Hela Urumaya - Only Political Voice For Sinhala Buddhists - හෙළ උරුමය අපගේ එකම ගැලවීමයි.



විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

මෙන්න අපගේ කලින් ලිපිය හරහා මුරගල අපගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබුනු සියළු ජාති හිතෛෂී ඡන්ද අපේක්ෂකයෝ. කරුණාකර ඔබගේ ප්‍රාදේශීය සභාවට, මොවුන්ගේන් අයෙක් පමණක් තෝරා ගන්න, හැකි තරම් බෙදා හැර, ආණ්ඩුවේත්, අනෙක් සියළු ද්‍රෝහී පක්ෂ වලත් සිංහල බෞද්ධයාට එරෙහි අති දැවැන්ත සංහාරය වලක්වා ගැනීමට ඔබගේ අත්වැල උපරිමයෙන් ලබා දී ජාතිය බේරා ගන්න උපකාරී වන්න. ඔබගේ පුතාට, දුවට, මුණුපුරාට "බුදු සමය වැනසූ සර්වාගම් වැසිකිළි වලක් නොවූ",  "සුළු ජාතිවාදී ගහලයන්ගෙන් තොර", "බෞද්ධ මූලික", "සසුන බැබලෙන" අනාගත ශ්‍රී ලංකාවක් සඳහා ඔබගේ යුතුකම අද ඉටු කරන්න.

මෙතෙක් අප කෑ ගැසූ සර්වාගම් ප්‍රහාරයට විරුද්ධව, ඉතා හරවත් හා උසස් ප්‍රකාශ නිකුත් කලේ, හෙළ උරුමය නායකත්වය හා එහි දේශපාලකයන් පමණි. අපි ඒවා සියල්ල ඉදිරියේදී ගෙන එන්නෙමු. කොන්දේසි විරහිතව එයට උපකාර කිරීමට
මුරගල අපිට එයම ප්‍රමාණවත් වේ. අගමැති තුමාගේ ප්‍රතිචාර හුදෙක් බෞද්ධ විරෝධය යට ගැසීමේ වංක උවමනාවක්දැයි අපට සැක ඇතිවන්නේ ඔහු තුල සර්වාගම් සිහිනය හැරුනු කොට වෙනත් කිසිවක් තවමත් ප්‍රදර්ශනය නොවන නිසයි.


තමාගේ මුළු සර්වාංගයම බෞද්ධ බවත්, තමාට අඩු සිවුරු පමණක් බවත් වහසි බස් දොඩන අගමැති තුමාගේ අමාත්‍යංශය සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අරඹා ඇති වෙබ් අඩවිය http://sambuddhatvajayanthi.com/ , හරියටම 2011 මැයි 11 දින කල් ඉකුත් වන එකක් බව ඔබ දැන සිටියාද?
අති පූජනීය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ අගමැති තුමාගේ ආගම් වලට සම තැන ගැන පැහැදිලිව කල විරෝධය ගැන මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට ඉහත වහසි බස් දෙඩවීම කර, නැවතත් විවිධ කථා කියමින් වටේ ගොස්, අවසානයේ "බුද්ධාගමට වගේම මේ රටේ පවතින අනෙකුත් ආගම්වලට අපි ගරු කරනවා. රජය ඒ සෑම ආගමකටම ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා" යනුවෙන් 2011 ජනවාරි 20 දින ලංකාදීප පුවත්පතේ 13 වන පිටුවේ අණාවරනය කරයි. 
 විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න
 මෙම ප්‍රකාශය කිරීමට පෙර අනෙක් ආගම් වලට සිදුවූ අසාධාරණ කම් මොනවාදැයි අපිට පැහැදිලි කරන මෙන් අපි අගමැති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු! 
මේ සියල්ලෙන් පෙනෙන කටුක සත්‍ය නම්, සර්වාගම් ප්‍රහාරය නොනවතින රැල්ලක් බවයි. සිංහල බෞද්ධයා මී හරකෙක් යයි ගරු අගමැති තුමා සලකන්නේ යැයි අපි සිතමු. මුරගල අපි ඒ ගැන කණගාටු වන්නෙමු.

