Who hates JHU and why? - හෙළ උරුමය සමග වෛර කවුද? කුමටද?






මේ "ධර්ම ද්වීපය" තුල හෙළ උරුමය යන නම ඇසූ පමණින් පරල වී හූ තියමින්, පොළොවේ පස් කමින් දූවිලි අවුස්සමින් ආවේශ වන පිරිසක් වෙති. ඔවුන්ගේ මෙම නාටක බලන කවරෙක් වුවද පුදුමයෙන් විශ්මිතව, මෙයටත් යම් සාධාරණ හේතු ඇතැයි ඇස් විශාල කර ගනිමින් විපරම් කිරීමට ඉඩ තිබේ. මුරගල අපිද එම අත්දැකීම ලැබූවෙමු. දැන් අපි හෙළ උරුමයට අවලාද කියන්නෝ එයට හේතු ලෙස දක්වන කරුණු එකින් එක විමසා බලමු.

1. හිටපු හෙළ උරුම සාමාජික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ, ධර්ම දේශනා සඳහා අන්තනෝමතික , අසාධාරණ ලෙස මුදල් අය කිරීම්, භික්ෂූත්වයට කිසිසේත් නුසුදුසු හැසිරීම්, ප්‍රසිද්ධ ප්‍රකාශ එක් හේතුවකි.

පක්ෂයකට යමෙක් බඳවා ගැනීමේදී, එම පුද්ගලයාගේ සිත දැකීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැත. පාපී, පවිටු චේතනා සහිත අයෙක් වුවද කහ සිවුරක් දරා, උතුම් අරමුණක් කෙරේ යොමුවූ පක්ෂයක් නොමග යවමින් තම පටු අරමුණු මුදුන් පත් කර ගැනීමට ක්‍රියාත්මක විය හැක. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එම ස්වාමීන් වහන්සේ විසින් කල කිසිවක් අනුමත කර නැත. කොටින්ම, එම ස්වාමීන් වහන්සේගේ ද්‍රෝහී පිලිවෙත් නිසාම තනතුර හැර යාමට පවා සිදු වූයේ පක්ෂයේ ඇති නිදොස් බව නිසාය. හිටපු අනෙක් සාමාජික භික්ෂූන් වහන්සේගේ කාම අපචාර ආදී සියල්ල ගැනද කිව යුත්ත මෙයම පමණි. ලංකාවේ වෙනත් ඕනෑම පක්ෂයක පුද්ගලයන් ද්‍රෝහීන් සේ වෙන්වෙමින්, නැවත එක්වෙමින් පව්කම් වලින් පිරිහීමෙන් පිරිහීමට යමින් මිය යන තුරු දේශපාලනය කලද, ඊට විරුද්ධව පක්ෂයට හෝ පුද්ගලයන්ට එරෙහිව
චනයක් පිට කිරීමට මෙම කොටළුවන් කිසි සේත් වෙහෙස නොවේ. කුමක්ද මේ වෛරය? සිංහල බෞද්ධ බලයක් ගොඩ නැගේවි යන බියද?

2. නොයෙක් බාදක කම්කටොළු මැද, පාර්ලිමේන්තුවට පය තැබූ අති උතුම් සඟ රුවන, එහි සිටි, මර්වින් සිල්වා ඇතුළු මනුෂ්‍ය වෙස් ගත් අවාසනාවන්ත කඩවරයෝ ප්‍රසිද්ධියේ ශාරීරික වධ හිංසා වලට ලක් කිරීම, හෙළ උරුමයේ වරදක් ලෙස හුවා දැක්වීම තවත් හේතුවකි.

මෙම චෝදනාව කරන වසළ බෞද්ධයෝ බුදුන් දවස සිටියා නම්, දෙව් දත් තෙර බුදු පියාණන් වහන්සේව ඝාතනයට තැත් කල හැම විටම එම තෙරුන්ව කෝප ගැන්වූයේ යැයි බුදු පියාණන්ටම බැන වදිනු ඇත. එසේ වූයේ නම් අද එම වසළයන්ට නිරයේම සරණ පමණි. කාල බේදයක් නැත. උතුමන්ට වධ හිංසා කරන්නා යන නිරය ධර්මයේ පැහැදිලිව සඳහන් වේ, අට මහා නරකයන්ගෙන් 5 වන තට්ටුවේ පිහිටි මහා රෞරව නරකය ඔවුන්ගේ මීලඟ නොවරදින නැවතුමයි. බලන්න 31 භූමි තල නිරූපනය, දෙවන පිටුව.

