිසියම් වචනයක් විවිධ ජාතිකයින්ගේ මුවින් විවිධ ආකාරයෙන් උච්චාරණය කරනු ලැබීමයි. ස්වකීය මවු භාෂාවෙන් ජනිත උච්චාරණ ස්වරයෙන් බැහැර වීමට කාටත් නොහැක.
 
උදාහරණ ලෙස ඉංගිරිසි ජාතිකයකුට “කොළඹ” යැයි උච්චාරණය කළ නොහැක. එ නිසා ඔවුන් කොළඹට කීයේ “කලම්බු” කියා ය. ශත වර්ෂ ගණනාවකට පසුව වුව ද ඔවුනට කොළඹට කොළඹ යැයි කිව හැකිද? ගාල්ලට “ගෝල්” යැයි, කෑගල්ලට “කේගෝල්” යැයි ද, තංගල්ලට “ටැංගෝල්” යැයි ද ඔවුහු අදත් කියති.
 
මවු බස
 
මෙම උච්චාරණ විපරිත භාවයේ ස්වභාවය තේරුම් ගැනීමට දෙමළ උච්චාරණය හැර වෙනත් උදාහරණ කුමට ද? අප මවු බිමේ අනාදිමත් කාලයක් පුරා ජීවත්වන, දෙමළ බස කථා කරන, ඕනෑම දෙමළ ජාතිකයකු විසින් වුවද පුද්ගල නාම, ග‍්‍රාම නාම, නගර නාම, ස්ථාන නාම ඈ විවිධ වචන උච්චාරණය කරනුයේ තම මවු බසෙහි නියත බලපෑමෙන් බැහැර කළ නොහැකි කැපී පෙනෙන දෙමළ භාෂාමය හුරුව රැගත් උච්චාරණ ස්වරයකිනි.
කදුරුගොඩ පුරාණ විහාරයේ වටදාගෙය සහිත පරිවාර දාගැබ් කිහිපයක්
 
දෙමළ ජාතිකයෝ කොළඹ යැයි කියාගත නොහැකි බැවින් කොළුම්පු යැයි නොකියත්ද? මීගමුව යැයි කීමට අපොහොසත් බැවින් නිර්කොළුම්පු යැයි කියති. ගාල්ලට ගාෙලෙ කියති. අම්පාරට අම්බාරෙයි කියති.
සිරිගෝණකන්දට (ගෝකන්න හෙවත් ති‍්‍රකුණාමලයට) කියන්නේ තිරුකෝණමෙලෙ කියා ය. සෝමපුර (හෝ සාමපුර) යන්නට සාම්පූර් යැයි කියති. මඩකළපුවට කියන්නේ මට්ටක්කලප්පු ය. කොටහේනට කොට්ටන්චේනෙයි යැයි කියන්නේ ද එපරිද්දෙනි. මේ පිළිබඳව දිගු අටුවා - ටීකා අවශ්‍ය නොවේ.
 
ශ‍්‍රී ලංකාවේ කවර හෝ ප‍්‍රදේශයෙක ස්ථාන - නාම දෙමළ භාෂාමය උච්චාරණ ස්වරූපයක් ගෙන ඇත්තේ මෙකී උච්චාරණ විලාශයේ වෙනස නිසා ය. සිංහලයින් දිගු කලක් මෙය සැලැකුයේ උපේක්ෂාවෙනි.
 
අභාග්‍යය මෙකී උච්චාරණ දුෂ්කරතාව, අනියතින් උතුර සහ නැඟෙනහිර පළාත් දෙක සිය දෙමළ නිජබිමැයි ලොවට හඬගා කීමට බෙදුම්වාදී ඊළාම් කාරයින්ට අනගි පසුබිමක් සලසා දීමයි.
අඩ - සියවසකට පමණ පෙර මේ ලක්ෂණය වටහාගත් බෙදුම්වාදී කූට දේශපාලකයෝ මෙම තත්ත්වය උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන සිංහල ස්ථාන නාම සඳහා හිතා - මතාම දෙමළ ආරෝපණයක් ලබාදුන්හ. සිංහලයාගේ නොසැලකිල්ල උතුරු හා නැඟෙනහිර දෙපළාතේ දෙමළ - ඊලාම් සංකල්පකයෙක නිර්මාණය ආරම්භයට පසුබිම සැකසීය.
 
