Dog and Fleas - නිර්මාල් පල්ලි බල්ලා නිසා බැටකන උගේ සිසු මැක්කෝ දෙතුන් දෙනා

හුදෙක් සිය වෙළඳ ප්‍රචාරය සඳහා මේ නිර්මාල් පාහරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය විරුවාට අභූත චෝදනා කලේ තමන් ගේ බලු කූඩුව වටා රහස් පොලීසිය යොදවා ඇතැයි කියමිනි. එම බොරුව කොටි මාධ්‍ය විසින් උලුප්පන්නට තැත් කලද ඵලක් නොවිනි. මුරගල අපගේ අදහස නම් මේ මස් රාත්තලටම කෙළ හලන පිස්සු පල්ලි බල්ලා කෙසේ හෝ වනසා දැමිය යුතුය යන්නයි. දූෂිත, ඔල මොල S.B. පාහර ඇමතියාද පන්නා දැමිය යුතුයි. හැකියාව, උගත්කම හා වගකීමක් ඇති අයෙක් සොයා උසස් අධ්‍යාපනය බාර දිය යුතුයි. සරසවි සිසුන්ගෙන්ම නව ආචාර්ය මණ්ඩල පිහිටවිය යුතුයි. බොරුවෙන් ගොඩ නගන මේ නින්දිත ආචාර්ය සටන මර්ධනයෙන් අවසන් කොට අසරණ සරසවි සිසුන්ට සිය උසස් අධ්‍යාපන අයිතිවාසිකම නැවුම් ආකාරයකට නොපමාවම සලසා දිය යුතුයි.

උසස් අධ්‍යාපනය රටේ බුද්ධියේ සංකේතයයි, හෙළයේ මහරජ තුමාත්, ආරක්ෂක ලේකම් විරුවාත්, ජාති හිතෛෂී සියළු දෙනාත් මේ වතිකානු කුමණ්ත්‍රණයේදී උසස් අධ්‍යාපනය හෙළ දරුවන්ට රැක දීමට ඉදිරිපත් වේවා. සියළු ද්‍රෝහී පල්ලි අචාරීන් පර දේශයට බැරිනම් පරලොව හෝ යවත්වා. එයින් අසරණ සිසුන්ගේ අයිතීන් සුරැකෙනවා මිස කිසිවෙකුටත් අවැඩක් නම් සිදු නොවේ.

 

ආචාර්යවරුන්ගේ සහයට ආ
සරසවි සිසුන්ට ජල - බැටන් ප්‍රහාර

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද

ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි රජයට බල කරමින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ (06) පස්‌වරුවේ සත්‍යග්‍රහයක නිරත වූ සිසුන්ට බැටන් සහ ජල ප්‍රහාර එල්ල කොට විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

මේ නිසා එම ස්‌ථානය අවට දැඩි රථවාහන තදබදයක්‌ හා උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගතව තිබිණි. ජල ප්‍රහාරවලට ලක්‌ව දිවයද්දී සිසුන් කිහිප දෙනකුට තුවාල සිදුවූ බවත්, තවත් සිසුන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගත් බවත් කුරුඳුවත්ත පොලිසිය පැවැසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ එක්‌සත් ශිෂ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලද මෙම සත්‍යග්‍රහයට සරසවි සිසුහු හැට දෙනෙක්‌ පමණ සහභාගි වී සිටියහ.

ආචාර්යවරුන්ගේ ගැටලු වහා විසඳා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අරඹන ලෙසට ඉල්ලමින් ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම සිසු පිරිස උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණය ආරම්භ කළහ. ඉන්පසු උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා තමන් සමඟ සාකච්ඡා කළ බවද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ කතා කොට විසඳුම් ලබා ගන්නැයි ලේකම්වරයා ශිෂ්‍යයන්ට පැවැසූ බවද එක්‌සත් ශිෂ්‍ය සංවිධානයේ සභාපති ජයන්ත රෝහණ "දිවයින"ට ප්‍රකාශ කළේය.

ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව සිසු පිරිස යළි අමාත්‍යාංශය ඉදිරිපිට බිම වාඩි වී සත්‍යග්‍රහයක්‌ ආරම්භ කිරීමට සූදානම් වූහ. එහෙත් එම ස්‌ථානයට පැමිණි පොලිස්‌ කැරළි මර්දන ඒකකය පැමිණීමෙන් පසු එහි කලබලකාරී තත්ත්වයක්‌ උද්ගත විය.

බැටන් හා ජල ප්‍රහාර එල්ල කොට සිසු පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ පොලිසිය එහි සිටි ශිෂ්‍යයන්ට පස්‌ දෙනකුද අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සිසුන් පිරිස නිදහස්‌ කරන ලෙස ඉල්ලා සෙසු සිසුහු කුරුඳුවත්ත පොලිසිය අසලට රැස්‌වූහ.