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න
මේ ඔවුන් නිරයේ විඳින දුක් තවත් අඩවියක නිරූපනය කර ඇති අයුරුයි.
විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න
(http://budurashmiya.blogspot.com)


මර්වින් සිල්වා ඇතුළු මනුෂ්‍ය වෙස් ගත් අවාසනාවන්ත කඩවරයිනී, ඔබගේ අනාගතය ගැන අපගේ කණගාටුව.


3. බලෙන් ආගම්කරනය වැලකීමේ පනතට, සූදු හා කැසිනෝ පනතට,  හෙළ උරුමයේ උදාසීන ප්‍රතිචාරය තවත් හේතුවකි.

70% සිංහල බෞද්ධයන් සිටියද, තමාටත් අනන්‍ය වූ බලයක් අවශ්‍ය යයි කල්පනා කර ඡන්දය පාවිච්චි කලේ අතලොස්සකි. හෙළ උරුමයේ අල්ප වූ බලයට හේතු වූයේම එයයි. මුළු රජයම වසා සිටින්නේ කල්ලතෝනි මානසිකත්ව සහිත තුච්ච නිහීන නින්දිත දේශපාලුවන්ගෙනි. ඉහත පනත් වල ඉරණම ඔවුන්ගේ අවශ්‍යතාවයයි. හෙළ උරුමය එයට එරෙහි වන්නේ නම් රජය අත් හැරිය යුතුය, එවිට මේ රටේ සිංහල බෞද්ධ දේශපාලන හඬ, දැන් හෙළ උරුමයට ඒ හේතුව නිසා බනින කොටළුවන්ට නියෝජනය කල හැකිද? වරද කා අතවත් නොවේ, 70% වූවත් ඡන්දය පාවිච්චියේදී බලවත් කල යුත්තා කවුරුදැයි නොදත් ඡන්ද දායකයා අතමයි. එයින් වත් ඉගෙන ගෙන ඉදිරිය නිවැරදි කර ගන්නේ නම් බෞද්ධ විරෝධී පනත් සම්මත නොවනු ඇත.

4. සංධානයේ කුණු නිසා හෙළ උරුමය කිළිටි බව පැවසීම තවත් හේතුවකි.

මෙය අපට අසන්නට ලැබූ, අන්ත අමනෝඤ්ඥ බොළඳ අතිශය මන්ද බුද්ධික තර්කයයි.හෙළ උරුමය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැති කිසිවකට එම පක්ෂය වග කිව යුතු නොවේ. සිංහල බෞද්ධ රට කල්ලතෝනි නරුමයන් පාලනය කරන විට, එහි නීත්‍යානුකූල සිංහල බෞද්ධ බලයක් පතා, උපක්‍රමශීලීව, ආණ්ඩුව සමඟ සංධාන ගත වීම, කිසි සේත් කිළිටි ගා ගැනීමක් නොවේ. මෝඩයන් සේ සෑම දෙයටම විරෝධය පා සිය බලය අහිමි කර ගැනීම නම් කෑ ගසන කොටළුවන් විසින් කරන බව අපි දනිමු. ඉන් පසු සිය හඬ නගන්නේ වල් වැදී වනයේ ගස් වැල් වලටදැයි එම මන්ද බුද්ධික කොටළුවන්ගෙන් අපි අසන්නෙමු.

5. මන්ත්‍රී වරප්‍රසාද යටතේ පූජනීය ස්වාමීන් වහන්සේලා බලපත්‍ර යටතේ අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම තවත් හේතුවකි.

නොවරදින සම්බුදු බණට අනුව, හුදෙක් කහ සිවුර නිසාම දස ගුණයෙන් ගිහියාට වඩා උසස් පූජනීය ස්වාමීන් වහන්සේ, සිය අතට පත් නිවන පසෙක ලා, සිය මව් බිම තුලම අසරණ කරන ලද සිංහල බෞද්ධයා වෙනුවෙන් දේශපාලන අසූචි ගොහොරුවට පැනීමට ඉදිරිපත් වූ විට, එම උත්තමයාට සිය සේවය අසරණ අපට ලබා දීම වෙනුවෙන්  සියළු පහසුකම් සැලසීම අපගේ එකම අපේක්ෂාව විය යුතුය. සැබැවින්ම, එම උතුමන්ගේ විශේෂ තත්වය සළකා, ලොව උපරිම සුපිරි තත්වයේ වාහන දිය හැකි නම්, එය රජයට සිය ගෙවීමට අපහසු පාපයන්ගෙන් මදක් හෝ සහනයක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. දේශපාලනික වශයෙන් අනාථ සිංහල බෞද්ධ අපි නම් එම උතුමන්ගේ සේවය වෙනුවෙන් පමණක් රජය සපයන පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ යයි මතයේ සිටිමු. අනෙක් දේශපාලන පක්ෂ පුද්ගලයන් සියල්ලට දෙන පහසුකම් නම් නිසැකවම අනවශ්‍ය වියදම් බවද නොකියාම බැරිය. ඒවා ඒකාන්තයෙන් ගඟට කැපූ ඉනිය. ජාතික ධන පරිහානියන්ය.


