Lost Butchers - කාලි දේවිය වෙනුවෙන් අබෞද්ධ මිසදිටු ඝාතකයෝ සීරුවෙන්

 

මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාවේ
මස්‌වලින් සියයට 90 ක්‌ මස්‌ කඩවලට
විකිණීමේ කූට ව්‍යාපාරයක්‌ පවතිනවා
පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

ප්‍රභාත් විතාන

හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ව බිලි පූජාවට යොදා ගන්නා සතුන්ගේ මස්‌වලින් සියයට 10 ක්‌ ආහාරයට ගන්නා බවත් ඉතිරි සියයට 90 ම මස්‌කඩවලට විකිණීමේ කූට ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක වන බවත් ජාතික හෙළ උරුමය නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ආගමේ මුවාවෙන් බරපතල වංචාසහගත ක්‍රියාවන් කරන මෙවැනි පිරිසක්‌ සිටින රටක ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙන බවත් ඒ නිසා මේ නින්දිත ක්‍රියාව නැවැත්වීමට වහාම ක්‍රියාත්මක වන ලෙසට රජයට බල කර සිටින බවත් සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ලබන මස 01 වැනිදා හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් ඊයේ (27 වැනිදා) පස්‌වරුවේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිá

මහත්මා ගාන්ධිතුමා වරක්‌ ප්‍රකාශ කළා මිනිසාගේ දියුණුවේ තරම, ශිෂ්ටත්වයේ සහ හැදිච්චකමේ තරම දැනෙන්නේ ඔවුන් සතුන්ට සලකන ආකාරය අනුවයි කියලා. සතුන්ට සලකන ආකාරය හිංසාකාරී නම් ද්වේශසහගත නම් තිරස්‌චීන නම් ම්ලේච්ඡ නම් අපට කියන්න වෙන්නේ මහත්මා ගාන්ධිතුමාගේ මිණුම් දණ්‌ඩට අනුව ඒ සමාජය තිරිසන් සමාජයක්‌ නැත්නම් නොදියුණු අසභ්‍ය, අසංකෘතික සමාජයක්‌ කියලයි.

එක අතකින් ලෝක ශිෂ්ටාචාරයේ තවත් තැනක අඟහරු ලෝකය ගවේෂණයක යෙදී සිටිනවා. එක පැත්තකින් මිනිස්‌ ශිෂ්ටාචාරය දියුණුවී තිබෙනවා. තවත් පැත්තකින් මිනිස්‌සු ආගම ධර්මයට මුවාවී අහිංසක සතුන් මරණවා. මේ වගේ සිද්ධීන් ක්‍රි.පූ. 6 වැනි සියවසේ තිබුණා. ඒ යුගවල බුදුහාමුදුරුවෝ ඒවා පැහැදිලිව ප්‍රතික්‍ෂේප කරලා අවඥාවට ලක්‌ කර සිදු කළ දේශනා අපි කවුරුත් දන්නවා. මනුෂ්‍යයෝ විතරක්‌ නොවෙයි, සතුනුත් ජීවිතයට, හිංසාවට බයයි. අපි මරණ දඬුවමට බය වගේම සතුන්ටත් ඒ බය දැනෙනවා. ඒ නිසා සතුන්ටත් සමාන සහෝදරත්වයකින් සලකන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කර තිබෙනවා.

බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒ ධර්මය අනුගමනය කරන වැඩි පිරිසක්‌ අදත් ජීවත් වෙන ථෙරවාදී බෞද්ධ සංස්‌කෘතිය අගයන රටක අපට මුන්නේෂ්වරම් කෝවිලේ පැවැත්වීමට යන මේ සත්ව බිලි පූජාව බරපතළ ප්‍රශ්නයක්‌.

එමෙන්ම මේක බෞද්ධාගම විනාශ කරන්න මිථ්‍යා විශ්වාසයන්ට බෞද්ධයා බලහත්කාරයෙන් ගොදුරු කරන්න යන බරපතළ තත්ත්වයක්‌. ඒ නිසා සෑම බෞද්ධයෙක්‌ම, බෞද්ධ සංවිධානයක්‌ම මේ ක්‍රියාවට විරුද්ධ විය යුතුයි.

ජල භීතිකාව පතුරුවන බල්ලෙක්‌ මරන්න තහනම් රටක්‌ මේක. එබඳු රටක අහිංසක සතුන් බිලිදෙමින්, පුද පූජා පවත්වනවා. මේ බිලි පූජාවට බෞද්ධයෝ පමණක්‌ නොවෙයි මුන්නේෂ්වරම් කෝවිලට අල්ලපු හින්දු කෝවිලේ පූජකවරුත් මේ තිරිසන් ක්‍රියාවට විරුද්ධයි. එමෙන්ම මේ බිලි පූජාවෙන් මනුෂ්‍යයාගේ ශිෂ්ටත්වය අධ්‍යාත්මික තත්ත්ව දියුණුවීමක්‌ සිදු වෙන්නේ නැහැ.