නිජබිම් සංකල්පය
 
දිවයිනේ උතුරු හා නැඟෙනහිර දෙ - පළාතේ ස්ථාන - නාම නියත දෙමළකරණයකට ලක් වූයේ මෙම වක‍්‍ර දේශපාලන ව්‍යාපාරය මතය. වරින් වර, අපගේ දේශපෙ‍්‍ර්මී විද්වතුන්, දේශීය මෙන් ම විදේශීය ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් මතු කරනු ලැබූ, අපේ ස්ථාන - නාමයන්ගේ නිවැරැදි උච්චාරණය හා ලිවීම කෙසේ විය යුතුද යන්න ලොව පුරා වෙසෙන සියලු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම, දේශපාලකයින්, සහ රාජ්‍ය ආයතන වැනි ක්ෂේත‍්‍ර සාමාජිකයෝ හොඳින්ම දැන සිටියහ.
එතෙකුදු වුවත්, වසර ගණනාවක් ම මෙම කරුණ නොතකා හැර, එම දෙපළාතේ ස්ථාන - නාම නිවැරැදි ලෙස නොලියන - නොකියන බව ප‍්‍රකට කරුණෙකි. එ මතුද නොව, නාම ෂකෘති නිවැරැදි කිරීමට පියවර නොගැනීම නිසා , ඒවා තහවුරු විය.
 
ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මල් පලගැන්වීම උදෙසා, මෙම දෙපළාතේ ඓතිහාසික සිංහල ස්ථාන - නාම දෙමළකරණයට ලක්වී, එසේ විකෘති කළ අයුරින්ම පැවැතීමට හා භාවිතයට ඉඩ හැර තිබීම කනගාටුවට කරුණකි.
 
උතුරු හා නැඟෙනහිර පළාත් දෙක එක්කොට, දෙමළ - ත‍්‍රස්තයන් ලවා ඊනියා දෙමළ - නිජබිම් සංකල්පය ජයගෙන, දෙමළ ඊලාමයක් ඇටැවීමේ කුමන්ත‍්‍රණයට දෙමළ - ඊලාම් කාරයින් විසින් මෙකී ස්ථාන - නාම විකෘතිය පාවිච්චි කරනු ලබන අයුරු දැකිය හැකි ය.
 
පොදුවේ ඕනෑම දෙයක් සිදුවන්නට ඉඩ හැර, “ඔහේ ඕනෑ දෙයක් වුණා දෙන්” යැයි කරබාගෙන, ඉඳීමේ ප‍්‍රතිවිපාක දැන් විඳවන්නට සිදුවී තිබේ.
උතුරුකරයේ බෞද්ධ සිද්ධස්ථාන
පසුගිය වසරේ අගෝස්තු මාසයේ නැඟෙනහිර පෙදෙස්හි කැලෑ අරක්ගෙන සිටි එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීහු ගෝකන්න (සිරිගෝණකන්ද හෙවත් ති‍්‍රකුණාමලය ඊපඪදජධථචතඥඥ) දිස්ති‍්‍රක්කයේ ගන්තලාවෙන් (කන්තලේ) ඔබ්බෙහි, සෝමපුර ප‍්‍රදේශයේ ජනතාවට පානීය හා ගොවිතැන් සඳහා ජලය සැපැයූ මාවිල් - ඔයේ සොරොවු අවහිර කළහ.
දෙමළ ජනතාවගේ ඊනියා “ගැලැවුම්කාරයින්” යැයි කියාගන්නා මෙකී දෙමළ ත‍්‍රස්තයෝ, සිංහල සහ මුස්ලිම් ජනයා මතු නොව, දහස් ගණන් වූ තම දෙමළ ජාතිකයින් ද, මෙනයින් දැඩි පීඩනයට ගොදුරු කළහ.
වහා කි‍්‍රයාත්මක වූ, දේශයේ මුර - දේවතාවන් බඳු ආරක්ෂක හමුදා විසින් දරුණු සටන් වැද, දෙමළ ත‍්‍රස්තයන් පළවා හරින ලදහ.
 
