DIRTY PAVITHRA - පවිත්‍රාගේ අපවිත්‍ර වැඩ

පවිත්‍රාගේ අපවිත්‍ර කම් දන්නෝ දනිති. සංස්කෘතික ඇමතිනී කාලයේ හම්බ ගූ කා මුහුදු මහා විහාරය උන්ට ඩෝසර් කිරීමට ඉඩ හැරියේ අමු අමුවේ ජාතියට හා තම තනතුරට ද්‍රෝහී වෙමිනි. වනචාරී මානසිකත්වය නිසා රත්නපුරේ සිය පක්ෂය තුලම නම කැත කරගත්  බැවින් හෙළය මත පහරණ අවජාතක බැල්ල තනතුර අපි මෙතැන් පටන් ඇයට ප්‍රධානය කිරීමට කැමැත්තෙමු!

අපවිත්‍රා පට්ට බැල්ලිය, තීගේ වංශයේ කැණහිල් රැල සමඟ අයාලේ යාමට අපෙන් තිට ආරාධනා! 

අපවිත්‍රා පට්ට බැල්ලිය අපගේ කැණහිල් පිටුවේ අංක 28 යටතේ බලන්න.






විදුලි බිල වැඩි කිරීම කුමන්ත්‍රණයක්‌දැයි සැක බව පාඨලී කියයි
ඇමැතිගෙන් ජනපතිට ලිපියක්‌


ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට සියයකින් හා විදුලි ඒකක එකසිය අසූවට වඩා පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට තිස්‌ පහකින් වැඩි කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශය එවා තිබූ ලිපියට අනුව විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට කළ යෝජනාව ජනතාවගෙන් රජය ඈත් කිරීමට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක්‌ දැයි සොයා බලන ලෙස හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවා තිබේ.

2013 ජනවාරි 14 වැනිදා මෙම ලිපිය ඇමැතිවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවා ඇති අතර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම යෝජනා කර තිබූ විදුලි අය ක්‍රමයට ඇමැතිවරයා දැඩිසේ විරුද්ධත්වයද පළකොට ඇත.

මෙම විදුලි ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව හිටපු විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් කළ එකක්‌ බට ඇඟවීමට වර්තමාන විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් එවූ එම ලිපිය මෙසේය.

පළමුව කිවයුත්තේ 2013 විදුලිබල ගාස්‌තු සංශෝධනය පිළිබඳ කිසිදු යෝජනාවක්‌ මවිසින් කැබිනට්‌ මණ්‌ඩලයට හෝ ජනාධිපතිතුමාට හෝ ලංකා විදුලිබල මණ්‌ඩලයට සිදු නොකළ බවය. එවැන්නක්‌ කර ඇති නම් එය ලිතව පෙන්නා දෙන ලෙස ඕනෑම අයකුට අභියෝග කරමි. විදුලි අය ක්‍රමය පිළිබඳව විදුලිබල පනතට අනුව බලතල ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමට වන අතර, ප්‍රතිපත්ති සැකසීම පමණක්‌ ඇමැතිවරයා විසින් සිදුකරනු ලැබේ.

2013 ජනවාරි 21 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා අමතා එවන ලද ලිපියක්‌ මගින් 2013 මාර්තු 31 දා සිට දැවිතෙල් මිල රුපියල් 65 සිට 90 දක්‌වාද, අඩු සල්µර් දැවි තෙල් මිල රුපියල් 75 සිට 100 දක්‌වා ද වැඩිකර තිබූ අතර එයට සාපේක්‍ෂව විදුලි අය ක්‍රමයක්‌ද මාර්තු 31 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණි.

එය පසුව මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කළ විදුලි අය ක්‍රමයට හරයෙන් සමානය. නමුත් ඇතැම් විට විදුලිය වැඩිකළ ප්‍රතිශත වෙනස්‌ කළ හැක.

මේ පිළිබඳ 2013.01.24 දරන දාතමින් මා විසින් අතිගරු ජනාධිපතිතුමා අමතා ලිපියක්‌ යවන ලද අතර එහිදී ඉහත කී මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ ලිපියෙන් යෝජනා කර තිබූ විදුලි අයක්‍රමයට මගේ විරුද්ධත්වය පළකර ඇත. එහි කොටස්‌ මෙසේ උපුටා දක්‌වමි.

