Noble Action - වි.ජ.මු. ලොකුබණ්ඩාර තුමාගෙන් සබරගමු පළාතට අසම සම සේවයක්



විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න


රටේත් ජාතියේත් අවාසනාවට, රටේ නියම උරුම කරුවන් දිනෙන් දිනම සිය එකම වටිනාකම වන බෞද්ධ කමින් ඈත් වෙමින් යයි. රටේ අධ්‍යාපන ක්‍රමයද අපගේ සැබෑ අනන්‍යතාවය වන බුදු දහමේ නියම හරය වෙනුවට, හුදෙක්, ඉතාම දරුණු ලෙස කපා දමන  ලද්දා වූද, නීරස වූද දහමක් එතරම් වැදගත් නොවූ විෂයන් ඝනයට දමා දහම් දැනුමක් පවා නොමැති නුපුහුණු ගුරුවරුන් හරහා පාසැල් දරුවන්ට බෙදා හදා දෙයි. ඉන්පසු වැඩිහිටියන් වන ඔවුන්, සමාජයේ වල්මත් වන්නේ හුදෙක් හරි වැරැද්ද කුමක් දැයි පවා නොදන්නවුන් ලෙසය. එය හරියටම කෙල කෝටියක් ධනය සහිතව, එය පරිභෝගය පිළිබඳ මෙලෝ හසරක් නැති උරුම කරුවෙක් මෙනි. විශ්ව දහමක් වන බුදු දහමේ, සොයා බැලූ විට, විසඳුමක් සපයා නොමැති ගැටළුවක් නොමැත. එය හුදෙක් පරලොව විමුක්තිය සඳහා දෙසූවක් නොව, මෙලොව පරලොව දෙකම ඉහලින්ම ජය ගැනීමටම උගන්වන ලොවේ එකම ඉගැන්වීමයි.  

නමුත් බෞද්ධ සමාජයේ කීයෙන් කී දෙනෙක් අඩු තරමින් මේ බව දන්නේද? කී දෙනෙක් එම කෙල කෝටියක් වටිනා ධනය සිය ප්‍රයෝජනය පිණිස යොදා ගන්නේද? කිසිවෙකුත් නැත. දැන් දැන් බෞද්ධ  සමාජයේ පන්සිල් පද පහ පවා පිළිවෙලින් දන්නවුන් අඩු වෙමින් යයි. හේතුව කුමක්ද? ඒවා භාවිතයේ ඇති ප්‍රමාණය නොවේද? සැබෑ බෞද්ධයන් සංඛ්‍යාව මැනිය හැක්කේ, දිනපතා තිසරණය යන බෞද්ධයන් ගණනින් පමණි. එය කීයක් දැයි සිතීමටත් අපි බිය වන්නෙමු.  මෙවන් පසුබිමක් තුල සබරගමු පළාත් ආණ්ඩුකාර තුමා ගෙන ඇත්තේ වටිනාකම කියා නිම කල නොහැකි පියවරකි. අති උත්තම වූ කුසළ කර්මයකි.

දහමේ උරුම කරුවන් එහි වටිනාකම තමාට පනවන ලද නීතියක් තුලින් හෝ අවබෝධ කර ගන්නේ නම්, අපගේ ජාතියේ සුභ සිද්ධියට එය ඉහලම පිටුවහළක් වීම ඒකාන්තය. සබරගමු පළාත් ආණ්ඩුකාර තුමනී, ඔබට මුරගල අපගේ ගෞරවනීය නමස්කාරය. සබරගමු පළාතෙන් නොනැවතී මෙය මුළු රටේම බෞද්ධ ජනතාවට සෙතක් වනසේ සෑම පළාත් ආණ්ඩුකාර තුමෙක්ගේම අවධානයට ලක් වේවා. රටේ ජනාධිපති තුමාගේ අවධානය මෙයට යොමු වේවා. අයාලේ යන සිංහල බෞද්ධයා නැවත සිල් වතුන් කිරීමෙන් අසම සම පෞර්ෂ වර්ධනය එතුලින් ලැබීමටත්, ලොව අන් කිසිම රටකට වඩා උසස් පුරවැසි රත්නයන් බිහි කිරීමටත් මෙය පළමු පියවර පමණක් වේවා!

7 comments:

  1. meewage mooda weda sidda nowiya yuthuy..
    neethi daala theruwan sarana yeweema wihiluwak..
    neethiyen sil rakkawanna puluwan nam, muslim ratawal wala karana dee hari needa?
    gal gasaa mereema, atha paya kepeema.....