අනතුරුව කොටින් ගේ පීඩනයට පත් එම පෙදෙස් වැසි දහස් සංඛ්‍යාත දෙමළ, සිංහල, මුස්ලිම් ඈ සකල ජනතාවගේ පැන් පවස නිවමින්, අගෝස්තු 9 වැනිදා රාති‍්‍ර 8.00 ට අපේ වීරෝදාර සෙබළ බලඇණි විසින් මාවිල් - ඔයේ සොරොවු අරින ලදී. දෙමළ ත‍්‍රස්තයින්ගේ නපුරු දසාව උදා වූයේ එතැන් සිටය.
 
සිංහල ස්ථාන - නාම
 
අපේ පෞරාණික ස්ථාන - නාම භාවිතයේ වැදගත්කම යළිත් දැඩි ලෙස ඉස්මතු වූයේ මේ අවස්ථාවේදීය. කාලයාගේ් ඇවෑමෙන් අපේ ම නොසැලැකිලිමත් කමෙන්, කෙමෙන් ඇල් - මැරුණු සිංහල - නාම භාවිතය මූලික වූ, උතුරු හා නැඟෙනහිර සිංහල අනන්‍යතාවයේ වත්මන් බලපෑම, විද්‍යුත් - පණිවුඩ හුවමාරු පද්ධති මගින් ලොව පුරා වෙසෙන දෑ - හිතැතියන්ගේ පුළුල් සාකච්ඡාවට බඳුන් විය.
අපේ ඉපැරණි සිංහලයා හා උගත් විද්වතුන් කලක් තිස්සේ සාමූහිකවත්, පෞද්ගලිකවත් මෙම විෂය අරභයා කරන ලද පර්යේෂණ, ඓතිහාසික කරුණු සොයා, සසඳ්‍ර, විමංශනයට භාජනය කිරීම්, පැරණි ලේඛන සිතියම් භාෂාමය සමාන කම් හා පරස්පරතාද, උච්චාරණ ප‍්‍රභේදයන් ද, මෙනයින් පළ වී ඇති පොත්පත් පැරණි මිණුම්කරු - සටහන් පොත් ආදිය ද ඇසුරු කොට සැකැසුණු අගනා අන්තර්ජාල තැන්නක් හෙවත් වෙබ් අඩවියක් දැනටමත් නිර්මාණයවී හමාරය.
 
වෙබ් - අඩවිය
 
වත්මනේ දෙමළකරණය වී ඇති සිංහල ස්ථාන - නාම, ඒවායේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පසුබිම, එකී නාමයන් දෙමළ ආරෙන් මෑත යුගයේ බිඳී අවුත් ඇති ආකාරය හා ඒවායේ ඉපැරණි ස්ථානගත සංයුතිය මෙන් ම ජනප‍්‍රවාදආශ‍්‍රිත පසුබිම ද, අදාළ සිතියම් ද දැක්වෙන මෙකී වෙබ් - අඩවිය, දෙමළට තත්සම සිංහලට යෙදෙන ග‍්‍රාම - නාම සටහන් ද සහිතව සැකැසී ඇත්තේ ඉංගිරිසි භාෂාවෙනි.
මෙකී වෙබ් අඩවියට පිවිසෙන මඟ මෙසේය. 

http://dh-web.org/place.names/index.html
 
ඉහත දක්වා ඇති වෙබ් අඩවිය හා අදාළ ස්ථාන - නාම ගවේෂණ කටයුතු, එකල විද්‍යොදය සරසවියේ උප කුලපති වශයෙන් කටයුතු කළ ආචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන මහතාගේ පුරෝගාමිත්වයන් යුත් කණ්ඩායමක් විසින් සිදුකරෙනු ලබයි.
 
සිංහල ස්ථාන - නාම භාවිතය වැදගත් වනුයේ ඊනියා දෙමළ නිජබිම් සංකල්පය හා ඉන් ජනිත වී තිබෙන අප කුඩා දිවයින කොටස් කර, ඊලාම් - බෙදුම්වාදය ජය ගැනීමේ දෙමළ ප‍්‍රයත්න පරාජයකොට, රටේ ඒකීය භාවය සුරැකීම උදෙසා අත්‍යවශ්‍ය මූලාධාරයක් වීම උදෙසාම පමණක් නොවේ. සිංහල - බෞද්ධ උරුමය තවදුරටත් වනසා දැමීමේ වක‍්‍ර දෙමළ ප‍්‍රයත්නය අකී‍්‍රය කිරීමේ ප‍්‍රබල අංගයක් වශයෙනි.
සිරිලක පුරා සිංහල ස්ථාන නාම අදාළ සියලුම පාර්ශ්ව සියලු කල්හි භාවිතා කළ යුතු ය. උතුර සහ නැඟෙනහිර දෙමළ - නිජබිමක් නොවන බැව් ඉන් සනාථවේ. ලොව පුරා වසන දෙමළ ජාතිකයන් විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව තවදුරටත් රවටනු ලබන්නේ මෙලෙසිනි.
 