ගෘහස්‌ථ ක්‍ෂේත්‍රයේ මාසික විදුලි ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිල 100% කින් පමණ ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ ලිපියෙන් යෝජනා කර ඇත. ඒ අතර ඉහළ ආදායම්ලාභී මාසිකව ඒකක 180 ට වැඩියෙන් භාවිත කරනා පාරිභෝගිකයන්ගේ විදුලි බිල 8-35% අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇත. මෙය මෙතෙක්‌ රජය මගින් ක්‍රියාත්මක කළ රටේ දුප්පත් ජනතාවට ඔරොත්තු දෙන මිලකට විදුලිය සැපයීමේ ප්‍රතිපත්තියට ඉඳුරාම පටහැනි වේ. එමෙන්ම මෙය රට තුළ රජයට ඉතාමත්ව අවාසි සහගත තත්ත්වයක්‌ නිර්මාණය කිරීමට ද හේතුපාදක වනු ඇත. මෙම රජයේ මූලික පදනම වූ සාමාන්‍ය ජනතාවගෙන් රජය ඈත් කිරීමට ක්‍රියාත්මක වන්නාවූ කුමන්ත්‍රණයක එක්‌ පියවරක්‌ දැයි පරීක්‍ෂා කර බැලීම යෝග්‍ය වේ. නියඟය පැවැති වකවානුවේදී ලංවිම ගාස්‌තු ඉහළ නොයවා එය පාඩු ලැබීමට සලස්‌වා විශේෂයෙන්ම රටේ සියලු ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී ඉතිරී ඇති මෙවන් මොහොතක මෙලෙස විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට යෝජනා කිරීම අතිශය සැක කටයුතු වන්නේය.

මේ අනුව 2013 විදුලි ගාස්‌තු වැඩි කිරීම පිළිබඳව මාගේ ස්‌ථාවරය සියලු දෙනාට පැහැදිලි වනු ඇතැයි සිතමි.

තවද කිහිප අවස්‌ථාවකදීම මා අවධාරණය කර ඇත්තේ 2012 දී අසාමාන්‍ය ලෙස තෙල් සංස්‌ථාව හා ලංවිම රුපියල් බිලියන 150 ක්‌ තරම් පාඩු ලැබුවේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යැම නිසා නොව, ප්‍රධාන වශයෙන් රුපියල අවප්‍රමාණය වීමත් නියඟය නිසා ඉන්ධන විදුලිය වැඩියෙන් භාවිත කිරීමත් නිසා බවය. එයට එකී අමාත්‍යාංශ දෙකෙන්ම කිසිවෙක්‌ වගකිව යුතු නොවේ.එයට විදුලි පාරිභෝගිකයන්ද වගකියුතු නැත.

2013 විදුලි අයක්‍රම මේ කිසිදු මූලධර්මයක්‌ අනුගමනය කර නැත. ඉන්ධන හා විදුලි අයක්‍රමය තීරණය කිරීම නිලධාරීන් අතලොස්‌සකගේ කැමැත්ත මත නොව ජනතාවට පිළිගත හැකි විද්වත් මණ්‌ඩලයක අධීක්‍ෂණය යටතේ පාර්ලිමේන්තුවට වගකියන ලෙස කිසිම මිල සූත්‍රයකට අනුව සිදුවිය යුතු බව නැවතත් අවධාරණය කරමි.

විදුලි අයක්‍රමය ඛනිජ තෙල් මිල ඉහළ යැම වැනි ගැටලුවල හරය වටහා ගෙන කටයුතු කරනවා විනා විවිධ පුද්ගලයන් ඉලක්‌ක කරගනිමින් මාධ්‍ය ප්‍රහාර එල්ල කිරීමෙන් ඵලක්‌ නොවේ. මේ පිළිබඳ ඕනෑම අයකු හා හරයාත්මක සංවාදයකට එළැඹීමට මා සූදානම් බවද මෙයින් ප්‍රකාශ කරමි.


http://www.divaina.com/2013/04/25/news09.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.