Good or Bad News ? - අන්තර් ආගමික ප්‍රශ්නය පිළිබඳ බෞද්ධයන්ගේ විරෝධතා සම්බන්ධයෙන් අගමැති තුමාගේ යහ ප්‍රතිචාර?



නැගී ගෙන ආ බෞද්ධ විරෝධයට පිළිතුරු සැපයීම සඳහා අන්තර්-ආගමික හමුවට අදහස් දැක්වූ දි. මූ. ජයරත්න අගමැති තුමා, අන්තර්-ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බෞද්ධයන්ට පැන නගින ගැටළු සාකච්ඡා කිරීමට සතුටු බව ප්‍රකාශ කර සිටියේය.

"පීඩන මැද්දේ වැඩ කිරීම අපහසු නමුත්, මෙම වැඩ පිළිවෙල සමග එකඟ නොවන ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමටත්, වැඩ පිළිවෙල නගා සිටුවීමට අදහස් යෝජනා පිළිගන්නා බව" ත් ඔහු ප්‍රකාශ කලේය.

මුරගල බෞද්ධ අපගේ පළමු අඳෝනාව

මෙහි භයානක අර්ථයක් ගැබ්ව ඇති බව කණගාටුවෙන් වුවද කීමට සිදුව ඇත. බෞද්ධයන් වශයෙන් අපි සහමුලින් අන්තර්-ආගම් උගුල ප්‍රතික්ෂේප කරන විට, එය පැහැදිළිව පෙනෙන නමුත්, අතිගරු අගමැති තුමා මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? විරුද්ධ අයගෙන් නැවතත් එම ප්‍රතික්ෂේපිත වැඩ පිළිවෙල නගා සිටුවීමට අදහස් හා යෝජනා නොවේද? මෙයින් නොමග යැවීමට උත්සාහ කරන්නේ කාවද? මෙහි භයානක ප්‍රතිඵල අගමැති තුමාට නොපෙනුනාට, අපගේ කලින් ලිපි එකතුව බැලූ කුඩා දරුවෙක් පවා ඇස් පියාගෙන ඉවත දමන වැඩසටහනක් නගා සිටුවීමට අපට ඇති උවමනාව කුමක්ද?

මෙම කමිටුව ගොඩ නැගීමේ අරමුණ ජාතික සමගිය හා අන්තර් ආගම් සමගිය නගා සිටුවීම බවත්, එමගින් රට දියුණු කිරීම බවත්, බුදු දහමට හානි නොකිරීම බව" ත් කියා සිටියේය.

මුරගල බෞද්ධ අපගේ දෙවන අඳෝනාව

අපිට පෙනෙන පරිදි, වසර 30 ක යුද්ධයෙන් පසු ජාතික සමගියේ කිසි අඩු පාඩුවක් තිබුනේ නැත. යුධ කලාපයේ අසරණ වූ දෙමළ අනාථයන්ව කිසිදු
සිංහලයෙක් ප්‍රතික්ෂේප කලේ නැත. සත්‍ය නම් ඔවුන්ට සහනාධාර පවා දකුණෙන් එකතු කල බවයි. එවිට මෙම නැවත ගොඩ නැගීමට හදන ජාතික අසමගිය කොහේ තිබුන ප්‍රශ්ණයක්ද? අප අඩවියේ පෙන්වා දෙන පරිදි සුළු ජාතිකයන්ගෙන් මුසල්මානුවන්, අති අසාධාරණ ලෙස මහ ජාතියේ උතුම් පුද බිම් අද දක්වාත් අත්පත් කර ගනිමින් කෙළෙසමින් අපිව ප්‍රකෝප කිරීමට ඉතා වෙහෙසක් ගනී. දෙමළ ජාතිකයන් "ඩයස් පෝරාව" හරහා, රට අපකීර්තිමත් කිරීමටත්, රණ විරුවන් අපහසුවට පත් කිරීමටත්, ඉන්දියාවේ බෞද්ධ විහාර වලට පහර දීමටත් එතුලින් නැවතත් අප ප්‍රකෝප කිරීමටත් මහත් වෙහෙසක් ගනී. අතිගරු අගමැති තුමා මෙම ප්‍රශ්ණ විසඳීමට හදන්නේ ප්‍රශ්ණ ඇති කරන කලහ කාරීන්ගේම විකෘති උවමනාවන් සන්සිඳවීමට උත්සාහ කිරීමෙන්ද? තැලෙන යකඩය උඩ පැන පැන තැලීමට සියලු නීති හා පහසුකම් එම තලන්නන්ට සපයා දීමෙන්ද? එසේ මහ ජාතියේ හිස පොඩි කල විට රට දියුණු වෙනවාද? බුදු දහමට කිසීම උවදුරක් සිදු වන්නේ නැතිද?