දෙමළ ජාතිකයන් ලෝ පුරා ප‍්‍රචාරය කර හැර, සිය පරපුරට ද උගන්වා ඇති ව්‍යාජ ලක් උරුමය පිළිබඳ ඉතිහාසයට මූලාධාරය හා සාධකය වී ඇත්තේ ද සිංහල ස්ථාන - නාම දෙමළකරණයම බැව් සපුරා අවබෝධ කළ යුතු කාලය දැන් පැමිණ තිබේ.
 
දකුණු ඉන්දියානු සතුරු ආක‍්‍රමණිකයින් විසින් වරින්වර කරන ලද මහත් විනාශයන් කෙසේ වතු ද, වසර දෙදහස් තුන්සියයකට ද අධික කාල පරිච්ඡේදයක සිට දිවයින බැබැළවූ දහස් සංඛ්‍යාත බෞද්ධ සිද්ධස්ථාන, උතුරේ ද, නැඟෙනහිර පළාතේ ද එකසේ පැවතුණි.
 
වරින් වර සිදුවූ චෝල, පාණ්ඩ්‍ය යනුවෙන් ඉතිහාසයේ හඳුන්වනු ලබන ලද දකුණු ඉන්දීය දෙමළ ආක‍්‍රමණිකයින් විසින් විනාශ කර දමන ලද දහස් ගණන් බෞද්ධ පූජණීය ස්ථානයන්ගේ නෂ්ඨාවශේෂ තවමත් දක්නට ඇත.
 
පුරාවිද්‍යාත්මක හා ;එතිහාසික වටිනාකමින් යුක්ත සිංහල - බෞද්ධ උරුමයට ඉඳුරා දෙස් දෙන්නා වූ ද, මෙම ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දෙමළ ත‍්‍රස්ත ක‍්‍රමයෙන් විනාශ කරති. ඒ මත කෝවිල් ද ඉදිකරති. සිංහලයාගේ උරුමය මකා දැමීමේ වැඩ පිළිවෙළක වත්මන් දෙමළ - ත‍්‍රස්තයින් නිරතව සිටිති.
 
නාගදීපය එදා යාපා පටුනද?
 
යාපාපටුන - නොහොත් නාගදීපය හා තවත් කුඩා පරිමාණයේ දූපත් රැසකින් වට වූ වත්මන් යාපන අර්ධද්වීපය ආදීකාලීන ලක්දිව අතිශයින් වැදගත්, බෞද්ධ මධ්‍යස්ථානයක් වූවා නිසැකය. එදා යාපාපටුන ද, අනුරාධපුරය වැනි පූජණීය මධ්‍යස්ථානයක් වූ බවට පුරාවිද්‍යා සාධක එමටය.
කිතුවසින් 523 වසරකට පෙර බුදුන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළහ. දෙවැනි ලංකා ගමනය සිදුවූයේ නාගදීපයට බැව් සඳහන්වේ. කුඩාබණ්ඩා (චූලෝදර) සහ ලොකු බණ්ඩා (මහෝදර) යන නාග - ගෝති‍්‍රක රජකුමරුන් දෙදෙනාගේ සටන් පිවිසුම් තත්ත්වයක් සමහන් කරනුවස් බුදුන්වහන්සේ මෙහි වැඩම කළ බැව් ප‍්‍රකටය.
 
බුදුන්වහන්සේ වැඩම කරන්නට ඇත්තේ, අද දෙමළ ජාතිකයන් විසින් “නයිනතිවු” නමින් හඳුන්වනු ලබන කුඩා නාගදීප – දූපතට නොව, එකී නාග ගෝති‍්‍රක රජදහනට බැව් සැලකීම වඩා ප‍්‍රඥා ගෝචරය.
 එකල එම දූපත ජන ශූන්‍ය දිවයිනක් වන්නට ඇති බැවින්, උන්වහන්සේ එම දූපතට දිවා-විහරණය සඳහා හෝ වඩින්නට ඇතැයි සිතිය හැක.
 
