POWERLESS CONSTITUTION - බුද්ධ ශාසනය නොරකින ව්‍යවස්ථාව බලු නොවටී



බුද්ධ ශාසනයට හිමි ස්‌ථානය ආණ්‌ඩුක්‍රම
ව්‍යවස්‌ථාවෙන් ක්‍රියාවට නැංවෙන්නේද?


එච්. එම්. විමලා හේරත්
බෞද්ධ කටයුතු සමායෝජන නිලධාරී, නිකවැරටිය

"ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය. බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය, යනුවෙන් 1972 හා 1978 යන ව්‍යවස්‌ථාවන්හි සඳහන්ය. මේ අනුව බලනවිට පැහැදිළි වන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම සඳහන් කර ඇති බවකි. එසේ නම් බුද්ධ ශාසනය යනුවෙන් අදහස්‌ කර ඇත්තේ කූමක්‌ද? බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ 1.26 වගන්තියට අනුව "බුද්ධ ශාසනය යනු, තථාගතයන් වහන්සේ, නවලෝකෝත්තර ධර්මය, පර්යාප්ති ධර්මය, සංඝරත්නය, විහාරාංග සහිත විහාරස්‌ථාන, ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්‌ථාන, බෝධි වෘක්‌ෂ, ස්‌ථුප, පිළිම ගෙවල්, ධාතූ මන්දිර, බණ පොත් හා පුස්‌තකාල, උපෝසථාගාර, විහාරස්‌ථාන සන්තක කෙත්වතූ හා දේපළ, බෞද්ධ අධ්‍යාපනය, දේවාල, සිල්මාතාවන් හා උපාසිකාරාම, තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව, බෞද්ධ සාහිත්‍ය, සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය, බෞද්ධාගමික උත්සව, පෙරහැර හා පුදසිරිත්, බෞද්ධ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම යන මේ අංග හා ඒවායේ පැවැත්මට අවශ්‍ය දේ බුද්ධ ශාසනය නමින් හැදින්වෙනු ඇත. ඒ බුද්ධ ශාසනය යන්නට මේ වන විට දී ඇති එකම අර්ථකථනය යයි හැඟේ.

බුද්ධ ශාසනය යන්න බලාත්මක කරලනුවස්‌, 1989.02.18 වන දින පළකරන ලද ගැසට්‌ නිවේදනය මගින් බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවන ලද්දේ එම අරමුණ සාක්‌ෂාත් කරගැනීම උදෙසා විය හැකිය. අමාත්‍යංශය පුද්ගලික අධීක්‌ෂණය යටතේ ජනාධිපතිතූමන් සතූව රඳවා තබාගනී. එදා බුද්ධ ශාසන අමාත්‍යංශයේ කාර්යයන් අතර බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය, බෞද්ධ ආචාරධර්ම ප්‍රචාරය කිරීම, බෞද්ධ හා පාලි අධ්‍යයන කටයුතූ වැඩිදියුණු කිරීම, බෞද්ධ ධර්මය පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා දිරිදීම ආදි වැදගත් කර්තව්‍යයන් රැසක්‌ සිදුකරනු ලැබිණි. එදා බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තූව, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය බුද්ධ ශාසන අමාත්‍යංශය යටතේ වු අනෙකූත් ආයතනයන් විය. ඒ හරහා ශාසනික මෙහෙයන් රැසක්‌ සිදුවු බව අපගේ විශ්වාසයයි. මීට අමතරව 2003 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර සම්මේලනයක්‌ විසින් කරන ලද නිර්දේශයනට අනුව ජාත්‍යන්තර බෞද්ධ ලේකම් කාර්යාලයක්‌ පිහිටවනු වස්‌ කොළඹ 7 විඡේරාම මාවතේ චාරිකාරාමය ස්‌ථාපිත කරන ලදී.

බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවීමේ අරමුණ මුලින් සාක්‌ෂාත් වී ඇති නමුදු අනතූරුව බලයට පත්වූ රජයන් අභිමුව එම ප්‍රතිපත්ති දියාරුව ගොස්‌ ඇති සෙයකි. ඒ අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය කඩයිම් අවස්‌ථාවකට 2005 දෙසැම්බර් 08 වන දින පත්වේ. එනම් බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කොට ආගමික කටයුතූ අමාත්‍යංශය පිහිටුවීමය. එම අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද "එකම රැහැනින් වෙලුන සොයුරුදම් පිරි දැයක්‌ - දියත නම් නොම මියෙන යහ ගූණෙන් පිරි හෙටක්‌ යන කෘතියේ පළමු වගන්තියෙහි, "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධිවිධාන සළස්‌වා ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය කිරීම, බෞද්ධ සාරධර්ම මත පදනම් වු ආර්ථිකයක්‌ ගොඩනැඟීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම, හැම ආගමකටම සමානාත්මතාවයෙන් සැළකීම හා සියලු ආගමික හා ජනවාර්ගික කොටස්‌වලට සුරක්‌ෂිතව ජීවත්විය හැකි සමාජයක්‌ ගොඩනැඟීම" ලෙස සර්වාගමික මුහුණුවරකින් යුතු වගන්තියක්‌ සඳහන් කර ඇත. මෙහි එන බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය කිරීම යන වචන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් උපුටා ගන්නා ලද වචන වන නමුත් සමානාත්මතාවයෙන් සැළකීම යන්න 09 වන වගන්තියේ සඳහන් නැත. ඇත්තේ ප්‍රමුඛත්වය පිරිනමන්නේය, යන්නය. ඉහත ග්‍රන්ථය හා ආගමික කටයුතූ අමාත්‍යංශය පිහිටුවීම සර්වාගමික සංකල්පය පදනම් කොටගෙන බිහිවුවක්‌ බව පැහැදිළිය. නිර්මාණවාදී ආගමකට බුදුදහම සමකළ යුතූ නොවේ. සෑම ආගමකටම සමානව සැළකීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය අමුඅමුවේම උල්ලංඝණය කිරීමක්‌ නොවන්නේද?. එපමණක්‌ද නොව ජාත්‍යන්තර බෞද්ධ ලේකම් කාර්යාලයක්‌ පවත්වා ගෙන යාම සඳහා ඉදිකරන ලද චාරිකාරාමයට අද අත්ව ඇති ඉරණම කුමක්‌ද? ආගමික කටයුතූ අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ ස්‌ථාපිත කිරීමෙන්ම එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුලික පරමාර්ථය බිඳවැටී ඇත. සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලයක්‌ ලෙස එම ස්‌ථානය පසුගිය වසර දෙකක පමණ කාලයක්‌ භාවිත කළ නමුත් ඒ හරහා හෝ ඵලදායී යමක්‌ ශාසනයට හෝ දහම වෙනුවෙන් සිදුකළා ද යන්න සැකසහිතය. මේ සම්බන්ධයෙන් වගකිව යුතූ පිරිස්‌ ලෙස පෙනී සිටින ගිහිපැවිදි උදවියගේ නිහඬබව ජාතියේම අවාසනාවකැයි සිතේ.

වත්මන් පාර්ලිමේන්තූ සංයුතිය පරීක්‌ෂා කර බලමු. පාර්ලිමේන්තූ වාර්තා වලට අනුව,

1. සිංහල බෞද්ධ - 157

2. සිංහල ක්‍රිස්‌තියානී - 05

3. සිංහල රෝමානු කතෝලික - 17

4. දෙමළ රෝමානු කතෝලික - 01

5. දෙමළ ක්‍රිස්‌තියානි - 02

6. දෙමළ හිංදු - 25

මේ අනුව පැහැදිළි වන්නේ මේ අතර සිටිනා අති බහුතරය බෞද්ධයින් වන බවය. මෙවන් සංයුතියක්‌ සහිත පාර්ලිමේන්තූවක්‌ බලපවත්නා රටකදී බුද්ධ ශාසනය වෙනුවෙන් කූමක්‌ නම් කළ නොහැකි වන්නේද? අඩුම තරමින් ශාසනික චිරස්‌ථිතිය වෙනුවෙන් සාකච්ඡා සම්මුති මගින් තීරණය කරගත් එක්‌ කෙටුම්පතක්‌ හෝ සම්මත කරගැනීමට එම පිරිස්‌ විසින් කටයුතූ කරනු ලැබුවේද? යන්න සැකසහිතය.