අගමැති තුමා මෙම ප්‍රකාශය නිකුත් කිරීමට, බෞද්ධ සංවිධානයන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් දක්වන ලද අති ශ්‍රේෂ්ඨ වූ විරෝධය හේතු වී ඇති බව පෙනේ.

එහිදී අදහස් දැක්වූ අති පූජනීය ඇරැව්වල සුමේධ ස්වාමීන් වහන්සේ මෙම අන්තර් ආගම් නාඩගමට උඩ ගෙඩි සපයන බුදු සමය නසන භික්ෂු වේශදාරීන් පිළිබඳ සිය කළකිරීම ප්‍රකාශ කලේ මෙසේයි - "සමහර බෞද්ධ භික්ෂූන් එක් පයක් පන්සලේත් අනෙක් පය පල්ලියේත් තබා ගෙන දෙබිඩි දිවියක් ගෙවනව. ඔවුන් සිහි කල යුතු වන්නේ තමා පොරවා සිටින්නේ කහ සිවුරක් බවයි, කළු ලෝගුවක් නොවන බවයි"


බෞද්ධ අපගේ හදවතේ වේදනාව හඳුනන, බුදු සමය වෙනුවෙන් හඬ නගන අති පූජනීය ඇරැව්වල සුමේධ ස්වාමීන් වහන්සේට සමස්ථ සිංහල බෞද්ධයන් වෙනුවෙන් මුරගල අපගේ නමස්කාරය!, නමස්කාර වේවා!

කෙසේ නමුත් භික්ෂු වේශ දාරී බෙල්ලන්විල විමලරත්න හෙවත් අන්තර් ආගම් නාඩගමේ සම සභාපති තුමා පැවසූවේ "බහුතරයක් ජනතාව අගමැති තුමාගේ වැඩ පිළිවෙල අගය කරන බවත්, සමහරක් භික්ෂූන් කමිටු සෑදීම ආදියට නොසතුටු බවත්ය".

මුරගල බෞද්ධ අපගේ තුන්වන අඳෝනාව

සැදැහැවත් බෞද්ධ උපාසක/උපාසිකාවන් වශයෙන් අපි මෙවන් අයට බුදුන් අනුමත කල ආකාරයෙන්ම පිළිතුරු දිය යුතුයි.

අපගේ සහෝදර "ධර්ම නිධාන" අඩවිය මෙවන් භික්ෂු වේශ දාරීන් කෙරෙහි පැවතිය යුතු ආකාරය බුද්ධ ධර්මානුකූලව පෙන්වා දෙන්නේ පහත පරිදිය. බලන්න  4 පියවර



"සමාජය වේගයෙන් පරිහානියට යාමේ හේතුවෙන්, භික්ෂු සමාජය තුලද පූජාවන්ට ගෞරවයන්ට  නුසුදුසු භික්ෂූන් වහන්සේලා බිහිවෙමින් පවතී. මේ යටතේ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි  බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී   එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත", 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඒ අනුව සර්වාගම් වංචාවෙන් ධර්මය, සම්බුද්ධ සාශනය නැසීමට උත්සාහ කරන, එතුලින් ගිහියන්ට මුළු සසර පුරාම අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට මුළු සසර පුරාම අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ උත්තරීතර ස්ථානය ලාබ ප්‍රයෝජන තකා මිසදිටුවන්ට විකුණා දමන යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් සිටීද ඔවුන්වද ඉහත ආකාරයෙන් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) වන්නේය."

LTTE ය පවතින තාක් කල්
සිය ලෝගුවට මුවා  වී එයට සියලු පහසුකම් සැලසූ, අදටත් LTTE  වෙනුවෙන් පෙනී සිට, සිංහලයන් ප්‍රතික්ෂේප කරමින් කතා කරන අති නින්දිත  මැල්කම් රංජිත් නඩයේ අයෙක් වන කිංස්ලි ස්වාමිපුල්ලෙයි නම් ත්‍රිකුණාමල, මඩකළපු බිශොප්, මෙම බෞද්ධ විරෝධයන්ට එරෙහිව සිය දුගඳ හමන මුව විවර කලේ පහත පරිදිය

"වසර තිහක යුද්ධයට පසු එකිනෙකා අතර සාමය හා අවබෝධය ගොඩ නැගීමට මෙවන් කමිටු සෑදීම අද දිනයේ ඉතාම හදිස්සි අවශ්‍යතාවක්, ඒක ජනතාවගේ ක්‍රියාකාරකමක්, අපි කිසිවෙක්ව කිසි ආගමකට හරවන්නේ නැහැ. මෙම උත්සාහය  සාමය හා සහජීවනය වෙනුවෙන් සංවාදයක් ගොඩ නැගීමටයි."

