DIRTY MUSLIMS AND TAMILS - හැඩි දෙමල්ලු හා තම්බින්ගේ ජාතිවාදය මෙන්න



වම්ඉවුර

ජාතිවාදය පාරාවළල්ලක්‌ වීම


මේ රටේ කාලාන්තරයක්‌ මුළුල්ලේ වර්ධනය වූ ජාතිවාදය ජාතිවාදීන්ටම පාරා වළල්ලක්‌ වී තිබෙන ආකාරය නැගෙනහිර පළාතේ නාම යෝජනා සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡා හා පෙළ ගැසීම්වලින් අපට පෙනේ. මේ රට තුළට ජාතිවාදී දේශපාලනය ඇතුල් වීමට අඩු වැඩි වශයෙන් සියලු දෙනාම දායක වී ඇත. එක්‌ කොටසකට පමණක්‌ ඇඟිල්ල දිගු කිරීම අසීරුය. මේ එක්‌ එක්‌ කණ්‌ඩායම අද යන ගමන ආරම්භ වීමට පෙර එවැනි මාර්ගයකට අවතීර්ණ වීමට විවිධ හේතු සාධකද නොතිබුණා යෑයි කිව නොහැකිය. උදාහරණයක්‌ වශයෙන් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය 1987 සිට කරලියට පැමිණියේ, ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව විසින් ඉන්දු-ලංකා ගිවිසුමට එකඟ වීම නිසා නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව දෙමළ ජාතිවාදීන්ට පාවා දුන් බව කියමිනි.

එවැන්නක්‌ කීමට ඇත්ත වශයෙන්ම පදනමක්‌ තිබිණි. ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට එක පළාතක්‌ බවට පත්කරන ලදි. මෙයින් සිදුවූයේ නැගෙනහිර පළාතේ බහුතර ජනකොටස වූ මුස්‌ලිම්වරුන් එක වරම ඒකාබද්ධ කරන ලද තනි ඒකකයේ සුළුතරයක්‌ බවට පත්වීමය. එකල නැගෙනහිර පළාතේ මුස්‌ලිම්වරුන් සහයෝගය දැක්‌වූයේ එජාපයට වුවත් එජාප ආණ්‌ඩුව උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට පෙර නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවගෙන් නිකන්වත් ඒ ගැන ඇසුවේ නැත. ඉන්දියාවත් ශ්‍රී ලංකා ආණ්‌ඩුවත් ගණන් ගත්තේ කොටි සංවිධානය පමණි. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් මිනිසුන් ගැන කිසිදු තැකීමක්‌ නොකර කරන ලද ඒකාබද්ධ කිරීම් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවට මාරක අභියෝගයක්‌ ලෙස පෙනෙන්නට ඇත. එයට හේතුව නැගෙනහිර පළාතේ මුස්‌ලිම් මිනිසුන්ගේ ආසන්න හතුරා වන්නේ දෙමළ මිනිසා වන නිසාය. පසුගිය වකවානුවේ මේ රටේ ඇතැම් දෙමළ දේශපලානඥයන් "දෙමළ කතා කරන ජනතාව" යෑයි සංකල්පයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ දැරුවද එය කිසිදාක සාර්ථක නොවූයේ නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව දෙමළ භාෂාව කතා කළත් ආගමික වශයෙන් දෙමළ මිනිසුන්ගෙන් වෙනස්‌ වූ නිසා පමණක්‌ නොව මේ දෙමළ බස කතා කරන ජන කොටස්‌ 2 අතර නිරන්තරයෙන්ම සමාජීය හා ආර්ථික මට්‌ටමෙන් ඇති වූ ගැටුම්ද නිසාය. නැගෙනහිර පළාතේ ඉඩම් හිමි කාටද? ආර්ථික ආධිපත්‍ය දරන්නේ කවුද? යනාදී ප්‍රශ්න මේ ජන කොටස්‌ 2 අතර දිගටම පැවතුණි. ඉන්දු ලංකා ගිවිසුමෙන් සිදුවූයේ නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව බන්දේසියක තබා තම ආසන්න හතුරාගේ ආධිපත්‍යයට යටත් කර දීමයි.

