AFGAN HAMBAYO - බෞද්ධ ඉතිහාසය වනසන තෙක් නින්දක් නොලබන ම්ලේච්ඡ ඇෆ්ගන් හම්බයෝ

ඇෆ්ගනිස්ථානයේ තවත් බෞද්ධ විහාර සංකීර්ණයක් මේ වසර අගදී විනාශ කිරිමට යයි


ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිතය.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට සැතපුම් 20ක් පමණ දකුණු දෙසින් පිහිටි මෙම පෙදෙසේ මේ වනවිට සිදුකර ඇති කැනීම් අනුව පැරණි බිතුසිතුවම් සහිත ගොඩනැඟිලි, අඩි 10ක් පමණ උස බුද්ධ ප්‍රතිමා අදිය සහිත විහාර සංකීර්ණයක් හමුවී තිබෙනවා.

අක්කර 9,800ක භූමි ප්‍රදේශයක් පුරා මෙම විහාර සංකීර්ණයේ නටඹුන් පවතින අතර තවමත් එහි කැනීම් සිදුකිරීම අවසන් කර නොමැති වුවද මේ වනවිට බුද්ධ ප්‍රතිමා 150ක් පමණ හමුවී තිබෙනවා. භූමිය විශාල බැවින් කැනීම් කටයුතු ඉවර කිරීම සඳහා වසර 10ක් වත් අවශ්‍ය බවයි පුරා විද්යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ.


මෙම භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට 1960 වසරේ සිට හඳුනාගන තිබුනද 2008 වසරේ චීන සමාගමටත් සමඟ ගිවිසුම් අත්සන් කරන තෙක් එහි කැනීම් ආරම්භ කර තිබුනේ නැහැ.

මෙම භූමියෙන් හමුවූ 5 වන ශතවර්ශයට අයත් ලී වලින් තැනූ බුද්ධ ප්‍රතිමාවක්, 3 වන ශතවර්ෂයට අයත් බෝධිසත්ව ප්‍රතිමාවක් ඇතුළු රන් රිදී කාසි මේ වනවිට තබා තිබෙන්නේ කාබුල් කෞතුකාගාරයේය

කෙසේ වුවද චීන රජයට අයත් China Metallurgical Group (MCC) සමාගම මෙම පතලේ කැනීම් කටයුතු කිරීම සඳහා 2008 වසරේ ගිවිසුම් අත්සන් තබා ඇති අතර ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 3කි. වසර 30ක කාලයක් බලපැවැත්වෙන එම ගිවිසුම හරහා ඩොලර් බිලියන 100ක් වටිනා තඹ ගොඩ ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

2010 වසරේ ඔවුන් විසින් මෙම ප්‍රදේශයේ සිදුකළ කැනීම් වලින් තහවුරු කරගන ඇත්තේ ලෝකයේ තිබෙන දෙවන විශාලතම තඹ නිධිය ඇත්තේ මෙම භූමියේ බවයි.

පසුගිය සැප්තැම්බර් 23වනදා චීනයේ නියෝජිතයන් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කළ සංචාරකින් අනතුරුව දෙරටේ ආර්ථික වාසි සඳහා ගිවිසුම් රැසක් අත්සන් කර තිබූ අතර ඩොලර් බිලියන 3ක් වටිනා මෙම හෑරීමට යන පතල 2013 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ගැනද සාකච්ජා කර තිබුණා.

ඒ අනුව 2013 වසරේ මුල් කාලයේ මෙම පතල් කටයුතු ඇරඹීමට නියමිත බැවින් වසර 1,600ක් පමණ පැරණි ගලෙන් නෙලන ලද බුද්ධ ප්‍රතිමා සහිත මෙම විහාර සංකීර්ණය සදාකාලිකව මිහිපිටින් විනාශ වීයාමට නියමිත අතර සීමිත පිරිසකගෙන් යුත් පුරාවිද්‍යාඥයින් පිරිසක් වෙහෙසෙන්නේ කුමන හෝ දෙයක් මෙම භූමියෙන් සොයාගන එය රැකගැනීමටය.

විනාශයට පෙර මෙම විහාර සංකීර්ණය පිළිබඳවත්, කැනීම් කටයුතු පිළිබඳවත් වාර්තාමය චිත්‍රපටයක් සෑදීමට 2011 වසරේ එහි ගිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා මූලිකත්වය ගෙන මෙම භූමිය රැකගැනීම සඳහා අත්සන් 50,000කින් යුත් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර ඇති නමුත් තවමත් එයට අත්සන් එකතුවී තිබෙන්නේ 2,633 ක් පමණි.

මෙම පෙත්සම යොමුකිරීමට නියමිතව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයාටය.

පෙත්සමට අත්සන් කීර්මට මෙතනින්.

මේ පිළිබඳව විස්තර සහිත ෆේස්බුක් පිටුවට මෙතනින්.

කැනීම් වලින් මෙම භූමියේ විහාර සංකීර්ණයක් ඇති බවටත් විශාල බුද්ධ ප්‍රතිමා පොළව යට ඇති බවටත් දැක්වෙන වීඩියෝවක් පහතින්.


http://www.youtube.com/watch?v=h9EbRDgjyGQ

2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකමකි.

මෙම ප්‍රදේශයේ කැනීම් වලින් සොයාගත් බුදුපිලිම සහිත ජායාරූප පහතින්..




























මෙම අන්තර්ජාල පෙන්සමට අත්සනක් තැබීමට ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න

Read more: http://www.gossip9.com/2012/10/blog-post_9392.html#ixzz2887k0isf

1 comment:

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.