කෙසේ වුවද ඉන් සියවස් ගණනක ඇවෑමෙන් පසු ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් පසුව, සිරිමා බෝ ශාඛාවක් සහ අනතුරුව ශ‍්‍රී දළදා වහන්සේ ද දඹකොළපටුණින් ලක්දිවට වැඩම කරවීමෙන් අනතුරුව ද කලින් කල ඒ පරිසරයේ සිය දහස් ගණන් බෞද්ධ සිද්ධස්ථාන ඉදි වූ බැව්, ප‍්‍රදේශය පුරා ඇති අති විශාල නටබුන් ප‍්‍රමාණයෙන් පෙනී යායුතුය. එමෙන්ම යාපනය වටා ඇති කුඩා දූපත්වලද ඉපැරැණි බෞද්ධ නෂ්ඨාවශේෂ සොයාගෙන ඇත.
 
මේවායේ ඉපැරැණි සිංහල ස්ථාන නාම දෙමළකරණයට ලක්කොට දෙමළ ඊලාමයක් නිර්මාණය කිරීමේ ප‍්‍රවණතාවක් ගොඩනඟා, එය ත‍්‍රස්ත කි‍්‍රයා මඟින් ජයගැනීමට වලිකන මෙවන් යුගයක, රටේ ස්වාධිපත්‍යයටද, සිංහලයාගේ බෞද්ධ සංස්කෘතික පරිසරයට ඇති හිමිකම් මුලිනුපුටා දැමීම උදෙසාද කෙරෙන දෙමළ ජාතිවාදීන්ගෙන් මවුබිමත්, බුද්ධ ශාසනයත් මුදාගැනීමේ උදාර මෙහෙවර පැහැර නොහැරිය යුතු කාර්යභාරයකි. සිංහල ස්ථාන නාම යළි තහවුරු කළ හැක්කේ නිරතුරු භාවිතයෙන්ම පමණි.
 
පුරාවිද්‍යා - කැණීම්
 
යාපාපටුනේ වැදගත් තත්ත්වය පසුකාලවලදී නාගදීපයට පමණක් සීමාවන තැනට, කටයුතු සැලසුණේ කලින් – කල සිදුවූ හින්දු - දෙමළ ආක‍්‍රමණ නිසා බැව් නිසැකය. යාපාපටුන පුරා පැවැති බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සිය දහස් ගණන් නෂ්ඨාවශේෂ ඇති බැවින්, යාපනය පුරා කැණීම් ඇරැඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය.
 
බි‍්‍රතාන්‍ය සමය ආරම්භයේදී ඔවුන් විසින් සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් සහ මෑත භාගයේ චාර්ල්ස් ගොඩකුඹුරේ යුගයේ කැණීම් හැරුණුවිට, පසුකාලීනව මේ පිළිබඳ උනන්දුවක් නොදැක්වීමේ අනිසි පලවිපාක දැන් භªක්තිවිඳිමු.
 
කාලිංග-මාඝ චෝල ආක‍්‍රමණික ව්‍යසනයෙන් උතුරු මැද සහ උතුරුකරයේ දහස් ගණන් විහාර – දාගැබ්වලට සිදුකළ විනාශ ඉතිරිව තිබූ සෙසු බෞද්ධ නටබුන් බොහොමයක් කොටි-ත‍්‍රස්තයන් විසින් දැනටමත් විනාශකොට ඇත. ඇතැම් නටබුන් මත කෝවිල් ගොඩනඟා ඇත.
අපේ ජාතික හා ආගමික උරුමයන් පිළිබඳ යටගියාවේ මෑත ගවේෂණය ලෙස සැලකිය හැක්කේ පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්ථවිරයන් වහන්සේගේ ගවේෂණ බැව්ද මෙහිලා සිහිපත් කළ යුතුය.
තමන් වහන්සේගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ද පාදකකොට, උන්වහන්සේ විසින් පළකරන ලද “පාචීණ පස්ස උත්තර පස්ස” (2003) නමැති පොත, අපේ සිංහල - බෞද්ධ උරුමය පිළිබඳ වැදගත් සිහිවටනයකි.
 