ඒ අනුව බලන කල නැගෙනහිර මුස්‌ලිම් ජනතාව අතර මුස්‌ලිම් කොංග්‍රසය ව්‍යාප්ත වීමත් දශක ගණනාවක්‌ මුළුල්ලේ එක්‌සත් ජාතික පක්‍ෂයට එම පළාතේ මුස්‌ලිම්වරුන් අතර වූ ආධිපත්‍යය අවුරුද්දක්‌ දෙකක්‌ ඇතුළත භයානක ලෙස බිඳ වැටීමත් පුදුමයට කාරණයක්‌ නොවේ. තමන් සහයෝගය දුන් එජාපය තමන් ගැන නොසිතා වෙනත් ප්‍රශ්නයකින් ගැලවීමට ඔවුන්ව සතුරාට බිලි දෙන්නේ නම් ඔවුන් තවදුරටත් එජාපයට සහයෝගය දැක්‌වීම මෝඩකමක්‌ වනු ඇතැයි ඔවුන් සිතුවා විය හැක. මේ ආකාරයට මේ රටේ ජාතිවාදී දේශපාලන පක්‍ෂ බිහි වීමට ඇතැම් අවස්‌ථාවල සාධාරණ හේතු තිබුණා විය හැක. තවත් ඇතැම් අවස්‌ථාවල කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව හුදෙක්‌ම ජාතිවාදී හැඟීම් හා වෙන්වීමේ වුවමනාව නිසා මෙවැනි පක්‍ෂ ඇති වූවාද විය හැක. 1949 දී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයේ ආරම්භය එවැන්නක්‌ හැටියට අපට නම් කළ හැක.

මොන හේතුවකට ආරම්භ වුවත් බහුවාර්ගික, බහු ආගමික රටක ජාතිවාදී පක්‍ෂවල ව්‍යාප්තිය කිසිසේත්ම හොඳ දෙයක්‌ නොවේ. මේ පක්‍ෂවල නම් දෙස බැලුවත් වෙන කිසිවකුටවත් ඒවාට ඇතළුa වීමට නොහැකි ආකාරයට වැටකඩුලු බැඳ තිබේ.

එක දේශපාලන පක්‍ෂයක නම "දෙමළ ජාතික සන්ධානය" වෙයි. ඒ නම නිසාම උතුරු නැගෙනහිර ජීවත්වන සිංහල හෝ මුස්‌ලිම් මිනිසකුට එයට බැඳීමට නොහැක. අනෙක "ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය" නම් වෙයි. දෙමළ හෝ සිංහල මිනිසකුට එයට බැඳිය නොහැක. මේවා ප්‍රාදේශීය පක්‍ෂවත් නොවේ. යම් ප්‍රදේශයක්‌ තුළ වුවත් තමන් නියෝජනය කරන ජාතියට පමණක්‌ සීමා වූ පක්‍ෂයි. ජාතිවාදී පදනමක්‌ මත ඡන්ද ගැනීම පහසු නිසා මෙවැනි දේශපාලන පක්‍ෂයක්‌ පවත්වාගෙන යාමද පහසුය. එපමණක්‌ද නොව කාලාන්තරයක්‌ මුළුල්ලේ ජාතික දේශපාලන පක්‍ෂ 2 ට මැතිවරණ දිනා ගැනීමට කොන්ත්‍රාත් පදනමක්‌ මත ඡන්ද ලබා දෙමින් මේ ජාතිවාදී පක්‍ෂවලට අසාමාන්‍ය බලයක්‌ අත්පත් කරගෙන සිටීමටද හැකි විය. නමුත් දැන් දැන් මෙය ඔවුන්ටම පාරා වළල්ලක්‌ වී ඇති ආකාරය විද්‍යා මාන වීමට පටන්ගෙන තිබේ.