    -Nihal

    ReplyDelete
  2. @Nihal

    නිහාල්,
    මම නම් කියන්නේ මෝඩ වැඩක් නෙවෙයි එහෙමවත් කරන එක ඉතාම වටිනව. අද මුළු සමාජෙම ඉන්නෙ ලෝබ, ද්වේෂ , මෝහ වලින් හෙම්බත් වෙච්ච ධර්මයේ සිසිල ගැන කිසිම හසරක් නැති අවාසනාවන්ත බෞද්ධයො බහුතරයක්. කොටින්ම බෞද්ධ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව ගුණ ගරුකව හදා ගන්න විදියවත් දන්නේ නැහැ. අන්තිමට උන්ව හැදෙන විදියට හැදෙන්න ඇරල, දෙමව්පියන්ගෙ කෑමටත් සල්ලි අය කරන තත්වෙට ගියාම, උන්ට ශාප කරනව.

    දරුවන් හදන හැටි බුද්ධාගමේ උගන්නන්නෙ මෙහෙමයි

    සතර සංග්‍රහ වස්තු – දරුවන් ඇති දැඩි කරන නිවැරදි බෞද්ධ ක්‍රමය.

    මේව පොඩ්ඩක් හරි වැලකෙනව, කණා පොට්ටෙට හරි බණක් ඇහුනොත්. එහෙම වෙන්න නම් පන්සලක් පැත්තෙ ගියාම ලොකු අවස්ථාවක් ලැබෙනව.

    නීතියක් දාල පටන් ගත්තත් අන්තිමට ගිනි ගත්ත මනස ටික ටික නිවෙද්දි තමන්ම හිතල තෙරුවන් සරණ යනව. සමාජය දිනෙන් දින පිරිහෙනව මිසක් දියුණු වෙන්නෙ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මේ

    සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති එක්ව බිහි කල ශ්‍රී ලාංකීය කාම උන්මාදිනිය.


    මුස්ලිම් රටවල ම්ලේච්ඡ නීති තියෙන්නෙ සම්පූර්ණ විරුද්ධ දිශාවට, එනම් ලෝබ, ද්වේශ, මෝහ තුනම වර්ධනය කරන්න. උන් දඬුවම් දෙන්නෙත් ඒවා වර්ධනයට අනුබල නොදෙන අයට. ඒවා මේ ප්‍රශ්නයට කොහෙත්ම අදාල නැති දේවල්. රට ජාතිය පවතින්න නම් බුදු දහමට බෞද්ධයා ඇදෙන්නම ඕනෙ. නැත්නම් අර නිම්මිලයි, ඊටම ගැලපෙන පිම්පියො ටිකකුයි විතරයි අන්තිමට ලංකාවෙ ඉතුරු වෙන්නෙ.

    අති පූජනීය සෝම හිමි පාණන් ජාතියෙන් ඉල්ලුවෙ අඩුම තරමින් පන්සිල් වත් රකින්න කියල. ඒ අපිට, ජාතියට වෙන්න යන දේ දැකල තමයි. අවසානයේ ඒ තත්වෙට එනව නම් , මොන නීතිය දාල කර ගත්තත් එක කාගෙ කාගෙත් යහපතට මිසක් අයහපතකට නම් හේතු වෙන්නෙ නැහැ.

    -Ruwan

    ReplyDelete
  3. රුවන්ගෙ කතාවට මාත් එකඟයි. ඒ වගේම මමත් රජයේ සේවකයෙක් මධ්‍යම පළාතටත් මේක අදාල ‍කලොත් මම වඩාත් කැමතියි

    -Nilantha P

    ReplyDelete
  4. ඔය දේශපාලුවන් බොරු කියකිය පන්සිල් පද කඩකඩ බොරු නීති දාලහරියනවාද?
    ඉස්ස්ල්ලා රටේ නීතියට තෑනක් දෙන්න.මොකද අද පව් කරලා දේශපාලනය සරන ගියොත් ගොඩ.සාදාරනව ජීවත්වෙන මිනිහට තෑනක්නෑ.
    පොට්ටෙට බන අස්සලා දෑහෑමි සාමාජ්යක් බිහිකරවන්න පුලුවන්ද?දහම කියන ඵක අව0කව හෑගිමෙන් යුතුව ගන්න ඔන දෙයක්.
    නෑත්නම් හිල් කලේට වතුර දානවා වගේ තමයි.

