Sinhala Schools in East - මඩකලපු මහා විද්‍යාලයේ සියළු සිංහල ආදි සිසුන් වෙතයි

ප්‍රභාත් විතානගේ මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක ධූරය උසුලයි. ලක් මවගේ සහජාත පුතනුවන් කෙනෙක් වන මේ මහතා පසුගිය මාසවල මඩකලපුව, ඒරාවූර්, ජයන්තිපුර, විජයපුර හි සැරිසරමින් කුරිරු දෙමළ කොටින් විසින් ජාතියට අහිමිකල සිංහල පාසැල් 7 ක් පිළිබඳ විස්තර සොයාගෙන ඇත.

එම පාසැල් වල වර්තමාන ඛේදනීය තත්වය දැක්වෙන ඡායාරූප එකතුවක් ඒ මහතා විසින් පහත යොමුවේ ඉදිරිපත් කර ඇත.

https://www.facebook.com/media/set/?set=a.2323808699735.138012.1385155359&type=1&l=96e5779965

ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව වශයෙන් මේ පාසැල් නැවත විවෘත කිරීමට අවැසි සියළු පහසුකම් හා ගුරුවරු සැපයීමට තරම් මේ ලක් මවගෙ පුතු ඉදිරිපත් වී සිටී. මෙයට උපකාර ලෙස ඒ මහතාට මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ සියළුම ආදි සිසුන් සොයා ගැනීමට අවැසි වී ඇත. ඔබ ඉන් අයෙක් නම් හෝ ඔබට එම ආදි සිසුන් ගැන කිසියම් හෝ හෝඩුවාවක් දිය හැකි නම් ඉහත යොමුව ඔස්සේ  ඒ මහතා සම්බන්ධ කර ගන්න.

ප්‍රභාත් විතානගේ මහතාගේ ඊ මේල් ලිපිනය :prabath@engineer.com

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.