අපි මුලින්ම නැගෙනහිර පළාතේ සිදු වූ දෙය සැලකිල්ලට ගනිමු. ආණ්‌ඩු පක්‍ෂය පිල්ලේයාන්ට නැවත වරක්‌ මහ ඇමැති අපේක්‍ෂක හැටියට තරග කිරීමට අවස්‌ථාව ලබාදීමෙන් තවත් වතාවක්‌ නැගෙනහිර පළාතට දෙමළ මහ ඇමැතිවරයකු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්‌ථාව නැගෙනහිර පළාතේ දෙමළ ඡන්ද දායකයින්ට ලබාදෙන ලදි. මේ ආකාරයට උඩින් එන යම්කිසි අනුග්‍රහයක්‌ නොමැතිව නැගෙනහිර පළාතේ දෙමළ මහ ඇමැතිවරයකු පත්කර ගැනීමට දෙමළ ජනතාවට නම් නොහැක. එයට හේතුව එම පළාතේ වාසය කරන මුස්‌ලිම් හා සිංහල මිනිසුන් එකට දැමූ විට ඔවුන් ජනගහනයෙන් 70% කටත් වඩා වන නිසාය. සිංහල මිනිසුන් 30% කට ආසන්න ප්‍රමාණයක්‌ නැගෙනහිර පළාතේ සිටී. නමුත් ඔවුන් කිසිදාක එම පළාතේ මහඇමැතිකම පතන්නේ නැත. මහ ඇමැති කමට පොරකන්නේ දෙමළ හා මුස්‌ලිම් ජන කොටස්‌ය. දෙමළ ජනතාව එම පළාත තුළ මුස්‌ලිම් ජනගහනයට වඩා අඩු වූවත් ඔවුන් මේ පළාත අයිති තමාට යෑයි මතවාදයක්‌ ගොඩ නගාගෙන සිටී. ඔවුන්ගේ නිජ බිම් සංකල්පයට නැගෙනහිර පළාත නැතුවම බැරිය. මුස්‌ලිම් ජනතාව යම්කිසි පළාතක බහුතර ජන කොටස වන්නේ නම් ඒ නැගෙනහිර පළාතේ පමණි. එමනිසා ඒ පළාතේ මුස්‌ලිම් මහඇමැතිවරයකු ලබා ගැනීමට ඔවුන්ද උනන්දුවෙන් සිටී. මේ ජන කොටස්‌ 2 අතුරෙන් වඩාත්ම සාධාරණ අපේක්‍ෂාව ඇත්තේ බහුතර මුස්‌ලිම් ජන කොටසට වුවත් මුස්‌ලිම් ජාතික මහ ඇමැතිවරයෙක්‌ නැගෙනහිරට අරක්‌ ගැනීම තමාගේ ජාතියට මරු පහරක්‌ හැටියට එම පළාතේ දෙමළ මිනිසුන් සලකයි. 1987 දී ඒකාබද්ධ කරන ලද උතුර නැගෙනහිර පළාත් තුළ සුළුතරයක්‌ බවට පත්වීමට නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව බිය වූවා සේම නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම්වරයකුගේ ආධිපත්‍ය යටතේ ජීවත්වීමට දෙමළ මිනිසුන් තුළ ද එවැනිම භීතියක්‌ ඇත.

