Kind Plea - හෙළයේ මහ රජු වෙත කාරුණික ආයාචනයයි!


අති ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමනී



ඔබ වටා සිටින උපදේශක හැතිකරය, ඔබගේ කිසිදු සැකයකට හසු නොවී ඔබට එරෙහි බලවේග (කොටි පුක, රාජ්‍ය නොවන සංවිධාන, බටහිරට ආවඩන සංකර හැත්ත ) ගෙන් බලපෑම් ලබයි, මුදල් ආධාර පවා ලබයි. ඔබගේ හිතෛශී ලෙස සිටිමින් මානව හිමිකම් චෝදනා හරහා ඔබ වනසා දැමීමේ යටි අරමුණින් දියත් කරන බලය බෙදීමේ පිල්ලිය, පිළියමක් සේ පෙන්වා දෙමින් සිටී.

ඔබව මෙහිදී ගොනාට ඇන්දීමට ඔවුනට හැකිවුවහොත්, එය ඔබගේ වීර කාව්‍යයේ අවසානය වනු ඇත. ත්‍රස්තවාදය අවසන් කල හෙළ විරුවෙක් ලෙස ගෞරව කරනවා වෙනුවට ජනතාව ඔබගේ දෙමව්පියන් පවා නුසුදුසු ලෙස මතක් කරනු ඇත. එයින් නොනැවතී ඔබ විසින්ම රැක ගත් හෙළය පාවාදීම පිළිකුල් කරන ජනතාව ඔබගේ බිරිය පවා ඒ අයුරින් සිහි කරනු ඇත.

මේ හරහා ඔබව සිහසුනෙන් පැන්නීම ඉතා ඉක්මන් වනු ඇත. ප්‍රභාකරන්ට අමුඩ ඇන්දවූ මොහොතේ මුළු රටක්, මියගිය එම තිරිසනා ගිනි කෙළිවලින් අපහාසයට ලක්කලාට වඩා  ඔබට එරෙහි ජනතාව නිසා ගිනි කෙළි නිපදවන්නන්ට වාසි සිදුවනු ඇත.

ඔබ මතම යැපෙමින්, ඔබ වටා සිටිනා දේශපාළු හා උපදේශක ඉහඳ පණුවන් ඇඟට පතට නොදැනී ඔබ බිල්ලට ගැනීමට බලන්නේ ඩොලර්, විදෙස් පුරවැසිකම් අනේක විධ වාසි වලට කෙල පෙරමිනි. අපේ මව්බිම උකසට තබමිනි.

තමන් කිසිම ලෙසකින් නොරකින මානව හිමිකම් වලට අපිට බලපෑම් කරන විදේශ බලවේග ගැන අපි කරදරවීම කිසිදු තේරුමක් නැත. ඔබ සමඟ ජනතාව සිටින තාක්, එම පාහරයන්ට ඔබට එරෙහිව කල හැකි යමක්
නැත. කෙසේ නමුත් බලය බෙදා දෙමින් 13+ දෙන්නේ නම් ක්ෂණිකව රට අපායක් බවට පත්වනු ඇත. එම තත්වයම විදෙස් හැතිකරය ඔබව සිහසුනෙන් පැන්නීමට යොදාගනු ඇත. මෙය සරලව නොගන්න, ටියුනීසියාව, ඊජිප්තුව හා ලිබියාවේදී ඔවුන්ගේ මේ උපක්‍රමය ඉතා ඉහලින් ඵල දැරුවා නොවේද? ජාත්‍යන්තර කුමණ්ත්‍රනකරුවන් හා ද්‍රෝහී ගැත්තන්ට මෙය එක ගලින් වට්ටාගත් කුරුල්ලන් දෙන්නෙක් වනු ඇත. එනම්

1 ජාතීන් අනුව රට බෙදීම

2 බහුතරයගේ ක්‍රෝධය යොදාගනිමින් ඔබ සිහසුනින් පැන්නීම

ඔබට ලැදි, ඔබ සිහසුනේ සිටිනු දැකීමට කැමති ජාති මාමක පුරවැසියෙක් වශයෙන් ඔබගේ ඉහත විනාශය වළකන කාරණා කීපයක් පෙන්වා දීමට දෙන්න මට අවසර,

අ ) 13 වෙනි සංශෝධනය වහාම අහෝසි කරන්න. එය අපගේ ඉල්ලීමක් පවා නැතිව අප මත 1987 දී බලෙන් පැටවූයේ එවකට දරුණු වූ ඉන්දියානු ව්‍යාප්තවාදය හා බටහිරයන්ගේ පස්ස ලෙවකෑ නින්දිත J.R‍. මහල්ලා විසිනි. 13 වෙනි සංශෝධනය අහෝසිකල විට, රට කෑලි කෑලි කරමින් බලය ඉල්ලා සිටින සියළු හැතිකරයන්ගේ ඉල්ලීම් අස්ථාවර වනු ඇත.

