Example to Nation - සාසන ලැදියාව ආදර්ශයෙන් පෙන්වන හෙළයේ පින්වත් මහරජ

 

ජාතියක ආයුෂ රඳාපවතින්නේ එම ජාතිය තුළ
පවතින විනයගරුක හා ශිෂ්ට සම්පන්න භාවය
පදනම් කරගෙනයි

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පේරාදෙණිය - රංජිත් සේනවීර

බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා විනය ගරුක සඟ පරපුරක්‌ අවශ්‍ය වෙනවා. ධර්ම ඥනය මෙන්ම විනයගරුක භාවයත් ඉතා වැදගත්. බුද්ධ ශාසනයේ පමණක්‌ නොව ජාතියක ආයුෂ ර¹ පවතින්නෙත් එම ජාතිය තුළ පවත්නා විනය ගරුක, ශිෂ්ට සම්පන්න භාවය පදනම් කරගෙන යෑයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ 68 වැනි උපසම්පදා උළෙලේ සමාරම්භක උත්සවය ගැටඹේ ක්‍රීඩාංගනයේ ඉකුත් 23 වැනිදා පැවැති මොහොතේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. මෙම උපසම්පදා උළෙල 30 වැනිදා තෙක්‌ ගැටඹ රජෝපවනාරාම ඓතිහාසික පුදබිමේ පැවැත් වේ.

ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන ප්‍රේමසිරි හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා අතිවිශාල මහා සංඝරත්නයේත්, ගිහි ආරාධිතයින් විශාල පිරිසකගේත්, සැදැහැවතුන් විශාල පිරිසකගේත් සහභාගිත්වයෙන් පැවැති මෙම සමාරම්භක උත්සවය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමිපාණන්ගේ අනුශාසනාවකින් හා 68 වන උපසම්පදා කමිටුවේ සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

රාමඤaඤ නිකායේ හැට අට වෙනි උපසම්පදා විනය කර්ම උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ මහා පිංකමට සහභාගි වීමට ලැබීමත් ගැන මම ඉතාම සතුටු වෙනවා. මොකද රාමඤaඤ නිකාය ආරම්භ කරන කොට ගාල්ලේ අක්‌මීමන කටුනායක වලව්වෙන් පැවිදි දිවියට පිවිසි ඉන්ද්‍රසාර නාහිමිපාණන් රාමඤaඤ නිකාය පිහිටුවන අවස්‌ථාවේ ඊට සමානව නායකත්වය දුන්නා අපේ ගමේ බෙලිඅත්තේ පුවක්‌දණ්‌ඩාවේ පඤaඤdනන්ද නායක හාමුදුරුවෝ. ඒ නිසා මේ පිංකමට සහභාගී වන හැම වේලාවේම මට හුඟාක්‌ සතුටුයි. විශේෂයෙන්ම වෙනත් පිංකම් වලටත් වඩා උපසම්පදා පිංකම්වලට, මහණ කිරීමේ පිංකම්වලට සහභාගී වෙනකොට අපි කාටත් ලොකු සතුටක්‌ ඇති වෙනවා. ඒකට හේතු කාරණා රාශියක්‌ තියෙනවා. ජාතියේ ආයුෂ සාසනයේ ආයුෂ තවත් වැඩියෙන් තියෙන අවස්‌ථාවකයි හාමුදුරුවනේ ඉතාමත් සතුටින් මෙයට සහභාගී වෙන්නේ.

රාමඤaඤ නිකායට මේ රටේ නොයෙක්‌ පළාත්වල පන්සල් දෙදහස්‌ පන්සියයකට වඩා තියෙනවා. ඒ වගේම අට දහසකට ආසන්න ශක්‌තිමත් භික්‌ෂුන් පිරිසක්‌ මේ නිකායේa වැඩ වාසය කරන බවත් දන්නවා. ඒ වාගේම රාමඤaඤ නිකායට විශේෂ චාරිත්‍ර විධි තියෙන බවත් අපි දන්නවා. මේ උපසම්පදා උත්සවය කරන්නේ ජලයේ.

මේ සියල්ල වාගේම රාමඤaඤ නිකායේ උපසම්පදාව කරනකොට වාචික ප්‍රශ්න ඇසීම පමණක්‌ නොවෙයි ලිත ප්‍රශ්න පත්‍රයකටත් පිළිතුරු දෙන්න ඕනේ. මේ සියල්ල කරන්නේ විනය ගරුක ජන කොටසක්‌ ඇති කරන්න කියලයි මම විශ්වාස කරන්නේ. ධර්ම ඥනය වගේම විනයත් සාසනයට ඉතාමත් වැදගත්. සාසනයට ආයුෂ තියෙනවා. දැන් සමාජයක, ජාතියක ආයුෂ පවතින්නේ ඒ සමාජය තුළ තියෙන විනය නිසා.