උතුරු නැගෙනහිර දෙමළ ජාතිවාදය නියෝජනය කරන්නේ දෙමළ ජාතික සන්ධානයයි. නැගෙනහිර පළාතේ සිටින සෑම දෙමළ ඡන්දදායකයකුම ඔහුට ඡන්දය දුන්නත් කිසිදාක නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවට දෙමළ මහ ඇමැතිවරයෙක්‌ ලබාදීමට දෙමළ සන්ධානයට නොහැක. මේ නිසා දැන් දෙමළ සන්ධානයට මුහුණදීමට සිදු වී ඇති උභතෝකෝටික ප්‍රශ්නය වන්නේ ඔවුන් නැගෙනහිර මහ ඇමැතිකම දිනා ගැනීමට වැඩිම සම්බන්ධතාවක්‌ ඇති දෙමළ අපේක්‍ෂකයාට විරුද්ධ වනවා ද නැද්ද යන්නයි. ඔවුන් පිල්ලෙයාන්ට එරෙහි වී ඔහු පරාජය කොට මහ ඇමැතිකම මුස්‌ලිම් ජාතිකයකුට යන තත්ත්වයක්‌ නිර්මාණය කළහොත් ඔවුන්ට උතුරේ ජනතාවටත් මුහුණදීමට නොහැකි වනු ඇත. එයට හේතුව නැගෙනහිර පළාතේ දැන් තිබෙන ආකාරයට දෙමළ මහ ඇමැතිවරයකුගෙන් පිට එක්‌ වරක්‌ හෝ මහ ඇමැතිකම ගියහොත් නැවත දෙමළ මහ ඇමැතිවරයෙක්‌ නැගෙනහිරට පත් කරගැනීම බොරුවක්‌ වන නිසාය. නැගෙනහිර පළාතේ ප්‍රශ්නය වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ඇමැතිවරයෙක්‌ ඉන්නවාද නැත්නම් එ.ජා.ප.යේ මහ ඇමැතිවරයෙක්‌ ඉන්නවාද යන්න නොවේ. ඒ පළාත් තුළ ජාතික දේශපාලන පක්‍ෂ 2 ට තැනක්‌ නැත. එහි ප්‍රශ්නය වන්නේ දෙමළ ද මුස්‌ලිම් ද යන්න පමණි.

නැගෙනහිර පළාත තුළ මේ තරම් දරුණු ආකාරයට ජාතිවාදී පදනම මත දේශපාලන භේaද භින්නවීම් ඇතිකොට තිබුණේ නැතිනම් දෙමළ ජාතික සන්ධානයට හා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට මේ තත්ත්වය උදා වන්නේ නැත. දැන් ඇති වී තිබෙන තත්ත්වය අනුව නම් දෙමළ ජාතික සන්ධානයට නැගෙනහිර පළාත තුළ දෙමළ මහ ඇමැතිවරයකු හැරුණුවිට මුස්‌ලිම් අපේක්‍ෂකයකුට සහයෝගය දිය නොහැක. මුස්‌ලිම් කොංග්‍රසයට ද මුස්‌ලිම් අපේක්‍ෂකයකුට මිස වෙන කිසිවකුටත් සහයෝගය දීමට නොහැකිය. මේ දෙපිරිසෙන් කොයි පිරිස දිනනවා දැයි තීරණය කරන්නේ නැගෙනහිර පළාතේ සිංහල ඡන්දවල බහුතරය නියෝජනය කරන දේශපාලන පක්‍ෂයි. සිංහල ඡන්ද බහුතරය ඇත්තේ ආණ්‌ඩු පක්‍ෂයට නිසා පිල්ලෙයාන්ට මහ ඇමැති අපේක්‍ෂකකම ලැබීමෙන් දැන් නැවතත් දෙමළ ජනතාවට දෙමළ මහ ඇමැතිවරයකු ලබාගැනීමට අවස්‌ථාවක්‌ එළඹී ඇත. දැන් මෙහිදී ප්‍රශ්නය වන්නේ නැගෙනහිර පළාත තුළ දෙමළ ජාතිවාදී බලවේගය නියෝජනය කරන්නේ දෙමළ ජාතික සන්ධානයයි. පිල්ලෙයාන් ජාතිවාදයක්‌ නියෝජනය නොකරන අතර ජාතික දේශපාලන පක්‍ෂයක්‌ නියෝජනය කරයි. නැගෙනහිර පළාත තුළ සිටින දෙමළ ජාතිවාදී ඡන්දදායකයින් දෙමළ සන්ධානයට ඡන්දය දී පිල්ලෙයාන් පරදින තැනට වැඩ සැලසුනහොත් මහ ඇමැතිකම මුස්‌ලිම් ජාතිකයකුට ගොස්‌ නැගෙනහිර පළාතේ සියලුම දෙමළ ජනතාවට අවිනිශ්චිත තත්ත්වයක්‌ උදාවනු ඇත. නමුත් අනෙක්‌ අතට ඔවුන් මේ ඡන්දයේදී දෙමළ මහ ඇමැතිවරයාව ආරක්‍ෂා කර ගැනීමට ගොස්‌ පිල්ලෙයාන්ට ඡන්දය දුන්නොත් දෙමළ ජාතික සන්ධානය ලොකු අමාරුවක වැටෙනු ඇත. මේ හේතුව නිසා දෙමළ සන්ධානය අද සිටින්නේ පය ඉදිරියට තැබීමටත් ආපස්‌සට ගැනීමටත් නොහැකි උභතෝකෝටික තත්ත්වයකය. ජාතිවාදය ජාතිවාදීන්ටම පාරාවළල්ලක්‌ වූ ආකාරය නැගෙනහිර පළාතෙන් මනාවට දිස්‌වෙයි.