ශ‍්‍රී දන්ත ධාතූූන් වහන්සේ මෙරටට වැඩම කරවූ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය ගමන් ගත් බැව් සඳහන් දඹකොළපටුන (වත්මන් කන්කසන්තුරය) සිට යාපන නගරය දක්වා වූ මඟ දෙපස බොදු පූජනීය ස්ථානවලින් ගහණවූ බැව් ප‍්‍රකටය. දඹකොළපටුන නැව් තොට සිට, චූලපුර, ගෝතමළුවත්ත, චන්දන, කදුරුගොඩ, සංඝාරාම, උඩුවිල, පරණ නාගවිහාරය වැනි ඉපැරැණි ග‍්‍රාම ඉන් සමහරෙකි.
ඇතැම්විට, ඊට පෙර කලෙක සංඝමිත්තා මහ තෙරණිය විසින් සිරිමා බෝ දක්ෂිණ ශාඛාව වැඩම කරවන ලද්දේ ද එමඟින් මැ විය යුතු බවටද අනුමාන කරනු ලැබේ.
 
යාපනයේ බොදු - ස්ථාන සිතියම
 
ඉහතින් සඳහන් කරන ලද වෙබ් අඩවියට පිවිසි විගස, එහි සිංහල ස්ථාන නාම ලැයිස්තුවට ඉහළින් දක්වා ඇති කෙටි හැඳින්වීම් අනුව, එක් එක් අකුරු ජාල- පිටු විවෘත කරත්ම උතුරු හා නැඟෙනහිර පළාත් පුරා පවත්නා හා පැවැති අප‍්‍රමාණ බෞද්ධ සිද්ධස්ථාන හඳුනාගත හැකිය.
 හඳුනාගැනීමේ පහසුව සඳහා එහි සඳහන් කර ඇති යාපනයේ බෞද්ධ ස්ථාන යනුවෙන් දක්වා ඇති සිතියමේ, උතුරුකරයේ බෞද්ධ ස්ථාන පෙන්වා තිබේ.
 
යාපාපටුනේ බෞද්ධ නෂ්ඨාවශේෂ අතුරෙන් කදුරුගොඩ විහාරයේ තවමත් ඉතිරිව ඇති නටබුන්වූ දාගැබ් සංඛ්‍යාව හැටකි. පිරිනිවන් පෑ රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ හෝ ශාරීරික ධාතු ඒවායේ තැන්පත් වන්නට ඇතැයි ජනප‍්‍රවාදයේ පවතී.
 
”කදුරුගොඩ” “කන්තරෝඩෙයි” යනුවෙන් ව්‍යවහාරයට ලක්වී ඇතත්, මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ නටබුන් දෙමළ ත‍්‍රස්තයන්ට විනාශකොටගත නොහී, තවමත් විරාජමානව පැවැතීම විස්මයජනකය.
 
දෙමළ ඊළාම් වාදය
 
මෙහි ඉහතින් සඳහන් වෙබ් පිටුවට පිවිසෙන්නැයිද එහි දැක්වෙන සිංහල ස්ථාන නාමයන් සියලු තන්හිදී භාවිතා කරන මෙන්ද සියලු දේශපෙ‍්‍ර්මීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දෙමළකරණයට ලක්වී ඇති දිවයිනේ ස්ථාන නාම හඳුනාගෙන අදාළ සිංහල නාම භාවිතය නොපමාව දියත් කළ යුතුය. එසේ කිරීම ජාතිවාදය නොවේ.
 
මෙහි මුලින් දක්වන ලද පරිදි දෙමළ ජනතාවට සිය දෙමළ භාෂාමය ස්වරයෙන් උච්චාරණය කළ හැකි පරිද්දෙන්ම ඉදිරියටද ඒ ඒ ස්ථාන නාම ශබ්දකිරීමට හෝ ලිවීමට හෝ මෙයින් බාධාවක් සිදුවන්නේ නැති බවද සැලැකිය යුතුය.
 
සිංහලයා වනාහී, ඈත අතීතයේ සිටම සෙසු ජාතීන්ගේ සංස්කෘතිය, බස, ජීවන රටා, ඇදැහිලි හා වත්පිළිවෙත් සමතන්හිලා ගරුකළ බව මුළු ලොවම දනී.
 
