Gotabhaya Our Hero- ගෝඨාභය රණ විරුවාට සාධාරණය ඉටුවෙයි

සන්ඩේ ලීඩර් යනු වසුරු වලින් නෑවිය යුතු තරම් ද්‍රෝහී පත්‍ර කලාවක නියුතු නින්දිත පුවත්පතකි. කෙසෙල් ගසට කොටා කොට්ටෝරුවා හොඳ පාඩමක් ඉගෙනගෙන තිබේ. අපේ අදහස නම් කෝටි 25 ඉතා මද බවයි. අපරාධයේ තරම හිලව් වීමට නම් අමතරව පුවත් පත සීල් තැබිය යුතුය. ද්‍රෝහීන් හිරේ යැවිය යුතුය. වගකිව යුත්තන්ට කිසිදින පුවත්පතකට ලිපි ලිවිය නොහැකි සේ වාරණ දැමිය යුතුය.



ආරක්‍ෂක ලේකම්ට කෝටි 25 ක්‌ වන්දි ගෙවීමට
"සන්ඩේ ලීඩර්" ආයතනයට නියෝග

එස්‌. පී. ආරියරත්න - රත්මලාන

"මිග්" ගුවන් යානා ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් 2008 වසරේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කලාප 3 ක පළමු ලිපිවලින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපහාසයක්‌ සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් පැමිණිලිකරුට රුපියල් මිලියන 250 ක (කෝටි 25) වන්දියක්‌ ගෙවන ලෙසත් නියම කෙරිණි. එමෙන්ම පැමිණිලි කළ දින සිට පැමිණිල්ලේ නෛතික පොලියද නඩු ගාස්‌තුද පැමිණිලිකරුට හිමිවිය යුතු බව ගල්කිස්‌ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

ආරක්‍ෂක ලේකම්වරයාට සිදු වූ අපහාසය හේතුවෙන් වන්දි ගෙවන ලෙස රත්මලාන, කටුකුරුඳුවත්ත පාර අංක 24 හි පිහිටි සන්ඩේ ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට දිසා විනිසුරුවරයා මෙලෙස නියෝග කළේය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි ලසන්ත වික්‍රමතුංග මහතා සහ ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික ආයතනය වගඋත්තරකරුවන් කරමින් 2008.12.14 දින මෙම නඩුව ගල්කිස්‌ස දිසා අධිකරණයේ ගොනු කර තිබිණි.

සන්ඩේ ලීඩර් ප්‍රවෘත්තිය මගින් තමාගේ ගෞරවයට හානියක්‌ හා කීර්තිනාමයට අගතියක්‌ සිදු වූ බවත්, පැමිණිලිකරුට කවර ආකාරයකින් හෝ කවර ස්‌වරූපයකින් හෝ අපහාස කිරීමෙන්, විත්තිකරුවන් ඇතුළු ඔවුන්ගේ සේවක නියෝජිතාදීන්ද, ඔවුන් යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා වළක්‌වාලනු ලබන ස්‌ථිර ඉන්ජන්ෂන් තහනම් ආඥවක්‌ නිකුත්කරන ලෙසත්, පැමිණිලිකරුගේ වාසියට රුපියල් මිලියන දහසක්‌, එකී මුදල මත පැමිණිල්ලේ දින සිට නෛතික පොළිය අයකර දෙන ලෙසත් මෙම නඩුවෙන් ඉල්ලා තිබිණි.


http://www.divaina.com/2012/11/23/news10.html

1 comment:

  1. http://sinhalabauddaya.blogspot.com/
    meka man heduwe api ravanage daruwo eka ballkwath apita wedak ne

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.