POLICE JOKES - කෞතුකාගාර කොල්ලයේ පොලිස් විහිළු ගැනයි

මෙවර විහිළුවේදී අසරණ වූ පොලීස් නිළ නො-දරුවන්ට ගලපා ගැනීමට නොහැකි වූ විස්තර පුවතින් පුවත තේරුම් ගැනීමට මේ පුවත් නිවේදන එකින් එක කියවා බලන්න.




කෞතුකාගාර කොල්ලයේ සැබෑ අපරාධකරුවා
සොයා ගැනීම පොලිසියේ ජාතික වගකීමක්‌

අති පූජනීය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

කෞතුකාගාර කොල්ලය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇති කන්ගැට්‌ටා නමැති වන් මෑන් ෂෝ ගැන ප්‍රලාප නොකියා මේ මහා ජාතික අපරාධයට සම්බන්ධ පෙනෙන නොපෙනෙන බලවේග පිළිබඳව පුළුල් විශ්වාසනීය පරීක්‌ෂණයක්‌ කිරීමේ ජාතික වගකීම පොලිසිය සතු බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ දිවයිනට පැවසූහ.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ සිය අදහස්‌ දක්‌වා සිටියහ.

zකෞතුකාගාර කොල්ලයට සම්බනධව කන්ගැට්‌ටා නමැත්තා සැකකරුවෙක්‌ ලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්වීම පිළිබඳ අප සංතෝෂ වෙනවා. නමුත් වැදගත් වන්නේ නිවැරදි පරීකෂණ මගින් සාධක සහිතව මේ අපරාධකරුවා පිළිබඳ තහවුරු කිරීමයි.

මේ අපරාධය සිදුවූ මොහොතේ සිට දිගින් දිගටම අප දුටුවේ පොලිසියෙ මන්දොaත්සාහි බවයි. අප කම්පාවට පත්වුණේ මවිතයට පත්වුණේ මෙබඳු මහා ජාතික ව්‍යසනයකදී පොලිසිය හැසිරුණ ස්‌වරූපය නිසයි. තවමත් ඒ හැසිරීම ප්‍රශ්න කාරීයි.

zපොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ zවන් මෑන් ෂෝ අපරාධය ගැන පොලිසිය මේ කියන කතාව පොඩි දරුවෙක්‌වත් විශ්වාස කරන්නෙ නෑ. හොරකම වන දවසෙ ආරක්‌ෂක කැමරා ක්‍රියා විරහිතවීම තිබූ බව කෞතුකාගාර අධ්‍යක්‌ෂවරියවත් දැනගෙන හිටියෙ නෑ. සැකකරු මේ කැමරා අක්‍රිය කළාද? ඔහු වෙනුවෙන් කවුරුන් හෝ ඒ කැමරා ක්‍රියා විරහිත කළාද? මුරකරුවන් අතරින් ඔහු බේරි ගියාද? මුරකරුවන් ඔහුට යන්න දුන්නද? zඇත්තටම මෙය වන් මෑන් ෂෝ එකක්‌ද කියන ප්‍රශ්න තවමත් රට හමුවෙ තියනවා. ඔහු කියපු විදිහට කෞතුකාගාර හොරකම උනානම් ඒක මේ රටේ ආරක්‌ෂක සේවාවට වූ බරපතළ නින්දාවක්‌...

අපට අපරාධයක්‌ වුණාම අප යන්නෙ පොලිසියට... රටට අපරාධයක්‌ වුණාම යන්නෙත් පොලිසියට. පුරවැසියො විදිහට අපට පිහිට ඉල්ලන්න තියන තැනේ විශ්වාසය පළුදු වෙනවා නම් එබඳු රටකට යන කළ ඉතාම ෙ€දනීයයි.

රට එහෙම තැනකට පත් නොකර මේ අපරාධයට සම්බන්ධ යෑයි පෙනෙන මුරකරුවන්, කෞතුකාගාර සේවකයින් තවත් පෙනෙන නොපෙනෙන බලවේගයන් ගැන අලගිය මුලගිය තැන් නිවැරදිව හොයලා රටේ උරුමය වැනසූ මේ ජාතික අපරාධයේ ඇත්ත මේ රටට හෙළි කරන්න කියන ඉල්ලීම නැවත අප පොලිසියෙන් ඉල්ලා සිටිනවා.



හෙළයිනී දැන්වත් හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව්! හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.