ඒ වාගේම අපි සියලුදෙනා දන්නවා මේ නිකාය ධර්මධර, විනයධර භික්‌ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක්‌ නියෝජනය කළ නිකායක්‌ කියලා. එදා අඹගහවත්තේ ඉන්ද්‍රසාර හාමුදුරුවන් ආරම්භ කළ රාමඤaඤ නිකායේ බොහොම ශ්‍රේෂ්ඨ හිමිවරු වාසය කළා. බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ, ඉදුරුවේ උත්තරානන්ද, ලබුදූවේ සිරිධම්ම වාගේ හිමිවරු, හේන්පිටිගෙදර අපේ නායක හාමුදුරුවෝ ඒ හාමුදුරුවරු සමාජයට වැදගත් ආදර්ශමත් භික්‌ෂු පරපුරක්‌.

අද මේ තරුණ හිමිවරුන්ට ආදර්ශයට ගත හැකි සඟ පරපුරක්‌ මේ නිකායේ මහණ උපසම්පදාව ලබලා තියෙනවා. ඒ විතරක්‌ නොවෙයි හේන්පිටගෙදර ඥණසීහ හාමුදුරුවන් මෙනෙහි කරන්න ඕනෑ. ධර්ම ශාස්‌ත්‍රීය මෙහෙය වාගෙම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් හිර බත් කන්නත් උන්වහන්සේට සිද්ධ වුණා. 1956 බණ්‌ඩාරනායක මහත්මයා රජය පිහිටවූ කාලයේ සසුන නඟා සිටවන්නත් උන්වහන්සේ ලොකු සේවයක්‌ කළා.

අද ඇතැම් සිද්ධි බුද්ධ සාසනයේ කීර්ති නාමයට හානිවෙන විදිහට බලපාලා තියෙනවා. නමුත් මේවායින් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ධර්මය රැකගෙන සාසනය රැකගෙන ශ්‍රී ලංකාවේ මුර දේවතාවරුන් බවට ඔබ වහන්සේලා පත් වෙලා නොයෙක්‌ බලවේගවලට මුහුණ දීලා ඒවායින් කලකිරීමක්‌ ඇති නොවී ඒවාට ශක්‌තිමත්ව මුහුණ දුන්නා. නොයෙක්‌ අවස්‌ථාවලදී නොයෙක්‌ විදිහට ඒවා බලපාලා තියෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා අටලෝ දහම හමුවේ උපේක්‌ෂාවෙන් සිටින්න ඔබ වහන්සේලා පුරුදු වෙලා තියෙනවා. අපිත් ඒ දේ පුරුදු වෙන්න මහන්සි ගන්නවා. මේවායින් සාසනය ආරක්‍ෂා කරගන්න ඔබ වහන්සේලාට ශක්‌තිය තියෙනවා. බෞද්ධ අපි කවුරුත් ඒක ප්‍රාර්ථනා කරනවා.

නමුත් අපි මෙබඳු ගැටලු විස¹ ගන්න භික්‌ෂූන් වහන්සේලාටම මහා සංඝරත්නයටම ඉඩ දෙන්න ඕනෑ කියන එක මගේ විශ්වාසය. ඔබ වහන්සේලා අතර සමගියෙන් විතරයි මේ ගැටලුවලට විසඳුම් සොයාගන්න ලැබෙන්නේ.

"සුඛා සංඝස්‌ස සාමග්ගි" කියන්නේ ඔබ වහන්සේලාගේ නිකායේ තේමා පාඨය. භික්‌ෂූන්ගේ එකමුතුව සැපතක්‌. සැබවින්ම ඔබ වහන්සේලාගේ සමගිය එකමුතුව මුළුÊරටටම සැපතක්‌.

මෙම පූජ්‍ය මහෝත්සවයට සහභාගිවූ අති විශාල මහා සංඝරත්නයත්, ගිහි සැදැහැවතුනුත් අමතා ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පේමසිරි, මහා ලේඛකාධිකාරී මාතලේ ධම්මකුසල, අනුනායක මඩිතියවෙල මේධංකර, රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල උත්සව කමිටුවේ සංවිධායක දොරලියද්දේ ජිනසිරි යන හිමිපාණන් වහන්සේලා අනුශාසනා පැවැත්වූ අතර ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ විනයාරක්‍ෂක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, විනයාරක්‍ෂක සභාවේ ලේකම් කේසරලාල් ගුණසේකර යන මහත්වරුද කතා කළහ.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, මහනුවර දිසාපති ගාමිණී සෙනෙවිරත්න, යන මහත්වරු ඇතුළු ප්‍රභූන් රැසක්‌ම සහභාගි වූහ.

මෙහිදී "Cදාණෝපායනී" නමින් රචිත ශාස්‌ත්‍රීය සංග්‍රහයේ පිටපත් ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පේමසිරි හිමිපාණන්ට දොරලියද්දේ සුදස්‌සි හිමිපාණන් විසින් පිළිගැන්වූ අතර, මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා විසින් ජනාධිපතිවරයා වෙතද පිළිගන්වනු ලැබීය.


http://www.divaina.com/2012/07/25/news34.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.