    අනික මේරටේ පොට්ටෙට බන අහල හෑදෙනවනම් අපි බන අහන ඈහෙන විදියට,කොහොමද මෙච්චර හොර බොරු අපාරාද වෙන්නේ?
    මේ කොසොල් රජතුමා දෑක්ක සිහින හෑබෑවෙන කාලය වෙලා තියෙන්නෙ.

    රජයේ ප්‍රදානීන්ගෙන් අපි ඉල්ල්න්නේ මේ ප්‍රාදේශීය දේශපාලුවන්ගේ බොරු සෝබන වෑඩ න්වත්ත්ලා රජය හරහා හොද වෑඩපිලිවෙලක් අපිට ලබාදෙන්න් ලනයි ටිකවත් හදාගන්න.30ව්සරක යුද්දය හෑමෝම ඵක්තුකරගෙනනිමාකලා වගේ මේකත් කරදෙන්න.

    ReplyDelete
  5. ඔබ මතු කලේ වටිනාම හා හොඳම අදහසකි.

    "මේරටේ පොට්ටෙට බන අහල හෑදෙනවනම් අපි බන අහන ඈහෙන විදියට,කොහොමද මෙච්චර හොර බොරු අපාරාද වෙන්නේ?"

    අද බණ නම් විවිධ ප්‍රමිතීන්ගෙන් ඒවා දෙසීමට සුදුසු නුසුදුසු දෙපක්ෂයෙන්ම මහා වර්ෂාවක් මෙන් අප හිස් මත පතිත වේ. මදක් විමසා බලන්න. මේ ධර්මය දෙසන සමහරු, ත්‍රිපිටකය ගැන මෙලෝ හසරක් නැත්තවුන්ය, නැතිනම් අඩු වැඩි වශයෙන් ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්නන්ය. විචිත්‍ර විය යුතු වටිනා බණ වෙනුවට, කියන්නාටත් අසන්නාටත් හුදෙක් කාලය කා දැමීමක් පමණක් වන සම්ප්‍රප්ප්‍රලාප බණ පැය 24 ම වුව ඇසේ. නමුත් ඔබ අසන්නට අසන්නට ශ්‍රද්ධාව වැඩෙන, තව තවත් සොයා අසන්නට සිතෙන අතිශය විචිත්‍ර වූ බණ කීයක් නම් අසා ඇතිද? හුදෙක් සපයා ඇති බණ වලින් එකක් අසන්න.

    නිවන් රසය දැනෙන උතුම් ධර්ම දේශනා

    ඉන් පසු ඔබට හෝ වෙන ඕනම ඇසූවෙකුට අපරාධ සිතක් පහල වේදැයි අවංකවම ප්‍රකාශ කරන්න. අහම්බයකින් හෝ බෞද්ධයෙක් ඇසිය යුත්තෙ මෙන්න මේ ආකාරයේ බණයි. නැතිනම් ඔබ කියන කාරණය 100% සත්‍ය බව අපිදු පිළි ගනිමු.

    ReplyDelete
  6. Nethi dameema waradi wadak,
    eka gon buddist la bihi karana kalawak like muslims.
    minisun sil ganna ona kamatten.
    ekata ona wata pitawa daramaya terum karala dela awabodayenma ena widiye wadapiliwelak awashai me ratata

    ReplyDelete
  7. ඔබගේ ඉල්ලීම නම් පුදුම එකකි. එක්කෝ 100% පරිපූර්ණ වැඩපිළිවෙලක් සැපයිය යුතුය, නැතිනම් කිසිවක් එපා යන්න පැවසීමක් පමණි. එයද කම් නැත, කරුණාකර ඔබගේ එම පරිපූර්ණ වැඩපිළිවෙල කුමක්දැයි අප දැනුවත් කරන්නේ නම් එය කාගෙ කාගේත් යහපතට හේතු වනවා ඇත. එසේ නැතිනම් ලද අයුරින් හෝ නිවැරදි මගට වැටීමට නීතියක් පැමිණීමේ කිසිම වරදක් අපි නම් නොදකිමු. මන්ද කොතැනින් හෝ වහාම අපි පටන් ගත යුතු බැවිනි. නොකෙරෙන වෙදකමට නම් කෝඳුරු තෙල් හත් පට්ටියක් අවැසි බව කියැවේ. බෞද්ධයන් සිල්වතුන් කිරීම නම් නොකෙරෙන් වෙදකමක් නොවිය යුතුම බැවිණි.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.