මුරගල බෞද්ධ අපගේ හතරවන අඳෝනාව

සාමය හා සහජීවනය වෙනුවෙන් සංවාදයක් මොන රෙද්දකටද ඒවා වලට කිසීම හානියක් නැතිකොට කියන එක නම් එම දුගඳ හමන කටින් කියවුනේ නැහැ.

මුරගල බෞද්ධ අපගේ පස්වන හා වේදනාත්මකම අඳෝනාව

බුද්ධ සාශනයට, ජාතියට හිත ඇති සියළු හෙළයිනී, වහාම මෙම ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. සියළු භේද දුරලා, එකමුතු වී, දස දහස් ගනනින්, ලක්ෂ, දශ ලක්ෂ ගනනින් අතිගරු අගමැති තුමාට පහත සියළු ආකාර වලින් මෙම පාපයෙන් වලකින ලෙස ඉල්ලීම් කරන්න. මෙය අපගේ දේශයේ බුදු සමයේ අති තීරණාත්මක අවස්ථාවයි. බුදු පියාණන්ගේ මංගල්‍යය සියලු මිථ්‍යාදෘෂ්ටිකයන්ට සුරා පාන මංගල්‍යයක් නොකරන්න. සිංහල බෞද්ධ ඔබගේ යුතුකම, ඔබ වෙනුවෙන් මෙතෙක් දිවි පූජාකොට කොට බුදු සමය අද දක්වා ඔබට ඉතිරිකර දුන් සියලු අතීත හෙළයන් වෙනුවෙන් ඉටු කරන්න. පහත දුර කථනයන්ට අමතන්න, ලිපි ලියන්න, e-mail කරන්න, ෆැක්ස් කරන්න. අපි මෙම ඉල්ලීම කිසිම පිට ආගම් ජාතීන්ගෙන් නොකරමු, එය අප ඉල්ලන්නේ අපගේම ලේ මස් වලින් සෑදුනු ඔබගෙන්ම පමණි. රට ජාතිය ආගම මේ හෙළයේ මේ දක්වා රැක්කේ සිංහල බෞද්ධ අපිම පමණක් වන බැවිනි.

Address

Hon D M Jayaratne
No: 58, Sir Ernest De Silva Mawatha
Colombo 07

Contact Numbers

+94 112 575317
+94 112 575318
+94 112 370737
+94 112 370738

Email
slpm@sltnet.lk  /  slpm@pmoffice.gov.lk


Fax
+94 112 575454

පරිවර්තනය කරන ලද මුල් ලිපිය

4 comments:

  1. සතියක පමන කාලයක සිට මුස්ලිම් දෑඩි අන්තවාදි බ්ලොග් අඩවියක ආරම්බ කර ඇත,
    http://mohomad.blogspot.com/
    ත්‍රස්තවාඩයට එලිපිට උඩගෙඩි දෙන මෙවන් බ්ලොග් වලට කුමක් හෝ පියවරක් ගත යුතුය,මෙය LTTE ප්‍රශිනයට වාඩා විශාල ප්‍රශ්නයක් විය හෑක,මෙවන් දේ පිලිබදව දිගින් දිගටම ඔබලා අද්ද්යනය කර ඇති නිසා,හෑකිනම් මේවන් පහත් වියාපරවලට එරෙහිව නෑගිසිටීමට යම් එකමුතුවක් ගොඩනගා ගමු,හෑකිනම් මේ පිලිබද අවදානය යොමු කරන්න

    ReplyDelete
  2. ඉහත කීත් මහතා විසින් URL ලෙස දක්වා ඇති ලිපියේ සිංහල අනුවාදය එහිදී ඔබෙන් සඟවන ලද තොරතුරුත් සමගම කියවිය හැක. බලන්න
    පළමුව චෙන්නායි LTTE යෙන් ද දෙවනුව ලංකාවේ සර්වාගම් නඩයෙන්ද බැට කෑ චෙන්නායි හි බෞද්ධ විහාරය - මුරගල බෞද්ධ කණ්ඩායම

    ReplyDelete
  3. HAMBAYO HITHA PURA KANNA ASAWEN WAGE INNE..... LTte EKE PARAJE DEKKA NE.... ITA ANTHA WEI OTUWANGE PARAJAYA...MOKADA HEKAYE INNA KALU LE ETHI SINHA SINHALAYO INNKAL OWA HAMBA DAWAL HEENA VITHARAI.....

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.