ජනාධිපත් පදවි ප්‍රාප්තියෙන් පසු, රටේ යහපත් අතට අති විශාල වෙනස්කම් ඇති වුනි. පළමු කොට රජය දැන් මධු සමය ගත කරන සර්වාගම් කණ්ඩායම් වල ආශීර්වාදයෙන් ආරක්ෂාවෙන් සිටි කොටි සහමුලින් පරාජය කිරීමෙන් පටන් ගෙන ඉන්පසු රටේ සෑම පොහොය දිනකම ජනාධිපති සහභාගිත්වයෙන් ජනපති මැදුරේ සිට කරන පින්කම් දක්වා සියල්ල, බොදු මනස පිනා යාමට හේතු විය. ඇත්ත වශයෙන්ම මේවා වලින් මන්මත් වී පිනා ගොස් සිහින ලෝක වල සිරවූ කොටසක් තවමත් රට තුල සිටී.

නමුත් ක්‍රමයෙන් හකීම් රජයට ගැනීම
ත්, බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කිරීමත්, ඒ වෙනුවට අන්තර් ආගම් සහයෝගීතා නම් අවජාතක අමාත්‍යංශය, ඊට සුදුසුම කැණහිලුන් යොදා පටන් ගැනීමත්, මැල්කම් රංජිත් නම් කොටි හිතවාදියා ඉදිරියේ කොන්ද අහිමි වීමත්, රටට පොරොන්දු වූවා සේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා එකම නීතිය යන ප්‍රකාශය හුදෙක් වචනයට සීමා කර, යාපනයේ තේසවලාමේ නීතිය ට අත නොතැබීමත්, රටපුරා මරණීය ෂාරියා නීතිය රජයේ හෙවත් අපගේ වියදමින් ස්ථාපිත කිරීමත් ආදී පොළොව නුහුලන මහා අපරාධ සියල්ල බලා සිටීමට බෞද්ධයාට සිදුවිය.

අප අඩවිය පුරාම ඇත්තේ, අපගේ ඓතිහාසික උරුමයන්ට, ජාතියට, ආගමට සුළු ජාතිකයන්ගෙන් සිදුවන කෙනෙහිලිකම්ය. ඒවා සියල්ල එසේම තව දුරටත් සිදුවන අතර, රජය විසින් තවත් හපන් කමක් කරන ලදි. එනම් අපගේ ශුද්ධ වූ ඓතිහාසික
පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කම අන්‍යාගමික සුළු ජාතික නායකයෙකුට භාර කිරීමයි. නරියාට කුකුළ්ලු දුන් පසු වෙනෙ දේ ගැන අමුතුවෙන් කිය යුතු නොවේ. සිංහල බෞද්ධයිනී, වසර දහස් ගනනක් පැවති එම ස්ථාන ගැන අනිත්‍ය මෙනෙහි කිරීමට ඔබට දැන් කාලයයි. පහත දැන්වීම බලන්න.

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න
ලේකම් - ආගමික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශ

අවසාන වශයෙන් රජය අසූචි සිය හිසේ හලා ගත්තේ අගමැති තුමාගේ අන්තනෝමතික අවශ්‍යතාවයන්ට ඉඩ දෙමින් 2600 අති උතුම් බෞද්ධ මංගල්‍යය දේශපාලණීකරනය කිරීමේ පවිටු චේතනාවෙන් එයට බෞද්ධයාගේ ප්‍රමුඛත්වය වෙනුවට මිසදිටු පාපකාරීන් සියල්ල ගාවා ගෙන, ඒ මදිවට, සර්වාගම් නම් අවජාතක සංකල්පය හරහා, තුන් ලොවට අග රජු වූ, බුදු පියාණන් වහන්සේගේ පරම ගාම්භීරත්වය, මිසදිටුවන් හා සම තත්වය දීමෙන් වැනසීමට දැන හෝ නොදැන හවුල් වීමෙනි.