6. පක්ෂ දේශපාලනය භික්ෂූත්වයට නොගැලපෙන, එයට එරෙහි ක්‍රියාමාර්ගයක් බව තවත් හේතුවකි.

මෙය නම් තරමක් ශක්තිමත් තර්කයකි, එකම අවාසනාව මෙය දෙසන කොටළුවන්, හරිම උගත් බව හඟවමින් තම ජාතියේ මිනී වල තමා විසින්ම ඉතාම උනන්දුවෙන් කපන බව අවබෝධ කර නොගැනීමයි. 100% පිරිසිඳු භික්ෂූත්වය කෝටියක් සංවර ශීලයට යටත් වූ, එකම අරමුණ නිර්වාණය වූ රැකීමට අති දුෂ්කර වූ ප්‍රතිපදාවකි. අපගේ වාසනාවකට මෙම ප්‍රතිපදාව සහිත උතුමන් තවමත් ආරණ්‍ය වාසීව වෙසෙති. නගරබද පන්සල් ආශ්‍රිත භික්ෂූන් වහන්සේද මෙම කෝටියක් සංවර ශීලයටම යටත් වූවෝය, නමුත් පිළිපැදීමේදී යම් යම් ප්‍රායෝගික අඩු පාඩුකම් තිබිය හැක, නිවන එකම අරමුණ වීමට පාරමිතා පිරී නොතිබීමට පුළුවන. මේ කිසිවකින් එම උත්තමයාගේ වටිනාකම ගිහියෙකුට වඩා පහත් නොවේ. හුදෙක් කහ සිවුරක් දරා සිටින භික්ෂුවද දස ආකාරයකින් ගිහියාට වඩා උසස් වේ. එයම සැලකූ විට, එම භික්ෂූන් වහන්සේ වුවද ස්ව කැමැත්තෙන් සංහාරයට ලක්වන සිය අසරණ ශ්‍රාවකයාගේ පිළිසරණට ඒ නම්, එම උත්තමයා සිංහල බෞද්ධයා විසින් බිම දිගා වී වැඳිය යුතු නොවේද? පා සෝදා, පාවඩ යොදා ගෞරවයෙන් පිළිගත යුතු නොවේද? කොටළුවන් මේ කියන්නේ කුමක්ද? පන්සල් වල භික්ෂූන් වහන්සේත් මේ කාරණයේදී පමණක් ඉතා තදින් විනයානුකූල වී, සිංහල බෞද්ධ සංහාරය මෙත් සිතින් ඉවසා වදාරන සේක්වා! යන්නද?  මෙසේ කියන කොටළුවන් ඇත්තටම සිංහල බෞද්ධද යන සැකය මතු වන්නේ මෙහිදීය, තමාට විපතක් වන දෙයක් මොලේ ඇති කිසිවෙක් දේශනා නොකරයි. එසේ නම් මෙම කොටළුවන් සිංහල බෞද්ධ විය හැකි දැයි ඔබම සිතා බලන්න.


හෙළ උරුමය විසින් සිංහල ජාතියට කළ අසම සම සේවයන් කීපයක්, ප්‍රභාකරන් විසින් දින හතක මතකයක් පමණක් ඇතැයි හඳුනාගත් සිංහලයන්ගේ අවධානය පිණිස අපි ඉදිරිපත් කරන්නෙමු.

1. ලංකාවේ සියළුම පක්ෂ, ෆෙඩරල් ක්‍රමයට බලය බෙදීම විලාසිතාවක් කර ගත් විට, ඒකීය රාජ්‍යයක් සංකල්පයේ සිටි එකම ශ්‍රී ලාංකික පක්ෂය ජාතික හෙළ උරුමයයි.



එය හරියටම අද බුදු සමයට එරෙහි සර්වාගම් ප්‍රහාරයේදී එයට විරුද්ධ වන එකම පක්ෂය හෙළ උරුමය වන්නා සේමය. පක්ෂ අතර වෙනස ඔබ දුටුවාද?.....නිවැරදි පක්ෂයක් සිංහල බෞද්ධ අපිට වහාම අවශ්‍යයි නේද?

2. ලංකාවේ සියළුම පක්ෂ, සාම කථා වලින් තොර විසඳුමක් උතුරට නැතැයි කියන විට, යුද්ධය එයට එකම විසඳුමයි නොසැලී , නොබියව, එක හඬින් කී  එකම ශ්‍රී ලාංකික පක්ෂය ජාතික හෙළ උරුමයයි. 



