DESTROYING DAMBULLA - දඹුල්ල පූජා භූමි පාවාදීම

 

දඹුල්ල පූජා භූමි සංවර්ධනයට පවරාගත් ඉඩම්
අන්‍ය ආගමික ස්‌ථාන සඳහා මුදලට අලෙවි කරමින් සිටිනවා


සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශ්වයේ
මහානායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි


සීගිරිය - සරත් එරමිගම්මන

දඹුල්ල පූජා භූමි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ රජයට අත්පත්කරගත් ඉඩම් අක්‌කර 300 ක්‌ පමණ දේශපාලන වුවමනා එපාකම් මත පරිහරණය කරමින් වසර 30 ක්‌ තිස්‌සේ පූජා භූමි සංවර්ධන සැලැස්‌ම ක්‍රියාත්මක නොකර ඇතැයිද එම ඉඩම් අන්‍ය ආගමික ස්‌ථානයන් සඳහා මුදලට අලෙවි කරමින් පවතින බවත් එම තත්ත්වය වහාම නිවැරැදි කිරීමට පියවර නොගතහොත් ජීවිත පරිත්‍යාගයෙන් ඒවා ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් 8 දා පස්‌වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

දඹුලු විහාරයට අයත් ඉඩම් ප්‍රජා නගර සැලැස්‌ම සඳහා 1982 රජයට ලබාගත්තා. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් වසර 30 ක්‌ තිස්‌සේ ප්‍රජා නගර සැලැස්‌ම ක්‍රියාත්මක නොකර ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ වුවමනා මත කටයුතු කරමින් සිටින බවත්, මූලික සැලැස්‌ම වෙනස්‌ කර ඇති බවත් අන්‍ය ආගමික ස්‌ථාන දෙකක්‌ දඹුලු විහාරයට මීටර් 200 ක්‌ ආසන්නයේ ඉදිකර ගැනීමට නිල නොවන අයුරින් අවසරදී ඇති බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

මෙතෙක්‌ කාලයක්‌ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතේ පැවැති ප්‍රජා නගර සංවර්ධන සැලැස්‌ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇතැයිද එම දෙපාර්තමේන්තුව සිය වගකීම් පැහැර හරිමින් අන්‍ය ආගමික ස්‌ථානයන්ට ලබාදී ඇති ඉඩම් මුදලට අලෙවි කර දේශපාලනඥයන් සතුටු කරමින් ආගමික ගැටුමකට මූලාරම්භයක්‌ සපයාදීමට කටයුතු කරන බවද චෝදනා කරන උන්වහන්සේ සියලු ආගමික සහජීවනය පිළිබඳ තමන් වහන්සේ ගරු කරන බවත්, බෞද්ධයන්ගේ උරුමයන් දේශපාලන අරමුණු වෙනුවෙන් පාවාදීමට තමන් කිසිදු අවස්‌ථාවක ඉඩ නොතබන බවත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි සියලු විරෝධයන් පවත්වන බවත්, ඒ වෙනුවෙන් මෙරට සිටින බෞද්ධයන් ඒකරාශි කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව රංගිරි දඹුලු රජමහා විහාරයේදී පැවැති අතර දඹුල්ල ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සභාපති මහෝපාධ්‍ය කළුන්දෑවේ ශ්‍රී ධම්මානන්ද හිමි, රංගිරි දඹුලු සංඝ සභාවේ කාරක සංඝ සභික හල්මිල්ලෑවේ ප්‍රේමරතන හිමි, රංගිරි සංඝ සභාවේ ලේඛකාධිකාරි නාගරික මන්ත්‍රී ආචාර්ය ධාන්‍යගම ආනන්ද හිමියන් සහ රංගිරි දඹුලු උයන්වත්ත දායක සභාවේ ලේකම් එන්. එස්‌. ලාල් ප්‍රේමනාත් යන අයද අදහස්‌ පළ කළහ.


 Link:
http://www.divaina.com/2012/04/09/news25.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.