DILAN THE PIMP - ගෘහ සේවිකා මස් විකුණන ඇමති පිම්පියා - ඩිලාන් පෙරේරා

ඇමති ඩිලාන් පෙරේරා නිවට පාහරයෙකි, චෞර රැජිණ චන්ද්‍රිකා නම් කාමුක ගැහැණියගේ දෙපා ලෙව කමින් සිටි මේකා එවකට අගමැතිව සිටි අද හෙළයේ මහරජුට පවා පුප්පමින් සිටි පුවත් එකල පල විය. ඉන්පසු වඩාම පැරණි නියෝජ්‍ය ඇමතියෙක් සේ අදටත් විළි ලැජ්ජවක් නැතිව වසන මේ ඉහඳ පණුවා විදේශසේවා කටයුතු බාරගත් දා සිට කලේ තම තනතුරට මුවා වී සල්ලාකමේ යෙදී සිටීමයි. මිනෝලි නම් අසරණ ගෘහ සේවිකාව මහල් හතකින් තල්ලුකර  අරාබි හම්බයෝ මැරූ කල මේකා එය එසේ නොවේ යැයි කියා පුවත්පත් වලටද තර්ජනය කලේය. මරණ පරීක්ෂක විසින් එය මිනීමැරුමක් බව තහවුරු කලේ ඉන් පසුවය.


ඉන්පසු බුදුන් වැඳීමේ වරදට අල්ලාගත් තුංගසිරි ට එරෙහිව අභූත චෝදනා සියල්ල ගොඩ නැගුනේ මේ පණුවාගේ ආශිර්වාදයෙනි. ඔහුගේ බිරියට ඔහු බලන්නට ටිකට් පවා දෙන්න කැමතියි යනුවෙන් මල බෙරිහන් දුන්නේ මේ වල් සක්කිළියායි. කෑ ගසා ජය ගන්නට මේ සල්ලාලයා හොඳින් දනී.

මෙන්න බඩුත් එක්ක හොරු හසුවූ අවස්ථාව. ඩිලාන් පාහරයා අපේ 22 වෙනි කැණහිලායි. මේ සක්කිලියාට ඡන්දය දෙන උදවිය තම තමන්ගේ තත්ව තම තමන්ම සිතා ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.



අරාබිකාරයෝ ඇණ ගසති
අපේ අය උන්ව ගණිකා මඩම්වලට විකුණති

මැද පෙරදිග ගණිකා මඩමකට අපේ කතුන් වික්‌ක දේශපාලන චක්‌ගෝලයෝ



අමාත්‍ය ඩිලාන් පෙරේරා හා පිරිසක්‌ බහාරෙන්හි ක්‍රවුන්ප්ලාසා හෝටලයේදී

මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවය සඳහා ගොස්‌ ශ්‍රී ලාංකික කතුන් දුක්‌ විඳි කතා අලුත් ප්‍රවෘත්තියක්‌ නොවන තරමටම දැන් අපට හුරු පුරුදුය. මැදපෙරදිග මරු කතරක්‌ වීමේ සිට අනේක විධ දුක්‌ඛයන් විඳි එම ගැහැනුන් ගැන තවත් කතාවක්‌ ලිවිය යුතු යෑයි සිතුණේa අරාබිකාරයන් ඇණ ශරීරය තුළට යවනවාට වඩා මෙම කතාව ෙ€දජනක නිසාය. අරාබිකරයේ දුක්‌ විඳින අපේ ගැහැනුන් මාංශ වෙළෙ¹මේ යොදවන ශ්‍රී ලාංකික පිරිසක්‌ ගැන ඇසූ එම කතාව තිරිසනුන් දෙදෙනකු මුල් වී කරන මෘග ක්‍රියාවකට ලඝූකර සුසුම් හෙළිය නොහැක.

එම තිරිසනුන් දෙදෙනාට ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබුණේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය විසිනි. එසේ නම් මෙම පුද්ගලයන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිය කූට ව්‍යාපෘතිය කරගෙන යන වුන්ය. 2015 වසර වන විට විදේශ රැකියා මගින් කරන ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 10 දක්‌වා වැඩි කිරීම ශ්‍රී ලංකා රජයේ ඉලක්‌කය වී තිබේ. මෙයින් බහුතර පංගුවක්‌ ලැබෙන්නේ සුදු කරපටි රැකියා සඳහා පිටත් වන්නන්ගෙන් නොවේ. අරාබි නිවසක මෙහෙකාරකමේ නිරත වී, තමන්ට නිවසෙන් ලැබෙන කෑම ටිකක්‌ කා, සියලු මුදල් ලංකාවට එවන කාන්තාවන්ගෙනි. තම පවුලේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙක තුනක්‌ ඉතිරි කර ගැනීම සඳහා වසර දෙකක්‌ සිරගත වන කාන්තාව අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන දායිකාව වී තිබේ.

