SINHALE FOR HOW LONG? - බෞද්ධ ජනගහණය හොඳටම පහත බැහැලා



එදා 79% ක්‌ වූ මෙරට බෞද්ධ ජනගහණය
අද සියයට හැට එකක්‌ දක්‌වා පහත බැහැලා
- මහාචාර්ය පූජණීය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි


චානක්‍ය ජයගොඩ

මා කුඩා කාලයේ ලංකාවේ බෞද්ධ ජනගහනය සියයට 79 ක්‌ සිටියා. 2012 වසරේ පැවැත්වූ සංගණනයේදී එය සියයට 61 ක්‌ බව දැනගන්න ලැබුණා. ඊළඟ ජන සංගණනයේදී බෞද්ධ ජනගහණය සියයට 51 ක්‌ විය හැකි යෑයි මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ පැවැසූහ.

සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ ඉකුත් 2 වැනිදා පැවැති අයථා හා කූට උපක්‍රම මගින් අන්‍යාගමීකරණය පිළිබඳ කරුණු විමර්ශනය කළ කමිටු වාර්තාවේ ඉංගී්‍රසි පරිවර්තනය එළිදැක්‌වීමේ උත්සව සභාව අමතමින් නාහිමියෝ මේ බැව් ප්‍රකාශ කළහ.

එහිදී ධම්මරතන නාහිමියෝ මෙසේද පැවසූහ.

මම "බෞද්ධ මූලධර්මවාදය" පොත කලකට පෙර ලිව්වා. මෑතක මට ඇමරිකාවේ පුද්ගලයන් පිරිසකගෙන් ආරාධනාවක්‌ ලැබුණා. මේ පිළිබඳ දේශන පවත්වන්න. ඔවුන් මට කිව්වා ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන්, ආහාර ආදී සියලුම අවශ්‍යතා සපුරන්නම් ඔබ වහන්සේ එන්න කියලා. මම කිව්ව නැතුවට කමක්‌ නෑ කියල.

සිරිවර්ධන බුදුන් ගැනත් ලියලා තියෙනවා. සිරිවර්ධන බුදුන් යන එන තැන ගැනත් ලියා තියෙනවා.

දිනක්‌ විශ්වවිද්‍යාලයේ මා අයත් අංශයේ සිටින විට ඉතාම රූමත් තරුණියක්‌ ආවා. ඇයට පුදුම හිතෙන රූමත් බවක්‌ තිබුණේ. මාව හමුවෙලා ඇය කියනවා. "මම බාහිර උපාධිය හදාරනව උක්‌ත ආඛ්‍යාත සම්බන්ධ ව්‍යාකරණ තේරෙන්නේ නැහැ. හාමුදුරුවනේ මට ඒක උගන්වනවාද" කියලා. මම කිව්වා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ව්‍යාකරණ පොත අරන් කියවලා තම අවශ්‍යතාව ඉටුකරගන්න කියලා. එහෙත් ඇය කියන්නෙම මගෙන් උක්‌ත ආඛ්‍යාත ව්‍යාකරණ ඉගෙන ගන්න අවශ්‍ය බවයි. මම පසුදිනක ඇයට එන්න කියල මගේ හිතවතුන් ඒ ආසන්නයේම යම් යම් ස්‌ථාන තුළ රඳවලා මේ වෙන්න යන්නෙ මොකක්‌ද කියල බැලුවා. ඇය ආවා ඇවිත් උක්‌ත ආඛ්‍යාතවලින් පටන්ගෙන වෙනත් කරුණු ගැන කතා කරන්න පටන් ගත්තා. මට ටිකෙන් ටික තහවුරු වුණා මැය මේ උත්සාහ කරන්නේ මාව උගුලකට හසුකරගන්න බව. ඇය අතේ ඉතා වටිනා බොහෝ පහසුකම් තිබෙන ජංගම දුරකථනයක්‌ තිබුණා. මම ඇයට කිව්වා තනිවම මේ පිළිබඳ උගන්වන්න අපහසු බවත් තවත් පිරිසක්‌ එකතු කර ගන්නේ නම් සිංහල භාෂාවේ ව්‍යාකරණ ඉගැන්විය හැකි බවත්. එවිට ඇය යන්න පිටත් වුණා. මගේ මිතුරන්ට කිව්වා ඇය පිළිබඳ විමසිලිමත් වන ලෙස. ඇය පැමිණ සිටියේ තවත් තරුණයන් දෙදෙනෙක්‌ සමග ඔවුන්ව ආරක්‍ෂක කුටිය අසල නවත්වා. ඇයි අර තරුණයන් දෙදෙනත් සමග මා හමුවන්න නොපැමිණියේ. මේ බෞද්ධයන්ට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධානාත්මක කූට උපක්‍රම පිළිබඳ එක නිදර්ශනයක්‌.

