JHU HEROS - රට වෙනුවෙන් පෙරට එන එකම වීර පක්ෂය අපි දිවිහිමියෙන් රකිමු! වන්දනා කරමු!.

සිංහල බෞද්ධ මහජන ඡන්දය කොල්ලකා පාර්ලිමේන්තුවට වැද බෙල්ල කඳේ කිඳා බසින තෙක් පුස් ඌරන් මෙන් කමින් ආරමින්, සිංහල බෞද්ධයාටම වින කටින පක්ෂ විපක්ෂ දේශපාළු පක්ෂ/පුද්ගල හැතිකරය මැද, අසරණ සිංහල බෞද්ධයාගේ දුක් ගැනවිලි වෙනුවෙන් අභීතව එදා මෙදා තුර ජාතික හෙළ උරුමය කරමින් සිටින අසම සම සේවය මුරගල අපි කවදත් ඉහලින්ම අගය කළෙමු. උතුම් වූ මේ ජාතික සටනද ඔබලා ඉහලින්ම ජයගෙන රට දැය සමය ඉදිරි පරපුරටත් රැක දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පාහර මී හරක් සුරා වැද්දන්, නින්දිත කැණහිල් පක්ෂ, ලක්බිම දේශපාලන වැසිකිළි වලට සේදී මේ ලක්බිම පිරිසිඳු වේවා යන්න අපි පතන්නෙමු! උතුම් බුදු පුතෙක් මතු දිනෙක රටේ ජනපති වී බුදු පියාණන්ට අනේක වාරයක් පූජා වූ මේ අප රට සියළු කුමන්ත්‍රණ වලින් ආරක්ෂා කර දේවා! පන්දහසට දසදහසක් කල් බුදු සසුන අපිට ආරක්ෂා වේවා!



භික්‍ෂූන් වහන්සේලාට දේශපාලනය කිරීමට
ඇති අයිතිය නැති කරන්න දෙන්නේ නැහැ

- ජාතික හෙළ උරුමයෙන් නිවේදනයක්‌


එදා මෙදා තුර භික්‍ෂූන් වහන්සේලා සෘජුව දේශපාලනයට සම්බන්ධ වූ අවස්‌ථා ඉතිහාසය තුළ ඉතාමත් සුලබ බවත් භික්‍ෂූන් වහන්සේලා වෙත පැවැති ඓතිහාසික එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසි ලෙසකින් හෝ නැති කිරීමට ඉඩදීමට ජාතික හෙළ උරුමය සූදානම් නැති බවත් මෙවැනි පනත් ගෙන එAම පිටුපස සිටින බෞද්ධ විරෝධී සියලු බලවේගයන්ට අවධාරණය කරන බව ජාතික හෙළ උරුමය නිවේදනය කර සිටී.

භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන් දේශපාලනයේ යෙදීම වළක්‌වාලමින් ගෙන එAමට නියමිත පෞද්ගලික පනත් කෙටුම්පත පිළිබඳව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන් මැතිවරණ සඳහා ඉදිරිපත්වීම වළක්‌වාලීම සඳහා ගෙන ආ පෞද්ගලික පනත් කෙටුම්පත සම්බන්ධව කතෝලික සභාව සිය ස්‌ථාවරය ප්‍රකාශ කර ඇත. ගුවන්විදුලි සේවයකට අදහස්‌ පළ කළ කතෝලික සභාවේ පියතුමකු පවසා ඇත්තේ මෙම පනත ඉතාමත් කාලෝචිත පනතක්‌ බවයි.


භික්‍ෂූන් වහන්සේලාගේ දේශපාලන ආගමනයෙන් වඩාත් සලිත වූ පාර්ශ්වයක්‌ ලෙස කතෝලික සභාව හඳුන්වා දිය හැක. ඒ ප්‍රබල ලෙසම අන්‍යාගමිකරණයට එරෙහි පනත ගෙනඒමට පාර්ලිමේන්තුවට තේරී පත්වූ භික්‍ෂූන් වහන්සේලා කටයුතු කිරීමත් සිංහල බෞද්ධයාගේ හඬ පාර්ලිමේන්තුව වෙත යොමුවීමත් ඔවුන්ට විශාල අභියෝගයක්‌ වූ නිසාය.


එදා මෙදා තුර භික්‍ෂූන් වහන්සේලා සෘජුව දේශපාලනයට සම්බන්ධ වූ අවස්‌ථා ඉතිහාසය තුළ ඉතාමත් සුලබය. භික්‍ෂූන් වහන්සේලා වෙත පැවති ඓතිහාසික එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසි ලෙසකින් හෝ නැති කිරීමට ඉඩදීමට ජාතික හෙළ උරුමය සූදානම් නැති බව මේ පනත ගෙන එAම පිටුපස සිටින බෞද්ධ විරෝධී සියලු බලවේගයන්ට අවධාරණය කරනු කැමැත්තෙමු.


http://www.divaina.com/2012/06/08/news28.html 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.