සිංහල බෞද්ධයිනී, බලා සිටියා හොඳටම ඇති, දැන් අපි, අපගේ දේශපාලන බලය රජයට පෙන්විය යුතුයි. පමා වන තරමට මෙම විනාශ තව තවත් වැඩි වේ. හෙළ උරුමය සිය හැකියාව පෙන්වා ඇත. අපි අළුතෙන් පක්ෂ පිහිටුවාගේ නා ගත යුතු නොවේ. අපි එක හඬින් සිංහල බෞද්ධ කමේ නාමයෙන් එක් වෙමු. අඩු පාඩුකම් තිබිය හැක. මුස්ලිමුන් අපගේ හිසේ පහරන්නේ, දෙමළුන් එයම කරන්නේ, 100% නිවැරදි, ඔවුන් 100% එකඟ පක්ෂ හරහා නොවේ. නමුත් අධික ජාති ආලය ඔවුන් එක් කොට තබා, බලවත් කොට 70% වූ අපගේ බෙල්ල පාගා ගෙන, දැන් අපගේ හිස මත මළ පහ කිරීමට සැරසෙයි. මදක් සිතා බලන්න, ඔබගේ මුණුපුරාගේ වට පිටාව ගැනත් සිතන්න. නිවැරදිව ඡන්දය පාවිච්චි කරන්න.
පසුවට පසුතැවිලි නොවන්න.

අපි කලින් පෙන්වා දුන් අයුරු, මුස්ලමානුවා, දේශපාලන බලය සොරා ගැනීමට උපයෝගී කර ගන්නේ, අපේක්ෂකයන් එකෙක් දෙන්නෙක් පමණක් අරමුණු කර, මුලු ගෝත්‍රයම චන්දය පාවිච්චි කිරීමයි. ඔවුන් එයින් ජයගෙන, සමහර සිංහල බහුතර ප්‍රදේශ වල පවා බලය තහවුරු කර ගෙන සිටී. අපිට එයම කිරීමට නොහැක්කේ මන්ද?. ඔවුන් සේම, සිංහල බෞද්ධ අපිත්, මොන තරම් සංධාන අපේක්ෂකයන් ඉල්ලුවත්, හෙළ උරුමයේ අපේක්ෂකයා හෝ දෙන්නා පමණක් අරමුණු කරමු. රජය තුල එකම සිංහල බෞද්ධ හඬ නගා සිටුවමු. කිසිවෙකුගේ උගුල් වලට හසු නොවෙමු.


සිංහල බෞද්ධයාට ජය! 

මුරගල බෞද්ධ කණ්ඩායම

1 comment:

  1. it is not only present day, the monks were helping the state. From the time of Great King Dutu Gemunu, the Ven. monks were the main advisers to king (mostly those Ven. Theros were the ones who attained Arhathship). Was it not politics? . Due to high respect and acceptance from the king there were absolutely no threats to Buddhism from the state, other than the development of it by the state.

    Please analyze the situation today. Do the state uplift or destroy Buddhism?. Do the state respect monks? Do you think Buddhism will have any chance of surviving even a decade if our ven. Monks decide to confine themselves totally to hermitages? The pathetic situation today had left no choice but getting into politics for patriotic Ven. monks.
    Ven. Theros are the most respected among pathetically treated mass i.e. Sinhala Buddhists in this country. If they willingly come to save Buddhism, that is the best we can expect as Buddhists. If Most Ven. Soma thero came to Politics on time. That Gem is alive today. Some nayaka Theros blocked (I do not know it it was out of mere jealousy against fame ) that and an entire nation suffer the loss even today.

    Please use your energy to help these ven. Theros who compromised their Nibbana for the long life of Sasana in Sri Lanka. Our entire nation owe them for their great sacrifice.

    My heartiest worship for 11 monks who came forward to save the nation. May the noble triple Gem bless them to elect with highest votes and be guardians of our Sasana which is vanishing at a rate today.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.