ASANIC CONSPIRACY - ජඩ දේශපාලු සහයෙන් කල හෙළයට එරෙහි ආසනික් කුමණ්ත්‍රණය

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ හා ජාතික සංඝ සම්මේලනයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව්! හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

 

ආසනික්‌ හා සයනයිඩ්වලින් ගොවි ජනතාව
බේරා ගැනීමට බුද්ධ පුත්‍රයෝ පෙරමුණ ගනිති


දේශපාලකයෝ හා නිලධාරීන් සමාගම්වල
මුදලට යට වී සත්‍ය යටපත් කිරීමට හදනවා
අතුරලියේ රතන හිමි

සුජාතා ජයරත්න

මෙරට පරිහරණය කරන කෘෂි රසායනවල තිබෙන ආසනික්‌ හා සයනයිඩ් නිසා මේ වන විට විසිදහසකගේ පමණ ජීවිත විනාශ වී තවත් පනස්‌දහසක්‌ පමණ රෝගී වී සිටින නිසා සමාගම්වල ධන බලයට යටව තිබෙන සත්‍ය හෙළි කිරීම සඳහා ජාතික සංඝ සම්මේලනයේ භික්‌ෂූන් වහන්සේලා දෙසියනමක්‌ ඊයේ (17 වැනිදා) පෙරවරු 10.00 ට විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී කියා සිටියේ රුපියල් බිලියන හැටක මුදලක්‌ වැය කොට ආසනික්‌ හා සයනයිඩ් අඩංගු රසායනික වර්ග ආනයනය කරන බවයි.

කෘමිනාශකවල පමණක්‌ නොව පොහොරවලද විෂ සහිත ආසනික්‌, රසදිය කැඩ්මියම් තිබෙන බවද කළ පරීක්‍ෂණවලින් තහවුරු වී තිබියදී මුදලට යටපත් දේශපාලනඥයන් සහ නිලධාරීන් සත්‍ය වසන් කරන බවද උන්වහන්සේ පැවැසූහ.

දෙහිඅත්තකණ්‌ඩිය හා ශ්‍රීපුර ප්‍රදේශවල ඉතා විශාල වශයෙන් වකුගඩු රෝගීන් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්‌වෙන බවද උන්වහන්සේ පැවැසූහ.

ජාතික සංඝ සම්මේලනය නිවේදනයක්‌ නිකුත් කරමින් මෙසේද කියා සිටී.

ශ්‍රී ලංකාවේ පරිහරණය වන කෘෂි රසායනවල අධික ලෙස ආසනික්‌ හා සයනයිඩ් තිබෙන බවට අනාවරණය විය. එහෙත් ඇතැම් විද්‍යාඥයන්, විද්වතුන් හා නිලධාරීන් සමාගම්වල මුදල්වලට යට වී මෙම ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කළහ. අවංක විද්වතුන් හා නිලධාරීන් පිරිසක්‌ නොයෙක්‌ බලපෑම් හා බාධක මත ජාතියට මේ මහා අනතුර හෙළිදරව් කළහ. රජය මේ සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කිරීම ඇත්තෙන්ම අතිශය ගැටලුකාරී තත්ත්වයක්‌ බවට පත් විය. කෘෂි රසායන වල ආසනික්‌ නැතැයි වගකිව යුත්තන් ප්‍රකාශ කළ ද සත්‍ය සහමුලින්ම හෙළිදරව් වී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව පරීක්‍ෂණ කළ අතර එහිදී ඉතා පැහැදිලිව කෘෂි රසායනවල පමණක්‌ නොව පොහොර වල ද ආසනික්‌ හා රසදිය තිබෙන බවට පිළිගෙන ඇත. සත්‍ය සහමුලින් හෙළි වුවද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හෙළිකරගත් බොහෝ තොරතුරු පවා සඟවා තැබීම රටවැසියාට කරන අනර්ථකාරී ක්‍රියාදාමයක්‌ බව නිලධාරීන් තේරුම්ගත යුතුව ඇත.



http://www.divaina.com/2012/09/18/news29.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.