ආ ) 1977 ට පෙර තිබූ රාජ්‍ය නියෝජිත ක්‍රමය වහා පිහිටුවන්න

ඇ ) අයාලේ යන අධ්‍යාපන ක්‍රමය හෙළ ජාතිකත්වය අගයන ක්‍රමයකට, පිරිවෙන් එකාබද්ධව ඉතිහාසය වැනි අතිශය වැදගත් විෂයන් , සංස්කෘතික සභ්‍යත්වය ඇතුලත් කරමින් ගොඩ නගන්න.
ශක්තිමත් ආර්ථිකයක් උදෙසා රැකියා හා කෘෂි අංශ සාර වනසේ විෂය නිර්දේශ සකසවන්න. නැතිනම් නුදුරු අනාගතයේදී පිරිමි තරුණ පරපුර කොන්ඩ වර්ණවත් තෝඩු දමන කාන්තා පිරිමින් (She males) වනු ඇත. කාන්තා තරුණ පරපුර වෙසඟනන් (Sluts) වනු ඇත, කිසිසේත් ශ්‍රී ලාංකික නම් නොවනු ඇත.

ඈ ) විශ්වවිද්‍යාල ක්‍රමය රටට කිසිම සේවයක් නැති බටහිර ක්‍රමයෙන් ගලවා ජාතිමාමකත්වය සහිතව රටේ බුද්ධි වර්ධනය කරන ක්‍රමයකට ගෙන එන්න. ජනතා මුදලින් උගෙන අධික පඩි ලබමින් සුළු ප්‍රශ්ණයටත් තමාගේ අධ්‍යාපන වියදම් දැරූ ජනතාව ප්‍රාණ ඇපයට ගන්නා ම්ලේච්ඡ උගතුන් බිහි නොවීමට වග බලා ගන්න. විශ්ව විද්‍යාල ආචාරීන් උගතුන් රටට සිය උගත්කම හරහා ප්‍රතිඵල පෙන්වන්නන් බවට පත් කර ඔවුනට වගකීම් උගන්වන්න. නොහැකි අය පිටුවහල් කර ජාතිය මත අනවශ්‍ය බර අඩු කරගන්න.

ඉ ) නීතිය හා දණ්ඩ නීති සරල හා ඉක්මනින් විසඳුම් ලැබෙන ක්‍රමයකට ගොඩ නගන්න. පැමිණිළිකරු මියයාමෙන් පසු පවා තීන්දු නොලැබෙන, අතිශය දූෂිත හා නාස්තිකාර අධිරාජ්‍ය විලාසිතාවේ වත්මන් ක්‍රමය ඉවත් කරන්න.

ඊ )  කිසිම විටෙක මේ පින්බිමේ ඉතිහාසය ගොඩනැගූ භූමි පුත්‍ර සිංහල බෞද්ධයාගේ උතුම් බවට, ලේ වලින් උරුම තත්වයට අත නොතබන්න. විජාතික සාම වෙළඳුන් ගේ බහු ආගමික බහු සංස්කෘතික ගිලටීනයට ඔබේ හා රට වැසියාගේ බෙල්ල නොදෙන්න. ලොවට හිමි අන්තිම බෞද්ධ ශිෂ්ඨාචාරය වැනසීමෙන් ගෙවිය නොහැකි පාප අත් නොකරගන්න.


දිය හැකි තවත් අවවාද බොහෝ ඇත. කාලය හා අවකාශ හරස් වේ. කෙසේ නමුත් ඔබට උපක්‍රමශීලී අවවාද අනුශාසනා අවැසි නම් ඔබට අවංකව උදව් කිරීමට පෙල ගැසුනු අය අප අතර ඇත.

දිනීමේ හෝ නැසීමේ තීරණය ඔබ අතම පවතී. ඔබගේ තීරණ හා ක්‍රියා,  ප්‍රතිඵල මොනවාදැයි අපට පෙන්වා දෙනු ඇත.

චිරාත් කාලයක් දිනේවා!


මහින්ද
 හිතෛශී රටවැසියෙක්

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.