NEW SHITTY PARTY - කණගාටුයි, මවුබිම ජනතා පක්ෂය තවත් අසූචි ගොඩක් පමණි.

නිවට හම්බයන් සමඟ ජනහමු පවත්වමින්, හෙළය වනසන හැමට ආරධනා කරමින් සිය පක්ෂයේ නව මුහුණුවරේ නිරුවත පැහැදිළිව රටට හෙළි කිරීම ගැන අපි හේමකුමාර නානයක්කාර නිවටයාට ස්තුති කරමු! රටේ තිබෙන අශූචි පක්ෂ මදිවාට තවත් එකක් ඉපදුනේ, කීර්තිමත් භූමිපුත්‍ර පක්ෂය වනසමින් වීම ගැන මුරගල අපි කම්පා වන්නෙමු!

 

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමේ
මළ බෙර හඬ ඇසෙන්නට පටන් අරන්

- මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර

සිරිමන්ත රත්නසේකර

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ මළ බෙර ඇසෙන්න පටන්ගෙන ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සියලු දෙනා පක්‍ෂපාට, කුල, ආගම් භේදයකින් තොරව වහා එක්‌විය යුතු බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා සඳහන් කළේය.

රට තුළ කැලෑ නීතිය රජ කිරීමට තවදුරටත් ඉඩදිය නොහැකි බවත් පැවැසූ හේමකුමාර නානායක්‌කාර මහතා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම රජයේ වගකීමක්‌ බවත් පැවැසීය.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (4 වැනිදා) එම අදහස්‌ පළ කළේ නිපෝන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හේමකුමාර නානායක්‌කාර මහතා මෙසේ පැවැසීය.

රටේ සෑම ජන කොටසක්‌ම අපෙන් විමසනවා මේ පක්‍ෂය ගොඩනැඟුවේ ඇයි කියා. ඇත්තට අප මේ පක්‍ෂය ගොඩනැඟුවේ කරුණු පහක්‌ හේතුකොට ගෙනයි. වත්මන් ආණ්‌ඩුව ජනතා අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කිරීම, ජනතාවට දුන් පොරොන්දු මඟහැරීම, රට සංස්‌කෘතිකමය, ආර්ථිකමය, සමාජයීය වශයෙන් දරුණු සෝදා පාළුවකට ලක්‌ කිරීම, හොරකම, වංචාව, දූෂණය සිදුවීම, ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ මළ බෙර ඇසෙන්න පටන් ගැනීම යන කරුණු පහ නිසා අප නව පක්‍ෂය ගොඩනැඟුවා.

විධායක ජනාධිපති ක්‍රමය තව තවත් අගාධයට ඇද දමා තිබෙනවා. මෙම තැනට කුමන පුද්ගලයෙක්‌ පැමිණියත් ඔහු හොඳ මිනිසෙක්‌ වන්නේ නැහැ. අප මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. මෙම ක්‍රමය වෙනස්‌ කරනවා කියා බලයට පැමිණියත් බලය ලබාගත් පසු කිසිවකු ඒ බලය නැති කරගන්නේ නැහැ. අපි බ්‍රිතාන්‍ය වෙස්‌ට්‌ මිනිස්‌ටර් මැතිවරණ ක්‍රමයට යා යුතුයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිය යැමේ වගකීම ආණ්‌ඩුව මෙන්ම විපක්‍ෂයත් භාරගත යුතුයි. රටක හොඳ විපක්‍ෂයක්‌ සිටිය යුතුමයි. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඈලියාවට ගොස්‌ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සියලු දෙනා එක්‌විය යුතුයි.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පවුඩ් හමීඩ් මහතාද අදහස්‌ දැක්‌වීය.


http://www.divaina.com/2012/09/05/news17.html

ලක් දේශපාලනයේ අති නින්දිත කුණු වන, මහරාජාගේ හිරුණිකා ගණිකාව, සිංහල ප්‍රභාකරන් ෆොන්සේකා, සාසන විරෝධී මිසදිටු නපුංසකයා කරූ යන සියල්ල සමඟ රන් රස සේ පෑහෙන මේ කල්ලිය ගැන තවත් නම් කවර කථාද?

 

ෆොන්සේකා, කරු සහ හිරුණිකා
පොදු විපක්‌ෂයකට කැමැත්ත පළ කළා
හේමකුමාර නානායක්‌කාර

සිරිමන්ත රත්නසේකර

ඒකාබද්ධ පොදු විපක්‍ෂයක්‌ ගොඩනැගීම සඳහා සරත් ෙµdන්සේකා සහ කරු ජයසූරිය මහත්වරුන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ද තම පක්‍ෂයට සිය කැමැත්ත පළ කර ඇති බව මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (04 දා) සඳහන් කළේය.
ෙµdන්සේකා, ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ මේ වන විට නිලනොවන මට්‌ටමින් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් නානායක්‌කාර මහතා පැවැසීය.

අධිපතිවාදයට, නීතියේ ආධිපත්‍යය කෙළෙසීම සහ ආණ්‌ඩුවේ බලධාරීන්ගේ හොර, මැරකම්, වංචා, දූෂණයට එරෙහිව ඒකාබද්ධ පොදු විපක්‍ෂයක්‌ ගොඩනැගීමේ අවශ්‍යතාව තදින්ම පවතින බවත් ඒ සඳහා මව්බිම ජනතා පක්‍ෂය මධ්‍ය ලක්‍ෂකයක්‌ වීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.

ඒකාබද්ධ පොදු විපක්‍ෂයක්‌ ගොඩගැනීමේ කාර්යයේදී දේශපාලන පක්‍ෂ, මහා සංඝරත්නය, පූජකතුමන්, විවිධ මතධාරීන්, වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රබුද්ධ ජනතාව, ගොවි කම්කරුවන් සහ ව්‍යාපාරිකයන් සිය සහයෝගය පළ කර ඇති බවත් හේමකුමාර නානායක්‌කාර මහතා සඳහන් කළේය.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (04 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොම්පඤ්ඤවීදියේ පිහිටි නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


http://www.divaina.com/2012/09/05/news21.html
 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.