අතීතයේ දී රාජ්‍ය පාලනය වෙනුවෙන් උපදෙස්‌ ලබාදීම සඳහා උත්තරීතර සංඝ සභාවක්‌ පැවතියේ යම්සේද එවැනිම සංඝ සභාවක්‌ මෙකල ද බෞද්ධ ශාසනය විෂයෙහි පත්කරගත යුතූ යයි හැඟේ. කුරාණයට අපහාස කිරීම හා පුලුස්‌සා දැමීමේ හේතූව මත ඇµaගනිස්‌තාන ජනාධිපති හමීඩ් කර්ෂායී වෙතින් ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලදී. ආගම වෙනුවෙන් සැබෑ කැපකරුවන්ගේ මෙහෙය එයයි. නමුත් එය ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රී ලංකාව විෂයෙහි කොතෙක්‌ දුරට ගළපාලිsය හැකිද? යන්න ගැටලුවක්‌ වන්නේය. 1972 වර්ෂයේ පටන් මේ වන විට වසර 40 ක්‌ පමණ ගතවී ඇතත් බුදුසසුන සුරකිනුවස්‌ පලදායී වැඩපිළිවෙලක්‌ සිදුවී නොමැති බව කනගාටුවෙන් වුව ද සිහිපත් කළයුතූ වන්නේය.

වත්මනය දෙස බලන විට ශාසනය තූලින්ම ශාසනික කඳපණුවන් බිහිවීම අන්‍යාගම්කරණයට වඩා අතිශය භයානකය. පාලනයක්‌ නොවු කල සිරිවර්ධනලා, විනයවර්ධනලා හා ඊනියා මාර්ගඵලලාභීහු තව තවත් බිහිවනු ඇත. එසේම ඔවුන් සුරැකීම සඳහා ද මේ සමාජ ක්‍රමය තූල හොර තක්‌කඩීන් බිහිවනු ඇත. සිංහල බෞද්ධ ජන සමාජයේ ඒකාන්විතභාවය, ශක්‌තිය, චිරස්‌ථායිභාවය රඳා පවතිනුයේ නිර්මල වු බුද්ධ ශාසනය පාදක කොටගෙන බව වටහාගත් මොවුන් ස්‌වකීය පටු පරමාර්ථ මුදුන්පමුණුවා ගනු පිණිස හා ජනතාව කෙරේ පවත්නා ආගමික ශ්‍රද්ධාව නසනු පිණිස නොයෙකූත් උපාය යොදති. ලංකාවේ බොහෝ පිරිසක්‌ මානසික ආබාධවලින් පෙළෙන්නේ යයි සමීක්‌ෂණ මගින් හෙළිවන්නේ මෙවන් තත්ත්වයන් පාදක කොටගෙන විය හැකිය. ජපානය වනාහි මහායානය මුල්කරගත් හිටිහැටියේ බුදුවරුන් පහළ කරනා තත්ත්වයක්‌ පවතින රටක්‌ විය හැකිය. වඳුරඹ ව්‍යාපෘතිය ද ජපනුන් හපනුන් යයි කීමට මනරම් වු සාක්‌ෂියක්‌ම වන්නේය. එදා වඳුරඹ බෝසතූන් පොලිස්‌ ආරක්‌ෂාව මැද එර්දි වන විට අපේ ගරුකටයුතූ ස්‌වාමීන්වහන්සේලා පොලිස්‌ බැටන් ප්‍රහාර හා කඳුලු ගෑස්‌ වලින් සැළකූම් ලබන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය බලාත්මක කරමින් විය යුතුය. මේ වනාහි ඇතැම් විට ජපානයේ ක්‍රියාත්මක මෛත්‍රී බුද්ධ ව්‍යාපෘතියේ එක්‌ පියවරක්‌ විය නොහැකිද? යම් විටක සංස්‌කෘතිය කේන්ද්‍රීය කරගත් චින්තාමය පදනමට පහර ගැසූකල එම රට හසුරුවාලීමට වෙනම ක්‍රමෝපායන් ආදේශ කිරීම බටහිර රටවලට අපහසු නැත.