මෙය ජාතික මට්‌ටමෙන් ද වෙනත් ආකාරයකට පාරාවළල්ලක්‌ වී තිබේ. එක්‌තරා කාලවකවානුවක්‌ තුළ සුළු ජාතික පක්‍ෂවල සහයෝගය ලබාගත් ජාතික දේශපාලන පක්‍ෂයට බලය ඒකාන්තයෙන්ම හිමිවන තත්ත්වයක්‌ තිබිණි. මෙහිදී සිදුවූයේ සිංහල ඡන්දදායකයින් දෙකට බෙදී සිටින අතර සුළු ජාතික පක්‍ෂවලින් කොන්ත්‍රාත් පදනම මත ඡන්ද ලබාගෙන ජාතික දේශපාලන පක්‍ෂයකට බලය ලබාගැනීමට හැකිවීමයි. මෙයින් සුළු ජාතික ඡන්දවල වටිනාකම වැඩිවීමත් බහුතර ජාතියේ ඡන්ද බාල්දු වන ආකාරයත් දුටු සිංහල ඡන්දදායකන් ද දැන් ජාතිවාදී පදනම මත කටයුතු කිරීමට පටන්ගෙන තිබේ. සුළු ජාතික පක්‍ෂ සහයෝගය දෙන අපේක්‍ෂකයා කටයුතු කරනු ඇත්තේ ඒ ජනකොටසේ වාසියට බව විශ්වාස කිරීමට මහ ජාතියත් දැන් පෙළඹී සිටී. මේ නිසා ඕනෑම තීරණාත්මක ඡන්දයකදී සුළු ජාතික පක්‍ෂ සහයෝගය දෙන අපේක්‍ෂයාව පරාජය කිරීමට මහ ජාතියේ ඡන්දදායකයෝ දැන් සැදී පැහැදී සිටිති. කලක්‌ මේ රට තුළ ජාතිවාදය ඇවිස්‌සීමෙන් ඉතා පහසුවෙන් දේශපාලනය කළ හැකි වාතාවරණයක්‌ තිබුණ ද අද ඒ ජාතිවාදය ජාතිවාදී පක්‍ෂවලටම මහත් පාරාවළල්ලක්‌ බවට පත් වී ඇති ආකාරය අපට පෙනේ.

සී.ඒ. චන්ද්‍රප්‍රේම


http://www.divaina.com/2012/07/16/feature01.html

භුමි පුත්‍ර හෙළයෝ වන අපිට සරිලන ජාතිවාදය අපි සැමදා ආරක්ෂා කල විට පමණක් මේ සුළු ජාතික පාහරයින්ට පාඩම් ඉගැන්වීමට අපිට හැකියාව ලැබෙනු ඇත.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.