RIZARD THE JIHADIST - ගලේ පැහැරූ ඌරා, ඇමැති රිෂාඩ්



උසාවියට අපහාස කිරීමේ වරදට
දඬුවම් නොකිරීමට ඇමැති රිෂාඩ්ගෙන් කරුණු විමසයි
සැප්. 5 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග

අජිත් අලහකෝන්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු දක්‌වන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (26 දා) කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ආඥවක්‌ නිකුත් කළේය.

 මෙම හේතු දැක්‌වීම සඳහා ඇමැතිවරයා සැප්තැම්බර් 05 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මහතා ඊයේ නියෝග කළේය. මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ නඩුවකදී මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගයක්‌ පසුව වෙනස්‌ කිරීමට රිෂාඩ් බදියුදීන් මහතා විසින් අදාළ මහෙස්‌ත්‍රාත්වරයාට දුරකතන ඇමතුම් මගින් බලපෑම් කර ඇතැයිද එය අධිකරණයට අපහාස කිරීමක්‌ බවද එනිසා ඇමැතිවරයාට දඬුවම් කරන්නැයි ද ඉල්ලා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙක්‌ ඇතුළු නීතිඥවරු හත්දෙනකු පෙරේදා (07 දා) අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඊයේ සලකා බලන ලදී.

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මහතා ඉහත ආඥව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ ජෙµaරි අලගරත්නම්, අධිනීතිඥ ආචාර්ය සුනිල් ඩී. කුරේ, අධිනීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, අධිනීතිඥ ලාල් විඡේනායක, නීතිඥ ඊ. සී. µර්ඩාගෝ, ජනාධිපති නීතිඥ ඒ. එස්‌. එම්. පෙරේරා යන මහත්වරු ද නීතිඥ නාලනි මනතුංග මහත්මියද මෙහි පෙත්සම්කරුවෝ වෙති.

දෙන ලද අධිකරණ නියෝගය වෙනස්‌ කරවා ගැනීම සඳහා ඇමැති බදියුදීන් මහතා දාහත් වතාවක්‌ මන්නාරම මහෙස්‌ත්‍රාත් ඒ. ඡේසුදාසන් මහතාට බලපෑම් කර ඇතැයි ද එමගින් ඇමැතිවරයා මහෙස්‌ත්‍රාත්වරයාව බියවැද්දීමක්‌ කර ඇතැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් කියා ඇත.

මෙම දුරකථන ඇමතුම් මගින් ඇමැතිවරයා පැවැසූ දේ සහ ඔහු විසින් කළ බලපෑම් පිළිබඳව මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියට කර ඇති පැමිණිල්ලේ පිටපතක්‌ ද ඉහත පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම සමග අමුණා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අංක 0777407504 දරන දුරකථනයෙන් මහෙස්‌ත්‍රාත්වරයාට ඇමතුම් ලැබී ඇත. ඇමැති බදියුදීන් මහතා පසුගිය 18 දා දහවල් 1.15 ට පමණ අධිකරණ කොමිසම් සභා කාර්යාලයට පැමිණ එහි ලේකම්වරයා හමුවී මන්නාරම් මහෙස්‌ත්‍රාත්වරයා වහා මාරුකරන ලෙස ඉල්ලා ඇතැයි ඊට පෙරදා ද ඇමැතිවරයා ලේකම්වරයාට කතාකර එම ඉල්ලීම කර ඇති බවද පවසන පෙත්සම්කරුවෝ ඔහු කළ සියලු ක්‍රියාවන් අධිකරණයේ ස්‌වාධීනත්වයට හානි කිරීමක්‌ බවත් උසාවිය හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ බවත් පවසති. එම නිසා ඇමැතිවරයාට ඊට දඬුවමක්‌ ලබාදිය යුතු බවද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

අධිකරණයට පැවරී තිබෙන යුක්‌තිය පසිඳලීමේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම වෙනුවෙන් ඇමැතිවරයාගෙන් ඇතිවූ බලපෑම් හා බාධාවන් ඉදිරියේදී තවත් පුද්ගලයකුගෙන් සිදුනොවීම සඳහා බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියා මාර්ගයක්‌ ගනු ලැබූ බව පවසන පෙත්සම්කරුවන් මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද බලවත් කනස්‌සල්ලට පත්ව ඇතැයි පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්‌වූයේය.


http://www.divaina.com/2012/07/27/news35.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.