කාලි යකින්නියක්‌ හෝ කිනම් යකින්නියකගෙන්වත් අපට සිදු වෙන සෙතක්‌ හෝ යහපතක්‌ නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක තියෙනවා මොන ආකාරයේ බිලි පූජා කළත් ඒ බිලි පූජාවේ කර්ම ශක්‌තිය තමාට එන බව. ඒ කර්ම ශක්‌තිය තමාට එන වෙලාවේ ඔය එක යකෙක්‌වත් යකින්නියක්‌වත් තමාව කර්ම ශක්‌තියෙන් මුදා ගන්න එන්නේ නැහැ.

අද වන විට මේ රටේ එක පැත්තක කපිල වස්‌තු ධාතූන් වහන්සේ රට පුරා වඩම්මගෙන යනවා. ඊළඟට විශ්ව සමාධි කියල ප්‍රතිමාවක්‌ වඩම්වා පෙන්වනවා. මේ අතරවාරේ අහිංසක සතුන්ගේ බෙලි කැපීමකටත් සූදානම් වෙනවා. කොහොමද මේක වෙන්නේ? මේ නින්දිත වැඩේ නවත්වන ලෙසට අපි රජයට බල කර සිටිනවා.

මෙහිදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික හෙළ උරුමය මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමිá

ප්‍ර( ගිය අවුරුද්දෙත් මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක්‌ ගත්තාට පසුව තමයි බිලි පූජාව නැවැත්තුවේ. මේ අවුරුද්දෙත් දැන් කියනවා රජයට මේක නවත්වන්න කියලා?

පි( මෙය නතර කිරීම සඳහා දැනට තියෙන නීති ප්‍රමාණවත් කියලා අපි හිතනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලන සමයෙත් මේ සම්බන්ධව නීති පනවා තිබෙනවා. සත්ව අවිහිංසා පනත යටතේ ප්‍රමාණවත් නීති රීති පනවා තිබෙනවා මෙය තහනම් කිරීම සඳහා. විශේෂයෙන්ම සතෙක්‌ ඝාතනය කරන විට පවත්නා නීතිය අනුව රජයේ අනුමත සත්ව ඝාතකාගාරයක පමණයි සතුන් ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේම එම නීතියට අනුව ඒ සම්බන්ධව පළපුරුද්දක්‌ තියෙන පුද්ගලයකුට පමණයි ඒ ඝාතනය කරන්න පුළුවන්. සතාට අවම වේදනාවක්‌ ලබාදීම එම නීති රීතිවල එක අරමුණක්‌. ඒ සම්බන්ධ පළපුරුද්දක්‌ නැති කෙනකුට සතුන් ඝාතනය කරන්න බැහැ. ඒනිසා මේ නීති යටතේම ඔය මුන්නේෂ්වරම් කාලි අම්මාන් කෝවිලේ සත්ව ඝාතනය, සත්ව බිලි පූජාව නවත්වන්න පුළුවන්. එතන කෝවිල දෙකක්‌ තියෙනවා. මුන්නේෂ්වරම් හින්දු මහ කෝවිල හා කාලි අම්මාන් කෝවිල කියලා. හින්දු මහ කෝවිල මේ සත්ව ඝාතනය, සත්ව බිලි පූජාවට විරුද්ධයි. ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේදීත් හින්දු කෝවිලේ පූජකවරු මේ සත්ව බිලි පූජාවට විරුද්ධව අප සමග එක්‌වී සාක්‍ෂි ලබා දුන්නා.

ප්‍ර( මුන්නේෂ්වරම් කාලි අම්මාන් කෝවිලේ පූජකවරු කියා තිබෙනවා මොන බලපෑම් ආවත් මේ බිලි පූජාව පවත්වනවා කියලා?

පි( මොන බලපෑම් ආවත් මේක කරනව කියල කියනව නම් මේ රටට නීතියක්‌ මොකටද? කවුරුන් හෝ කිව්වොත් බිලි පූජාව කරනව කියලා පැහැදිලිවම ඒක නීති විරෝධියි. සදාචාරය පැත්තකින් තියමු මොහොතකට. මේ රටේ සියලු ආගමික කණ්‌ඩායම් රටේ පවතින නීතියට ගරු කළ යුතුයි. පසුගිය දවසක අපට මතකයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු බෞද්ධ රටේ, රාජගිරියේ පන්සලක පිරිත් දැම්ම කියලා භික්‍ෂුන් වහන්සේ නමක්‌ අත්අඩංගුවට ගත්තා. උන්වහන්සේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා. එහෙම නම් දහස්‌ ගණනක්‌ සතුන් බිලි දෙන්න, මේ රටේ නීතිය කඩන්න පුළුවන් ජගතෙක්‌ ඉන්නවද කියලා අපි සොයා බැලිය යුතුයි. මුන්නේෂ්වරම් කාලි අම්මාන් කෝවිලේ පූජකවරුන්ට ලැබිල තියෙන අවසරය මොකක්‌ද? බලය මොකක්‌ද? මේ රටේ නීතිය ඉක්‌මවා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා අපි එම ප්‍රකාශය තරයේ හෙළා දකිනවා. ඒකෙන් පේන්නේ මේ රටේ නීතිය ගණන් ගන්නේ නෑ කියන එකයි.

http://www.divaina.com/2012/08/28/news23.html

1 comment:

  1. MEKA AGAMIKA SIDHASTHANAYAK DA? NATHNAM MAS KADAYAK DA?

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.