විදේශ රැකියා සඳහා යන විට පුහුණු ශ්‍රමිකයන් යෑවීම, රැකියා සුරක්‍ෂිතභාවය සඳහා වන වැඩපිළිවෙළ ආදිය ගැන කොතෙකුත් කතා ඇසේ. රිසානා ගේ සිට සෑම කෙනකුගේම දුක්‌ වේදනා ද එසේම ඇසේ. නමුත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව අපේ ගෘහ සේවිකාවන් මාංශ වෙළෙ¹මට යොදා ගැනීම ඒ කතා ඒ සියල්ල පරදවමින් ඇසෙමින් තිබේ.

ගෘහ සේවිකාවක ලෙස විදේශගත වන කාන්තාවක්‌ තම නිවසේදී අකරතැබ්බයකට මුහුණ දුනහොත් ඇය විසින් පළමුවාරයේදී එය කාගෙන සිටී. දිගින් දිගටම අකරතැබ්බ සිදු වේ නම් ඇය කරනුයේ මේ පිළිබඳ උපදෙස්‌ දීම සඳහා ඇති කරගෙන තිබෙන සංවිධානයකට කතා කිරීමය. තානාපති කාර්යාලයේ අනුමැතිය ලැබ තිබෙන එම සංවිධාන විසින් දෙන මඟ පෙන්වීම හරහා කාත් කවුරුවත් නොමැති රටක දී පිහිටක්‌ ලැබෙතැයි ඇය සිතීම වැරැදි නැත. මෙවැනි ප්‍රශ්නයකදී නිවසෙන් පැන ඒම ගෘහ සේවිකාව සිදු කරනා ප්‍රධාන වැරැද්දකි. එසේ නිවසෙන් පැන ඒම අර්බුද රැසකට මුලය. මේ නිසා එවැනි අසරණභාවයකට පත් වූ කාන්තාවකට සංවිධානයක්‌ විසින් දිය යුතු පළමු උපදෙස වන්නේ මේ පිළිබඳ සෞදියේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසය. එසේම එවැනි කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සෞදි පොලිසියට යා හැකිය. විධිමත් ක්‍රමවේදය වන්නේ එයයි.

ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනය. සෞදියේ සමහර ගෘහ සේවිකාවන් තම අර්බුද හමුවේ කතා කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටය. එවිට සමහර නිලධාරීන් උපදෙස්‌ ලබා දෙන්නේ අවස්‌ථාවාදී ශ්‍රී ලාංකිකයන් විසින් අටවා ගත් සංවිධානයක අංකයක්‌ය. එවැනි කූටයන්ට දුරකථන අංකයක්‌ දුන් විටම ඔවුන් කරන්නේ මෙම කාන්තාවට නිවසින් පැන එන ලෙස උපදෙස්‌ දීමය. නිවසෙන් පැන ඒම යනු එම කාන්තාව තමා වෙත බැරෑරුම් උපද්‍රවයක්‌ පටවා ගැනීමකි. නිවසෙන් පැන්න විගස ස්‌වාමියා විසින් පොලිසියට ගොස්‌ පැමිණිලි කරන්නේ සේවකයා සිරවන ලෙසය. තමන්ගේ මුදල්, ආභරණ වැනි දේ සොරා ගත්තා ලෙස චෝදනා ගොනුවන්නේ ඒ අනුවය. ඒ වගේම නිවසෙන් පැනගත් එවැනි කාන්තාවන් ටැක්‌සි රියෑදුරන්ගේ සිට පකිස්‌තානු, ඉන්දියානු, බංගලි රස්‌තියාදුකාරයන්ගේ ගොදුරු වීම වැළැක්‌වීම අපහසුය. නිවසින් කාන්තාව පැන එන්නේ සංවිධානයක්‌ ලෙස අටවාගත් චෞරයන්ගේ සංගමයකට නම් එතැන් සිට ද කතාව තිත්තය.

සෞදියේ දමාම් ප්‍රදේශයේ සිටින එවැනි සංවිධානයක්‌ අටවාගෙන සිටින දෙදෙනකු කරන්නේ මෙවැනි අකරතැබ්බවලට මුහුණ දුන් කාන්තාවන්ට නිවසෙන් පැන තමන් වෙත එන මෙන් උපදෙස්‌ දීමය. ඒ ඔවුන්ගේ සැබෑ සංවිධානය වූ ජාවාරම් සඳහා පාවිච්චියටය. ඉන්පසු මෙම කාන්තාවන් පැයකට රුපියල් 1,000 ට ටැක්‌සි රියෑදුරන්, කම්කරුවන් සඳහා පාවිච්චියට ලබා දෙන්නේ බලහත්කාරයෙනි.