දිනක්‌ නුවරඑළියේ පදිංචි යෑයි කියාගත් පුද්ගලයෙක්‌ පැමිණියා. මේ මනුස්‌සය මගේ ළඟ වැටිල අඬන්න පටන් ගත්තා. මම ඇහැව්වා ඇයි කියලා. එවිට ඔහු කිව්වා බිරිඳ තමාව හැරගිය නිසා අවවාදයක්‌ ලබා ගැනීමට පැමිණි බව. ඔහු ප්‍රකාශ කළා "ඔබ වහන්සේගෙන්ම අවවාදයක්‌ අවශ්‍යයි" යනුවෙන්. පසුව ඒ පුද්ගලයාගේ කතාව වෙනස්‌ වුණා. ඔහු මගේ පෞද්ගලික තොරතුරු විමසන්න වුණා. මා ඉන්න තැන මා සමග එකට සිටින පිරිස මා යන එන තැන් පිළිබඳ ඔහු විමසුවා. මෙසේ පැමිණි පුද්ගලයා මා මොහොතක්‌ ඉවත බලන අතර ඡායාරූප 7 ක්‌ ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබුණා. ඔහු පිළිබඳ විමර්ශනශීලිව බැලූ මට ආරක්‍ෂක අංශ හිසකෙස්‌ කපන හැඩයට කපා තිබුණා. ඔහුගේ පාවහන් යුගලයේ දිස්‌නය ඉතා ඉහළයි. මොහුගේ රැකියාව ලෙස ප්‍රකාශ කළේ මේසන් රැකියාව ලෙසයි. මගේ හිතවතුන්ට පැවසුවා මේ පුද්ගලයා පිළිබඳ විමසිලිමත් වන ලෙස. ඔහු ඩිෙµන්ඩර් වර්ගයේ සුපිරි රථයක නැගී පිටත්ව ගිය බව හිතවතුන් කිව්වා.

ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනාහිමි වෙත අන්‍යාගමීකරණය පිළිබඳ විමර්ශන වාර්තාවේ ඉංගී්‍රසි පිටපත සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් පිරිනැමීය. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ආචාර්ය ආනන්ද ගුරුගේ, හේමා ගුණතිලක, මිලිනා සුමතිපාල යන මහත්ම මහත්මීන්ටද ඉංගී්‍රසි පරිවර්තනයේ පිටපත් ජගත් සුමතිපාල මහතා විසින් පිරිනමන ලදී.



3 comments:

  1. මේකට වගකියන්න ඕන එකසත් ජාතීන්ගේ ජනගහන අරමුදල .උන් මේරටේ ආන්ඩු ගොනාට අන්දගෙන එන්,ජී,ඕ හරහා උපත් පාලන ගබ්සා වැඩසටහන් කරමින් ආවේ මේ ඉලක්කයට තමයී.කාන්තා විමුක්තිය කියල පවුල් නසමින් නරුම මතවාදයක් ගෙනාවා.මේ සියල්ලේ ප්‍රතිපල තමයි මේ.අපි මේ තත්වය පෙන්වලා දුන්නාම ගනන් ගත්තේ නෑ

    ReplyDelete
  2. සේරටම ඉස්සර වෙලා සිංහල බෞද්ධ සමාජයෙ තියෙන ලිංගික වියාකූලත්වය ඉවත් කරන්න ඕනෙ. අනෙක් හෑම ජන කොටසකම ගෑනුන් තමන්ගේ ජනවර්ගයට අයත් පිරිමින්ට විරුද්ධව සටන් කරන්න යන්නේ නෑ. ඒ ගෑනු හරි ක්‍රමයකට අඩු වයසින් විවාහ වෙලා ළමයිනුත් හොඳට හදාගන්නව. අපේ එවුන් කරන්නේ නපුංසක වෑඩ. බෞද්ධ ගෑනුන් කාන්තා විමුක්තිය කියන බටහිර කාන්තාවාදයේ වයිරක්කරී වචනය ඔලුවෙ තියාගෙන පිරිමින්ට විරුද්ධව සටන් කරන්න යන්නේත් පිරිම්න් කරන දේ කරමින් පුරුශ අනුකරනයට ගොස් පිලිකුල් සහගත හෑඟිම් ද ඈතිකරවමින්. ඔවුන් ළමයි හදන්න කෑමතිත් නෑ. මේ මූසලකම අතීත සමාජයේ නොතිබුන නිසා මවුපියන් උනත් ගෑනු ළමයින්වයි පිරිමි ළමයින්වයි වෙන වෙනම හෑඩගෑස්වීම හරියටම කළා. අද සමහර තාත්තලාගෑනු ළමයින්ව කුඩා කළ සිට මානසිකව පුරුශ කරනය කරල විකුර්තිතාවයට පත්කරල වෑරදි විදිහට සමාජගත කරනව විතරක් නෙවෙයි නෑති සමාජ ප්‍රශ්නත් හදනව. මේව මේ විදිහට වෙද්දී තමයි අනෙක් ජන කොටස් හොඳට තමන්ගේ පරම්පරාවල් තර කරගන්නේ. මේ ගොන් කම් අත අරින තෙක් අපේ පරිහානිය නවත්වන්න බෑ.

    http://sinhalabuddhist.com/2012/06/feminism/#comments

    ReplyDelete
  3. Oka thamai mama hemadama kiwwe. Aye kiyanna deyak ne. Api winasai. Den wath stanata serasenna. Api muthun miththo jiivithaya puuja karana rekagath deshaya apith araksha karamu.
    Thami maramu

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.