BODU BALA SENA - අහෝ සැපකි!, අහෝ සැපකි!! දුටු ගැමුණු යුගයේ ධීර වීර සඟ පරපුර අදටත් ජීවමානයි

 

නැගෙනහිර පළාත් මැතිවරණයේදී ජාතිවාදය හා ආගම්වාද මතුකරමින්
ඇමැති රාවුෆ් හකීම් හා අසාද් සාලි කරන
මුග්ධ ප්‍රකාශ වහා නතර කළ යුතුයි

- බොදු බලසේනා ප්‍රධානී කිරම විමලජෝති හිමි

අකිත පෙරේරා

නැගෙනහිර පළාත් මැතිවරණයේදී ඇමැති රාවුෆ් හකීම් සහ හිටපු නාගරික මන්ත්‍රී අසාද් සාලි යන දේශපාලනඥයන් ජාතිවාදය සහ ආගම්වාදය යොදා ගනිමින් සිදු කරනු ලබන මුග්ධ ප්‍රකාශ වහා නතර කළ යුතු යෑයි බොදුබල සේනා ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ 05 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ඉකුත් 08 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

නැගෙනහිර පළාතේ මැතිවරණයක්‌ පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙනවා. එහිදී බොහෝ පිරිස්‌ ජාතිවාදය, ආගම්වාදය වපුරවා ඡන්ද ලබාගැනීමට උත්සාහ දරන ආකාරය පෙනෙන්න තිබෙනවා.

විශේෂයෙන්ම අධිකරණ ඇමැති රවුෆ් හකීම්, අසාද් සාලි වැනි දේශපාලනඥයන් මුස්‌ලිම් අන්තවාදය පළාත තුළ වපුරනවා. ඔවුන් එහිදී කරනු ලබන ප්‍රකාශ ඉතා අසික්‌කිත ප්‍රකාශයි.

ඔවුන් ආගම්වාදය, ජාතිවාදය වපුරනවා. මේවා ඔවුන් වහාම නැවැත්විය යුතුයි. තිස්‌ අවුරුදු යුද්ධයකින් පසුව මෙරටට ජාතිවාදය සහ ආගම්වාදය ඇතිවන ආකාරයෙන් මෙවැනි ප්‍රකාශ සිදු නොකළ යුතුයි.

මේවා ගැන ආණ්‌ඩුව හෝ බලධාරීන් සොයා බලන්නේ නැහැ. ආණ්‌ඩුව මීට වඩා මේවා ගැන වගකීමෙන් සොයා බැලිය යුතුයි.

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි - නැගෙනහිර පළාත තුළ දැන් දැන් මුස්‌ලිම් අන්තවාදයේ හෙවණැලි හොල්මන් කරන්න පටන් අරගෙන තිබෙනවා. එය පළාත් මැතිවරණය එකක්‌ එළිබැස තිබෙන ආකාරය පෙනෙන්න තිබෙනවා.

රාවුෆ් හකීම් සහ අසාද් සාලි ජාතිවාදය ඇවිස්‌සෙන ආකාරයෙන් කටයුතු කරනවා. මෙය බොදුබල සේනා හෙළා දකිනවා. අසාද් සාලිට අපි කියනවා වැඩිය දඟලන්න එපා කියා. දේශපාලනය කරන්න කලින් ඔහු මේ රටේ ඉතිහාසය හැදැරිය යුතුයි.

මෙරට බෞද්ධ ඉතිහාසය ගැන කියන්න ඔහු කවුද? ඌරාපොල, අනුරාධපුරය, දඹුල්ල ගැන වාද කරන්න එන්න කියලා අපි අසාද් සාලිට අභියෝග කරනවා. මෙහේ බැරි නම් මැදපෙරදිගදි වුණත් කමක්‌ නැහැ.

බෞද්ධ උරුමයක්‌ නැගෙනහිර පළාතේ තියෙනවා. ඒ පළාතේ තියෙන පන්සල් ටික සොයාගෙන, සිංහලයන්ගේ නිජභූමි ටික අපි සොයන්න ගත්තේ ඒ කොහොමද? අපි මේවා ඉවසාගෙන ඉන්න කොට තමයි මේ අය කෑගහන්නේ.

අපි කියනවා මේ අයට බෞද්ධයන්ට තවත් රිද්දන්න එපා කියලා. මේ සියලු බලවේගවලට එරෙහිව නව බොදු ජාතික ව්‍යාපාරයක්‌ අවශ්‍ය වෙලා තිබෙනවා. එය තමයි අපි මේ ක්‍රමක්‍රමයෙන් ගොඩනගන්නේ.

මෙම මාධ්‍ය හමුවේදී බොදු බලසේනා සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා ද අදහස්‌ දැක්‌වීය.


http://www.divaina.com/2012/08/18/news29.html

1 comment:

  1. නියමයි. මේ වගේ බුද්ධ පුත්‍රයන් ඉන්න එක වාසනාවක්. දැන්ම තම්බින්ව පෙති ගැසීමට සූදානම් වෙමු

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.