TERRORIST RISHAD - රිෂාද් බදුර්දීන් නිවට ත්‍රස්ථයා



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 157 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Forest Land Invasion Attack - රක්ෂිත වනාන්තර වලට දෙන ඉස්ලාම් ප්‍රහාරය 


මුස්ලිම් ජනතාව වෙනුවෙන් රක්ෂිත වනාන්තර බිල්ලට

rishad-bathiudeen-letterවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයේ ඇති රක්ෂිත වනයෙන් අක්කර 2388ක් මුස්ලිම් ජනයා නැවත පදිංචි කරවීම සඳහා ලබාදීමට එකඟත්වය පලකර ඇත. මන්නාරම (අක්කර 1080), මුලතිව් (අක්කර 983), වවුනියාව (අක්කර 325) ලෙස මෙකී ඉඩම් නිදහස් කරන ලෙස වන සංරක්ෂණ ජනරාල් කේ.පී. ආරියදාස මහතා විසින් 14-02-2013 දරණ ලිපියෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත. මෙයට මූලික වී ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාය.
          උතුරේ මුස්ලිම් ජනයා කොටි සංවිධානය විසින් පලවාහැර ඇති බවත්, ඔවුන් පුත්තලම, කල්පිටිය, අනුරාධපුරය ආදී ප්‍රදේශවල පදිංචි වී ඇති බවත් නොරහසකි. 1990දී සිටි ඔවුන්ගේ ජනගහනය මෙන් දෙගුණයක් බවට ඔවුන් දැන් පත්වී ඇති බවද සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි. එමෙන්ම, පලවා හරිනු ලැබූ සිංහල – මුස්ලිම් ජනයාගේ ඉඩම් ඉතා අඩු මුදලකට හෝ බලහත්කාරයෙන් හෝ කොටි සංවිධානයේ මහාවීර පවුල් අතර බෙදා දී නිල ඔප්පු ප්‍රදානය සිදුකිරීමද කර ඇත. දැන් සිදුකළ යුත්තේ මේ ඉඩම් නිරවුල්කරණයකි. අසාධාරණයට ලක්වූ සිංහල – මුස්ලිම් පවුල්වලට සිය ඉඩම් හා දේපළ නැවත ලබාදීමකි. එසේ නොමැතිව රක්ෂිත වනාන්තරවල තීරු ජනාවාස සඳහා ලබාදීමෙන් සිදුවන පරිසර විනාශය හා අනාගතයේ තවදුරටත් වනය ආක්‍රමණය කිරීම ආදිය බලවත් ජාතික අපරාධයකි.
          නැගෙනහිර පළාතේද කලකට පෙර මේ ලෙසටම වන සංරක්ෂණ භූමි ආක්‍රමණයක් සිදුකෙරුණු අතර වසර 2007දී ඒ පිළිබඳව සෘජු ක්‍රියාමාර්ගයක් එවකට පරිසර ඇමතිවරයා විසින් ගනුලැබීය. මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වීමේදී එයද හේතුවක් කරගනු ලැබීය.
          පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ තීරණාත්මක තත්වයක් තිබූ ඒ අවස්ථාවේදී රජය මුස්ලිම් කොංග්‍රසයේ හා මුස්ලිම් ඇමතිවරුනගේ වන ආක්‍රමණයට ඉඩ දුන්නේ නැත. දැන් රජයට තුනෙන් දෙකක බලයක් තබාගෙනත් වනාන්තර ආක්‍රමණයට ඉඩදීම අදහාගත නොහැකිය.
          ගස් දශලක්ෂ ගණන් සිටුවනවා යැයි කියමින් දේශපාලන සංදර්ශන පැවැත්වුවද ඇත්තටම 2010න් පසු රක්ෂිත භූමිවලට සිදුව ඇති විනාශය අතිමහත්ය. දැනටමත් අක්කර 93,584ක් මෙලෙස විවිධ ව්‍යාපෘති සඳහා මුදාහැර තිබේ. කිසිවෙක් මුස්ලිම් ජනයාගේ නැවත පදිංචිවීමේ අයිතියට අභියෝග කරන්නේ නැත. නමුත්, ඒ වෙනුවෙන් දේශයේ හදවත බඳු රක්ෂිත වනාන්තර බිළිදීම නම් කිසිවෙකු අනුමත කරන්නේද නැත. රජය මේ මගින් පුත්තලම, කල්පිටිය, අනුරාධපුරය ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනයා උතුරට සංක්‍රමණය වේ යැයි සිතා සිටිනවා නම් සිදුවන්නේ ඉඩම් ප්‍රෙද්ශ දෙකම මුස්ලිම් ජනතාවට හිමිවීම පමණක් බව, කල්පිටියෙන් සිලාවතුරට සිදුවූ සංක්‍රමණයෙන්ද පැහැදිලිව පෙනීයනු ඇත. ඇමති බදුර්දීන් විසින් විල්පත්තු රක්ෂිත වනාන්තරය හරහා කපන ලද මාර්ගය නිසා සිදුව ඇති පරිසර විනාශය කිසිදා පියවිය නොහැකි තරම්වූජාතික අපරාධයකි. එම වනාන්තරයේ ගස්කොලන්, සතා සීපාවා මෙන්ම, එහි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඓතිහාසික භූමි පද්ධතිද එම මාර්ගයට හසුව විනාශවී ගොස් තිබීම හද කම්පාකරවන පුවතකි.
          රටේ ආර්ථික සංවර්ධනය උදෙසා සොබාවික පරිසරය බාදාවක් බවට වූ බොළඳ මතයේ රජය රැඳී සිටින බව පෙනේ. මතු පරපුර වෙනුවෙන් අපේ රක්ෂිත භූමි පද්ධතිය රැකගැනීමට ඉදිරිපත්වීම මේ පොළොවේ බිහිවුණු සියල්ලන්ගේ වගකීමය.
(ඉහත සිදුවීම්වලට අදාලව හුවමාරු වූ ලිපිවල පිටපත් පහතින් දැක්වේ)
rishad-bathiudeen-letter-1

































rishad-bathiudeen-letter-2
































rishad-bathiudeen-letter-3



කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.