ශ‍්‍රී ලංකාවේ හැරුණුවිට රටේ ජනගහනයෙන් සියයට 9ක් පමණ වූ සුළුතරයකට, එහි බහුතර සියයට හැත්තෑපහක පමණ වූ පුරවැසියන්ට හිමි සියලුම අයිතීන් හා වරප‍්‍රසාද, වචනයේ පරිසමාප්තාර්ථයෙන්මැ සමව පිරිනමා ඇති වෙනත් කවර දැයක් හෝ රටක් නොමැති බව සඳහන් කළ යුතුය.



 
ආනන්ද විජේසිංහ
කැනඩාව

12 comments:

  1. වටිනා ලිපියක්

    ඔව් ඈත්තෙන්ම එක කරන්න් අපුලුවන්නම් ගොඩක් හොදයි අපේ වෑලලඉලා ගිය අතිතයේ අබුමානවත් බව රෑකෙවි

    ReplyDelete
  2. Use of original Sinhala names in places is my great dream since my teenage. Your suggestion is excellent. I am very mush glad on it. But our proposals should be easy to use and meaningful. Otherwise people will reject them.

    -K. K. Nanayakkara

    ReplyDelete
  3. Immensely useful.
    Many Thanks.
    Suba Pathum!

    -Dr. Ivan Amarasinghe

    ReplyDelete
  4. මම අම්පාරේ ඉපදුන හැදුන වැදුන අයෙක්මි. කලකට පෙර දිනක් මා අරිසෙන් අහුබුදු සූරීන් සමග කතා බහක යෙදී ඉඳිද්දී 'අම්පාර' ගමේ නම ගැන කතා බහක් ඇතිවුනි. එහිදී අහුබුදු සූරීන් සඳහන් කලේ අම්පාර යනුවෙන් අද හඳුන්වන්නේ පෙරකල 'අඹ ආර' යනුවෙන් හැඳින්වුනු ප්‍රදේශය බවයි. අඹ ගස් අසලින් ගලා යන 'ඔය' හෙවත් 'ආර' ඇති ප්‍රදේශය 'අඹ ආර' යනුවෙන් හැඳින්වුනු බවත් පසුව එය 'අඹාර' යනුවෙන් භාවිතාවුන බවත් ඔහු සඳහන් කලා. කෙසේ වෙතත් 'බ' ශබ්දය නැගීමට අපහසු දෙමළ ජනතාව එය 'අම්පාරෙයි' යනුවෙන් හඳුන්වන්නට යෙදුන බවත් සාමාන්‍ය භාවිතයට 'අම්පාර' යන නම ඇතිවුන බවත් ඔහු සඳහන් කලා.


    එහිදී මා 'ආරු' යනු දෙමළ වචනයක් නොවේදැයි විමසූ විට, 'ආරු ' යන්න දෙමළ බසේ වචනයක් වුවත් 'ආර' යන්න හොඳ සිංහල වචනයක් බව ඔහු පැවසුවා. ගලා බසින දියපාරක් 'ආර' හෙවත් 'හොය' හෙවත් 'ඔය' යනුවෙන් සිංහලයෙන් හඳුවන බව 'එක්ගල් ඔය' හෙවත් 'එක්ගල් ආර' (අම්පාර ප්‍රදේශයේම ගමක නමක්) උදාහරණයට ගනිමින් පැහැදිළි කලා.


    මා මෙය ලියන්නට යෙදුනේ අම්පාර ගැන 'මුරගල' හි 'අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත කිරීමයි' ලිපියේ සඳහන් වූ දෙයට පහැදිළි කිරීමක් වශයෙනි.
    කරුණාකර මෙම සටහන, එම ලිපිය ලියූ කැනඩාවේ වෙසෙන ආනන්ද විජේසිංහ මහතා වෙත ලැබීමට සලස්වන්නේ නම් එය ඉතා අගේ කොට සලකමි.

    අම්පාරේ උහන කුමාරිගම
    සමන් එදිරිසිංහ
    සිරියාවේ දමස්කස් නුවර සිට

    ReplyDelete
  5. බිල්ලාMarch 24, 2011 at 8:17 AM

    ධර්ම ද්වීපයේ ඉරණම අඩවියට ස්තුතියි,
    සඤ්ඤක අකුරු තියෙන්නේ සිංහලයේ විතරයි කියල අහල තියෙනවා, ඉතින් දෙමළ අයට ඹ යන්න කියන්න අමාරු වෙන එක සාධාරණයි..