මේ අවස්‌ථාවේදී "දිවයින"ට අදහස්‌ දැක්‌වූ එක්‌සත් ශිෂ්‍ය සංවිධානයේ සභාපති ජයන්ත රෝහණ අත්අඩංගුවේ පසුවන ශිෂ්‍යයන් පස්‌ දෙනා පොලිස්‌ ඇපමත මුදාහරින බවට කුරුඳුවත්ත පොලිසිය පොරොන්දු වූ බවද කීය.

මෙම සිසු පිරිස පසුව කොළඹ විශ්වවිද්‍යාල ඉදිරිපිටට ගොස්‌ එහි සත්‍යග්‍රහය ආරම්භ කළහ.

මෙම සත්‍යග්‍රහය ලබන 11 වැනිදා (අඟහරුවාදා) දක්‌වා අඛණ්‌ඩව පවත්වන බවද එතෙක්‌ තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් විසඳුම් නොලැබුණොත් දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වා සිසුන් පනහකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මාරාන්තික උපවාසයක්‌ අරඹන බවද ජයන්ත රෝහණ මහතා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වන මෙම සත්‍යග්‍රහයට සෙසු සරසවි සිසුන්ද, භික්‍ෂු සංගමයට ද ආරාධනා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/09/07/news01.html 

 රැවුල ගිනිගත් විට සුරුට්ටු පත්තු කිරීමට එන නින්දිත සරසවි කසල ශෝධකයන් ගැන නම් කිසිවෙකුත් අනුකම්පා කල යුතු නොවේ. රටේ රැකියා විරහිත, දෑ හිත්කාමීන් ඕනෑ තරම් සිටී. ජූලි වර්ජකයන්ට එවකට රජය ලබාදුන් බෙහෙත මේ අවස්ථාවාදී හැතිකරයට ලබාදිය යුතුයි. ඉන්පසු නව සේවක පිරිසක් මොහොතින් ගොඩ නැගීමට රජයට හැකිවිය යුතුයි.


සරසවි ඇදුරන්ගේ සටනට සහය පළකොට
අනධ්‍යයන සේවකයෝ ඊයේ උද්ඝෝෂණයක

පේරාදෙණිය රංජිත් - සේනවීර

විශ්විද්‍යාලවල ආචාර්යවරුන් දේශනවලට එන්නේ නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශනවලට සහභාගි වන්නේ නැහැ. අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය නිසා ඔවුන්ගෙන් වැඩක්‌ වෙන්නෙත් නැහැ. නමුත් ආණ්‌ඩුව කියනවා විශ්වවිද්‍යාල ඇරියා කියලා. මේ මගින් පෙනෙන්නේ ආණ්‌ඩුව කරන්නේ සම්පූර්ණ ප්‍රොaඩාවක්‌ බව යෑයි විශ්වවිද්‍යාල වාත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා ඊයේ (6 වැනිදා) පේරාදෙණිය ගලහ වටරවුමේ පැවැති අනධ්‍යයන සේවක උද්ඝෝෂණයේදී පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අරඹා ඇති වෘත්තීය සටනට සහාය පළ කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක පිරිස්‌ ඊයේ (6 වැනිදා) මෙම උද්ඝෝෂණ පැවැත්වීම ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි සිදුකළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක පිරිස්‌ පැවැත්වූ උද්ඝෝෂණය පේරාදෙණිය ගලහ වට රවුමේදී පැවැත්වුණු අවස්‌ථාවේදී සම සභාපතිවරයා මෙසේද පැවැසීය.

අනධ්‍යයන සේවක පිරිස්‌ අරඹා තිබූ වෘත්තීය අරගලයට විසඳුමක්‌ දෙනවා කියා රජය පොරොන්දු වූ නිසා අප වැඩ වර්ජනය නතර කළා. දින 45 කින් විසඳුම් දෙනවා කීවත් දැන් මාස දෙකකටත් වැඩිය ගත වෙලා. ඒ අනුව රජය පොරොන්දු කඩ කරලයි තියෙන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්න බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් ආණ්‌ඩුව හිතනවා ආචාර්යවරුන් මාසයක්‌ දෙකක්‌ පඩි නැතිව ඉන්න විට අධෛර්යයට පත්වෙලා නැවත වැඩට එයි කියලා. නමුත් මාස දෙක තුනක්‌ පඩි නැති වුණත් අපි අපේ සටන නවත්වන්නේ නැතිව සටන ජයගන්නා තුරු එය කරගෙන යනවා.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස්‌ අමතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සභාපති ඩී. ජී. අබේරත්න, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මධුෂාන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද ජයවික්‍රම යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2012/09/07/news25.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.