ලංකා බුද්ධ ශාසනය යනු හොරුන්ට සැඟවිය හැකි ඝණ කැලෑවක්‌ බවට අද වන විට පත්ව ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය බලාත්මක කරමින් බුද්ධ ශාසන අමාත්‍යංශය යළි පිහිටුවා එය අමාත්‍ය මණ්‌ඩලය නියෝජනය කරන අමාත්‍යංශයක්‌ බවට පත්කර එහි සියලුම නිලධාරි මණ්‌ඩලය බෞද්ධයින්ගෙන් පත්කළ යුතූ වන්නේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය සුරක්‌ෂිත කිරීමට රජය, ව්‍යවස්‌ථාදායකය හා විධායකය බැඳීසිටී. මේ සියල්ල නීතියේ ආධිපත්‍යයට යටත්ය. එහෙයින් නීතියේ පරමාධිපත්‍යයට පටහැනි නීතියක්‌ සැකසීමට විධායකයට හෝ ව්‍යවස්‌ථාදායකයට නොහැකි යයි විශ්වාස කරමු. එහෙයින් මුලික නීතියෙන් බැඳී ඇති බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමටත්, සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමත් යන්න රජයකට පැහැරහැරිය නොහැකි වගකීමක්‌ වන්නේය. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතූ බවට වු ප්‍රතිපාදන අහෝසි කිරීමට, අඩාල කිරීමට හෝ බාල කිරීමට කිසිවකූට නොහැක. බෞද්ධ අයිතිය යටපත් කිරීම පිණිස යොදාගැණුනේ ආණ්‌ඩුක්‍රම නීතියම නම් ඉන් මිදීමටද එම නීතියම උපයෝගී කරගත යුතූ බව ඇතැම් විචාරකයින් පවසන්නේ ඒ හේතුවෙනි. නෝර්වේ, බ්‍රිතාන්‍යය, ස්‌වීඩනය, මැලේසියාව යන රටවල්හි තම අදහන ආගමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තූළ ලබාදී ඇත්තේ කෙබඳු ස්‌ථානයක්‌ද යන්න අප පාලක පංතිය විශේෂයෙන් බුද්ධාගම තම අදහන ආගම ලෙස අදහන බෞද්ධ අමාත්‍ය මණ්‌ඩලය විසින් කල්පනා කළ යුතු වන්නේය.

එහෙයින් බුදුසසුන සුරැකීමටත්, ප්‍රමුඛස්‌ථානය දීමටත්, සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත් ව්‍යවස්‌ථාපිතව බලය ලැබුනද එය ප්‍රායෝගිකත්වය තුළ අද වන විට අසත්‍යයක්‌ව පවතින අතර එය ව්‍යවස්‌ථාවට පමණක්‌ සීමා වී ඇති සෙයකි. තත්ත්වය මෙසේ වන හෙයින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය පිළිබඳව හා බුද්ධ ශාසනය යන්නට අර්ථකතනයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත යුතුයයි හැඟෙන්නේය. එහෙයින් උක්‌ත කාරණයන්ට නීතිමය තත්ත්වය ලබාදීමට නොහැකි වී ඇත්තේ අවශ්‍ය නීති හා රෙගූලාසි සම්පාදනය නොවී තිබීම හේතුවෙන් නම් එම අදාළ නීති රෙගුලාසි බුද්ධ ශාසනයට දී ඇති අර්ථකතනයට අනුවම සම්පාදනය විය යුතු අතර 09 වන වගන්තිය බලාත්මක කළ යුතූවන්නේය. එසේ නොවුනහොත් ආශ්චර්යවත් ශ්‍රී ලංකාවක්‌ බිහිකිරීමට යන මෙම දේශය තුළ ඊනියා මාර්ගඵලලාභීහු හිටිහැටියේ බිහිවීම වැළැක්‌විය නොහැකිමය. එසේ වු කල බුදුපුතුන්, බුදුමෑණිවරු, මෛත්‍රී බුදුවරු ලෙස පාතාලයින්, මැරයින්, තක්‌කඩීන් හා ජාවාරම්කරුවන් පොදුජන විඥාණයෙහි පැළපදියම් වන යුගය වැඩි ඈතක නොවනු ඇත.

දේවෝ වස්‌සතූ කාලේන - ශස්‍ය සම්පත්ති හේතූච

පීතෝ භවතූ ලෝකෝච - රාජා ªª €ව් ඃ ÿදි


http://www.divaina.com/2012/07/21/feature02.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.