මැද පෙරදිගදී සැබෑවටම කාන්තාවක්‌ අසරණ වන්නේ මෙවිටය. ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක්‌ මෙසේ මුහුණ දුන් ගැටලු නම් ගම් සතුව ඇතත්, ඔවුන් සමහරක්‌ කඳවුරුගත වී දැන් යළිත් ගම් රට බලා පැමිණ ඇති බැවින් නම් ගම් සහිතව ලිවිය නොහැක. මෙම කූටයන් දෙදෙනා සෞදියට පැමිණ තිබුණේ සාමාන්‍ය සේවකයන් ලෙසය. දැන් ඔවුන් සෞදියේ ගත කරන සුඛෝපභෝගී යාන වාහන සපිරි ජීවිතය පිටුපස තිබෙන්නේ මෙසේ අතරමං කරවන ලද ගැහැනුන්ගේ කඳුළු හා ලේය. ඔවුන්ගේ සැප සපිරී ඇත්තේ ගැහැනුන්ගේ අෙ¹aනාවලිනි. ප්‍රශ්නය වී තිබෙන්නේ මොවුන් අදාළ අමාත්‍යංශයේ ඉහළ තැන සමග තිබෙන සම්බන්ධය. එක්‌ අයකු ඇමැතිගේ ගමේ ගෝලයෙකි. ඔහුට මෙම සුබසාධන කටයුතු සඳහා තානාපති කාර්යාලය අවසර දුන්නේ නැත. ඒ සඳහා වන අවසර පතක්‌ නිකුත් කරන ලෙස ඇමැති විසින් තානාපතිට නියෝග කලත් මොවුන් දෙදෙනාගේ තරම දන්නා තානාපතිවරයා ඊට එකඟ වූයේ නැත. ඇමැති ද වැඩේ අත්හළේ නැත. තම ගෝලයින් දෙදෙනාට අමාත්‍යංශ මුද්‍රdව සහිත ලිපි ශීර්ෂ මගින් සුබසාධන කටයුතු සඳහා ඇමැති විසින් බලය පවරන ලදී. එම ලිපි දෙක වර පතක්‌ සේ ගෙන අසරණ කාන්තාවන් සූරා කෑම මොවුන් විසින් දිගටම කරගෙන යන ලදී.

මෙම දෙදෙනාගේ ප්‍රධාන ගෝලයා, කාන්තාවන් 17 ක්‌ හා පිරිමින් හතක්‌ සමග පවත්වාගෙන ගිය ගණිකා නිවාසය සෞදි පොලිසිය විසින් වට කර එහි සිටි සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. ගණිකා සේවයේ යෙදවීමෙන් පසු සෞදියේ තිබෙන කාන්තා කඳවුරකට මේ අය ගාල් කිරීම අර දෙදෙනාගේ සිරිතය. මෙසේ කඳවුරුගත වූ කාන්තාවන් අසූහතර දෙනකු මේ පිළිබඳව සියලු විස්‌තර හෙළිකර අත්සන් සහිත ලිපියක්‌ වගකිවයුත්තන්ට යොමු කර තිබිණි. ඒ ගැන ක්‍රියා කරන මෙන් අවධාරණය කරමින් "අපි ශ්‍රී ලංකා" සංවිධානය විසින්á සියලු වගකිවයුතු පිරිස්‌ වෙතින් ඉල්ලා තිබිණි. නමුත් ඒ ගැන තව වනතෙක්‌ වගකිවයුතු අංශ කටයුතු කර නැති බවත් මේ ගැන අප විසින් කළ විමසුමකදී අපි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති සහ තානාපති නියෝජිත ජයන්ත කුමාර සිරිමාන්න මහතා පවසා සිටියේය.

කාන්තාවන් 84 දෙනකු මේ වන විට නිදහස්‌ වී ඇතත් තවත් කාන්තාවන් මේ ගොඩට එකතු වෙමින් සිටියි. නමුත් ඒ අයගේ සුරක්‍ෂිතභාවය පතා හෝ මෙම දෙදෙනා ගැන කිසිම පරීක්‍ෂණයක්‌ තවම සිදු වී නැත. 2015 වන විට ඩොලර් බිලියන 10 දක්‌වා විදේශගත රැකියා කරන්නන්ගෙන් ඉපැයීම් ඉලක්‌කයක්‌ තිබෙන නමුත් මෙවැනි සූරාකෑම් සිදු කරනා පිරිස්‌ ගැන සෙවීමක්‌ තවම නැත. අවම තරමින් ඇමැති බලතල මත ලබා දී තිඋතුරු මැද පළාත් සභාව උතුරු මැද පළාත් සභාව උතුරු මැද පළාත් සභාව බෙන වරපත් වත් අහෝසි කර නැත. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ඇමැතිවරයා පත් කර තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ සුරක්‍ෂිතභාවය සඳහා ද ඔවුන් අසරණ කරවීම සඳහා ද යන්නය.

මනෝඡ් අබයදීර 


http://www.divaina.com/2012/09/16/feature12.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.