අද එම යුද්ධයේ ජය පැන් බොන UNP, JVP අතුළු සියළු ද්‍රෝහි පක්ෂ, පුද්ගලයෝ, අඩු තරමින් හෙළ උරුමයේ එම ජාතික සේවය අමතක කර සිය ගඳගහන මුව පියා සිටිනවානම් කම් නැත. නොයෙක් කොටළු තර්ක ගෙන එමින් සිංහල බෞද්ධයා බෙදා වනසා දැමීම පිණිස සිය බල මුළු ද එම වීරෝධාර පක්ෂයට එරෙහිව ගොඩ නගයි. සිංහල බෞද්ධයා මේවා සිය බුද්ධියෙන් විමසා තීරණ නොගන්නේ නම් සිය අවසානයම එය වනු ඇත.

3. පූජනීය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ මාවිල් ආරු පා ගමන, බෝම්බ වරුසා මැද වුවද කිසි පැකීලීමකින් තොරව, නිර්භයව රජයේ නැවත යුධ කිරීමේ ප්‍රකාශය දිනන තෙක්  ඉටු කලේ දුටු ගැමුණු රජ දවස අභීත භික්ෂු පරපුර සිහි ගන්වමිනි.



අද ඒවා කිසිවෙකුටත් මතක නැත.

4. චෞර රැජිණ ලෙස තානාන්තර ලාභී චන්ද්‍රිකාගේ P-Toms කසළ ගොඩට එරෙහි අභීත වටිනා කථාව කලේ පූජනීය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේය. 



අද ඒවා කිසිවෙකුටත් මතක නැත

5. රට වෙනුවෙන්  දළදා මාළිගාව අභියස මාරාන්තික උපවාසය කලේ අති පූජනීය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේය. 



අද ඒවා කිසිවෙකුටත් මතක නැත

6. නොමනා අන්‍යාගම් කරණ පනත සේම සත්ත්ව අවිහිංසා පනත ද හෙළ උරුමය විසින් ඉදිරියට ගෙන එන ලද්දා වූ වටිනා පනත් ය. 



නමට පමණක් බහුතරය වූ, කොන්ද අහිමි, සිංහල බෞද්ධ අනාථයෝ ඒවා දිනා ගැනීම  කෙරෙහි සිය අත්වැල ඡන්දය තුලින් හෙළ උරුමයට ලබා නොදීම, කිසි සේත් හෙළ උරුමයේ වරද නොවේ.


දැන් ඉතින්  ද්‍රෝහි නපුංසක කොටළුවන්ට තව දුරටත් අහුම්කන් දෙනවාද? තමාම සිතා මැන බලා තීරණය කරනවාදැයි යන්න ජාති හිතෛෂී ඔබට අදාල කාරණයකි.

දේශපාලන වශයෙන් අනාථ සිංහල බෞද්ධ අපි වෙන්ව නැසිය යුතු නොවේ!......එක්ව නැගෙමු!

හෙළ උරුමය අපගේ එකම ගැලවීමයි.




4 comments:

  1. I'm either not against JHU or full supporter of that. I'll vote them as those are the only party that have at least the ethics and values. But also may I know are you a supporter of JHU or a member of JHU party? If so could u tell us that there is no any connection between this blog and JHU?

    ReplyDelete
  2. මෙතෙක් අප කෑ ගැසූ සර්වාගම් ප්‍රහාරයට විරුද්ධව, ඉතා හරවත් හා උසස් ප්‍රකාශ නිකුත් කලේ, හෙළ උරුමය නායකත්වය හා එහි දේශපාලකයන් පමණි. කොන්දේසි විරහිතව එයට උපකාර කිරීමට මුරගල අපිට එයම ප්‍රමාණවත් වේ.

    ReplyDelete
  3. ඇමති චම්පික හිස මුඩු කර ආරණ්‍යගත වෙනවාලූ

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිස මුඩුකරමින් දස සීලය සමාදන්ව දින 10ක් ආරණ්‍ය ගතවීමට සූදානම් වන බව විදුලි හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන 8 වනදා රාජගිරිය සදහම් සෙවණේදී මෙම ආගමික උත්සවය පැවැත්වෙන බව විදුලිබල අමාත්‍යාංශය නිකුත්කල නිවේදනයක දැක්වේ.
    ඊට සමගාමීව තවත් 25 දෙනෙකු හිස මුඩු කරමින් දස සීලය සමාදන්ව දින 10ක් ආරණ්‍ය ගතවීම මෙහිදී සිදුවෙයි. 2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මෙම ආගමික උත්සවය පැවැත්වෙනු ඇත.
    http://www.medaperadiga.com

    මෙහෙම නායකයො රටට වාසනාවන්!

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.