    ReplyDelete
  6. @බිල්ලා

    උච්චාරණය නොහැකි වීම සාධාරණද අසාධාරණද යන්න කෙසේ වෙතත්, හෙළය තුල පසුව පදිංචි වී ඉඩම් කොල්ල කා ගත් පමණින්. අපගේ හෙළ ස්ථාන නාම විකෘති කිරීමට ඉඩ නොදීමට අප වග බලා ගත යුත්තේ, එම විකෘති කල නම් පවා ඔවුන් තම බොරු අයිතිය සනාථ කිරීමට යොදා ගන්නා බැවිනි.

    ReplyDelete
  7. @අම්පාරේ සමන් එදිරිසිංහ

    of course I have heard this version about an "amba-aara". But the river that goes by that area is the well known "gal-oya", and Arisen Ahubudu and others don't worry about there having been no record of an "amba-aara". But the name "ambara gama" is said to be known from the time of Kaavan Tissa. We think the name cames from "ambara" becoming "ampara" and "ampaara".
    All the best

    Proff: Chandre Dharmawardene
    (place.names@yahoo.com)


    The follwoing is what we have on our website:


    Ambara-gama, part of Kavantissa's domaine.
    'Ampara' is most probably derived by tamilization of 'Ambara' "අම්බර" gama.
    The "ambagaama" mentioned in the chronicles (Chulavamsa .lxx.321) is modern Ambagamuva, and not Ambaragama. "Ambalala" and Ambamaala Vihaara., in the Ruhuna, are also mentioned in Chulavamsa .lxxiv.58, and Cv.xlv.55.

    'Ambara' in Pali & Sanskr. means "horizon", and may aptly describe the open-sky of "Ambaranagari". "Ambara" also refers "garments, clothes" as in "Shethambara", "haridambara", etc. Whether "Ambaragama" produced clothes and garments in antiquity is not known.

    The name may also be from "Amba-ara", i.e., "amba-river", but we have found no records of any such river. It is the Gal Oya river which flows by Ampara, as seen in map2 given below.

    http:// www.reliefweb.int/rw/fullMaps_Sa.nsf/luFullMap/478818DC33D4C83F8525710D005501EE/$File/
    hic-sl_PRG_agency_ampara_300106.pdf?OpenElement



    In spite of the well established historical and literary history
    of this town, Tamil nationalists have claimed this to be a "traditional
    Tamil village" with the name "Ampal Eri". There is no evidence supporting this
    claim, and in fact most Tamil writers use the form "Amapari".The sinhala
    name-boards were correctly restored in 1964 when Mr. Olcott Gunasekera
    was the Government Agent of the area.

    ReplyDelete
  8. Let us do away with the vicious and erroneous
    identification of Sinhala Aurudda as Sinhala saha
    Demala aurudda.
    Sinhalayo

    ReplyDelete
  9. Sel lipi wala "demada" kiyala wachanayak thiyenawa.. denata kawuruth eke theruma hoyagena naha.. samahara aya kiyanne "drawida" kiyana eka kiyalai..

    ReplyDelete
  10. @Dilantha

    I think most scholars are agreed that "dameda" is the same word as "Damela".
    In fact, in the sel-lipi characters, the letter L and the letter D look very similar. Also, the
    word is believed to be the Prakrit form for "Dakshina", i.e., those who are in the
    south (India), as viewed by the north Indian (Sanskrit) writers.
    With time the word "Dameda" became "Dravida". The form "Dramida" has also been used
    in the past.
    The Mahavamsa writer, not being a Dravida, and being a descendant of the North Indians who built up the Anuradhapura civilization, used the word "Dameda (damela)" in the same sense as the North Indian writers.

    A good authoritative person to ask is Prof. K. N. O. Dharmadasa, current editor of the Sinhala encyclopedia (his office is in Battaramulla), but his e-mail address at University of Peradeniya is:

    knod@pdn.ac.lk

    Hope this helps

    Proff: Chandre Dharmawardana
    (place.names@yahoo.com)

    ReplyDelete
  11. නැගෙනහිර පළාතේ ඇති මුහුදු මහා විහාරය සිදුව ඇති විනාශය ගැන දැනගන්න කියවන්න.

    http://eatuwawa.blogspot.com/2010/11/muhudu-maha-viaharaya.html

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.